ළමයාට හිමි ලෝකය නිර්මාණය මගෙන් පටන් ගනිමු

අද ලෝක ළමා දිනයයි…

ලෝක ළමා දිනය වෙනුවෙන් බොහෝ පාසැල්, දෙමාපියන් විවිධ උත්සව, සාද, තෑගි බෝග සූදානම් කරමින් ඔවුන්ව සතුටින් තබන්නට උත්සාහ කරනවා. ඇත්තටම එය නරක දෙයක් නෙවෙයි. දරුවා අද ඉතාමත්ම සතුටින් තම දිනය සමරනවා. මේ සියල්ල අවසානයේ හෙට සිට දරුවා  නැවත ගොඩබසින්නේ  කිනම් ලෝකයකටද? වැඩිහිටියන් ගේ ලෝකයට නොවේද? වැඩිහිටියෙකු වෙනතුරු වැඩිහිටියන්ගේ තරගකාරිත්වයෙන් පිරුණු ලෝකයේ ඔහු හෝ ඇය තවත් එක්තරා කුඩා සිරුරකින් යුතු වැඩිහිටියෙක්.

ඉතින්, අපි අපේ දරුවා වෙනුවෙන් පොඩි පරීක්ශනයකට මුහුණ දෙමු. මෙන්න මෙහෙම කරමු.මුලින්ම හිස් පොතක් සහ පෑනක් ගන්න. ඔබේ වැඩිහිටි බව මොහොතකට අමතක කරන්න. ඔබේ දරුවාගේ වයසට යන්න. මේ සිටින්නේ ඔබ යයි සිතන්න. ඔබ ඔහු සමග හැසිරෙන අයුරු කොලයක සටහන් කරන්න. ආසන්න්තම මාසයේ දරුවා සමග කල කී දෑ සියල්ලම සටහන් කරන්න.

දෙවනුව ඔබ දැන් දරුවෙක් ලෙස ඔබට අවශ්‍ය දේවල් ලියන්න. ආසා දේවල්, කෑම බීම… මේ දෙකේ පරස්පර ය තේරුම් ගන්නේ නම් මේ ලෝකයේ සිටින වාසනාවන්ත ම දරුවා ඔබේ දරුවා බවට අපට කිසිදු සැකයක් නැහැ.

මතක තබා ගන්න. මේ පොත නිතරම භාවිතයට ගත යුතු නිසා පරිස්සම් කර තබාගන්න.

– ස්මාර්ට් ලේඩි –

Related Articles

Don't Miss


Latest Articles