හිත් නිවන බොන්සායි කලාව

“බඳුනක රෝපණය කර ඇත” යන අරුත දෙන බොන්සායි කලාව කියන්නෙ ඉතාම පැරණි ජපන් ජපන් කලා ආකෘතියක්.

උද්‍යාන නිර්මාණයකරණයේ ශිල්පීය ක්‍රම සහ විද්‍යාත්මක ක්‍රම උපයෝගී කරගෙන බඳුනක පැළයක් රෝපණය කර කාලයත් සමඟ එය සම්පූර්ණ ගසක හැඩය සහ ස්වභාවය ලැබෙන සේ නමුත්, ප්‍රමාණයෙන් කුඩා වන සේ වර්ධනය කරවීම බොන්සායි කලාවේදී සිදුවෙනවා. 

චීනයේ සහ වෙනත් රටවල් වල පෙන්සායි එහෙමත් නැත්නම් පෙන්ජින්ග් කියන නම් වලින් හඳුන්වන්නෙත් ජපානයේ බොන්සායි කලාවට සමාන නිර්මාණම කියලත් හඳුනාගන්න පුළුවන්. 

සම්භාව්‍ය බොන්සායි කලාවේ ප්‍රධාන අරමුණ කුඩා නමුත් නීරෝගී ගසක ස්වරූපයෙන් ස්වභාවධර්මයේ යථාර්ථවාදී නිරූපණයක් නිර්මාණය කිරීම කියලත් සඳහන් වෙනවා.

බොන්සායි නිර්මාණය කලාවක් ලෙස සලකන්නේ ඇයි? 

බොන්සායි නිර්මාණය මඟින් කලාකරුවාට ඉවසීම, උත්සහය, නිර්මාණශීලිත්වය සහ පෞද්ගලික අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදී තිබෙනවා.

කාලයත් සමඟ වෙනස්වන කුඩා ලෝකයක ස්වරූපය නිර්මාණාත්මකව ප්‍රදර්ශනය කිරීම බොන්සායි කලාවේදී සිදුවෙනවා. 

බොන්සායි පැළයක් දිගු කාලයක් තිස්සේ රැකබලා ගැනීම ඉවසීමේ, වෙහෙස වී වැඩ කිරීමේ සහ වෙනත් දේවල් ගැන සැළකිලිමත් වීමේ වටිනාකම නිර්මාණකරුවාට කියාදෙනව වගේම බොන්සායි පැළයේ අවසන් සිත් ඇඳගන්නා සුළු පෙනුම නිර්මාණකරුවා විසින් එම පැළයට ආයෝජනය කරන ශක්තිය සහ කාලය ප්‍රදර්ශනය කරනවා. 

බොන්සායි කියන්නේ සාමාන්‍යයෙන් දකින්න ලැබෙන ශාකම වෙන අතර ඒවායෙ මුල් වර්ධනය සීමා කර අතු කප්පාදු කිරීම මඟින් සෞන්දර්යාත්මක ආකාරයට සකසාගෙන තිබෙනවා. 

සාමාන්‍යයෙන්, බොන්සායි ශාක සෙන්ටිමීටර 25 කට වඩා දිගට වැඩෙන්නෙ නෑ වගේම ඉතාම කලාතුරකිනි මීටර් එකට වඩා වැඩි දිගකින් යුතු බොන්සායි පැළත් දැකගන්න ලැබෙනවා. 

බොන්සායි වගා කරන්නෙ කොහොමද?

මුලින්ම, ඔබ බොන්සායි කිරීමට පැළයක් සහ එම පැළය වගා කරන ශෛලය තෝරාගත යුතු වෙනවා. 

ඊළඟට ප්‍රවේශමෙන් සහ නිවැරදිව කප්පාදු කර බොන්සායි පැළය වර්ධනය කර යුතු හැඩය සකසා ගැනීම සිදුකර ගත යුතු වෙනවා. 

බොන්සායි වගා කරන බඳුන නිවැරදිව තෝරා ගැනීමත් අතිශය වැදගත් මොකද එම භාජනය බොන්සායි පැළයේ වර්ධනය සහ හැඩය පවත්වා ගැනීමට අතිශයින්ම වැදගත් නිසයි. 

එය ශාකයට සාපේක්ෂව ගැඹුරින් සහ පළලින් වැඩිවිය යුතුයි.

සුදුසු පස් වර්ග ගැන සොයාබල එම පස් යෙදීමෙන් පසු නිතිපතා ජලය යෙදීම අනිවාර්ය වෙනවා. 

ඔබට වැසි ජලය සපයා ගන්න පුළුවන් නම් එයත් ඉතා හොඳ සහ ප්‍රතිඵලදායක විකල්පයක් ලෙස හඳුන්වන්න පුළුවන්. 

බොන්සායි ශාක වලට කාබනික පොහොර යොදන්න පුළුවන් වුනත් එම කාබනික පොහොර බිඳවැටීම්ට යම් කාලයක් ගතවෙන නිසා එම ක්‍රියාවලිය වේගවත් කිරීමට ප්‍රතිශක්තිකරණය වැනි ක්‍රියාවලීන් ගැන උපදෙස් ලබාදීමත් බොහෝවිට සිදුවෙනවා. 

ජනප්‍රිය බොන්සායි පැළ වර්ග 

Juniper Bonsai 

බොන්සායි ශාක අතර ඉතාම ජනප්‍රියම වර්ගය වන juniper bonsai ස්වභාවධර්මයේ පෙනුම එලෙසම ලබාදෙන බොන්සායි පැළ වර්ගයක් විදිහට හඳුන්වනවා. 

Azalea Bonsai 

බොන්සායි ලෝකයේ සුවිශේෂි ස්ථානයක් හිමිකර ගන්න රෝස, රතු සහ සුදු වර්ණවලින් විශ්මිත මල් නිපදවන නිර්මාණ azalea bonsai වලදී නිපදවෙනවා.

Bamboo Bonsai 

කුඩා උණ ගසක හැඩයට පඳුරු ලෙස වර්ධනය වෙන බොන්සායි විශේෂයක් bamboo bonsai ලෙස හඳුන්වනවා. 

Jade Bonsai

අලුතෙන් බොන්සායි කලාවට පිවිසෙන්නන් සඳහා ඉතාම සුදුසු මෙම බොන්සායි වර්ගය අඩු නඩත්තුවක් අවශ්‍ය කරන බොන්සායි වර්ගයක් විදිහට හඳුන්වන්න පුළුවන්. 

පත්‍රවල විශාල ජල ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන් වීම නඩත්තුව පහසු වෙන්න හේතු විදිහට දක්වන්න පුළුවන්. 

Ficus Bonsai 

ප්‍රභේද 100 කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති ගෘහස්ථ බොන්සායි සඳහා භාවිතා කරන ඉතාම ජනප්‍රිය බොන්සායි වර්ගයක් වන මෙය අඩු ආලෝකය සහ වායුසමීකරණය කරන ලද පාරිසරික තත්ව වලත් වගාකිරීමේ හැකියාව තිබෙනවා. 

Bald Cypress Bonsai

ගංඟා ඉවුරු, තෙත් සහ වගුරු පසෙ වැවෙන ශාක මෙම බොන්සායි පැළ සඳහා භාවිතා කරනවා. 

Boxwood Bonsai 

ඇඹරීමට සහ හැඩගැස්වීමට පහසු නිසා මෝස්තර කීපයකින් boxwood bonsai නිර්මාණය කරන්න පුළුවන්. 

Cedar Bonsai 

විශේෂ බොන්සායි වර්ගයක් වන මෙය රැකබලා ගැනීමට හොඳ පුහුණුවක් සහ විශේෂ දැනුමක් අවශ්‍ය වෙන්නෙ. 

බොන්සායි කලාව පිළිබඳ සිත් ඇදගන්නා කරුණු 

ලෝකයේ කුඩාම බොන්සායි ගස ඔබේ අත්ලේ තබාගන්න පුළුවන්. 

එදා මෙදාතුර අලෙවි වූ ලොව මිළ අධිකම බොන්සායි පැළය ඩොලර් මිලියන 1.3 කට අලෙවි වෙලා තියෙනව. 

බොන්සායි වගාවේ ඉතිහාසය වසර 2000 කට එහා ඈත අතීතයක් දක්වාම විහිද යනවා. 

ලොව විශාලතම බොන්සායි ප්‍රදර්ශනය ඉන්දියාවේ පැවත්වූ අතර එහි බොන්සායි පැළ 2649 ක් ප්‍රදර්ශනය කරනු ලැබුවා. 

බොන්සායි හි පදනම සෙන් බුදු දහමේ දර්ශනය මත පදනම් වී තිබෙනවා. 

බොන්සායි සඳහා යොදාගන්නා පැළ ස්වභාවිකව කුරු ස්වරූපයක් ගන්නේ නෑ. 

ඉතිං බොන්සායි ගැන මේ ලිපිය ඔබට වැදගත් සහ රසවත් වෙන්න ඇතැයි smart lady අපි විශ්වාස කරනවා. 

මේ වගේම රසවත් ලිපියකින් ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් අපි අද ඔබෙන් සමුගන්නවා. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles