කරදරකාරී සබඳතාවයක් නිමා කරන්නේ මෙහෙමයි

කණ්ඩායමක් ලෙස ජීවත් වන මනුෂ්‍යයන්ට ජීවිත කාලය පුරාවටම සෑම විටම නොයෙක් ආකාරයේ  සබඳතා හමුවේ. නමුත් මෙම සියළු සබඳතා යහපත් සබඳතා නොවේ. මේ කරුණු එවැනි අයහපත් හෝ අගතිගාමී සබඳතාවකින් (Toxic relationships) මිදීමට උපකාරී වනු ඇත.

  • සම්බන්ධතාවය අවසන් විය යුත්තේ මන්දැයි ඔබම මතක තබා ගන්න. මෙම සම්බන්ධය අයහපත් වන අතර, එය අවසන් කිරීමට අවශ්‍ය සියලු හේතු ලියන්න.
  • සංවාදයට පෙර සූදානම් වන්න. ඔබට කැඩපතක් ඉදිරියේ හෝ මිතුරෙකු සමඟ පෙරහුරුවක් කළ හැකිය. සංවාදය පවත්වන විට ඔබට වඩා විශ්වාසදායක බවක් පෙන්වනු ඇත.
  • අනෙක් පුද්ගලයාට ඔබට කතා කිරීමට අවශ්‍ය බව දන්වන්න. කතා කිරීමට සුදුුසු ස්ථානයක් තෝරා ගන්න.
  • ඔබට අවශ්‍ය දේ පිළිබඳව පැහැදිලිව සහ කෙළින්ම කරුණු ඉදිිපත් කරන්න.
  • අනෙක් පුද්ගලයාගේ අදහස්වලට ද සවන් දෙන්න.
  • අනෙක් පුද්ගලයා සම්බන්ධකම අවසන් නොකිරීමට උත්සාහ කරනවා නම්, ඔබේ තීරණය වහාම නැවත ප්‍රකාශ කරන්න.
  • අනෙකා තරහ ගෙන ඇත් නම් හෝ තර්ක කරන්නේ නම්, “මම තර්ක කරන්නට ආවේ නැත. මම යනවා. කරුණාකර මා හමු නොවන්න. ” ලෙස දන්වා හැකි ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත්වන්න.

මෙය හිංසාකාරී ප්‍රේම සබඳතාවයක් මෙන්ම වෙනත් ඕනැම අයහපත් සබඳතාව නිමා කර ප්‍රීතිමත් දවියක් ගත කිරීමට ඔබට උපකාරී වනු ඇත.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles