පමා වී පිපුනු මල් 11

“හැමෝම හැම තිස්සෙම ප්‍රශ්න කියන්නෙ නෑනෙ මිසිස් ආරියරත්න. දරුවෙක්ගෙ වෙනස් වීමක් අපි දෙමව්පියන් විදියට අඳුරගන්න ඕන. මේ ප්‍රශ්නෙ අපිට නොපෙනුනාට අරුණලීට සෑහෙන දරුණුවට බලපාලා තියෙනව. ඇඬුවෙ නැති උනාට නිතර නිතර කල්පනා කරන එක, හැම තිස්සෙම නිදාගන්න එක, කෑම අරුචිය වගේ දේවල් වලින් එයා අපිට එයාගෙ මානසික පීඩනග ගැන පෙන්නුම් කරල තියෙනවා. ඒ නියමිත වෙලාවෙ අපි එයාව ඩොක්ටර් කෙනෙක් ලඟට අරගෙන ගියා නම් සමහරවිට එයා මේ වගේ දරුණු දෙයක් කර නොගන්න තිබුනා

කොහොම උනත් අපි අද එයාව ඩිස්චාර්ජ් කරනවා. තරුණ ළමයෙක් හන්දා අපි මේක දුර දිග අරගෙන යන්නෙ නැහැ. ඒත් එයාව ඉමීඩියට්ලි කවුන්සලින් වලට අරගෙන යන්න.

මොකද එයා ආයෙ මෙහෙම දෙයක් කරගන්න එකක් නෑ කියල අපිට හිතන්න බෑ”

වෛද්‍යවරයාගේ කතා බහ අවසන්ව ආරියරත්න යුවල වෛද්‍ය කාමරයෙන් පිටට ආවේ මහා බරක් හිතේ තබා ගෙනය.  දරුවෙකු සියදිවි නසා ගන්නට උත්සහ කිරීම මොන තරම් නම් වේදනාවක්ද? දස මසක් කුසේ තබාගෙන දහ දුක් විඳ හදා වඩාගත් දරුවා ජීවිතය නැති කරගන්නට තැනීම මොන තරම් නම් වේදනාවක්ද? අනෙක් අතට හඬා වැලපුනේ නැතත් ඔහේ බලාගත් අත බලාගෙන හිඳින, හැකි හැම වෙලාවකම නිදාගන්නා දරුවා ඒ චර්‍යාවන්ගෙන් පෙන්වා ඇත්තේ තමන්ගේ හිත දවන වේදනාව සහ දුක බව අම්මා කෙනෙකු ලෙස තෙරුම් ගන්නට තමාට නොහැකි උනේ ඇයිද?

සුබා ලඟ මේ කිසිවකට පිලිතුරු තිබුනේ නැත. සුබාගේ හිත හැඳිනගත්තාක් මෙන් ආරි ඇයගේ පිටට අත තබා ඇයව අස්වසන්නට විය.

“දැන් ඒක ගැන හිතන්න එපා. අපි හොඳ කවුන්සලර් කෙනෙක්ව බලල දරුවව එක්කරගෙන යමු”

“අපිට නොතේරුනේ ඇයි ආරි අපෙ දරුවා ඉන්නෙ ප්‍රශ්නෙක කියල, ඒ දරුව සුයිසයිඩ් කරගන්නෙ හිතුවෙ අපි බලෙන් හරි අර නරාවලට ඒ දරුවව ගිහින් දාවි කියල හිතල බව”

“සුබා, දූ වගේම අපිත් පහුගිය දවස් ගෙව්වෙ මේ ප්‍රශ්නෙ වෙච්ච විදිය ගැන කල්පනා කර කර. අපේ හිත් හදාගන්න උත්සහ කර කර. අපෙන් අතපසු උනා මේ වෙලාවෙ අපි ඔක්කොටම වඩා කල්පන කරන්න ඕන අපෙ දරුව ගැන බව.මම ඔයාට එදත් කිව්වෙ මිනිස්සු මොනව කිව්වත් අපි දරුවව කවුන්සලින් වලට අරගෙන යන්න ඕන කියල. පරක්කු උනාට කමක් නෑ. අපි හෙටම කවුන්සලින් වලට දරුවව එක්කරගෙන යමු”

“පීරිස් ල කෝල් කරා මට අපේ තීරණේ අහන්න. මම කිව්ව මෙහෙම අරුණලී කරදරයක් කරගන්න ගියා ඒ හන්ද අපි දැන් ඕව ගැන කතාකරන්න කැමති නෑ කියල”

“මෙනුක කතා කරල තිබුන සඳලිනිට. මං හිතන්නෙමට අරගෙන මට ආන්ස්වර් කරන්න බැරිවෙච්ච් හන්දා වෙන්නැති”

“සඳලිනී මොකද කියල තියෙන්නෙ?”

“ඒ ලමයිට අපිට වඩා මොලේ තියෙනව. මෙනුක අහල අරුණලීට මොකද කියල. මොකෝ ඔස්ට්‍රේලියවෙ ඉඳල මිනිහ පියඹල එන්නද? පිස්සුනෙ. සඳා කියල අයියා ආවොත් අක්ක ආයෙ කලබල කරාවි. ඒ හන්ද ඉස්පිරිතාලෙට එන්න එපා කියල”

“ගෙදරට ඒවිද දන්නෙ නෑ”

“ගෙදරට ආවොත් අපි ඉන්නවනෙ. ඉස්පිරිතාලෙට එනවට වඩා ගෙදරට එන එක හොඳයි”

අරුණලී මානසික උපදේශකවරයා ලඟට ගියේ ඉනුත් දෙදිනකට පමණ පසුවය.අම්මාත් තාත්තාත් තමාව ආයෙ මෙනුක වෙත යවාවිය යන බියෙන් මිදෙන්නට අරුණලීට හැකිවුනේ ඒ නිසාය. මෙනුක නැතිඋනත් අම්මාත් තාත්තාත් නංගීත් තමාට හිඳින බව අරුණලී වටහාගත්තේ ඒ උපදේශන සැසිඅතර වාරයේය.

“ඔයා වරදක් නොකර ඔයාට දඬුවම් කරගන්න හිතපු එක වරදක් කියල ඔයාට හිතෙන්නෙ නැද්ද?”

තරුණ උපදේශකවරිය දකිද්දී අරුණලීට මතක් වුයේ තමන් රැකියාව කල කාලයයි. මෙලෙසින්ම සුන්දරව හැඳ පැලඳගෙන, සතුටින් සමනලියක මෙන් රැකියාවට ගිය කාලයයි. එහෙත් ඒ මෙයට කල්ප ගණනාවකට පෙර අතීතයක් ලෙස දැනෙන්නෙ පසුගිය සති කිහිපයේ මුහුණ දෙන්නට වූ බරපතල ගැටලු නිසවෙන් විය හැක.

“මම බය උනා අම්මයි තාත්තයි ආයෙ මාව මෙනුක ලඟට යන්න කියාවි කියල. මට ආයෙ හිතන්නවත් බෑ එයා එක්ක ජීවත් වෙන්න. එයා මාව රවට්ටපු විදිය එක්ක මම කොහොමද එහෙම දෙයක් ගැන හිතන්නෙවත්. ඒ උනාට මිනිස්සු අම්මලගෙන් අහද්දි මොකද උනේ කියල? ඊලඟට මොකද වෙන්නෙ කියල මට දැනුනෙ මං ලොකු වරදක් කරා වගේ. මට තව ඉවසන්න තිබුන කියල. ඒඋනාට මෙහෙම දෙයක් ඉවසන්න පුලුවන්ද? මං ඒකයි හිතුවෙ මැරුණනම් හොඳයි කියල. එහෙම නම් අම්මලට ලැජ්ජාවක් නෑනෙ කියල. මිනිස්සු මොනදේ කිව්වත් මැරුණට පස්සෙ මට ඒව ඇහෙන්නෙ නෑනෙ කියල”

“අම්මලට වරදක් උනා ඔයාගෙ මැරේජ් එක මගදි බ්‍රේක් උන  එක කියල හිතුවට ඔයාට හිතුනෙ නැද්ද ඔයා සුයිසයිඩ් කරගත්තොත් ඒක ඔයා ඔයාට වගේම අම්මාට කරගන්න ලොකු වරදක් බව

ඉස්කෝලෙ යන කාලෙ ඉඳල යාලුවෙලා එයාව මැරි කරා කියල අපිට හිතන්න බෑ ඒ අෆෙයාර් එක පර්ෆෙක්ට් වෙන්න පුලුවන් කියල. මොකද කොච්චර කල් යාලුවෙලා හිටියත් අපිට එකිනෙකාගෙ ෆෝල්ට්ස් පේන්න පටන් ගන්නෙ එකට ජීවත් වෙන්න ගත්තයින් පස්සෙ. අවුරුදු ගාණක් යාලුවෙලා හිටියත් අපි දන්නෙ නෑනෙ එයා නිදාගනිද්දි කොයි වගේද, ඇහැරෙද්දි මොනවගේද? කියන එවවත්. 

එකට ජීවත් වෙද්දි තමයි අපිට ඒව තේරෙන්නෙ.යාලුවෙලා ඉද්දි අපිව මීට්වෙන්න එනකොට ලස්සනට ඇඳල කරල සෙන්ට් පවුඩර් දාගෙන එන එකා ගෙදරදි ඉන්නෙ කඩමාලු ඇඳන් වෙන්න පුලුවන්. ඒව අපිට මුල්කාලෙ තේරෙන්නෙ නෑ.

එහෙම තැන්වලදි සමහර ප්‍රශ්න තියෙනවා අපිට විවාහ ජීවිතයේ ඇතුලෙ විසඳගෙන ඉදිරියට යන්න පුලුවන් දේවල්. සෙකන්ඩ් චාන්ස් එකක් දෙන්න ඕන විදියෙ වැරදි. සමහර ඒවට එහෙම බැහැ. හරියට ඔයාගෙ කේස් එක වගේ. ඒ උනාට ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඔයාලාදෙන්නට අෆෙයාර් එක මැරේජ් එකක් තෙක් දුරට පවත්වාගෙන යන්න බැරි වෙන එක ඔයාලා දෙන්නගෙ ජීවිතය නතරවෙන්න හේතුවක් කියල.

ඔයාලා දෙන්න ගෙ මැරේජ් එක නතර උනාට එතනින් කීයටවත් ඔයාලගෙ ලයිෆ් එක නතර වෙනෙ නෑ. මෙනුකට එයා වගේ අයව ඇක්සෙප්ට් කරන රටක හොඳ ලයිෆ් එකක් ගෙවන්න පුලුවන්. ඒ වගේම ඔයාටත් හැම දෙයක්ම අලුතෙන් ආයෙ පටන් ගන්න පුලුවන්”

“ඒත් මිනිස්සු මොනව නොකියාවිද? මං විතරක් නෙවෙයිනෙ අපෙ අම්මලත් ඒවට ෆේස් කරන්න ඕන”

“අරුණලී, ඔයා හොඳට හිටියත් දේවල් කියන මිනිස්සු ඒව කියනවා. අනිත් මිනිස්සු කියන දේවල් වලින් ඔයාගෙ ජිවිතේ ඩිසයිඩ් කරන්න යන්න එපා. ඔයා වරදක් කරල නෑ. ඒ නිසා ඔයා සෆර් කරන්න උවමනාත් නෑ”

“ඒත් මිනිස්සු හිනා වේවි මට මම මැරි කරන්න ඉඳියෙ එහෙම කොල්ලෙක්ව කියල. මට හරි බයයි. මම කොහොමද එහෙම දේකට ෆේස් කරන්නෙ?”

“මෙනුක වගේ අය නරකයි කියල හිතන්නෙ අපෙ මිනිස්සු විතරයි අරුණලී. මෙනුක එයාගෙ රියල් සිටුවේශන් එක ඔයාගෙන් හංගපු එකවරදක් උනත් එයාගෙ සිටුවේශන් එකේ වරදක් නෑ. ඔයා දන්නවනෙ වෙන රටවල මිනිස්සුන්ට ඒව නෝමල් දේවල්. ඒ නිසා කිසිම වෙලාවක මෙනුක වැරදියි කියල හිතන්න එපා. එයා ඔයාව රවට්ටපු එක වරදක්. සමාව දෙන්න අමාරු වරදක්. ඒත් එයා එහෙම කෙනෙක් උන එක,බයිසෙක්ශුවල් කෙනෙක් උන එක වරදක් නෙවෙයි.  ඒ නිසා ඔයා මේ ගැන ඩිසිශන් එකක් ගන්න  එයා එක්ක කතා කරන්න. හැබැයි එයාට සමාව දෙන්න.

හිතේ හිරකරගෙන හිටිය කියල, තරහෙන් හිටිය කියල ඔයාට ඒකෙන් කිසිම සුවයක් දැනෙන්නෙ නෑනෙ.

ඒ නිසා එයාව ජීවිතයෙන් අයින් කරනවනම් හිතෙනුත් එයාව අතාරින්න”

හිතක වේදනාව එක් දිනකින් ඉවත් කරගන්න බැරි බව අරුණලී දනී. එහෙත් ඒ වේදනාව දින ගණනවකින් හෝ අවසන් කරන්නට නම් තමා මේ මොහොතේ එයට පියවර තැබිය යුතු බව අරුණලී හෙමින් හෙමින් තේරුම් ගත්තාය. ආරියරත්න පවුලේ සියල්ලන්ම අරුණලී වෙනුවෙන් නැගී සිටියාය.

මෙනුක ඇතුලු පීරිස් පවුල මෙනුකට තව අවස්තාවක් දෙන මෙන් ඉල්ලා සිටියද අරුණලී තම තීරණය මොහොතකටවත් වෙනස් කරේනැත.

තමන්ගේ හිතේ මෙනුක ගැන කිසිම තරහක් නොමැති වුවත් නොපෑහෙන දෙදෙනෙකු එකට ජීවත් වීම දෙදෙනාගේම ජීවිත විනාශ කරවන්නක් බව අරුණලී දෙපාර්ශ්වයේම නෑ හිත මිතුරන්ට පවසා මේ බැඳීම තව දුරටත් පවත්වාගෙන යන්නට අදහසක් නැති බව පැවසුවාය.

මෙනුක උන්නේ ඒ තීරණයට එකඟ වෙන්නට බැරි තැනකය. පිස්සෙකු මෙන් හැසිරෙන දරුවා ගැන මොන තරම් වේදනාවක් හිතේ තිබුනත් අරුණලීට යලිත් මේ  ගැන සිතන්න යැයි පැවසීම නිශ්පල බව පීරිස් යුවල දැන උන්නහ.

“අරුණලී ආයෙ සෙට්ල් වෙන්න බෑ කියනවනම් අපි තව දුරටත් ඒ මිනිස්සු පස්සෙ ගිහින් වැඩක් නෑනෙ”

“මං කොහොමද අම්මෙ අරුණලීව අමතක කරල ඉන්නෙ, මං වරදක් කරා වෙන්නැති. ඒ උනට ඇයි එයාට බැරි මට එකම එක වතාවක්වත් සමාව දෙන්න”

එහෙත් ඒ ප්‍රශ්නයට දෙන්නට උත්තරයක් පීරිස් යුවල සතුව තිබුනේ නැත.














අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles