අභිරහස් කෲර මරණයක් හිමිවූ ළමා රූ රැජිණ – JonBenét Ramsey 

අතුරුදහන් වීම

ඒ 1996 දෙසැම්බර් 26 වැනි දින හිමිදිරි පාන්දර.

 ජෝන් සහ පැට්සි රැම්සි අවදි වූයේ කොලරාඩෝ ප්‍රාන්තයේ බෝල්ඩර් හි පිහිටි ඔවුන්ගේ නිවසේ ඇඳෙන් අතුරුදන් වූ ඔවුන්ගේ හය හැවිරිදි දියණිය ජොන්බෙනෙට් රැම්සි සොයා ගන්න බලාපොරොත්තුවෙන්. පැට්සි සහ ජෝන් ගමනක් සඳහා සූදානම් වීම සඳහා වේලාසනින් අවදි වූ අතර, ජොන්බෙනට්ව ආපහු ආරක්ෂිතව ගෙන්න ගන්න නම් ඩොලර් 118,000ක් ඉල්ලා පඩිපෙළ මත කප්පම් නෝට්ටුවක් හොයාගත්තම තමයි පැට්සි සහ ජෝන් තේරුම් ගත්තෙ තමන්ගෙ දරුවව නොහිතපු විදියෙ කරදරයක් වෙලා කියල.

පොලිසියෙන් වුණ අතපසු වීම්

පොලිසිය සම්බන්ධ කරගන්න එපා කියල තිබුණත් එහෙම නොකර ඉන්න පුලුවන් කමක් ජෝන් සහ පැට්සිට තිබුනෙ නෑ. එයාලා පොලිසියට කතා කරා. පොලිසිය ආවෙ උදේ 5.55 ට.ගෙදරට බලෙන් කවුරුවත් ඇතුලත් වෙලා නෑ කියල හොයාගත්තට පොලිසිය ඇත්තටම උනන්දුවෙන් විමර්ශනය කලේ නෑ කියල තහවුරු වුනේ ජොන්බෙනට්ගෙ නිසල සිරුර ඒ ගෙදරම පල්ලෙහ තට්ටුවෙන් හම්බුනයින් පස්සෙ.

ඒ විතරක් නෙවෙයි මේ විමර්ශනය අතරතුර තව සෑහෙන වැරදි පොලිසියෙ අය කරල තියෙනව. සාමාන්‍යයෙන් මේ වගෙ අතුරුදහන් වීමකදි හිතවතුන්ට අසල්වාසින්ට අනතුර සිදුවුන තැනට එන්න ඉඩ නොදුන්නට මේ කාරණාවෙදි නම් අහල පහල අය වගේම හිතවතුන්ට යන්න බැරිවෙලා තියෙන්නෙ ජොන්බෙනට්ගෙ කාමරේට විතරයි. මුලු ගෙදර හැමතැනම කට්ටිය ඇවිද්ද එකෙන් අතපතගාපු එකෙන් සාක්ශි ගොඩක් මැකිල කියල පසුව හෙලි වෙනවා.

ඒ වගේම පොලිසියෙන් උන තව අතපසු වීමක් තමයි මුල ඉඳලම හොයාගන්න පුලුවන් උන හැම සාක්ශියක්ම ජොන්බෙනට්ගෙ දෙමව්පියන් එක්ක බෙදාගත්ත එක. සාමාන්‍යයෙන් පවුලක කෙනෙක් නැතිඋනාම මුල්ම සැකේ එල්ල වෙන්න ළඟම නෑයන්ට. හැබැයි එදා නම් පොලිසිය ඒක අමතක කරල තමා හැසිරිලා තියෙන්නෙ.

දෙමව්පියන්ට එල්ල වෙන සැකය

දෙමව්පියන්ගෙන් ප්‍රශ්න අහන එක අමතක කරපු පොලිසිය මොකද කරන්නෙ “ඔයාලත් අපිට උදව් වෙන්න ජොම්බෙනට්ව හොයාගන්න” කියල දෙමව්පියන්ට කියනව ගෙදර වටේ හොයල බලන්න කියල ජොන් ගැන සලකුණක් තියෙනවද කියල.

මෙන්න මෙතනදි තමා දෙමව්පියන්ට සැකය එල්ල වෙන්නෙ. මොකද මෙහෙම කියපු ගමන්ම මේ දෙමව්පියන් යන්නෙ පල්ලෙහ බේස්මන්ට් එකට. ඒ බේස්මන්ට් එකේ තමයි ජොන්බෙනට් ගෙ නිසල සිරුර තිබිල හමුවෙන්නෙ.

හරියට ඒක එතන තිබුණා කියල දන්නවා වගේ තමයි එයාලා මුලින්ම එතනට යන්නෙ. ඒ වගේම ජොන්බෙනට්ගෙ තාත්තා මොකද කරන්නෙ ජොන්ගෙ නිසල සිරුර දැක්ක ගමන් එයාව වඩාගෙන උඩට අරගෙන එනව.

Crime Scene එකේ තිබුණ ගොඩක් සාක්ශි ඒ නිසා මැකෙනවා.

මරණ පරීක්ෂණයෙන් හෙලි වූ දේ

මරණ පරීක්ෂණයේදී ජොන්බෙනෙට් රැම්සේගෙ හිස් කබල කැඩීමකට අමතරව ගෙල සිරවීම නිසා හුස්ම හිරවීමෙන් මිය ගොස් ඇති බව අනාවරණය වෙනවා. ඇගේ මුඛය ටේප් පටියකින් ආවරණය කර තිබූ අතර ඇගේ මැණික් කටුව සහ බෙල්ල සුදු ලණුවකින් ඔතා තිබිල තියෙනවා. ඇගේ සිරුර සුදු ඇතිරිල්ලකින් ආවරණය කර තමයි තියෙන්නෙ. ලිංගික අතවරයක් සිදුවී ඇතත්, සිරුරේ ශුක්‍රාණුවක් හමු නොවීම සහ ඇගේ යෝනි මාර්ගය පිස දමා ඇති බවක් පෙනෙන්නට තිබූ නිසා ස්ත්‍රී දූෂණයක් පිළිබඳ ස්ථිර සාක්ෂියක් හොයාගන්නත් බැරිවෙනවා. තාවකාලික ගැරට් එක සාදා තිබුණේ දිග ලණුවක් සහ බිම් මහලේ තීන්ත බුරුසුවක කොටසක් භාවිතා කරමින්. හදිසි මරණ පරීක්ෂකවරයා ජොන්බෙනෙට්ගේ බඩේ අන්නාසි කියල විශ්වාස කරන කෑමක් හොයාගත්තට අම්මලට නම් මතක තිබිලා නෑ ඊට කලින් දවසෙ රෑ එයාලා අන්නාසි කෑව බවක්. හැබැයි කුස්සියෙ නම් අන්නාසි දාපු බඳුනක් තිබිල පොලිසිය හොයාගන්නවා. ඒ බඳුනේ ජොන්ගෙ නව හැවිරිදි සහෝදර බර්ක්ගේ ඇඟිලි සලකුණු තියෙනවා.  කොහොම උනත් රැම්සේස් කියා සිටියේ බර්ක් මුළු රාත්‍රිය පුරාම ඔහුගේ කාමරයේ නිදාගෙන සිටි බවත්, ඒක තමන්ට විශ්වාස බවත් කියලා.

රැම්සි නඩුවේ ජනප්‍රිය න්‍යායන් 2

මූලික විමර්ශනයෙදි බොහෝ හේතුන් නිසා රැම්සි පවුලට ලොකු අවධානයක් ලැබෙනවා.කප්පම් ඉල්ලපු ලිපිය දිග නිසාත් ඒක ලියල තිබ්බෙ රැම්සේ නිවසේම තිබ්බ කොලයක සහ පෑනක නිසාත්, ඒ වගේම ජෝන් රැම්සේට නත්තල් දීමනාව විදියට ලැබිච්ච ගානම ඉල්ලල තිබුණ නිසාත් මේක පවුලෙම කෙනෙක් කල දෙයක් විදියට පොලිසිය සැක කරනවා.

ඒ වගේම රැම්සේ පවුල පොලිසියට මේ පරීක්ෂනයෙදි සහය දෙන්න අදිමදි කරපු එකත් තව එක හේතුවක්.මේ නිසාම ලිපියේ තිබුන අත් අකුරු සමග සසඳන්න ජෝන් සහ බර්ක් දෙන්නම පරීක්ෂණයකට සම්බන්ධ වෙනවා හැබැයි එයාලා දෙන්න ඒ පරීක්ෂණයෙන් පාස් වෙනවා.

සැකකරුවන් කොච්චර ප්‍රමාණයක් හිටියත් පොලිසිය හරි ලේසියෙන් මේ මිනීමැරුමෙ සැකය ජොන්බෙනට්ගෙ දෙමව්පියන්ට දැම්ම හන්දා එයාලා අවුරුදු ගාණක් පුරාවට මහජනතාවගෙ විමර්ශන ඇසට ලක්වුණා. ඒ වගේම ඒක ඇත්තම අපරාධකාරයට ගැලවිලා යන්නත් හේතුවක් වෙන්න ඇති.

1999 දි කොලරාඩෝ මහ ජූරි සබාව රැම්සේට දරුවෙකුට අතවර කිරීම සහ මරා දැමීම කියන වරදට විරුද්ධව ජන්දය ලබා දුන්නා. ඒත් ප්‍රමාණවත් සාක්කි නොමැතිවීම නිසා නඩුව පවරන්නවත් පුලුවන් වෙලා නැහැ.

මෙයට අමතරව ජොන්බෙනට්ගෙ මරණය සමබ්න්ධව ගොඩනැගුන විකල්ප මත තියෙනවා.

ජොන්බෙනට්ගෙ ශරීරය අසලින් රැම්සේ පවුලෙ කාටවත් අයිති නැති බූට් එකක් හම්බෙලා තියෙනවා. අනවසරයෙන් කෙනෙකුට ඇතුලු වෙන්න පුලුවන් කියල කියන්න පුලුවන් බිම් මහලේ කැඩුණ ජනේලයක් තියෙනවා.ඊට අමතරව ජොන්බෙනට්ගෙ යට ඇඳුම් වල තිබිලා නාඳුනන පිරිමි කෙනෙකුගේ රුධිර සාම්පල් හමුවෙලා තියෙනවා.

ඒත් පොලිසිය ඒ කිසිම දෙයක් විමර්ශනය කරලා නැහැ.

පසුව ආ සැකකරුවන්

වඩාත්ම ප්රසිද්ධ සැකකරුවෙක් උනේ ජෝන් කාර් ය. 2006 දී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු ජොන්බෙනෙට්ට මත්ද්‍රව්‍ය ලබා දී ලිංගික අතවර කළ පසු අහම්බෙන් ඝාතනය කළ බවට පාපොච්චාරණය කළ හන්දා. ජොන්බෙනට් ගේ ශරීරයෙන් මත්ද්‍රව්‍ය කිසිවක් සොයා නොගත් බව අනාවරණය වීමෙන් පසුව කාර් සැකකරුවෙකු නෙවෙයි කියල ඉවත් කලා. ඒ වගේම ඔහු එම අවස්ථාවේ Boulder හි සිටි බව පොලිසියට තහවුරු කරන්නත් බැරිවුණා  සහ ජොන්බෙනට්ගෙ යට ඇඳුමේ තිබිල හොයාගත්ත රුධිර සාම්පල කාර්ගෙ රුධිරය සමග සමාන උනෙත් නැහැ.

මේරි ලැසී නඩුව භාරගැනීම

2006 දී බෝල්ඩර් දිස්ත්‍රික් නීතිඥ මේරි ලැසී නඩුව භාර ගන්නවා. රැම්සිවරුන් තම දියණිය ඝාතනය කරනවාට වඩා අනවසරයෙන් ඇතුළුවීමේ න්‍යාය පිළිගත හැකි බව ඇය ෆෙඩරල් අභිචෝදකයා සමඟ එකඟ වෙනවා.

ඒ අනුව රැම්සි පවුල සම්පූර්ණයෙන්ම නිදොස් කොට නිදහස් කරනවා.

2010 දී DNA  සාම්පල කෙරෙහි නව අවධානයක් යොමු කරමින් නඩුව නිල වශයෙන් නැවත විවෘත කරනවා. සාම්පල පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කර ඇති අතර විශේෂඥයන් දැන් විශ්වාස කරන්නේ නියැදිය ඇත්ත වශයෙන්ම එක් අයෙකුට වඩා පුද්ගලයන් දෙදෙනෙකුගෙ බවයි. 2016 දී DNA කොලරාඩෝ විමර්ශන කාර්යාංශයට යවා වඩාත් නවීන ක්‍රම භාවිතා කරමින් පරීක්ෂා කිරීමට නියමිත බව නිවේදනය කරන ලද අතර ඝාතකයාගේ ඊටත් වඩා ශක්තිමත් DNA පැතිකඩක් වර්ධනය කිරීමට බලධාරීන් බලාපොරොත්තු වෙන බව කියල තියෙනවා.

2016 දී CBS විසින් The Case of JonBenét Ramsey විකාශනය කරන ලද අතර එයින් ඇඟවෙන්නේ ඇගේ නව හැවිරිදි සොහොයුරා වන බර්ක් ඝාතකයා කියලා. මේ නිසාම බර්ක් CBS සමාගමෙන් අපහාස කිරීමට වන්දි ඉල්ලලා ඩොලර් මිලියන 750 ක නඩුවක් ගොනු කරනවා. මෙම නඩුව 2019 දී සමථයකට පත්වෙන්නෙ නඩුව “සියලු පාර්ශ්වයන් තෘප්තිමත් වන පරිදි සාමකාමීව විසඳා ගත්” බව කියමින්.

ඒත් තවමත් ජොන්බෙනට්ට නම් සාධාරණයක් වෙලා නැහැ.

ජොන්බෙනට්ව ඇත්තටම දූෂණය කරලා මරලා දැම්මෙ කවුද?

ඒක තවමත් නොවිසඳුණු අභිරහසක්!

Related Articles

Don't Miss


Latest Articles