ආදරේ ගින්දරට කැමැත්තෙන් පැන්න ප්‍රේමවන්තයෙක්ගෙ කතාව

Romeo කියන්නෙ 2024 අවුරුද්දෙ ආව ඉන්දියානු, ප්‍රහසන චිත්‍රපටයක්. විනායක් වයිත්‍යනාදන් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය නිශ්පාදනය කරලා තියෙන්නේ මීරා විජේ ඇන්ටනි.

අවුරුදු 30 ගණන්වල මැද භාගයේ ඉන්න අරිවුට ඕන වෙනවා බඳින්න කලින් ආදරේ කරලා බලන්න. මෙහෙම ඉන්න අරිවුට ලීලාව සෙට් වෙන්නෙ එයාගෙ සීයගෙ අවමංගල්‍ය උත්සවයෙදි. ලීලාට උවමනා නිළියක් වෙන්න උනාට එයාගෙ තාත්ත කැමති නෑ ලීලා නිළියක් වෙනවට. ඒ හන්දා ලීලා වැඩකරන්නෙ චෙන්නායි වල MNC එකක. ලීලාගෙ අම්මා අසනීප උනාම අරිවු ලීලට උදව් කරනව අම්මට බෙහෙත් එහෙම කරන්නත්. මේ වෙද්දි අරිවුගෙ හිතේ ලීලා ගැන අදහසක් තියෙනවා. හැබැයි තමන් ලීලට උදව් කරේත් මෙහෙම අරමුණක් හිතේ තියාගෙන කියල ලීලා වරදවා හිතාවි කියන බය හන්ද අරිවු තමන්ගෙ කැමැත්ත ලීලාට කියන්නෙ නෑ.

හැබැයි ලීලාට නම් තියෙන්නෙ වෙනම ප්ලෑන් එකක්. එයා එයාගෙ යාලුවො එක්ක සෙට් වෙලා අරිවුගෙ මේ මනුස්සකමෙන් සහ අහිංසකකමෙන් ප්‍රයෝජන ගන්න හිතනවා. ඒ ලීලාට චෙන්නයි වලට යන්නයි, එයාගෙ පීඩාකාරි පවුලෙන් මිදිලා, එයාගෙ හීන හැබෑකරගන්නයි අරිවුව පාවිච්චි කරන්න. අරිවුට මේකට සෑහෙන අප්සෙට් යනවා. හැබයි ලීලා අකමැත්තෙන් උනත් එයාව බඳින්න කැමති වෙන නිසා අරිවුත් දුකෙන් උනත් මේ වැඩේට කැමති වෙනවා.

කොහොමහරි මේ විදියට මේ දෙන්න චෙන්නයි වලට එනවා. අරිවු හිතන තරම් මේ ජීවිතේ ලේසි වෙන්නෙ නෑ. ලීලාගෙ යාලුවො තුන් දෙනෙක් උන අධ්‍යක්ශකවරයෙක්, කැමරා අධ්‍යක්ශක කෙනෙක් සහ මෝස්තර නිරූපන ශිල්පියෙක් අරිවුට නිකන් කරදර කරගෙන වගේ එනවා. හැබැයි අරිවුට පුලුවන්වෙනවා තමන්ගෙ තියෙන කරුණාවන්තකමෙන් ලීලගෙ මේ යාලුවො එක්ක හිතවත් වෙන්න.

හැබැයි ලීලා නම් මේ වැඩේට එච්චර කැමතිවෙන්නෙ නෑ. මොකෝ එයාට බයයි අරිවු තමන්ගෙ යාලුවන්ගෙ උදව්වෙන් තමන්ට සමීප වෙන්න උත්සහ කරාවි කියලා.ඒ නිසාම ලීලා අරිවුට කියනව තමන්ට ඩිවෝස් එක ඕන බවත් තමන් ඩිවෝස් එක ගන්න ඕන කරන දේවල් කරන බවත් කියනව. මේකට අරිවුගෙ හිත මාරෙටම රිදෙනවා. ඉතින් අරිවු හිත සනසගන්න කියල හිතන් යන්නෙ බාර් එකට. කොහොමහරි බාර් එකේ සෙට් වෙලා ඉද්දි බාර් එකේ මැනේජර්, එයාගෙ නම වික්‍රම් ඇවිල්ලා අරිවුට කියනවා බොරු නමක් දාගෙන ලීලාට කතාකරන්න, එයාගෙ හිත දිනාගන්න ට්‍රයි එකක් දෙන්න කියලා.

ඒ විදියට අරිවු “වික්‍රම්” කියන නමෙන් ලීලා එක්ක යාලුකමක් හදාගන්නවා. කොහොමහරි මෙහෙම ඉද්දි ලීලාට ෆිල්ම් එකක රඟපාන්න අවස්තාවක් ලැබෙනවා. ඒ ෆිල්ම් එකේ වැඩවලට එහෙම යද්දි ෆිල්ම් ප්‍රඩියුසර් ලීලාට කරදර කරන්න හදනවා. අන්න ඒකෙදි තමයි මේ වික්‍රම්ට ලීලා වෙනුවෙන් පෙනී ඉන්න සිදුවෙන්නෙ.

ලීලා එයාගෙ යාලුවො එක්ක එකතුවෙලා කරන්න හදන චිත්‍රපටයේ නම වෙන්නෙ රෝමියෝ. අරිවු කියනවා එයා ලීලා සහ එයාගෙ යාලුවන්ට උදව් කරන්නම් කියලා චිත්‍රපටය කරන්න ඕන සල්ලි දීලා හැබැයි එක කොන්දේසියක් උඩ. ඒ තමයි අරිවුට මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න ඕන කියලා. ලීලා මුලින් මේ වැඩේට කැමතිවෙන්නෙ නෑ. හැබැයි යාලුවන්ගෙ පෙරැත්ත කිරීම උඩ අන්තිමේ ලීලත් මේ වැඩේට කැමතිවෙනවා.මේ අතරෙ “වික්‍රම්” විදියට පෙනී ඉන්න ගමන් ලීලා එක්ක යාලුකමක් ගොඩනගාගෙන ඉන්න අරිවු ලීලාට මේ හැමදේටම දෙන්න පුලුවන් උපරිම සපෝට් එක දෙනවා. මුල් ටිකේ නම් අරිවුට පොඩ්ඩක්වත් රඟපාන්න බෑ. හැබැයි ලීලා වෙනුවෙන්ම අරිවු පොඩ්ඩ පොඩ්ඩ තමන්ගෙ දක්ශතා වර්ධනය කරගන්නවා.කොහොමහරි මෙහෙම ඉද්දි ලීලාට ඕන වෙනවා වික්‍රම්ව හම්බුවෙන්න. හැබැයි වික්‍රම් එහෙම නැත්තම් වික්‍රම් විදියට ඉන්න අරිවු කැමතිවෙන්නෙ නෑ ලීලාව හම්බුවෙන්න. මොකද එහෙම උනොත් මේ හැමදේම වතුරෙ ගහගෙන යන විත්තිය අරිවු දන්න හන්දා. කොහොමහරි ලීලා මේකට ඉන්නෙ ටිකක් අප්සෙට් එකේ.

ඔය අතරෙම ලීලාට කලින් කරදර කරන්න හදපු චිත්‍රපට නිශ්පාදකවරයා ලීලාව පැහැරගන්න මැරයන්ව යවනවා. තමන් මහ දක්ශ සටන්කාරයෙක් නොවුනත් අරිවුට පුලුවන් වෙනවා එයාලා එක්ක සටන් කරලා ලීලාව බේරගන්න. ගුටිත් කාලා හොස්පිටල් එකේ ඉන්න අරිවු ලඟට යන ලීලා කියනවා “මං ගැන නෙවෙයි ඔයා ඔයා ගැනත් හිතන්න” කියලා.

අරිවු හිතනවා හිත ඇතුලෙන් තමන් මෙච්චර දේවල් කරාට පස්සෙත් ලීලා තමන්ට ආදරේ කරාවි කියලා. ඒත් ආදරේ කියන්නෙ එහෙම ඇතිවෙන හැඟීමක් නෙවෙයිනෙ.

ඉතින් ඔයාලා මොකද හිතන්නෙ ලීලා කිව්ව වගේම ඇත්ත තේරුම් අරගෙන අරිවු ලීලාව අමතක කරලා තමන් ගැන හිතන්න පටන් ගනීවිද? එහෙම නැත්තම් ඇත්තම ජීවිතේ ලීලාගෙ රෝමියෝ වෙන්න අරිවුට පුලුවන් වෙයිද?

Related Articles

Don't Miss


Latest Articles