කුරුඳු වලින් ඔබේ ජීවිතයට එක් කර ගත හැකි මේ ප්‍රයෝජන ගැන ඔබ දැනුවත් ද?

පුරාතණයේ දෙවියන් රජුන් සඳහාද සුදුසු ත්‍යාගයක් ලෙස සලකන ලද කුරුඳු කුළුබඩු අතර රැජිණකි. ශ්‍රී ලංකාවේ කුරුඳු ගුණයෙන් සහ වටිනාකමින් ඉතා ඉහළ අතර  ලෝක වෙළෙඳපොළේ කුරුඳු නිෂ්පාදනයෙන් 95% කටම හිමිකම් කියයි. ආහාර වල රසය වැඩි දියුණු කිරීම සඳහා බොහෝ විට කුරුඳු කුඩු යොදා ගැනෙන නමුත්කුරුඳු වලින් ඔබේ ජීවිතයට එක් කර ගත හැකි තවත් ප්‍රයෝජන රැසක් වේ.

මුලිකවම කුළුබඩුවක් සහ ආහාර රසකාරක ද්‍රව්‍යයක් ලෙස කුරුඳු පොතු භාවිතා කරනු ලැබේ. චොකලට්, ඇපල් පයි, ඩෝනට් හා කුරුඳු බනිස් ආදී බොහෝ අතුරුපස වට්ටෝරු සඳහා මෙන්ම කෝපි, තේ, උණුසුම් කොකෝවා සහ මත්පැන් ආදිය නිපදවීම සඳහා ද භාවිතා කෙරේ.

කුරුඳු වලඇති සුවඳ තුලින් ඔබේ ජීවිතයේ එදිනෙදා ක්‍රියාකාරිත්වය මෙන්ම මොළයේ ක්‍රියාකාරිත්වයද වර්ධනය කරයි. එ කුරුඳුවලින් ඇල්සයිමර්ගේ සහ පාකින්සන්ගේ රෝග ලක්ෂණන්ට ප්‍රකාර කිරීමට උපකාර වේ. දියවැඩියාවට බොහෝ ගුණ ලබා දෙන කුළුබඩු විශේෂයක්‌වන අතර අහිතකර කොලස්‌ටරෝල් මට්‌ටම පහත හෙලීමට උදවු වේ. උදරාබාධ ගණනාවක් සමනය කරගැනීම සඳහා කුරුඳු යොදා ගත හැකිය. රුධිර සංසරණය වැඩිදියුණු කර ධිර වාහිනී අවහිර වීම් සමනය කරගැනීමට ද උපකාරී වේ.

රුව රැකගන්නට ද කුරුඳු භාවිතා කිරීමට හැකිය. කුරුඳු  තේ හැන්දක් මී පැණි හැ තේහැඳි 3 ක් සමඟ මිශ්‍ර කිරීමෙන් කුරුලෑ සඳහා ප්‍රතිකයක් සකස් කර ගත හැක. කුරුඳු පොත්තක් හැපීමෙන් මුවෙන් හමන දුඟඳ නැති කර ගත හැක.

කුරුඳු වල අතුරු ප්‍රතිඵල නැති වුවද අධික භාවිතය හිතකර නොවේ. බෙහෙතක් වශයෙන් ගැනීමට නම් ඔබ මෙය වෛද්‍යවරයෙකු විසින් නිර්දේශ කල යුතු අතර ගැබිනි මව්වරුන් සහ රෝගීඅය සඳහා භාවිතයේද සැලකිලිමත් විය යුතුය. කුරුඳු වල සැලකිය යුතු සංරචකයක් ලෙස සළකනු ලබන කුමරීන්(coumarin) හි විෂ සහිත ස්වභාවය තුළින් පරිවෘත්තීය ක්‍රියාවලියට බලපෑම් ඇති කල හැකි නිසාවෙන් පරිභෝජනයේ දි සැලකිලිමත් විය යුතු වෙනවා. මෙය කැෂියා නම් කුරුඳු වර්ගයේ ඉතා බහුලව පවතියි. එනිසා අනිවාර්යයෙන්ම ඔබ භාවිතා කරන කුරුඳු වර්ගය පිළිබඳව සැලකිලිමත වන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles