තක්කඩි කියන්නෙ ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික දමිළ, මුස්ලිම් ආහාරයක් වුනත් අද වෙද්දි ලංකාව පුරා වගේම ඉන්දියාව, බංග්ලාදේශය සහ පකිස්ථානය වගේ ආසියාතික රටවල් වලත් ජනප්‍රිය වෙලා තියන හරිම රසවත් කෑමක්.
අපි අද මේ තක්කඩි ව්‍යාංජනය හදන්නෙ මූලිකවම එළු මස් / mutton යොදාගෙනයි. නමුත් සාමාන්‍ය එළු මස් ව්‍යාංජනයකට වඩා තක්කඩි වෙනස් බව අද රෙසිපිය බලන ඔබට ඉක්මනින් තේරුම් ගන්න පුළුවන්.
එළු මස් වෙනුවට හරක් මස් යොදාගෙන හදන තක්කඩි ව්‍යාංජනයත් මුස්ලිම්වරුන් අතර ජනප්‍රිය කෑමක්.
බත්, ඉඳි ආප්ප, පරාට මේ ඕනැම දෙයක් එක්ක හරි හරියට රස ගැළපෙන මේ තක්කඩි හදල බලල අපිත් එක්කත් රස බෙදාගන්න කියල ආරාධනා කරන ගමන්ම අපිට අවශ්‍ය කළමණා සූදානම් කරගෙන ඉමු.
අවශ්‍ය දේවල්
සාමාන්‍ය ප්‍රමාණයට කපාගෙන සෝදාගත් කටු සහ මස් සහිත එළු මස් 01 kg ක්
සිහින්ව ලියාගත් ලොකු ලූණු ගෙඩි 02 ක්
කුඩා කොටු හැඩයට කපාගත් තවත් මධ්‍යම ප්‍රමාණයේ ලොකු ලූණු ගෙඩියක්
කුඩාවට කපාගත් අමු මිරිස් කරල් 01 ක්
දෙකට පලාගත් තවත් අමු මිරිස් කරල් 02 ක්
කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ මිටක් (අත්‍යාවශ්‍ය නැත)
අඹරාගත් ඉඟුරු සුදුළූණු මිශ්‍රණය මේස හැඳි 03 ක්
මිරිස් කුඩු මේස හැඳි 01 ක්
කහ කුඩු තේ හැඳි ½ ක්
කොත්තමල්ලි කුඩු මේස හැඳි 03 ක්
රස අනුව ලුණු කුඩු
සූදුරු මේස හැඳි 01 ක්
කුඩා කුරුඳුපොතු කැබලි 02 ක්
කරාබුනැටි 04 ක්
කරදමුංගු 02 ක්
හාල් පිටි කෝප්ප 02 ක්
ගාගත් පොල් මිටක්
තෙල්
වතුර
සාදාගන්නා ආකාරය
මුලින්ම භාජනයක් ලිප තබා තෙල් රත්වන විට කරාබුනැටි, කරදමුංගු සහ කුරුඳු පොතු එකතු කර හොඳින් කලවම් කරගන්න.
දැන් එයට සිහින්ව කපාගත් ලොකු ළූණු ගෙඩි 02 ක එකතු කර කලවම් කර ළූණු රන්වන් පාට වනතුරු බැඳගන්න.
අනතුරුව කපාගත් මස්, දෙකට පලාගත් අමු මිරිස් කරල් 02 සහ අඹරාගත් සුදුළූනු ඉඟුරු මිශ්‍රණය එයට එකතු කර හොඳින් කලවම් කරගන්න.
මස් වල පාට වෙනස් වන තුරු මඳ වේලාවක් තබා රස අනුව ලුණු කුඩු, මිරිස් කුඩු, කහ කුඩු සහ කොත්තමල්ලි කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න.
විනාඩි 10 ක් පිසගෙන වතුර කෝප්ප 03 ක් 04 ක් එකතු කර නැවත හොඳින් කලවම් කර භාජනයේ පියන වසා මස් හොඳින් පිසගන්න.
ප්‍රෙෂර් කුකර් එකේ නම් විසිල් 05 ක් වදින තුරු තැබිය
යුතුයි.
දැන් පැතලි භාජනයකට හාල් පිටි, ගාගත් පොල්, කුඩාවට කපාගත් ළූණු, අමු මිරිස් සහ කොත්තමල්ලි කොළ එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න.
එයට මස් හොඳි වලින් ස්වල්පය බැගින් එකතු කර අනමින් අතේ නොඇලෙන තරමේ කුඩා පිටි බෝල සාදාගන්න.
පිටි බෝල වල මැද ඇඟිල්ලෙන් තද කර තරමක් පැතලි කරගෙන සාදාගත් පිටි බෝල මස් ව්‍යාංජනයට එකතු කර ප්‍රවේශමෙන් කලවම් කරගන්න.
මස් ව්‍යාංජනයේ හොඳි නැතිනම් උණු වතුර ස්වල්පයක් එකතු කර හොද්ද සාදාගන්න පුළුවන්.
ගින්දර අඩුකර භාජනයේ පියන වසා නැවත විනාඩි 10 ක් පමණ තබා සාදාගත් තක්කඩි උණුසුම්වම රසවිඳින්න ඔබට පුළුවන්.
එහෙනම්, හදල බලල අපි එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා.
සටහන – දුලානි නවෝද්‍යා