නියපොතු කෑම නතර කරගන්නේ මේ විදිහටයි

දෑතේ ලස්සන රැකෙන්නට නම් නියපොතු සුන්දරව තබා ගත යුුතුයි. නමුත් නියපොතු කෑමේ නරක පුරුද්ද තිබෙනවා නම් සුන්දර දෑතක් යනු සිහිනයක්ම වේවි. මෙය පෞරුෂ වර්ධනයට ද බාධාවක්. මෙම කරදකාරී පුරුද්ද ඉවත් කිරීමට ඔබට වැදගත් වන උපදෙස් කිහිපයක් පහත දැක්වේ.

  • වරින් වර ඔබේ නියපොතු කපන්න. මෙමඟින් ඔබට නියපොතු සැපීමට නොහැකි වනු ඇත.
  • මෙම පුරුද්දෙන් ඉවත්ව සිටින්නට අධිෂ්ඨාන කරගන්න. මේ සම්බන්ධව ඔබගේ දුරකථනයේ රිමයින්ඩර් එකක් දැමීම හෝ ඔබේ මේසය ඉදිරිපිට සටහනක් අලවා තබන්න.
  • මෙම පුරුද්ද නතර කර ගැනීමට ඔබට ගැලපෙන ක්‍රමවල එකතුවක් සොයා ගන්න.
  • ඔබට නියපොතු කෑමට ආශාවක් ඇති වූ විට අන් දෙයක් ගැන සිත යොමු කරන්න.
  • ඔබට නියපොතු කෑමට ආශාවක් දැනෙන්නේ ඇයි දැයි සොයා බලන්න.
  • මානසික ආතතිය වැනි හේතුවක් නිසා නම් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්න.
  • කිසිවක් නිසා මෙම පුරුද්ද නතර නොකරන්නේ නම්, කොහොඹ හෝ කළු ගම්මිරිස් පේස්ට් වැනි ද්‍රව්‍යයක් නියපොතු වල ආලේප කරන්න.

නරක පුරුද්දක් බිඳ දැමීම සඳහා දිගු කාලයක් ගතවනු ඇත, එමනිසා, එක් වරම නොව පියවරයන් පියවර උත්සාහ ගත යුතුය. නිසි අවධානයෙන් සහ අධිෂ්ඨානයෙන් කටයුතු කලහොත් අනිවාර්යයෙන්ම ඔබට කරදකාරී නියපොතු කෑමේ නරක පුරුද්ද නවත්වා ගන්නට හැකි වේවි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles