හීන දකින්න වගේම ඒවා හැබෑ කරගන්න කියලා දෙන – Star

Star කියන්නෙ එලන් විසින් ලියල අධ්‍යක්ෂනය කරපු Coming of age වර්ගයේ චිත්‍රපටයක්. ශ්‍රී වෙන්කේෂ්වර සිනෙ චිත්‍රා සහ රයිස් ඊස්ට් එන්ටර්ටේන්මන්ට් යටතේ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නෙB. V. S. N. ප්‍රසාද් සහ ශ්‍රීනිධි සාගර් . මෙම චිත්‍රපටයේ Kavin ප්‍රධාන චරිතයට පණ පොවන අතර ලාල්, Aaditi Pohankar, Preity Mukhundhan, සහ Geetha Kailasam රංගනයෙන් දායක වෙනවා. නළුවෙකු වීමේ සිහිනයක් ඇති තරුණයෙකු වන කලයි මුහුන දෙන අභියෝග රාශියක් ගැන කතාවක් තමයි මේ චිත්‍රපටයෙන් අපිට කියන්නෙ.

චිත්‍රපටය Emotions රැසක් පිරුණ කතාවක් කියල කියන්නම ඕන. ඒ වගේම ඒ හැඟීම් ඔක්කොම මේ චිත්‍රපටය බලන ප්‍රේක්ශකයට Relate වෙන්න පුලුවන් සිදුවීම්.ඒ වගේම මේ චිත්‍රපටයෙ තියෙන විශේෂත්වය වෙන්නෙ මේ කතාවෙ ඉන්න හැම නලුවෙක්ටම Shine වෙන්න අවස්තාවක් මේ කතාවෙන් ලබා දෙන එක. මේ චිත්‍රපටයෙ සංගීතය කරල තියෙන්නෙ යුවන් ශංකර් රාජා. එයා තමන්ගෙ සංගීතය ඔස්සේ මේ චිත්‍රපටයේ හැඟීම්වලට ලොකු අරුතක් එක්කරනවා.

Star චිත්‍රපටයේ ‍ප්‍රධාන වශයෙන්ම කියන්නෙ කලායි කියන තරුණය නලුවෙක් වෙන්න යන ගමනෙ මුහුන දෙන අභියෝග ගැන කතාවක්. ඒ වගේම මෙතනදි සමහර හීන අතාරින්න අපිට ඇත්ත ජීවිතේ ප්‍රශ්න හේතුවක් වෙන බවත් සිහින සහ යතාර්තය අතර ඉරක් ඇඳල තියෙන බවත් පෙන්වන ඇත්තටම කාලීන චිත්‍රපටයක් කියල කියන්න පුලුවන්.

චිත්‍රපටය පටන් ගන්නෙත් හරිම ලස්සන විදියට. කලායි කියන මේ තරුනය කාඩ්බෝඩ් පාවිච්චි කරල තමන් වඩාත්ම ආස ඉන්දියන් නලුවන්ගෙ පින්තූර කපාගෙන ඉන්නව “මාත් කවදහරි මේ වගේම ලොකු, ජනප්‍රිය, දක්ශ නලුවෙක් වෙනවා” කියන හීනය දකින ගමන්.මේ සිදුවීම අපි ගොඩක් අයට හරි විශේෂයි ඒ වගේම සමීපයි. මතකද අපිත් පොඩි පංතිවල ඔය වගේම දේවල් කලා. පත්තර වලින් කපාගත්ත නලු නිලියන්ගෙ පින්තූර පොත්වල අලවන් ඒව පෙරලා පෙරල කවදහරි ලෝකෙම දන්න නලුවෙක් නිලියෙක් වෙන හීන දැක්කා?

සාමාන්‍යයෙන් මේ වගේ හීන දකින දරුවන්ට ගෙවල්වලින් මේ වගේ හිනවලට යන්න උදව් කරන්නෙ හරි කලාතුරකින් උනත් කලායිගෙ තාත්තා කලායිට මුල ඉඳලම උදව් කරනව තමන්ගෙ හීනවලට යන්න. බහුතරයක් ලමයින්ට වෙනව වගේ කලායිට තමන්ගෙ හීනයට යන්න බලපෑමක් උනේ තමන්ගෙ ගෙදර අයගෙ කැමැත්ත අකමැත්ත නම් නෙවෙයි. ජිවිතේට ආව වෙනත් අභියෝග සහ කරදර, ජීවත්වීමේ අරගලය. ඒ කරදර බාධක කලායිට පොඩ්ඩක් අමාරු කරනව තමන්ගෙ මේ හීනෙ දිගටම දකින්න සහ ඒ හීනෙට යන පාරෙ දිගටම රැඳිල ඉන්න.

මේ චිත්‍රපටයෙ තියෙන හරිම ලස්සන, ඉතාම වැදගත් තැනක් තමයි කලායි එයාගෙ තාත්තට පේන්න පරන නාට්‍යයක කොටසක් රඟපාලා පෙන්වන තැන. ඒ මෝමන්ට් එක මේ චිත්‍රපටයෙ තියෙන ලස්සන, විශේෂත්වය සහ නලුවන්ගෙ, සංගීතවේදියගෙ දක්ශතාවය ඉතාම හොඳින් ඔප්පු කරන තැනක් බව ගොඩක් Film Critics ලා කියල තියෙනවා.

ගොඩක් අය හිතුවට මේ චිත්‍රපටයෙන් පෙන්වන්න හදන්නෙ නලුවෙක් නිලියක් වෙන්නා ආසාවෙන් ඉන්න ඒ ගැන හීන දකින Aspiring Actors ලා තමන්ගෙ හීන ඉටු කරගන්න කන කට්ට උනත් ඇත්තටම මේ චිත්‍රපටය පොදුවේ අපිට පෙන්වල දෙන්නෙ ජීවිතයේ තියෙන අවිනිශ්චිතබව. අපි හැමෝම ජීවිතයේ මේ වගේ ප්‍රශ්නවලට මූන දෙන බව මේ චිත්‍රපටයෙන් හරිම අපූරුවට පෙන්නල දෙනව වගේම මේ කතාවෙ ඇතුලෙ තියෙන ඕනම කෙනෙක්ට Relate වෙන්න පුලුවන් හැඟීම් චිත්‍රපටය බලන කෙනෙක්ව එක දිගටම චිත්‍රපටයට අලවල තියාගන්න හේතුවක් වෙනවා.

සමහර අවස්තාවල මේව ඇත්තටම වෙන්න පුලුවන්ද කියල හිතෙන තරමට චිත්‍රපටයෙ Writing වල ප්‍රශ්නයක් කෙනෙක්ට හිතෙන්න පුලුවන් උනත් අතරින් පතර තියෙන Dramatic Gimmics ඒ හැමදේම අමතක කරලා කෙනෙක්ට මේ චිත්‍රපටයට ආස කරන්න හේතුවක් හදනවා.

මේ චිත්‍රපටය ඇතුලෙ කලායිට මීරා කියන කෙල්ල එක්ක වගේම සුරබි එක්ක කෙරෙන ආදරයක කතාවකුත් හීනියට ගලාගෙන යනවා. හරිනම් වෙන්න ඕන මේ ආදරය කරන අය කලායිට එයාගෙ ගමනට යන්න උදව් කරන එක උනත් ඒ දෙන්නත් කරන්නෙ Boundaries සහ Respect එක ගැන කලායිගෙන් අහන එක.

චිත්‍රපටයේ තියෙන ශක්තිමත්ම පුරුක වෙන්නෙ තාත්ත සහ කලායි අතරෙ තියෙන සබඳතාවය. තාත්තගෙ Support එක, අවවාද, තාත්තා පුතා වෙනුවෙන් කරන කැපකිරීම් හැම දෙයක්ම හිතට බරක් වගේම ඇහැට කඳුලක් අරන් එන්න හේතුවෙන කාරණා. පණ නැති චිත්‍රපටයකට හැඟිමක් පොවන හදවතක් දෙන්නෙ මෙන්න මේ අතුරු කතාව. ඒ වගේම චිත්‍රපටය ඔස්සෙ Tribute කරනව හීන දකින, ඒ හීන හැබැ කරගන්න වැඩ කරන මිනිස්සුන්ට සහ එයාලට උදව් කරන අයට.

ඉතින් Star චිත්‍රපටයෙන් අපට පෙන්වල දෙන්නෙ හීන දකින්න ඕන වගේම ඒ හීන හැබෑ කරන්න අපි මහන්සිවෙලා වැඩ කරන්න ඕන බවත්. Commercial චිත්‍රපටයක් විදියට වගේම අවසානයට ගැඹුරු, අරුතක් තියෙන කතාවක් මිනිස්සු එක්ක බෙදාගන්න මේ චිත්‍රපටයට පුලුවන් වෙල තියෙනවා.

ඉතින් තවමත් තිරගත වන මේ චිත්‍රපටය ඔයාලත් පුලුවන් නම් බලන්න!

අපි හැමෝම හීන දකින මිනිස්සු. එහෙම අය මේ චිත්‍රපටය බලන්නම ඕන.

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles