ආදර සබඳතා බිඳ වැටෙන එක හරිම සාමාන්‍ය දෙයක්. ලෝකෙ ඕනම රටක ඕනම තැනක එහෙම දෙයක් වෙන්න පුලුවන්. ආදර සබඳතාවයක් වගේම විවාහ පොරොන්දුවක් බිඳෙන්න හේතු වෙන කාරණා මහ ගොඩක් තියෙනවනෙ. අදහස් නොගැලපීම, පවුල් අතර ගැටලු, වෙනත් සබඳතා වගේ හේතු නිසා ආදර හෝ විවාහ සබඳතාවයක් බිඳ වැටෙනවා කියල අහල තිබුනත් චාරිත්‍රයක් නිසා සබඳතාවයක් බිඳ වැටෙනවා කියල අහල තියෙනවද?
ඉතින් අද අපි කතාකරන්න යන්නෙ අන්න ඒ වගේ අසම්මත චාරිත්‍රයක් නිසා බිඳ වැටුන ප්‍රේමයක් ගැන කියවෙන අපූරු කතාවක්. මේ චිත්‍රපටය ආවෙ මේ ලගඳි. චිත්‍රපටයේ නම Maharaj.
මහාරාජ් කියන්නෙ 2024 අවුරුද්දෙ ආව ඉන්දියානු හින්දි භාෂා ඓතිහාසික නාට්‍ය චිත්‍රපටයක් වන අතර එය සිද්ධාර්ත් පී. මල්හෝත්‍රා විසින් අධ්‍යක්ෂණය කර සහ YRF එන්ටර්ටේන්මන්ට් විසින් නිෂ්පාදනය කරපු එකක්. මේකෙ ප්‍රධාන නලුවට ඉන්නෙ අමීර් ඛාන්ගෙ පුතා වෙන ජුනයිඩ් ඛාන්. මෙම චිත්‍රපටය පදනම් වී ඇත්තේ 1862 මහාරාජ් ලිබල් කේස් සහ නඩුව පිළිබඳ සෞරබ් ෂාගේ නවකතාව මත.
කතාව පටන් ගන්නෙ මෙන්න මෙහෙම.
කර්සන් කියන්නෙ නිදහසට කලින් ඉන්දියාවෙ ජීවත්වෙච්ච හරිම ප්රගතිශීලී අදහස් තිබ්බ කොල්ලෙක්. ඒ වගේම එයා සමාජ ප්‍රතිසංස්කරණවාදියෙක්.මෙයාගෙ අම්මා මැරිලා නිසා මෙයා ජීවත්වෙන්නෙ මෙයාගෙ මාමා සහ නැන්දා එක්ක.කර්සන් කියන්නෙ විවාහ ගිවිසගෙන ඉන්න කොල්ලෙක්. මෙයාගෙ පෙම්වතියගෙ නම කිශෝරි. කිශෝරි කියන්නෙ එයාලා ජීවත්වෙන ප්‍රදේශයේ හවේලි, එහෙම නැත්තම් මන්දිරය තුල වාසය කරන තමන් දෙවියන්ගේ පණිවිඩකරුවා කියල කියන JJ කියන නායකයව මුලු හදවතින්ම අදහන කෙනෙක්.
මේ හවේලි එක සහ JJ සම්බන්ධ වුන චාරිත්‍රයක් මේ ගමේ හැමෝම අනුගමනය කරනවා. මේ චාරිත්‍රයේ නම චරන් සේවා.
හෝලි උත්සවය දවසෙ කිශෝරි කර්සන් එක්ක ලස්සන හෝලි නැටුමක් ඉදිරිපත් කරද්දි JJ දකිනව මේ ලස්සන විවාහ අපේක්ශාවෙන් ඉන්න ගෑණු ළමයව. ඉතින් JJ හිතනවා ඊලඟ චරන් සේවා චාරිත්‍රය ඉටු කරන්න හොඳම කෙනා වෙන කෙනෙක් නෙවෙයි මේ කිශෝරි කියල. චරන් සේවාව කරන්න තමන්ව තෝරගත්තා කියල දැනගත්තම කිශෝරි විතරක් නෙවෙයි එයාගෙ මව් දෙමව්පියන් පවා සතුටු වෙනවා. එයාලට අනුව දෙවියන්ගේ පණිවිඩකරුව පිනවනවා කියන්නෙ දෙවියන්ව පිනවීම හා සමානයි.
ඉතින් කිශෝරි චරන් සේවාව කරන්න JJ ගේ හවේලි එකට ගියාම කර්සන් එනවා කිශෝරි කොහෙද කියල බලන්න. කිශෝරිව හොයාගෙන යද්දි කර්සන් දැනගන්නවා කිශෝරි චරන් සේවාව සඳහා JJ ගේ හවේලි එකට ගිහින් කියල. කර්සන් හවේලි එකට ගියාම තමා දැනගන්නෙ මේ චරන් සේවා උත්සවය බලන්න මිනිස්සුන්ට ජනෙල් වලින් පොඩි කවුලු වලින් එහෙම පුලුවන් කියල. කර්සන් යද්දිත් මිනිස්සු කීපදෙනෙක්ම ඇවිත් ඉන්නවා කිශෝරි චරන් සේවාව ඉටු කරනවා බලන්න.
චරන් සේවාවෙන් දෙවියන්ව පිනවනවා කියලා ඇත්තටම JJ මොකද්ද කරන්නෙ කියල කර්සන් දැනගන්නෙ එතනදි. තමන් ආදරේ කල, තමන් ටික දවසකින් විවාහ කරගන්න හිටිය කෙල්ල දෙවියන්ගේ පණිවිඩකරුවා කියලා මිනිස්සුන්ව රවට්ටන නරුමයෙක් එක්ක ලිංගිකව හැසිරෙනවා දකින කර්සන්ට උන්හිටි තැන් අමතක වෙනවා. කර්සන් “කිශෝරි” කියල කෑගහගෙන හවේලි එකේ JJ සහ කිශෝරි ඉන්න කාමරයට කඩාගෙන පනිනවා.
“මොකද්ද මේ ලැජ්ජ නැති වැඩ?” කර්සන් අහනවා.
“මේක ලැජ්ජ නැති වැඩක් නෙවෙයි, ඔයා යන්න මම පස්සෙ එන්නම්” කියල කිශෝරි කියනවා.
“උඹ දෙවියන්ගේ පිනවීමට බාධා කරා, උඹට සාප වෙනවා” කියල මේ චරන් සේවාව බලාගෙන ඉන්න අනිත් මිනිස්සු කර්සන්ට බනිනවා.
“මම හිතුවෙ ඔයා ඉගෙන ගත්ත කෙනෙක්, බුද්ධිමත් කෙල්ලෙක් කියල. මෙහෙම මෝඩ චාරිත්‍රවලට ඔලුව නවන කෙනෙක් කියල දන්නවනම් මම කීයටවත් ඔයාට කැමති වෙන්නෙ නෑ. මේ කසාදෙ වෙන්නෙ නෑ” කියල කර්සන් කිශෝරිගෙ ජීවිතයෙන් නික්මිලා යනවා.
ඒත් කිශෝරි හිතන්නෙ කර්සන්ගෙ තරහ වැරදියි, අසාධාරණයි කියල. කිශෝරි කර්සන් එක්ක රණ්ඩුවෙනවා. ඒත් කර්සන් තමන්ගෙ තීරණය වෙනස් කරන්නෙ නෑ. හැබැයි ඒ වෙනුවට කර්සන් වෙන ප්ලෑන් එකක් ගහනවා. ඒ තමයි JJ ව අන්ධ භක්තියකින් අදහගෙන ඉන්න මිනිස්සුන්ට පත්තරයක් ඔස්සේ JJ හංගගෙන ඉන්න එයාගෙ ඇත්ත, එයාගෙ වැරදි කල්ක්‍රියාව පෙන්නුම් කරවල, තේරුම් කරවල මේ වගේ වැරදි චාරිත්‍ර සමාජයෙන් අතුගාලා දාන එක.
ඒ වෙනුවෙන් කර්සන් පළවෙනි අඩිය ඉස්සරහට තියනවා. ඒ වෙනුවෙන් කර්සන්ට නොහිතපු විදියෙ උදව්වක්, හයියක් කිශෝරිගෙන් ලැබෙනවා.
ඒ කර්සන්වත් නොහිතපු විදියෙ දෙයක් කරලා.
ඉතින් කිශෝරි කර්සන්ව තමන්ගෙ අරමුණට යන්න දිරිමත් කල විදිය මොකක් වෙන්න ඇති කියලද හිතන්නෙ?
ඒ ගැන දැනගන්න අදම Netflix ඔස්සේ Maharaj බලන්න කියල මම ඉල්ලනවා!