එයා මැරිලා හුඟක් කල් 12

“ඊට ..පස්සේ … “

එහෙම කියපු තලා හයියෙන් හිනා වුණා.

“මොනවා වුනත් මට හිතා ගන්න බැරි මොනාහරි විශේෂිත සිද්ධියක් එතන වෙනවා කියන එක නම් මට තේරුනා.මේ විදිහට කාලය ගෙවීගෙන යනකොට මාස දෙකකට සැරයක් මේ සිද්ධිය වෙන බව මට හොඳට නෝට් උනා.හැබැයි මම ඒක නොතේරුනු විදිහට හිටියා.මොනවා වුණත් මට පස්සේ හිතෙන්න ගත්තා මම කියන්නේ නිකම්ම නිකන් සේවකයෙක් විතරයි කියලා .
රත්නා ලෝක එයාගේ විශ්වාසය මගේ ළඟ තියලා තිබුණ එක හරි.හැබැයි නිකං හරි ඒ විශ්වාසය පළුදු වුණා කියන එක එයාට තේරුණා නම් සමහරවිට මට ජීවත් වෙන්නත් නැතුව යයි.ඔය අතරතුරේදී තමයි දෙවැනි පාරට ජනාධිපතිවරණයට රත්නා ලෝක ඉදිරිපත් වුණේ.හැබැයි මේ වෙනකම්ම මේ ක්‍රියා කලාපයේ කිසිම වෙනසක් සිද්ධ වුණේ නැහැ. මොකක්ද වෙන්නේ කියන දේ මට හරියටම හිතාගන්න බැරුව ගියාට මොකක් හරි සදාචාර විරෝධී දෙයක් එතන සිද්ධ වෙනවා කියන එක නම් තේරුණා.අපි ඕන තරම් සමාජ විද්‍යාත්මක පරීක්ෂණවලදී දකිනවනේ…අසාමාන්‍ය ආශාවල් තියෙන… එහෙම නැත්නම් ඉරොටික් ෆීලින්ස් තියෙන මිනිස්සු ගැන…  මට ඒ නිසා හිතුනෙම රත්නාලෝ කාරයාටත් ඒ වගේ මොකක් හරි අමුතු මානසික ලෙඩක් තියෙනවා කියලයි.. හැබැයි මට පුදුම හිතුනේ උගේ ඇඟේ බිබිලක් දැම්මත් මට කියලා බෙහෙත් ගන්න එක මේ වගේ විපර්යාසයක් සිද්ධ වෙනකොට ඇයි ඒ ගැන මට වචනයක්වත් නොකියන්නෙ කියන එක.. ඒ කියන්නේ එහෙම අසාමාන්‍ය හැඟීමක් දැනෙනවා නම් පෞද්ගලික වෛද්‍යවරයා හැටියට එයා අනිවාර්යෙන්ම ඒ දේ මට කියන්න ඕන.. මං කියන්නේ සාමාන්‍යයෙන් ඒක රත්නාලෝකගේ හැටි..දවසට කිඹුහුම් දෙකක් ගියත් ඒකත් මට කියන මනුස්සයා තමයි එච්චර දෙයක් මේ හංගගෙන ඉන්නේ කියන එක මට හිතුනා. හැබැයි හැමතිස්සෙම අර සමාජ සේවා මධ්‍යස්ථානයට ගිහින් දාන ගෑණුන්ට ඊට පස්සේ මොකද වෙන්නේ කියන එක මම දන්නෙ නැහැ.ඒ වගේම ඇයි ඒ මිනිස්සුන්ව සමාජ සේවා ආයතනයටම ගිහින් දාන්නේ කියන එකත් මට තේරුම් ගන්න බැරුව ගියා. ඒ හැම දෙයක් අස්සෙම මට හිතිච්ච තව දෙයක් තමයි රත්නා ලෝකකාරයා කියලා කියන්නේ හැම දෙයක්ම නූලට මිම්මට ප්ලෑන් කරන්න පුළුවන් පුදුම මනුස්සයෙක් කියන එක.අපි කවුරුත් නොදන්න කවුරු හරි ඩීලර් කෙනෙක් හැම මාස දෙකකටම සැරයක් බඩ දරු අම්මන්ඩියෙක් කොහොම හරි හොයලා දෙනවා කියන එක නම් මට තේරුණා.සමහරවිට මිනිහා ලොකු ගානක් ඒකට වියදම් කරන්න ඇති. ඒ ගෑනුන්ගේ කටවල් වලින් ඔච්චර දෙයක් එළි නොවී තියෙන්නේ කොහොමද කියන එකත් මට හිතාගන්න බැරුව ගියා. හැම මාස දෙක තුනකටම සැරයක් මිනිහා ෆුල් බොඩි චෙක්අප් කළා.ඒ හැම සැරේකම මිනිහගේ මෙඩිකල් රිපෝට්ස් පුදුම විදිහට වෙනස් වෙලා තිබුණා.ජවසම්පන්න තරුණ ක්‍රීඩකයෙකුගේ විදිහට ශරීරයේ රිපෝට්ස් ගොඩක් වෙනස් වෙලා තිබුනා.මම ඒ ගැන විස්තර රත්නා ලෝකෙට කියන්න ගියේ නැහැ. එහෙම උනානම් මිනිහා සමහර විට මාව සැක කරන්න පුළුවන් කියලා මට හිතුනා. දැන් හොඳම සිද්ධිය ඒක නෙමෙයි.”..

“එතකොට මිනිහා ඔය අතරෙදිපිට රට සංචාරවල ගියේ නැද්ද…”

“මොකද නැත්තේ?..මාස තුන හතරකට සැරයක් කොහේ හරි ගියා.හැබැයි අර පරණ පුරුදු චර්යා රටා එක දෙයක්වත් පිටරටදි සිද්ධ වුණේ නැහැ.එතකොට නම් මිනිහා මාත් එක්ක කිව්වා ඩොක්ටර්  මට දැන් ගෑණුන්ව අප්පිරියා වේගෙන එන්නේ කියලා..
හැබැයි එතකොට නම් මට අහන්න හිතුණා මාස දෙකකට සැරයක් කාමරයට හොරෙන් ගෙන්න ගන්න බඩ දරු අම්මණ්ඩිල ගෑණු නෙමෙයිද කියල.. ඒත් මම එහෙම කිව්වේ නැහැ.මම කිව්වා සර් දැන් වයසත් එක්ක පරිණත වේගන එන්නේ..සර්ගේ අත්දැකීමුත් එක්ක ඒ වගේ දේවල් වල තියෙන නිස්සාර ගතිය දැනෙන  එක බොහොම සාමාන්‍ය දෙයක් කියලා මම කිව්වා. උඹල දෙන්නට කියන්න..මම එහෙම කිව්වහම මොකක් වෙන්න ඇතිද..හිතාගන්න බෑ නේද..රත්නාලෝක මගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා.අර මම කලින්ම දවසේ දැක්ක විදිහටම ඒ ඇස් දෙකේ සුදු ඉන්ගිරියාව තිබුණෙ නැද්ද මන්දා.සමහර  විට මිනිහට තරහ ගියාම එහෙම වෙනවද දන්නෙත් නෑ..

මම දන්නව ඩොක්ට ඊට  වඩා දෙයක් හිත යටින් හිතුවයි කියල. මගෙන් මේවා හංගන්න බෑ ඩොක්ට. මේ කිසි දෙයක් ඩොක්ටර්  කිසිම කෙනෙකුට කියලා තිබුනොත් බලාගන්න පුළුවන්…

එහෙම කියපු රත්නා ලෝකකාරයා මට කියන්න තේරෙන්නේ නැති සුන්දරත් කලවම් අයිසුත් කලවම් මහා කාලකන්නි හිනාවක් හිනාවුණා.සාමාන්‍යයෙන් කිසිම දේකට බය නැති මම ඒ වෙලාවේ ගල් ගැහුනා කිව්වොත් හරි. මම එදාමයි තීරණය කළේ මට මේ රස්සාවෙන් අයින් වෙන කාලය හරි කියලා. ඊට දවස් දෙකකට පස්සේ අර වගේම අපි දෙන්නා තනිවෙච්ච වෙලාවක මිනිහා මට කිව්වා මට මේ රස්සාව දාලා යන්න හිතනවනම් ඒක කරන්න හිතන්න එපා කියලා .
මම ඒ වෙලාවෙවත් මුකුත් නොකියා හිටියේ මට ඒ වෙනකොට තේරිලා තිබුණා මොකක් හරි හේතුවකට මිනිහට අනික් අයගේ හිත් කියවන්න පුළුවන් කියලා.එක සමහර විට විශේෂ හැකියාවක්ද නැත්නම් මිනිහගේ සමාජයේ දැනුමත් එක්ක ආපු හැකියාවක්ද කියන එක නං මට තේරෙන්නේ නෑ.”

තලා එහෙම කිව්වහම මට ඕනි වුනා ඒක ටිකක් පැහැදිලි කරන්න.

“මෙහෙම යි .. ඕක යම්කිසි විදිහකට අදිසංවේදී වෙච්ච මිනිස්සු ළඟ තියෙන්න පුළුවන් හැකියාවක්. අදිසංවේදී කියන එකෙන් අපේ වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වන්න උත්සාහ කරන්නේ සාමාන්‍යයෙන්
සහකම්පනය..නැත්නම් තව කෙනෙක් කෙරෙහි දක්වන අසීමිත අවධානය…

එහෙම නැත්නම් ඒක ට කියනවා Empathy කියලා …

Empathy කියලා කියන්නෙ තවත් මනුස්සයෙක්ගෙ හැඟීම්,සිතුවිලි ඒ වගේම එයා ඉන්න Situation එක තේරුම් අරගෙන ජීවත් වීම සහ පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීම. කොච්චර පොරක් උනත් ඒක තමයි මනුස්සයෙක්ට තියෙන්න ඕන වැදගත්ම Quality එක.

Empathy එක කොටස් 3යි බෙදෙනවා මචං..
Cognitive empathy  කියන්නෙ අපිට යම් කෙනෙකුගේ හැඟීම් සහ සිතුවිලි ඒ අයට දැනෙන ආකාරයට තේරුම්ගැනීමට හැකියාව ලැබීම. උදාහරණයක් විදිහට ඔයාගෙ යාලුවෙක්ගෙ ලඟම හිතවතෙක්ගෙ මරණයක දි ඒ යාලුවාගෙ හැඟීම සහ ඉන්න තත්වය ඔයාට තේරුම්යන එක.

Emotional empathy  කියලා කියන්නෙ ඊලග එක. වෙන කෙනෙකුගෙ දුකක් ඔයාට දුකක් ලෙස දැනීම සහ ඒ අයගෙ සතුට ඔයාට සතුටක් ලෙස දැනීම.

Compassionate empathy  කියලා කියන්නෙ අන්තිම එක..මේක උඩ තියන Empathy දෙකේම එකතුවක්. ඔයා ඒ කෙනාගෙ තත්වය තේරුම් ගැනීම, එකතු වෙලා දුක් වීම හෝ සතුටු වීම. ප්‍රශ්නයක දි ඒක විසඳීමට කටයුතු කිරීම.”

මම මට පුළුවන් විදිහට සිතුවිලිවල ක්‍රියාකාරීත්වය කියලා දෙන්න උත්සාහ කළා.

“හරි දැන් ඒ සේරම හරි..මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියන එක නම් තේරෙනවා.අපි හැමෝටම දැනගන්න දැන් ඩොක්ටර් තලංමැහැර අපිට කියන්නකෝ මෙහෙම සිටුවේෂන් එකකදී ඇයි ඩොක්ටර් බය නැතුව දැන් මේ විස්තර අපිත් එක්ක කියන්නේ  කියලා … ඒ විදිහට රත්නා ලෝකයට සිතුවිලි දැනගන්න පුළුවන් මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් අද ඩොක්ට මෙතන කතා කරනවා කියන එකත් එයාට දැනගන්න පුළුවන් වෙයි. “

රාජරත්නම් එහෙම ඇහුවම මාවත් සීතල උනා. ටොනෙඩෝවකට නොදැනීම කැරකිලා කැරකිලා මාවත් අහුවෙන්න යනවා කියලා මට හිතුනා.

“බොහෝවිට වෙන්න පුළුවන්..ඒත් මට දැන් අවුරුදු ගානක්  තිස්සේ මේ මල විකාර දැකලා දැකලා ඇතිවෙලා තියෙන්නේ.මේ රටේ මිනිස්සු විඳින දුක දැකලා ඇත්තටම මට මේ පාලකයන්ව එපා වෙලා තියෙන්නේ.අපිත් මිනිස්සු තමයි.ඒත් පුදුමේ කියන්නේ මුන්ට හිතෙන තරං නරුම දේවල් අපිට හිතෙන්නෙ නැති එක.අපි පොඩි කාලේ ඉඳලා ඉගෙන ගත්තේ අපේ රට ජාතියට ආදරය කරන හැටි මිනිස්සුන්ට ආදරේ කරන හැටි සහයෝගයෙන් ජීවත් වෙන හැටි.අපි කොයිම වෙලාවකවත් ඉගෙන ගත්තේ නැහැ  තව කෙනෙකුට රිද්දන විදිහ තමන්ගේ මඩිහ විතරක් පුරව ගන්න විදිහ සල්ලි වෙනුවෙන් ඕනම දහ ජරා වැඩක් කරන්න පුළුවන්කම..ඇත්තටම එහෙම දේවල් අපි ඉගෙන ගත්තේ නැහැ.එහෙනම් මේ වගේ උසස් පාලක පැලැන්තියට ගියාම මිනිස්සු ඒ තරම් බලු වෙන්නේ කොහොමද..මේවා දැකපු වාරයක් වාරයක් ගානේ මාව අන්තෙටම කලකිරුනා.එදා මට රාජරත්නම් හම්බ වෙච්ච වෙලාවේ මේ සම්පූර්ණ කතාවම මම රාජරත්නම් ට කිව්වා. ඇත්තටම මම රත්නා ලෝක  ළඟ වැඩ කරන්නේ කිසිම කැමැත්තකින් නෙමෙයි. අපි තුන්දෙනාගෙන් කාට පළවෙනියෙන් ටිකට් එක ඇදෙයිද කියන්න බැහැ. ඒ තරම් භයානක මනුස්සයෙක් එක්ක අපි මේ සෙල්ලම කරන්නේ.ඒ වුනාට අපි හරි මැදිහත් වෙලා මේක නැවැත්තුවේ නැති වුනොත් දිනන්නෙ හැමදාම නපුරමයි.”

තලංමැහැර එහෙම කියනකොට මමයි රාජරත්නමුයි දෙන්නා වචනයක්වත් නොකියා ඒ ගැන අහගෙන හිටියා…

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles