ඇස් අහකට ගන්න හිතෙන්නෙ නැති සුපිරිම Netflix ෆිල්ම්ස්

Netflix කියන්නෙ ඉතින් හැම මාසෙකම වගේ හරිම අපූරු චිත්‍රපට හරි සීරිස් හරි අරගෙන ඇවිල්ල අපිව පිස්සුවට්ටන විදියෙ Site එකක් බව නොකියම බෑ. දැන් ලංකාවෙ Netflix බලන්නෙ නැති ගෙයක් හොයාගන්න අපහසු තරමට Netflix ඇබ්බැහියක් වෙලා.

ඉතින් අපි හිතුවා එක ෆිල්ම් එකක් ගැන රිවීව් එකක් ලියනව වෙනුවට අද කතාකරනව කියල මේ ඇබ්බැහිවෙන සුලු Netflix වෙත අලුතෙන්ම ආව චිත්‍රපට හරි සීරීස් හරි මොනවද කියල.

එහෙනම් අපි බලමු!

1.Bitconned

2017 දී, Bitcoin උත්පාතය අතරතුර, Cryptocurrency වලට වඩා වංචාකරුවන්ට වඩා හොඳ තැනක් තිබුණෙ නෑ වංචාකරන්න. රේගේ මිතුරා ක්‍රිප්ටෝ සඳහා ඩෙබිට් කාඩ්පතක් හදන්න චාන්ස් එකක් ආවම, චිත්‍රපටයේ ප්‍රධාන චරිතෙ වෙන ට්‍රපානි තමයි ඒ චාන්ස් එක අරගන්නෙ හැබැයි තිබුන ලොකුම අවුල ඒක කරන්නෙ කොහොමද කියල මිනිහා නොදන්න එක. හැබැයි ලින්ක්ඩින් එකේ තිබුණ බොරු රිවීව්ස් ලැබුන ඉක්මණින් පොහොසත් වෙන්න පුලුවන් කියල විස්තර තිබුන ටීම් එකකට පින්සිද්ද වෙන්න Centra Tech එක හරිම ඉක්මනට දියුණු වෙන්න පටන් ගත්තා. ඒත් ඒක සදාකාලිකද? නීත්‍යානුකූලද කියන ප්‍රශ්නෙ ඒ දියුණුව අස්සෙ නොතිබුනා නෙවෙයි.

ඉතින් මේ චිත්‍රපටයෙන් පෙන්වන්නෙ මේ Centra Tech කියන ව්‍යාජ ආයතනය මේ Cryptocurrency Era එකේ ලොකුම, First High Profile Farud Case එක බවට හෙලිකරගත්ත කතාවෙ විස්තර.

2. Good Grief Logline

Good Grief Logline කියන චිත්‍රපටයෙන් කියවෙන්නෙ මාක් එයා එයාගෙ පණටත් වඩා ආදරේ කරන පාට්නර් වුන ඔලිවර් ගෙ මරණෙන් පස්සෙ ජීවිතෙට මූන දීපු කතන්දරේ.

අපි දන්නව ගොඩක්කට්ටිය තමන්ගෙ පාට්නර්ගෙ හෙවණැල්ල අස්සෙ තාමයි ජීවත්වෙන්නෙ. ගෑස් එකක් ගහගන්න බැරි, බල්බ් එකක් දාගන්න බැරි කට්ටිය අපෙ රටෙත් ඕන තරම්නෙ. මාක්ටත් තියෙන්නෙ එහෙම ජීවිතයක්. ඒත් එයාට ඒ හෙවනැල්ලෙන් එලියට එන්න වෙන්නෙ ඔලිවර් හදිසියෙම මිය ගියාට පස්සෙ.

ඉතින් බිඳ වැටිච්ච මාක්ගෙ ලෝකෙ ආපහු එයාව එයගෙ හොඳම යාලුවො දෙන්න වුණ සොෆී සහ තෝමස් ලඟට අරගෙන යනවා. මේ තුන්දෙනාම කොහොමහරි soul searching trip එකක් යනව පැරිසියට. ඒ ට්‍රිප් එක අතරවාරෙ මූණ දෙන්න අපහසු, ඒත් අපහසුවෙන් හරි ෆේස් කරන්න වෙන Hard truths කීපයක්ම මෙයාලට හමුවෙනවා.

3.The Kitchen

The Kitchen කියන්නෙ නම් හරිම අමුතු චිත්‍රපටයක්. අපි අර නිතර බලන චිත්‍රපට වලට වඩා වෙනස් එකක්. Dystopian London වල දුප්පතුන් සහ පොහොසතුන් අතර තියෙන පරතරය යන්න පුලුවන් උපරිම සීමාවටත් පොඩ්ඩක් එහාට ගිහින් තමයි තියෙන්නෙ.

හැම වර්ගෙකම Social Housings අයින් වෙද්දි The Kitchen කියන කණ්ඩායම විතරක් ඉතුරු වෙනවා. එයාල කැමතිවෙන්නෙම නෑ එයාලා “Home” කියල හඳුන්වන තැනින් පොඩ්ඩක්වත් එහාට වෙන්න.

මෙතනදි තමයි එයාලට හමුවෙන්නෙ Izi ව. Izi කියන්නෙත් කරන්න දෙයක් නැතිහන්දම එහෙ ජීවත්වෙන එතනින් ඉවත්වෙන්න මගක් හොයන කෙනෙක්. ඒවගේම මෙයාලට හම්බුවෙනව බෙන්ජිවත්. බෙන්ජි කියන්නෙ අවුරුදු 12ක් වයස අම්මා අහිමිවෙච්ච ළමයෙක්.ඉතින් මේ චිත්‍රපටයෙන් පෙන්වන්නෙ තමන්ට එරෙහිව ගොඩ නැගිල තියෙන සිස්ටම් එකක් අස්සෙ කමියුනිකේශන් බිල්ඩ් කරගන්න හදන කරන අරගලයක් ගැන කතාවක්.

4.Damsel

Damsel චිත්‍රපටය නම් ඔයාලා මේ වෙද්දි බලල ඇති. මේ ෆිල්ම් එක රිලීස් උනේ පහුගිය කාන්තා දිනය වෙනුවෙන්. ෆැන්ටසි පැත්තට පොඩ්ඩක් බර උනාට කාන්තාවකගෙ තියෙන හිතේ හයිය ගැන කියන අපූරු චිත්‍රපටයක් විදියට Damsel හඳුන්වන්න පුලුවන්.

මේ කතාවේ එලෝඩි කියන්නෙ ගමක කෙල්ලෙක්. එයාගෙ අම්මා නෑ. කුඩම්මයි තාත්තයි නංගියි එක්ක තමා එලෝඩි ඉන්නෙ.ඉතින් කොහොමහරි එලෝඩිව චාන්ස් එකක් එනව රාජ කුමාරයෙක්ව බඳින්න. කොහොමහරි කසාදයක් කියල හිතාගෙන එලෝඩි එන්නෙ මකර කටට බව එලෝඩි වගේම අපිත් දැනගන්නෙ සෑහෙන පස්සෙ. හැබැයි මේ චිත්‍රපටයෙන් අපිට කියල දෙනවා ඕනම බැරෑරුම් අවස්තාවක උනත් හිතේ හයිය විශ්වාස කරගෙන ඒ වෙනුවෙන් කැපවෙන කෙනෙක්ට ගොඩයන එක මහ දෙයක් නෙවෙයි කියන කතාව.

5.Bridgerton

මේ දවස්වල ලෝකෙ පුරාම උන්මාදයක් වගේ වෙලා තියෙන සීරිස් එකක් තමයි Bridgerton කියන්නෙ. ඇත්තටම Bridgerton Season 1 සහ 2 ඇවිල්ල ටික කාලෙකට පස්සෙ මැයි මාසෙ 16 වෙනිදා Release වුණ Bridgerton Season 3 තමයි මේ උන්මාදෙට ලොකුවටම හේතු උනේ.

American Historical Romance TV Series එකක් කියන ශානරයට අයිති මේ කතා මාලාව කියන චරිතෙ එහෙම නැත්තම් Penelope Fetherington  සහ එයාගෙ පොඩිකාලෙ ඉඳන් ක්‍රශ් එක වෙච්ච Collin Bridgerton ගෙ ආදර කතාව තමයි මේ Bridgerton Season 3 එකේ පෙන්වන්නෙ.

මේ Season 3 එකේ තියෙන ලොකුම විශේෂත්වය වෙන්නෙ කතාව ඇතුලෙ අවස්තා බොහොමයකදි පවා Body Shaming වලට ලක්වෙච්ච මහත (ඒත් ඇත්තටම ලස්සන) කෙල්ලෙක්ට Most Eligible Bachelor  කෙනෙක්ගෙ ආදරය හිමිවන එක.

ඉතින් මේකෙ නම් තාම Season 3 එකේ ඇවිත් තියෙන්නෙ පලවෙනි එපිසෝඩ් 4 විතරයි. ඉතිරි 4 එන්නෙ ජුනි මාසෙ 13.

Related Articles

Don't Miss


Latest Articles