පෙම්වතාගේ මිදුලෙන් ගොඩගත්ත පෙම්වතිය – Kimberly Langwell

සමහර ආදර කතා ඉවර වෙන්නෙ හරිම ලස්සනට, හිතපු පතපු විදියටම. ඒ අතරෙම සමහර ආදර කතා වෙන්වීම් වලින් විරහවෙන් අවසන් වෙනවා. හැබැයි අපි අද කතාකරන්න යන්නෙ මේ දෙවර්ගයටම අයිති නැති ආදර කතාවක් ගැන.

මේ ආදර කතාවෙ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. එක්කෙනෙක් තමා කිම්බර්ලි ලැන්ග්වෙල්. ඒ මේ කතාවෙ පෙම්වතිය. ටෙරී රෝස් තමයි මේ කතාවෙ පෙම්වතා වෙන්නෙ. මේ ආදර කතාව ගැන අපි දැනගන්නෙ හරිම අහම්බෙන්.

මිට අවුරුදු 25කට කලින් ටෙක්සාස් ප්‍රාන්තයේ ජීවත්වෙච්ච කාන්තාවක් හදිසියේම අතුරුදහන් වෙනවා. එයාගෙ නම කිම්බර්ලි ලැන්ග්වෙල්. “කිම්බර්ලිට මොකද උනේ?” කියල අවුරුදු විසි පහක් පුරාවට අහපු මිනිස්සුන්ට දෙන්න උත්තරයක් ඔන්න දැන් නම් පොලිසියෙන් හොයාගෙන තියෙනවා. ඒකත් හැබැයි හිත සනසන ලස්සන උත්තරයක් නම් නෙවෙයි.

“අපි කිම්බර්ලිගෙ සිරුර හොයාගත්තා” කියල තමයි පොලිසිය කියන්නෙ.

Beaumont වල පැවතුණ මාධ්‍ය හමුවකදි පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, කිම්බර්ලි ලැන්ග්වෙල්ගේ හිටපු පෙම්වතා වන 67 හැවිරිදි ටෙරී රෝස්ගේ නිවසේ සෝදිසි වරෙන්තුවක් ක්‍රියාත්මක කළ බවත්,  ඒ සෝදිසිය අනුව මීට අවුරුදු විසි පහකට කලින් අතුරුදහන් වෙච්ච කිම්බර්ලිගෙ සිරුර රෝස්ගෙ ගෙවත්තෙන් හොයාගත්ත බවත්.

ජුනි 14 වෙනි සිකුරාදා තිබුණ මාධ්‍ය සාකච්චාවක් අමතමින් Beaumont සහකාර පොලිස් ප්‍රධානී ජේසන් ප්ලන්කට් කිව්වේ “අපි හොයාගත්ත මේ සිරුරෙ අනන්‍යතාවය මොකද්ද කියලා අපි හොයාගන්න ගමන් ඉන්නෙ. හැබැයි අපිට විශ්වාසයි මේ කිම්බර්ලි ලැන්ග්වෙල් කියලා”.

කිම්බර්ලි ලැන්ග්වෙල්ව අවසාන වරට කතාකරන්නෙ 1999 ජුලි 9 වෙනිදා හවස පහ හමාරට. ඒ එයා තමන් රෑ කෑමට ගෙදර එන බව දන්වන්න තමන්ගෙ දුව වෙච්ච අවුරුදු 15ක් වයස ටිෆනිට කතාකරාම. ඉන්පස්සෙ කිම්බර්ලිගෙන් කිසිම සද්දයක්, ආරංචියක් කාටවත් දැනගන්න ලැබෙන්නෙ නෑ.

හැබැයි කිම්බර්ලිව දන්න අඳුරන අය කියන විදියට එදා වැඩ ඉවර කරලා යන ගමන් එයා තමන්ගෙ පෙම්වතා උන ටෙරීව හම්බෙන්න යනවා කියල තමයි කියලා තියෙන්නෙ. හැබැයි එදා රෑ එයාගේ නිසාන් අල්ටිමා වාහනය කිසිම රියදුරෙක් හෝ වෙන කෙනෙක් නැතුව ෆාමසි එකක පාකින්ග් ලොට් එකක දාලා ගිහින් තියෙනවා ආරංචි වෙනවා.

එතනින් පස්සෙ ගෙවුන අවුරුදු විස්සක කාලය තුල කිම්බර්ලිගෙන් කිසිම ආරංචියක්, එයාගෙ දර්ශන මාත්‍රයක්වත්, හඬක්වත් එයාගෙ හිතවතුන්ට දැනගන්න, දකින්න හෝ අහන්න ලැබෙන්නෙ නෑ. හරියට කියනවනම් වාතයට එක්කහු උනා වගේ කිම්බර්ලි එක රැයකින් සහමුලින්ම අතුරුදහන් වෙනවා.

පොලිසිය කියන්නෙ එයාලට මේ ගැන සැළකිය යුතු ඔත්තුවක් ලැබුනෙ 2024 අවුරුද්දෙ අප්‍රේල් මාසෙ කියලා. මේ එන ඔත්තුවෙන් කියන්නෙ ටෙරී “කිම්බර්ලිව මරලා එයාගෙ වත්තෙ වලදැම්මා” කියලා.

ඒ ඔත්තුව අනුව ටෙරීගෙ ගෙදර සහ ගෙවත්ත සෝදිසි කරන්න වරෙන්තු අරගෙන එන පොලිසියට තමයි මේ විදියට කිම්බර්ලි කියල සැලකෙන කෙනෙක්ගෙ සිරුර හමුවෙන්නෙ.

“මෙච්චර කාලෙකට පස්සෙ හරි  මගෙ අම්මට මොකද උනේ කියල දැනගන්න ලැබුණ එක මට සතුටුයි. මම ආපහු එයාව දකින්න බලාපොරොත්තු උනේ මේ විදියට නොවුනත් මෙහෙම හරි දැනගන්න ලැබුණ එක ගැන මම ස්තුතිවන්ත වෙනවා” කියල කිම්බර්ලිගෙ දුව වුන ටිෆනි කියනවා.

ඒත් කිම්බර්ලිගෙ මේ අතුරුදහන් වීම එයාගෙ දුව සහ ආදරණීයයන්ට ඇතිකල සදාකාලික බලපෑමට කවදාවත් සහනයක් සැලසෙන්නෙ නැති බව අපි දන්නවා.

වරදක් කරලා කොච්චර හංගන්න හැදුවත් කවදම හෝ දවසක අපිට වන්දි ගෙවන්න වෙනවා කියන කාරණාව මේ කතාවෙන් ඔප්පු වෙනවා. ඒත් ආදරේ කියන්නෙ මරණයෙන් වෙන් වෙන්න ඕන දෙයක් ද? ආදරේ කරපු එකට තමන්ට ලැබුණ දඬුවම සාධාරණද කියන ප්‍රශ්නය අහන කිම්බර්ලි ලැන්ග්වෙල්ගෙ ආත්මයට කවදාවත් සැනසීමක් ලැබේවිද කියල කියන්න අපිට බෑ.

මිය ගිහින් අවුරුදු විසි පහකට පස්සෙ හමුවෙනවා කියන එකේ ලොකුම බලපෑම, ලොකුම වන්දි ගෙවීම සිදු කරන්න උනේ වෙන කාටවත් නෙවෙයි අවුරුදු පහලවේදී තමන්ගෙ අම්මව අහිමි වුණ ටිෆනිට.

ඉතින් ආදරේ කරද්දි අපි හරිම පරිස්සම් වෙන්න ඕන  බව මේ කතාවෙන් අපූරුවට කියල දෙනවා. ආදරේ විවාහයෙන් වගේම වෙන්වීමකින් අවසන් වෙන්න පුලුවන්. ඒත් ඒ වෙන්වීම පවා හමුවීම තරම්ම ගෞරවාන්විත වෙන්න ඕන.

ආදරේ නිසා ඔබත් යම් පීඩාවක් විඳිනවනම් එහෙම ඔබ වෙනුවෙන් මානසික සහනය සලසන්න Smartlady Online Counselling සේවාව දොරගුළු විවර කර තිබෙනවා කියන්නත් කැමතියි. ඔබට පුළුවන් අපිට කතාකරන්න.

අපි කැමතියි ඔබේ කතාව අහන් ඉන්න!

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles