ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කලත් දාඩිය ගදයිද?

තමන්ගේ ශරීරය ගැන වගේම පිරිසිදුකම ගැන හිතන ඕනෙම කෙනෙක් භාවිතා කරන දෙයක් තමයි Deodorant කියන්නේ. දහඩිය දැමීම දවස පුරාම අනිවාර්යෙන්ම සිදුවන දෙයක් නිසා මේ දහඩිය දුර්ගන්ධය පාලනය කර ගැනීම සඳහා අපි ඩියෝඩ්‍රන්ට් එකක් භාවිතා කල යුතුම වෙනවා. එයින් ඔබේ දහඩිය දුර්ගන්ධය නිසා ඔබ වගේම අන් අයත් අපහසුතාවයට පත් වෙන එක වළක්වා ගන්න පුළුවන්. 

කෙසේ වෙතත් ඩියෝඩ්‍රන්ට් එකක් නිවැරදිව භාවිතා කලේ නැත්නම් එය ඔබේ දහඩිය දුර්ගන්ධය සමග මිශ්‍ර වී ඔබව තවත් අපහසුතාවයට පත් කරන්නට පුළුවන්. ඒ නිසා දවස පුරාම දහඩිය දුඟදින් තොරව ඉන්න නිවැරදිව ඩියෝඩ්‍රන්ට් එකක් භාවිතා කරන ආකාරයයි මේ ලිපියෙන් ඔබට කියන්නේ.

ස්නානයෙන් ආරම්භ කරන්න 

ඔබේ අත්යට එකතු වන බැක්ටීරියා සහ දහඩිය මගින් දහඩිය දුර්ගන්ධය නිකුත් වීම සිදු වෙනවා.ඒ නිසා මුලින්ම ඔබ හොඳින් පිරිසිදු වී සිටීම වැදගත්.ඩියෝඩ්‍රන්ට් එකක් ආලේප කරන්නට පෙර මෙය අනිවාර්යයෙන්ම කළ යුතු වන්නේ ඔබේ අත්යට ඉතා ඉක්මනින් දහඩිය එකතුවීම නිසා එය ඩියෝඩ්‍රන්ට් එක සමග මිශ්‍ර වී ඉතා තද දුගඳක් හැමීමට ඉඩ තිබෙන නිසයි. ඒ නිසා ඩියෝඩ්‍රන්ට් එකක් සෑම විටම ආලේප කළ යුතු වන්නේ අත්යට ඉතා හොඳින් පිරිසිදු කිරීමෙන් පසුවයි

Exfoliate කරන්න 

ඔබේ සම මතුපිට වගේම ඔබේ අත් යටත් මැරුණු සෛල එකතු වීම සිදු වෙනවා. මේවා නිසි වේලාවට ඉවත් කර ගැනීම කළ යුතු අතර අත් යට සම ද ඉතා සංවේදී වන නිසා එය කළ යුතු වන්නේ ඉතාම මෘදු සහ සියුම් ලෙසයි. ඒ සඳහා භාවිතා කරන නිෂ්පාදන ද ඉතා මෘදු ඒවා විය යුතුයි. දහඩිය දුගඳ පාලනය කිරීම සඳහා අත් යට ඇති මැරුණු සෛල සහ අතිරික්ත තෙල් ඉවත් කිරීමට සම exfoliate කිරීම සතියකට දෙවතාවක් පමණ කළ හැකියි.

රාත්‍රියේදිත් භාවිතා කරන්න 

සමහර විට ඔබේ අත් යට රාත්‍රී කාලයේදී පවා දහඩිය දුගඳ හැමීම සිදුවීමට පුළුවන්.  ඒ නිසා ඔබට උදෑසන සහ දහවල් කාලයේදී පමණක් නොව රාත්‍රී කාලයේදී පවා ඩියෝඩ්‍රන්ට් එකක් භාවිතා කිරීමට හැකියාව තියෙනවා. රාත්‍රියේදී ඔබේ ශරීර උෂ්ණත්වය අඩුවන අතර ඔබට දහඩිය දැමීමද අඩු වශයෙන් සිදුවනවා. එවිට ඩියෝඩ්‍රන්ට් වල අඩංගු දහඩිය දුගඳ පාලනය කිරීමේ අමුද්‍රව්‍ය ඉතා හොඳින් ක්‍රියා කිරීමද සිදු වෙනවා. 

නිවැරදිව ආලේප කරන්න 

ඩියෝඩ්‍රන්ට් එකකින් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට නම් එය නිවැරදි ලෙස ආලේප කළ යුතු වෙනවා. හොඳින් ස්නානය කළ පසු ඔබේ අත්යට වියලීමට හැර සම්පූර්ණ අත් යට ප්‍රදේශය පුරාම ඩියෝඩ්‍රන්ට් එක ආලේප කරන්න. ඉන්පසුව විනාඩියක් පමණ එය තිබෙන්නට හරින්න. එමගින් ඔබට ඩියෝඩ්‍රන්ට් එකෙහි අඩංගු සුවඳවත් බව බොහෝ වෙලාවක් රඳවා තබා ගත හැකි වනවා.

අනවශ්‍ය රෝම ඉවත් කරන්න 

ඩියෝඩ්‍රන්ට් එකක් ආලේප කිරීමට නම් ඔබ ඔබේ අත් යට ඇති අනවශ්‍ය රෝම සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු වෙනවා. එයට හේතුව වන්නේ රෝම සහ හිස කෙස් මගින් සුවඳ තදින් අල්ලා ගැනීම සිදු වන නිසායි. ඔබේ අත් යට අනවශ්‍ය රෝම තරමක් දුරට හෝ තිබෙනවා නම් ඔබට ඩියෝඩ්‍රන්ට් එකකින් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වන්නේ නැහැ.

මෘදු සුවඳක් තෝරා ගන්න 

ඩියෝඩ්‍රන්ට් එකක් තෝරා ගැනීමේදී ඉතා තද සහ සැර සුවඳ වර්ග වලින් යුතු ඩියෝඩ්‍රන්ට් එකක් වෙනුවට ඉතා සෞම්‍ය සහ මෘදු සුවඳකින් යුතු ඩියෝඩ්‍රන්ට් වර්ගයක් තෝරා ගැනීමට වග බලා ගන්න. ඒ වගේම ඔබ තෝරා ගන්නා නිෂ්පාදනය හොඳ වෙළඳ නාමයක් යටතේ ඇති නිෂ්පාදනයක් සහ හොඳ අමුද්‍රව්‍ය වලින් නිපදවන ලද සැර රසායනික ද්‍රව්‍ය වලින් තොර නිෂ්පාදනයක් බවටත් සහතික කර ගන්න.

ඔබේ පෞරුෂයට වගේම අන් අය සමග ඔබට ඇති සබඳතාවයන් සඳහාත් ඔබේ ” සුවඳ ” වැදගත් වනවා. එය අප්‍රසන්න දෙයක් නොවීමට නම් ඔබ ඔබේ දහඩිය දුගඳ පාලනය කරන ඩියෝඩ්‍රන්ට් එකක් භාවිතා කළ යුතුයි. එය නිවැරදිව සිදු කරන ආකාරයයි අද අපි මේ ලිපියෙන් ඔබට කරුණු ගෙන ආවේ. 

Related Articles

Don't Miss


Latest Articles