අපේ ශරීරයේ අපට නොපෙනෙන අභ්‍යන්තරයේ ඇතිවෙන සෞඛ්‍ය ගැටළු බොහොමයක් අපිට කල්තියා ඇතිවෙන රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් මඟින් පෙන්වා දීම බොහෝවිට සිදුවෙනවා.
මේ රෝග ලක්ෂණ පිළිබඳ අවදානයෙන් සහ අවබෝධයෙන් පසුවීම තුළින් ඊට අදාළ රෝග මුල් අවස්ථාවේදීම, කල්තබා හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ කිරීමෙන් රෝගය උත්සන්න වී ඇතිවෙන ගැටළු වළක්වා ගන්න ඔබට පුළුවන්.
අද අපි ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නෙ අන්න ඒ විදිහට, ඔබේ නියපොතු වලින් කියවෙන ඔබට තිබිය හැකි සෞඛ්‍ය ගැටළු කීපයක් ගැනයි.
නමුත්, මේ ලිපිය ආරම්භයේදීම ඔබට මතක් කළ යුතු ඉතාම වැදගත් කරුණක් තියෙනවා. ඒ තමයි, ඔබේ නියපොතු මේ ආකාරයට තිබුණ පමණින්ම ඔබට පහතින් සඳහන් කරන සෞඛ්‍ය ගැටළු තිබෙන්නම පුළුවන් කියල 100% ක් තහවුරු කරන්න බෑ.
ඒ නිසා අනවශ්‍ය විදිහට කලබල නොවී, සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවී ඒ ගැන උපදෙස් ලබාගැනීම අනිවාර්ය බව ඔබ මතක තබා ගත යුතුමයි.
එහෙනම් අපි බලමු සෞඛ්‍ය ගැටළු නිසා නියපොතු වල ඇතිවෙන්න පුළුවන් මේ වෙනස්කම් මොනවද කියල?
සුදුමැලි නියපොතු / pale nails
සම්පූර්ණයෙන් නැත්නම් අර්ධ වශයෙන් සුදු පැහැයට හැරුණු නියපොතු ඇතිවීම Leukonychia එහෙමත් නැත්නම් සුදුමැලි නියපොතු කියල හඳුන්වනවා.
කම්පන තත්වයන්, රක්තහීනතාව, පෝෂණ ඌණතා, හෘදය හෝ වකුගඩු ආශ්රිත සෞඛ්‍ය ගැටළු වගේම විෂ වීම ගැනත් සුදුමැලි නියපොතු වලින් ඉඟි ලබාදෙන්න පුළුවන්.
සුදු නියපොතු / white nails
අඳුරු පැහැති කෙළවර වලින් වටවූ (දාරයන් සහිත) සුදු පැහැයට හැරුණු නියපොතු බොහෝවිට හෙපටයිටිස් වැනි අක්මාව ආශ්රිත සෞඛ්‍ය ගැටළු ගැන ඉඟි ලබාදීම සිදුකරනවා.
කහ නියපොතු / yellow nails
බොහෝවිට දිලීර ආසාදන නිසා නියපොතු කහ පාට වීම දැකගන්න පුළුවන්. මේ තත්වය දරුණු අතට හැරුනොත් නියපොතු ඝනවී කුඩු වීමත් සිදුවෙන්න පුළුවන්.
ඒ වගේම ඉතාම දුර්ලභ අවස්තාවන් වලදී නියපොතු කහ පැහැයට හැරීම තුළින් දියවැඩියාව, තයිරොයිඩ්, පෙනහහළු ආශ්රිත සහ සමේ රෝග පිළිබඳව ඉඟි සැපයීමත් කරනව කියලත් සොයාගෙන තිබෙනවා.
නිල් නියපොතු / bluish nails
නිල් පැහැයට හැරුණු නියපොතු මඟින් බොහෝවිට ශරීරයට ප්‍රමාණවත් ඔක්සිජන් ප්‍රමාණයක් නොලැබීම වගේම කලාතුරකින් පෙනහළු සහ හෘදය ආශ්රිත ගැටළු පෙන්වන්නත් පුළුවන්.
රැලි සහිත නියපොතු / rippled nails
නියපොතු මතුපිට රැලි හෝ වළවල් වැනි ස්වභාවක් දකින්න ලැබීම නම් ආතරයිටීස් රෝගය නිසා සිදුවෙන්න පුළුවන්. නියපොතු දුර්වර්ණ වීම සාමාන්‍ය දෙයක් වුනත් මේ තත්වයේදී නියපොතු යට සම රතු දුඹුරු පැහැයක් ගැනීමත් දකින්න ලැබෙනවා.
ඉරිතලා හෝ කැඩී ගිය නියපොතු / cracked or split nails
නිතරම ඉරි තලා ගිය ස්වභාවයෙන් යුතු කැඩී යන නියපොතු ඔබට තියෙනව නම් එය තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්රිත රෝගයක් ගැන ඉඟි සපයනව වෙන්න පුළුවන්.
දිලීර ආසාදන නිසා කහ පැහැයට හැරුණු නියපොතු වලත් මේ ඉරිතලා ගිය කැඩුණු ස්වරූපය තියෙන්න පුළුවන්.
පිම්බුණු හෝ ඉදිමුණු ස්වභාවයෙන් යුතු නියපොතු / puffy nail fold
නියපොතු වටා ඇති සමේ දැවිල්ල, රතු පැහැය, මෘදු මොළොක් බව සහ නියපොතු ඉදිමුණු ස්වභාවයෙන් යුක්ත වීම chronic paronychia ලෙස හඳුන්වන නිදන්ගත රෝගී තත්වයක් වගේම දිලීර හෝ වෙනත් ආසාදන නිසාත් ඇතිවෙන්න පුළුවන්.
නියපොතු වලට යටින් අඳුරු රේඛා ඇතිවීම / dark lines beneath nails
මෙලෙස නියපොතු වලට යටින් තද වර්ණයෙන් යුතු රේඛා ඇතිවීම melanonychia තත්වය විදිහට හඳුන්වන අතර සමේ පිළිකා, ආසාදන හෝ තුවාල නිසා මේ තත්වය ඇතිවෙන්න පුළුවන්.
ගෙවී ගිය නියපොතු / gnawed nails
ගෙවී ගිය නියපොතු, ඔබේ නියපොතු සපාකෑමේ පුරුද්ද නිසා ඇතිවෙන තත්වයක්. නමුත්, මේ පිටුපස කාංසාව වැනි මානසික ගැටළුත් තියෙන්න පුළුවන්.
ඒ නිසා, ඒ පිළිබඳව සැළකිලිමත් වීමත් අනිවාර්යයි.
නියපොතු වල ඇතිවෙන මේ සලකුණු යම් රෝගයක් ගැන ඔබට ඉඟි ලබාදෙන එකම සහ පළමු රෝග ලක්ෂණය නොවන බව ඔබ මතක තබා ගත යුතුමයි.
අපි කලින් සඳහන් කලා වගේම මේ ලක්ෂණ සෑම විටම ඉහත දැක්වූ රෝග නිසා ඇති නොවන්න පුළුවන්. ඒ නිසා අනවශ්‍ය ලෙස කලබල නොවී සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ගෙන් අවශ්‍ය උපදෙස් ලබාගන්න කියලත් අපි ඔබට නැවත මතක් කරන්නෙ හරිම ආදරෙන්.
එහෙනම්, මේ වගේම ඔබට වැදගත් වේවි යැයි හිතෙන තවත් ලිපියකින් අපි නැවත හමුවෙමු.
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |