අලුතින් පටන් ගත්ත බිස්නස් එක ඉක්මනින්ම කඩා වැටුණද?

අප කවුරුත් කැමතියි දියුණු වෙන්න .කාටවත් අත නොපා ජිවත් වෙන්න. ඒ වගේම අද කාලේ බොහෝ දෙනෙක් කැමතියි තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරගෙන කාටවත් අත නොපා ජිවත් වෙන්න. ඒත් අප සිතන තරම් සාර්ථකව දේවල් සිදුවෙනවා නම් ජීවිතය මොන තරම් සුන්දරද? නමුත් අප හා හා පුරා බලාපොරොත්තු පෙර දැරිව ආරම්භ කළ ව්‍යාපාරයට වැඩි පුර ආයුෂ නැති වුණේ ඇයි කියලා ආපස්සට හැරිලා බැලුවොත් දෙවන වතාවේ අපට සාර්ථකත්වය කරා ඉක්මණින් ලඟා වන්නට හැකිවේවි.

වැරදුණේ කොතනද?

  • අපි යන්නේ හරි පාරේද ?මම තෝරා ගත්තේ නිවැරදිම ව්‍යාපාරයද ?
  • මම මෙහි නිරත වෙන්නේ ආසාවෙන්ද ?
  • මම ව්‍යාපාර ගැන මොනවද දන්නේ ? ඒ ගැන මොනවද මා ඉගෙන ගත යුතු වෙන්නේ ?
  • කම්මැලි කමට ලේසියෙන් ඕනෙවට එපාවට නෙවේද මම වැඩ කළේ ?
  • අනුන්ගේ දේවල් ඒ විදියටම කොපි කළාද ?
  • දන්නා නොදන්නා හැමෝගෙම උපදෙස් පිළිපදින්න ගියාද ?
  • සැලසුමකින් තොරව වැඩ කළාද ?

හැමදාම පරාජ වෙන්න බැහැනේ. පැරදුම දිනුමට අභ්‍යාසයක් කරගමු නේද ?

  • වැරදුනේ කොතනද කියලා හොඳින්ම සොයා බලන්න ඕනා.
  • කොයි දේටත් සැලසුමක් වැදගත්.
  • ප්‍රාදේශීය කාර්යාල හරහා ලැබෙන ස්වයං රැකියා උපදෙස් සහ පුහුණුවීම් ආදියට සහභාගී වන්න.
  • ගිණුම් තැබීම් ආදිය පිළිබඳව දැනුවත් වන්න.
  • අත්දැකීම් සහිත අයගෙන් දැනුම ලබා ගන්න. ඔවුනගේ අත්දැකීම් පිළිබඳව අධ්‍යනය කරන්න.
  • අලුත් දේවල් ඉගෙනීමට නිරන්තරයෙන් යොමු වන්න.
  • කාල සටහනකට කටයුතු කරන්න.
  • ව්‍යාපාරය ජිවිතයේ සොඳුරු අංගයක් බවට පත් කරගන්න.
  • කරන කාර්යයට ආදරය කරන්න
  • නිතරම තාක්ෂනය සමග යාවත්කාලින වන්න.
  • නිර්මාණශීලි වන්න.
  • ඉලක්කයන් තබා ගන්න.
  • මනා සැලසුමකින් යුතුව ඉලක්කය වෙත පිය නගන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles