ලොකු පොඩි කවුරුත් අදටත් බලන්න ආස – Jumanji Film Series

මේ චිත්‍රපට මාලාවේ නම නොදන්න කෙනෙක් නෑ. පොඩි දරුවගෙ ඉඳල වැඩිහිටි වයසෙ මනුස්සය වෙනකම් Jumanji චිත්‍රපටයට එහෙම නැත්තම් ඒ චිත්‍රපට මාලාවට ඉතාම ආදරය කරනවා එදත්, අදත්, හෙටත් ඒක එහෙමයි.

ඉතින් අපි හිතුව අද අපේ මේ චිත්‍රපට ලිපි මාලාවෙන් ඔයාලා ඒ වඩාත්ම ආසා කල Jumanji චිත්‍රපටය ගැන කතාකරන්න. Jumanji චිත්‍රපටයට පාදක වෙන්නෙ ඒ නමින්ම ආව පොතක් සහ ඒකෙ Sequel එකක් වෙච්ච Zathura කතා මාලාව.ක්‍රිස් වැන් ඕල්ස්බර්ග් තමයි මේක ලියල තියෙන්නෙ.

පලවෙනි Jumanji චිත්‍රපටය එන්නෙ Tri Star Pictures ලේබල් එක යටතේ. හැබැයි ඊටපස්සෙ චිත්‍රපට හැදුවෙ Columbia Pictures වලින්. මේ දෙකම අයිති වෙන්නෙ Sony Pictures වලට.

අපි හැමෝම දන්නවනෙ Jumanji කියන චිත්‍රපටයේ හැම කතාවකටම Plot එක උනේ Jumanji කියන ගේම් එක ප්ලේ කරන්න යන ක්‍රීඩකයන්ට මුහුණ දෙන්න වෙන අරුම පුදුම සිදුවීම් ගැන කියලා. ඉතින් කතාව ගැන ලොකු විස්තරයක් කියනවට වඩා හොඳයි කියල මම හිතනවා Jumanji චිත්‍රපට මාලාවෙ එන චිත්‍රපට සහ ඒව ගැන විස්තර පොඩ්ඩක් කතාකරන එක.

Jumanji 1995

1995 ආව පලවෙනි Jumanji චිත්‍රපටයේ ඉන්නෙ පීටර් සහ ජූඩි කියලා කොල්ලෙකුයි කෙල්ලෙකුයි. මේ දෙන්නාගෙ ජීවිතේ සහමුලින්ම වගේ වෙනස් වෙනවා මව් දෙමව්පියන් ගෙදර නැති දවසක මේ දෙන්න Jumanji game එක සෙල්ලම් කරන්න යන එකෙන්.

චිත්‍රපටය බලපු කෙනෙක්ට නම් වෙච්ච දේවල් තාම හොඳටම මතක බව මට සීයට සීයක් ශුවර්. හැබැයි ඔන්න බලපු නැති කෙනෙක් ඉන්නවනම් අදම පරක්කු නොකර මේ චිත්‍රපටය බලන්න පටන් ගන්න හොඳේ.

පීටර් සහ ජූඩි නොහිතපු විදියට පීටර් මේ ගේම් එක ඇතුලෙ හිරවෙනවා. අවුරුදු ගණනාවක් එයාට බලාගෙන ඉන්න වෙනවා තව කෙනෙක් ඇවිල්ල එයාව ගේම් එකෙන් නිදහස් කරගන්නකම්. කොහොමද මනුස්සයෙක් ගේම් එකක් ඇතුලෙ හිරවෙන්නෙ? අන්න ඒක තමා මේ චිත්‍රපටයේ තියෙන Interesting ම කොටස.

Zathura 2005 (A space adventure)

1995 Jumanji චිත්‍රපටයෙන් පස්සෙ එන්නෙ 2002 අවුරුද්දෙ Zathura චිත්‍රපටය. Jumanji බලපු හැමෝම නම් මේ චිත්‍රපටය බලල නෑ. හැබැයි බලපු කෙනෙක් දන්නවා මේකෙ තියෙන්නෙ වෙනස්ම රහක් බව.

Jumanji චිත්‍රපටයේ තියෙන්නෙ කැලෑවකට සම්බන්ධ ගේම් බෝඩ් එකක්නෙ. හැබැයි Zathura චිත්‍රපටයේ එන ගේම් බෝඩ් එකේ තියෙන්නෙ Space Adventure Game එකක්. මේකෙ ඉන්නෙ අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි. මේ දෙන්න මේ අමුතු බෝඩ් ගේම් එක ප්ලේ කරන්න පටන් ගන්නෙ එයාගෙ අම්මා ගෙදර නැතිවෙලාවක. ගෙදර ඉන්නෙ මේ සහෝදරයො දෙන්නයි එයාලගෙ සහෝදරියයි විතරයි. කොහොමහරි ගේම් එක සෙල්ලමට වගේ කරන්න ගත්තට දෙන්නටම තරු පේන්න පටන් ගන්නව.

බොරුවට නෙවෙයි ඇත්තටම. තරු විතරක් නම් මදෑ, උල්කාපාත එහෙමත් සෙට් වෙනවා. ඒ කොහොමද කියල දැනගන්න නම් මේ Zathura චිත්‍රපටයත් ඔයා බලන්නම ඕන.

Jumanji Welcome to the Jungle 2017

2017 ආව Jumanji Welcome to the Jungle චිත්‍රපටය ඒ දවස්වල සෑහෙන පිස්සුවක් උනා කියල කියන්නම ඕන. මොකද 1995 න් පස්සෙ ආව පලවෙනි Jumanji චිත්‍රපටය ඒක වීම.

නමෙන්ම තේරෙනවනෙ මේකෙ මොකද්ද වෙන්නෙ කියල? ඔව් ඔව් අර 1995 Jumanji චිත්‍රපටයේ ගේම් එකේ තියෙන කැලෑවට තමයි 2017 දි අපිව එක්කරගෙන යන්නෙ.

හැබැයි මේකෙ නම් තියෙන්නෙ ගේම් බෝඩ් එකක් නෙවෙයි, වීඩියෝ ගේම් එකක්. ඉතින් ඒ නිසාම මේ චිත්‍රපටය අපිට සෑහෙනම රිලේට් කරගෙන බලන්න පුලුවන් කමක් තියෙනවා.

Jumanji The Next Level 2019

1995 Jumanji චිත්‍රපටය මුලින්ම තිරගත වුනයින් පස්සෙ ඊලඟ චිත්‍රපටය එන්න අවුරුදු ගානක් ගියාට 2017 Jumanji Welcome to the Jungle චිත්‍රපටය Release කරලා වැඩි කාලයක් යන්න කලින් ඊලග Jumanji  චිත්‍රපටය වුන Jumanji The Next Level චිත්‍රපටය 2019 දි එනවා. 2017 ආව Jumanji Welcome to the Jungle චිත්‍රපටය තරම්ම ආකර්ෂණයක් මේ චිත්‍රපටයත් දිනාගත්තා කියල කියන්නම ඕන.

ඉතින් මේ 2019 ආව Jumanji The Next Level චිත්‍රපටයේ තියෙන්නෙ 2017 චිත්‍රපටය එක්ක සම්බන්ධ වුන කතාවක්. හැබැයි 1995 දි ආව Jumanji චිත්‍රපටය තරම්ම Jumanji Series එකේ ඔක්කොම චිත්‍රපට වෙනස් වෙනස් විදියෙ Interesting Stories එක්ක ආව කියල කියන්නම ඕන.

Jumanji කියන්නෙ චිත්‍රපටවලට විතරක්ම සීමා වෙච්ච කතාමාලාවක් නම් නෙවෙයි.1996-1999 වෙන කම් කාලය තුල Jumanji Animated Television Series එකකුත් තිබිලා තියෙනවා.

Jumanji චිත්‍රපටය බලපු ඔයාලා අද මේ ලිපිය කියවද්දි වැඩිහිටියන් වෙලා ඉන්න පුලුවන්. ලිපිය ලියන මමත් එහෙමයි.

ඒ උනාට Jumanji කියන්නෙ අපිට අදටත් බලලා විනෝදයක් අරගන්න පුලුවන්, පුංචි ළමයෙක්ගෙ වගේ කුතුහලයක් හිතේ අස්ස මවන්න සමවත්වෙන චිත්‍රපටයක් කියන එක ඔයාලත් පිළිගන්නව නේද?

Related Articles

Don't Miss


Latest Articles