Crime, Thriller වර්ගයේ චිත්‍රපට බලන්න ආස මනුස්සයෙක් විදියට මම හිතුව අද අරගෙන එනවා කියලා ඔයාලට, True Crime Stories මත පදනම් වෙලා ගොඩනැගුන චිත්‍රපට කිහිපයක් ගැනම.
ඉතින් මේ අද මම කියන්න යන චිත්‍රපට ඔක්කොමා ටික ගොඩනැගිල තියෙන්නෙ ඇත්ත සිදුවීම් මත. ඒ නිසාම තමයි මේ චිත්‍රපට වඩාත් ලස්සන වෙන්නෙ.
1- Bhakshak
මේ චිත්‍රපටය ඔයාලට Netflix ඔස්සේ බලන්න පුලුවන්කමක් තියෙනව. මේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නෙ යුක්තිය සඳහා සටන් කරන ජර්නලිස්ට් කෙනෙක් වෙන වෛශාලි සිං වටා.එයා ආරක්ශිත නිවාසයක ජීවත්වෙන ගැහැණු ළමයින් කීප දෙනෙක් මුහුන දෙන ලිංගික අතවර කීපයක් ගැන සහ ඒ සියල්ලටම පාලන බලය තියෙන මිනිස්සු අතපොවන විදිය ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නෙ.
2- Rahasya
Rahasya චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නෙ 2008 අවුරුද්දෙ නොයිඩා වල වුණ ද්විත්ව ඝාතන මිනීමැරුමක්. හැබැයි ඒ ඇත්ත කතාව සහමුලින්ම අරගෙන කරපු චිත්‍රපටයක් නම් නෙවෙයි මේක. සත්‍ය කතාවෙන් කොටස් අරගෙන ඊට වඩා වෙනස් විදියකට කරපු කුතුහලය පිරිච්ච අවසානය වෙනකම්ම ඇත්තටම කවුද මිනීමරුව කියල හිතාගන්න බැරි විදියෙ අපූරු චිත්‍රපටයක්.
කතාවෙ තියෙන්නෙ අයේශා කියන ගැහැණු ළමයාගෙ ඝාතනය සම්බන්ධයෙන් එයාගෙම තාත්තව පොලිස් භාරයට ගන්න සිදුවීමකින්.CBI Agent පරස්කාර් තමයි මේ කේස් එක හැන්ඩ්ල් කරන්නෙ.
3– No One Killed Jessica
No One Killed Jessica කියන්නෙත් හරිම අපූරු ඉන්දියානු True Crime චිත්‍රපටයක්.මේ චිත්‍රපටයද පාදක කරගෙන තියෙන්නෙ ජෙසිකා ලාල් කියන කාන්තාව ඝාතනය කිරීමේ කේස් එක සම්බන්ධව.දේශපාලන බලයෙන් පිරිච්ච පුතෙක් ගෙ වෙඩි පහරක් නිසා මියයන බාර්ටෙන්ඩර් කෙනෙක්ගෙ කතාවක්.
4- Raman Raghav 2.0
Raman Raghav 2.0 චිත්‍රපටයේ පෙන්වන්නෙ රමන්නා කියන සීරියල් කිලර් වටේ. මෙයා ගැන විමර්ශනය කරන නඩුව භාරව ඉන්නෙ රාඝවන් කියල නිලදාරියෙක්. මේ රමන්නා කියන සීරියල් කිලර් මේ රාඝවන් ගැන එක්තරා උමතුවකින් තමා ඉන්නෙ. එයා උත්සහ කරනවා මේ රාඝවන් කියන නිලධාරියා සහ තමන් අතරෙ තියෙන සමානකම් එයාට ඒත්තුගන්වන්න.
ඉතින් මේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නෙ මේ රමන් රාඝන් කියන සීරියල් කිලර්ගෙ කතාව කියල තමා කියන්නෙ.
5- Talvar
මම උඩින්ම කිව්ව චිත්‍රපටයක් තිබුනෙ රහස්‍ය කියලා. අන්න ඒ චිත්‍රපටයට හේතුවුන නඩු වාර්තාව ගැන සම්පූර්න කතාවම ගැබ්වෙලා තියෙන චිත්‍රපටයක් තමා මේ Talvar කියල හඳුන්වන්නෙ. කතාවට අනුව ශෘති කියල අවුරුදු 13 පොඩි ගෑණු ළමයෙක්ව එයාගෙ ගෙදර ඇඳ උඩදිම මරල දාලා තියෙනව. මෙයාගෙ මරණයට පොලිසිය සැකයි කියල හිතන්නෙ එයාලගෙ ගෙදර වැඩකල කේම්පාල් කියන සේවකයා. සැකකාර සේවකයව හොය හොය ඉද්දි පොලිසියට එයාගෙ මිණිය හම්බුවෙනව ශෘති ගෙදරම උඩ තට්ටුවේ ටෙරස් එකේ තිබිලා.
ඉන්පස්සෙ කරගෙන යන විමර්ශන වලින් පොලිසිය හොයාගන්නව ශෘතිගෙ මරණයට එයාගෙ අම්මගෙ සහ තාත්තගෙ සමබ්න්ධයක් තියෙනව කියල. ඒ විදියට ඇත්තටම ශෘතිව සහ කේම්පාල්ව මැරුවෙ කවුද කියල හොයාගෙන යන කුතුහලය පිරිච්ච අපූරු චිත්‍රපටයක් විදියට මේ Talvar කියන කතාව හඳුන්වන්න පුලුවන්.
6- Not a Love Story
Not a Love Story කියන්නෙත් ඔන්න මේ වගේම ඉන්දියාවෙ වෙච්ච True Crime Story එකක් පාදක කරගෙන ගොඩනැගිච්ච චිත්‍රපටයක්.
චන්දිගාර්වල ඉපදිච්ච අනුශා චව්ලා චිත්‍රපට නිලියක් වෙන බලාපොරොත්තුවෙන් එයාගෙ ගමේ කොල්ලා වෙච්ච රොබින් ෆර්නැන්ඩස්ගෙන් සමු අරගෙන මුම්බායිවලට එනවා. සති කීපෙකට පස්සෙ අනුශාට චාන්ස් එකක් හම්බෙනව චිත්‍රපට නිශ්පාදකවරයෙක් වන සෑම්ව හමුවෙන්න.
කොහොමහරි සෑම් අනුශට කියනවා ඔයා මා එක්ක හිටියොත් ඔයාට චිත්‍රපටවල හොඳ චරිත මම දෙන්නම් කියල. හැබැයි ඒකට අකමැතිවෙන අනුශා යනවා.කොහොමහරි මෙයා මේකට අවුලෙන් ඉද්දි මෙයාට සෙට් වෙනව ආශිශ් බාට්නගර් කියල මනුස්සයෙක්ව. එයා මෙයාව ශෝට් ලිස්ට් කරගෙන ඉඳල අනුශාට චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපාන්න අවස්තාව ලැබෙනවා.
සන්තෝසෙට එන්ජෝයි කරන්න බොන්න ගිය දෙන්න නතරවෙන්නෙ අනුශාගෙ අපාට්මන්ට් එකේ එයාගෙ නිදන කාමරයෙන්. කොහොමහරි අනුශාගෙ ජයග්‍රහනය දැනගෙන සතුටු වෙන රොබින් අනුශාව හම්බවෙන්න එයාගෙ අපාට්මන්ට් එකට ඇවිල්ල අනුශා, ආශිශ් එක්ක ඉන්නව දැකල තරහ ගන්නවා. ඒ තරහට රොබින් ආශිශ්ව මරල දානවා.
ඉතින් මේ කතාවට පාදක කරගෙන තියෙන්නෙ 2008 අවුරුද්දෙ වුන නීරජ් ග්රොවර්ගෙ මරණය. නීරජ් කියන්නෙ මුම්බායිවල ප්‍රඩක්ශන් හවුස් එකක වැඩකල කෙනෙක්. 2008 මැයි මාසෙ දවසක මේ නීරජ්ගෙ මල සිරුර පොලිසියට හමුවෙනවා. ඉතින් ඒ සිදුවීම පාදක කරගෙන තමා මේ චිත්‍රපටය ගොඩනගලා තියෙන්නෙ කියල තමා චිත්‍රපටයේ අධ්‍යක්ශකවරයා කියන්නෙ.
7- The Stonemen Murders
The Stonemen Murders කියන්නෙත් ඉන්දියාවෙ හිටිය සීරියල් කිලර් කෙනෙක්ව පාදක කරගෙන ගොඩනැගිච්ච චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට අදාල ඇත්ත සිදුවීම වෙලා තියෙන්නෙ 1980 අවුරුද්දෙ බොම්බායෙදි.
කොහොමහරි මේකෙ කතාව පටන්ගන්නෙ මේ සීරියල් කිලර් එයාගේ පාස්වෙනි ගොදුරත් ඩැහැගත්තට පස්සෙ. පොලිසිය ඉන්නෙ ඇත්තටම කිසිම උනන්දුවක් නැතුව වගේ මේ කේස් එක හොයන්න.
ඔහොම ඉද්දි තමා වැඩ තහනමකට ලක්වෙච්ච උප පොලිස් පරික්ශක සංජේ ශෙලාර්ට චාන්ස් එකක් හම්බුවෙන්නෙ මේ සීරියල් කිලර්ව හොයන්න ආයෙමත් සේවයේ පිහිටුවන්න දෙන Task එකක් විදියට.
ඉතින් කිසිම නීතිමය සහයක් නැතුව සංජෙ මේ වැඩේ භාරගන්නවා. එයා උදව් ඉල්ලන්නෙ එයාගෙ සහකාර පොලිස් නිලදාරියෙක් වන කම්බ්ලේගෙන්. කම්බ්ලේගේ බිරිඳ පැනල ගිහින් කියල තමා කියන්නෙ.
ඉතින් මේ කතාව අවසාන වෙන්නෙ අපි හිතන්නෙවත් නැති කෙනෙක්ව මිනීමරුව විදියට හඳුන්වල දීලා.
ඉතින් මේ වගේ ඉන්දියාවෙ පුරා වෙච්ච True Crime Stories පාදක කරගෙන හදපු චිත්‍රපට ගොඩක් අපිට Netflix, Prime TV, Zee 5 වගේ චැනල්ස් වලින් වගේම Download කරලත් බලන්න පුලුවන්කම තියෙනව.
ඉතින් True Crime Stories වලට ආස කෙනෙක් ඉන්නවානම් ඔන්න මේ ෆිල්ම්ස් බලලා, මේ වගේම ඔයාලා දාන්න තව ෆිල්ම්ස් තියෙනවනම් අපිටත් බලන්න ඒව කමෙන්ට් කරගෙන යන්න!