මොනවද මේ ප්ලාස්ටික් බෝතල්වල තියෙන අංක?

Plastic බෝතල්වල යට පැත්තෙ Recycle සලකුණ එක්ක සඳහන් කරපු අංක සටහන් කරල තියෙනවා ඔයාලා දැකලා ඇති. අංක 1 ඉඳල 7 දක්වා අංක මේ විදියට අංක සටහන් කරලා තියෙනවා ඔයාලට දකින්න පුලුවන්.

මේකට ඉංග්‍රීසියෙන් කියන්නෙ Resin Identification Code එහෙම නැත්තම් RIC කියලා. මේ RIC කේතයෙන් කියන්නෙ අපි පාවිච්චි කරන මේ ප්ලාස්ටික් සහ පොලිතින් කොතරම් දුරට ප්‍රතිචක්‍රිකරණය කරන්න පුලුවන්ද කියන එක පෙන්නුම් කරන්න.

මේ අංකය පොඩියි නම් ඒ කියන්නෙ අංක 1,2,3 වගේ තියෙනම් ඒකෙන් අදහස් කරන්නෙ මේ ප්ලාස්ටික් වර්ගය ප්‍රතිචක්‍රිකරණය කරන්න පහසුයි කියන එක. හැබැයි අංකය ටිකෙන් ටික වැඩිවෙද්දි ඒකෙන් අදහස් වෙන්නෙ ඒ ප්ලාස්ටික් වර්ගය ප්‍රතිචක්‍රිකරණය කරන්න අපහසුයි කියන එක.

1. PET/PETE (Polyethylene Terephthalate)

PET/PETE (Polyethylene Terephthalate) එහෙම නැත්තම් මේ පැණි බීම බෝතල් තමයි අංක 1 සටහන් වෙලා එන්නෙ. ඉතින් මේවා ප්‍රතිචක්‍රිකරණයට පහසු, විනිවිද පේන බෝතල් වර්ගයක් තමයි PET 1 කියල සඳහන් වෙලා එන බෝතල්. බීම බීල ඉවර උනාට පස්සෙ හරිනම් මේ බෝතල් ඉවත් කරන්න උවමනා උනත් අපි මේ බෝතල් පාවිච්චි කරනවනෙ පස්සෙ වතුර එහෙම බොන්න. හැබැයි ඇත්තටම මේ PET 1 කියල සඳහන් වෙලා එන බෝතල් එහෙම භාවිතා කරන්න සුදුසු නැහැ. මොකද මේ බෝතල් නිපදවලා තියෙන ප්ලාස්ටික් වර්ගයේ තියෙන රසායනික ද්‍රව්‍ය හිරු එළිය සහ අධික තාපයට නිරාවරණය වීමෙන් ජලය සමග එකතුවෙලා අපේ ශරීරයට මුහුවෙන්න විශාල ඉඩකඩක් තියෙන නිසා.

අංක 1 සඳහන් වෙලා තියෙන බෝතලයක් පරිභෝජනයට ගනිද්දි ඒ බෝතලය තැලිලා වගේ තියෙනවද කියන එක බලන එක ඉතාම වැදගත්. අපි දන්නව භාණ්ඩ ප්‍රවාහනය කිරීමෙදි එහෙම දෙයක් වෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩියි. එහෙම තැලීමකට හෝ පොඩිවීමකට භාජනය වීමෙනුත් මේ බෝතලය හදලා තියෙන ප්ලාස්ටික් වර්ගයේ තියෙන රසායනික ද්‍රව්‍ය ඒ බෝතලයේ අඩංගු දියරයට එකතුවෙන්න වැඩි ඉඩක් තියෙන නිසා.

ඒ නිසා පොඩිඋනේ නැති හොඳ බෝතලයක් ගන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ බෝතල් එළියෙ, ඒ කිව්වෙ හිරු එළියට නිරාවරණය වෙලා තියෙනම් ඒ බෝතල් මිලදී ගන්නත් එපා.

ඒ වගේම මේ PET 1  සඳහන් වෙලා තියෙන බෝතල් කිසිම වෙලාවක උණු දේවල් ගබඩා කරන්න භාවිතා කරන්නත් එපා. මොකද මේ අවස්තා දෙකේදීම බෝතලය රත්වීම නිසා ප්ලාස්ටික් අංශු දියවෙලා ඒ බීම වර්ගයට එකතුවෙන්න ඉඩ තියෙන නිසා.

2.HDPE (High Density Polyethylene)

HDPE (High Density Polyethylene) කියල එන ප්ලාස්ටික් බෝතල් අඩු අවදානම් ප්ලාස්ටික් වර්ගයක් කියල තමයි සැළකෙන්නෙ. ඒ වගේම මේ බෝතල් විවිධ වර්ණවලින් එනවා ඒ නිසා විනිවිද පේන්නෙ නැහැ. කිරි නිශ්පාදන, ශැම්පු වර්ග, පලතුරු බීම වර්ග තමයි ගොඩක්ම වෙලාවට මේ HDPE (High Density Polyethylene) කියන ප්ලාස්ටික් බෝතල් වර්ගයේ එන්නෙ. මේක පුංචි දරුවන්ගෙ සෛල සංවිධාන මට්ටම වෙනස් කරන්න හේතු වෙනව කියල 2019 වසරේදී කරපු පර්‍යේශන වලින් හොයාගෙන තියෙනවා.

ඉතින් මේ ප්ලාස්ටික් වර්ගය නම් PET/PETE (Polyethylene Terephthalate) තරම්ම ප්‍රතිචක්‍රිකරණය කරන්න පහසු නැහැ.

3. PVC (Polyvinyl Chloride)

PVC (Polyvinyl Chloride) කියන නම දැක්ක ගමන්ම මේක පාවිච්චි කරන්නෙ මොකටද කියල අපි දන්නවා. ඔව් ඔබ හරි. මේක නැමෙන සහ නොනැමෙනසුලු කියල වර්ග දෙකකින් එනවා.  ඒ වගේම බෙහෙත් පෙති වල සහ සමහර සෙල්ලම් බඩුවල තියෙන PVC (Polyvinyl Chloride) කියන ප්ලාස්ටික් වර්ගය පිළිකාකාරක බව හොයාගෙන තියෙනවා.

ඉතින් ඔයාලා යම් ආහාර ද්‍රව්‍යයක් මිලදී ගන්න යන වෙලාවක ඒ ඇසුරුම හදල තියෙන්නෙ PVC (Polyvinyl Chloride) වලින් නම් කිසිම වෙලාවක ඒක මිල දී ගන්න එපා. ඒ වගේම ඔයාලගෙ ගෙවල් වල ඒ PVC (Polyvinyl Chloride) වලින් හදපු බාහන තියෙනවනම් ඒවයි කිසිම වෙලාවක ආහාර ගබඩා කරන්න යන්නත් එපා.

4.LDPE (Low Density Polyethylene)

අංක 4 සඳහන් වෙලා තියෙන LDPE (Low Density Polyethylene) කියන ප්ලාස්ටික් වර්ගය අඩංගු වෙන්නෙ අපි එදිනෙදා භාවිතා කරන ශොපින් බෑග්, විවිධ ඇසුරුම් බහාලුම් වල. ඒ වගේම CD, DVD කවර වලත් අඩංගු වෙන්නෙ මේ LDPE (Low Density Polyethylene) කියන ප්ලාස්ටික් වර්ගය. ඒ වගේම මේ ප්ලාස්ටික් වර්ගය අඩු අවදානම් සහිත ප්ලාස්ටික් වර්ගයක් කියල තමයි සැලකෙන්නෙ.

5. PP (Polypropylene)

PP (Polypropylene) කියන ප්ලාස්ටික වර්ගය යෝගට්, මාගරින්, සෝස් වගේ දේවල් ඇසුරුම් කරන්න තමයි භාවිතා කරන්නෙ. ඒ වගේ මේ PP (Polypropylene) කියන ප්ලාස්ටික් වර්ගය ආරක්ශිත සහ උණුසුමට ඔරොත්තු දෙන ප්ලාස්ටික් වර්ගයක් විදියට තමයි හදලා තියෙන්නෙ.

ඒ වගේම මේ ප්ලාස්ටික් වර්ගය ආම්ලික පලතුරු යුශ වගේ දේවලුත් දාන්න පුලුවන්, රසායනික ප්‍රතිරෝධයක් තියෙන ප්ලාස්ටික් වර්ගයක් විදියට තමයි හදලා තියෙන්නෙ.

6. PS (Polystyrene)

PS (Polystyrene) කියන ප්ලාස්ටික් වර්ගය ආහාර සම්බන්ධ දේවල් හදන්න තමයි පාවිච්චි කරන්නෙ. ඒ කියන්නෙ පිඟන්, හැඳි, ගෑරැප්පු වගේ දේවල් හදන්න යොදාගන්නවා. අපි හැමෝම දන්න රිජිෆෝම් අයිති වෙන්නෙත් මෙන්න මේ PS (Polystyrene) කියන ප්ලාස්ටික් කාණ්ඩයට. ඉතින් මේ ප්ලාස්ටික් වර්ගය භාවිතා කරන එක අවම කරන්න පුලුවන් නම් ඉතාම හොඳයි.

7. Other

අංක 7 කියන ප්ලාස්ටික් වර්ගයෙන් හඳුන්වන්නෙ අපි අනිත් කතාකල අංක 6ට අයිති නැති වෙනත් ප්ලාස්ටික් වර්ගයක්. මෙලමයින් වගේ යොදාගෙන හදපු ප්ලාස්ටික් අයිති වෙන්නෙ මෙන්න මේ කොටසට.

ගොඩක් වෙලාවට ආහාර පාන ගබඩා කරන්න නම් මේ ප්ලාස්ටික් වර්ගය සුදුසු වෙන්නෙ නැහැ.

ඉතින් ප්ලාස්ටික් භාවිතා කරන ඕනම වෙලාවක ඒ ප්ලාස්ටික් වර්ගය අයත් වන කාණ්ඩය සහ ඒවා භාවිතා කරන්න පුලුවන් අවස්තා මොනවද කියල දැනගෙන ඉන්න එක ඉතාම වැදගත් වෙනවා!

Related Articles

Don't Miss


Latest Articles