කිරීමට බොහෝ දේ ඇති විට අවධානයෙන් හිඳින්නේ කොහොමද?

“වැඩක් කරන්න ගියාම මට හිත එක තැනක තියාගෙන ඉන්නම බෑනෙ”

“මටත් ඒ ප්‍රශ්නෙම තියෙනව අනේ. ඔන්න වැඩක් කරන්න කියල පටන් ගන්නව. ටිකකින් ෆෝන් එක බලන්න ගන්නව. ඉන්පස්සෙ ඉතින් ෆෝන් එකෙම තමයි කිසි වැඩක් කරගන්න බෑ. මටම තරහයි වෙලාවකට”

මේ වගේ කතා නුපුරුදු දේවල් නෙවෙයි. ගොඩක් අයට තියෙන ගැටලුවක්නෙ මේ Concentrate කරල වැඩක් කරගන්න බැරි එක. ඉතින් මම හිතුව අද අපේ Smartlady ලිපියෙන් ඔයාලා එක්ක බෙදාගන්නවා කියල කොහොමද මේ වැඩ දාහක් විතර කරන්න දාගෙන තියෙද්දි ඒ වැඩවලට බාධාවක් නොවෙන විදියට Concentrate කරන්නෙ කියලා.

අපි දැන් ඇත්තටම ජීවත් වෙන්නෙ ඩිජිටල් ලෝකයකනෙ. ඉතින් මෙහෙම කාලෙක Concentrate කරල වැඩක් කරගන්න තියෙන අපහසුවා ගැන අමුතුවෙන් කතාකරන්න ඕන නෑ. මොකද අපි කර කර ඉන්න වැඩේට වටා හරිම Interesting දේවල් අපේ දුරකතනය ඇතුලෙ තියෙන බව දන්න නිසාම අපේ Concentration එක කැඩෙන්න තියෙන ඉඩකඩ හරිම වැඩියි.

ඒත් එහෙමයි කියල අපිට ඒකට හැමදාම ඉඩ දෙන්න බෑනෙ නේද?

ඉතින් ඒ නිසාම තමයි නිවැරදි මානසිකත්වය සහ යම් පුහුණුවක් එක්ක වැඩක් කර කර ඉන්න අතරවාරෙ අපේ සිතුවිලි එහෙ මෙහෙ නොයන විදියට අපි අපේ මනස හුරුකරවන්න ඕන වෙන්නෙ.

අවධානයෙන් වැඩක් කරන එක අපිට Successful වෙන්න හරිම වැදගත්. මොකද ඔහේ උඩින් පල්ලෙන් වැඩක් කරල දැම්ම කියල අපිට සාර්තක වෙන්න බැහැ. මොන දේ කරත් අපි ඉතාම උනන්දුවෙන්, වගකීමෙන්, කැපවීමෙන් ඒ වැඩේ කරන්න ඕන. එතකොට තමයි අපිට ඇත්තටම ඒ කරන වැඩෙන් 100%ක් ප්‍රතිඵල ලබාගෙන සාර්තක වෙන්න පුලුවන් වෙන්නෙ.

Focus එක කියන්නෙ මොකද්ද?

Focus එක එහෙම නැත්තම් අවධානය කියන එකේ අදහස වෙන්නෙ දෙයක් වෙනුවෙන් හේ කෙනෙක් වෙනුවෙන් අපි කොච්චරක් අවධානය, අපේ Attention එක දෙනවාද කියන එක. අපි යම් දෙයකට Attention එක දෙද්දි අපි අපිව, අපේ මනස එක දෙයකට හෝ එක් කෙනෙකුට Focus කරගන්නවා.උදාහරණයක් විදියට ගත්තම අපි අපේ රැකියාව අරගත්තොත් අපි අපේ Goal එකට දෙන Focus එක මත තමයි ඒ Goal එකට යන පාරෙ තියෙන හැම දේකටම දෙන්න ඕන උපරිම Attention එක දෙන්නෙ.

කොහොමද අපි මේ Focus එක හදාගන්නෙ?

විශේෂයෙන්ම රැකියාවක් කරද්දි හෝ ඉගෙනුම් ක්‍රියාවලියක යෙදෙද්දි මේ අවධානය ඉතාම වැදගත් වෙන හන්දා මම හොයාගත්තා කරුණු 10ක් එහෙම මොහොතක අපි අපිව Fully Concentrate කරල තියාගන්නෙ කොහොමද කියල.

අපි බලමු මොනවද ඒ විදි 10 කියලා.

1-    බාධාවන් ඉවත් කරගන්න

වැඩක් කරද්දි බාධාවන් එන එක සාමාන්‍ය දෙයක්. හැබැයි වැඩේ හරියට කරන්න අදහසක් හිතේ තියෙනම් ඒ වැඩේ පටන් ගන්න කලින් වෙන්න පුලුවන් බාධා ඉවත් කරගන්න එක අපිට ලොකු ගැටලුවක් නෙවෙයි.

වැඩක් කර කර ඉද්දි ඒකට වෙන්න පුලුවන් බාධාවන් ඉවත් කරගැනීමෙන් අපිට වඩා ඵලදායී වගේම සාර්තක වෙන්න අවස්තාව තියෙනව.ඒ ඔස්සෙ වෙනත් දේවල්වලට අවධානය දෙන්න වෙන වෙලාව සහ අවස්තාවන් අඩුවෙලා වැඩේට හරි අවධානය දෙන්න උපරිම අවස්තාවක් සහ කාලයක් අපිට ලැබෙනවා.

ඒ වගේම තමයි හොඳටම Concentrate කරල කරන්න ඕන වැඩක් කරද්දි නිස්කලංක නිහඬ තැනක ඉඳල කරන්න පුලුවන් නම් වඩා හොඳයි. මොකද තව ගොඩක් අය ඉන්න තැනක වැඩක් කරන්න ගියා රස කතාවක් හරි ඕපදූපයක් හරි ඇහුණොත් වැඩේ නවත්තල ඒකට කන්දෙන්න ලොකු ඉඩක් තියෙන හන්දා.

2-    ප්‍රමුඛත්වය දෙන්න

ඕනම දෙයකට ප්‍රමුඛතා අනුපිළිවෙලක් තියෙනව. ඒ කිව්වෙ මොකද්ද ඉස්සෙල්ලම වෙන්න ඕන කියල අදහසක් අපි කරන වැඩ ගැන අපිට තියෙන්න ඕන. හිතන්නකො වැඩ දහයක් තියෙනව කියල. ඒ වැඩ දහයම එකම දවසෙ එකම වෙලාවෙ දෙන්න ඕන වෙන්නෙ නෑනෙ. එතකොට ඔයා කරන්න ඕන දේ තමයි මොන වැඩේද ඉස්සෙල්ල ඉවර වෙන්න ඕක කියල Priority List එකක් හදාගන්න එක.

එතකොට ඒ හැම වැඩකටම දෙන්න ඕන උපරිම අවධානය දීල වැඩේ හරියටම අවසාන කරගන්න අපිට පුලුවන්.

3-    මනස පුහුණු කරන්න

වැඩක් කරද්දි ඒ වැඩේට Full Focus එක දෙන්න අපිට පුලුවන් අපේ මනස Train කරන්න. එහෙම දේකින් අපේ සිතීමේ ශක්තිය, සංජානන හැකියාව වර්ධනය වීමකුත් වෙනවා. අපිට පුලුවන් අපේ මනස පුහුණු කරවන්න යමක් කරද්දි වෙන දේකට අවධානය නොදී ඉන්න. සාමාන්‍යයෙන් අපේ මනස පුරුදු වෙලා ඉන්නෙ නම් ඒකෙ අනිත් පැත්ත කරන්න තමයි. හැබැයි හරියට Train කරොත් උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන්.

4-    නිස්කලංක තැනක වැඩ කරන්න

මනස නිදහසේ තියාගෙන වැඩක් කරන්න පුලුවන් හොඳම විදියක් තමයි නිස්කලංක, කාගෙන්වත් බාධා නැති තැනක වැඩ කරන එක.තනියෙම වැඩක් කරද්දි ඇත්තටම බාධා වෙනව හරිම අඩු බව ඔයාලටත් තේරිලා ඇති, මොකද එතකොට ඔය අනවශ්‍ය කතාබහකට හෙම ඉඩක් පෑදෙන්නෙ නැති නිසා.

5-    භාවනාවෙන් ප්‍රතිඵල

මනස නිදහසේ, නිස්කලංකව තියාගත්තත් ඒක කරන්නනෙ නේද අපහසු? ඇත්තටම කොහොමද අපිට පුලුවන් මනස නිදහසේ තියාගන්න?

භාවනාව කියන්නෙ ඒකට හොඳම උත්තරයක්. ඒ විතරක් නෙවෙයි විවේක ගන්න එක, හුස්ම ඉහල පහල ගැනීම ගැන අවධානය දෙන එක, අපේ මානසික ඒකාග්‍රතාවය වැඩි දියුණු කරන්න ගොඩක් උදව් වෙනවා. ඒ වගේම සංජානන හැකියාවත් වැඩි දියුණු කරනවා.

6-    ව්‍යායාම

ව්‍යායාම කියන්නෙත් ඇත්තටම මනස ඒකාඟ්‍ර කරගන්න ලොකුවටම උදව්වක් වෙන දෙයක්. නිතිපතා ව්‍යායාම කිරීම නිසා නිදහස් වෙන හෝමෝන අපේ මනස උත්තේජනය කරනව වගේම ප්‍රබෝධමත් කරනවා. ඒක Focus කරල වැඩක් කරන්න සෑහෙන උදව්වක් වෙනවා. ව්‍යායාම කිරීම මතක ධාරිතාව වැඩි කරන්නත් උදව් වෙනවා. ජවසම්පන්නව, Concentrate කරල වැඩක් කරන්න ලොකුම ලොකු උදව්වක් වෙනවා මෙන්න මේ ව්‍යායාම කිරීම.

7-    විවේක ගැනීම

වැඩ කොච්චර තිබ්බත් විවේක ගන්න එකත් Concentrate කරල වැඩ කරගන්න උදව්වක් වෙන බව දන්නවද? අපිට වෙහෙස දැනෙන්නෙ ශරීරයට විතරක් උනාට මොලයටත් වෙහෙස දැනෙනව. අන්න එහෙම වෙලාවලට තමා අපිට නිදිමත එහෙම හැදෙන්නෙ. ඉතින් ඒ වෙලාවට කකුල් වතුර බාල්දි වල ඔබාගෙන වැඩ කරන්න ගියත් ඒකෙන් ප්‍රයෝජනයක් නොවන බව අමතක කරන්න එපා. විවේකයක් ගැනීම ඔයාට ආයෙම Restart වෙලා වැඩ ටික හොඳට කරගන්න උදව්වක් වෙනවා.

8-    සුවබර නින්දක්

“මං නිදිමරාගෙන වැඩ කරනව” කිව්වට ඒක ඔය කියන තරම් හොඳ දෙයක් නෙවෙයි. නින්ද කියන්නෙ මිනිස්සුන්ට ඉතාම අවශ්‍ය දෙයක්. කායිකව වගේම මානසිකවත් Fit එකේ ඉන්න අපි හොද නින්දක් ලබාගන්නම ඕන.මොකද නිදිමරාගෙන වැඩ කරාට අපිට අපේ Full Potential එකෙන් වැඩ කරන්න අමාරුයි. නින්දකට පුලුවන් ආයෙම වතාවක් ඔයාට Full Potential එකෙන් වැඩක් කරන්න ඔයාව Restart කරවල ගන්න.

9-    එක් වරකට එක දෙයක්

වැඩ දාහක් තිබුනත් එක් වරකට එක් දෙයකට අවධානය දෙන එකෙන් අපිට පුලුවන් ඒ වැඩේ කරන්න පුලුවන් උපරිම හොඳින් කරන්න. ඒ වගේම තමයි එතකොට වෙන දේකට අවධානය යන එකත් ගොඩක් දුරට අඩු කරගන්න අපිට පුලුවන්කම ලැබෙනවා. Multitasking කරන්න හැකියාව තිබුනත් පුලුවන් හැම අවස්තාවකම එක වැඩකට අවධානය දීල ඒක හොඳින්ම ඉවර කරල දාන්න.

10-Timetable එකක් හදාගන්න

අපි කාල සටහන් වලට අනුව වැඩ කරේ ඉස්කෝලෙ යන කාලෙදි හරි ඉගෙන ගන්න කාලෙදිනෙ. හැබැයි රැකියාවෙදි උනත් ගෙදර වැඩකදි උනත් කරන්න තියෙන වැඩ වලට වෙන වෙනම කාලය බෙදල වෙන් කරල දීල වැඩ ටික කරන්න අපිට පුලුවන්. ඒ වගේම එක පාර ඔක්කොම බදාගෙන කරනවට වඩා වෙලාවල් බෙදාගෙන කරන එක ඉතාම Effective.

Related Articles

Don't Miss


Latest Articles