ස්වාභාවිකවම සිරුරේ කොලැජන් නිපදවන දේවල් මොනවද ?

ශරීරයට අත්‍යවශ්‍ය සහ වැදගත් පෝෂකයක් ලෙස කොලජන් හැඳින්වෙනවා. මේ වන විට වෙළඳපොළේ ආහාර අතිරේකයක් ලෙස කොලජන් මිලදී ගන්න පුළුවන් වුණත් සමහර ආහාර පරිභෝජනය කිරීම මගින් ස්වාභාවිකවම ඔබේ ශරීරයේ කොලජන් නිශ්පාදනය වැඩි කර ගන්න ඔබට පුළුවන්.

මොනවද මේ කොලජන් ? 

Collagen powder in wooden spoon, supplement with galss of water and flowers, healthy and anti age concept on pink background, top view, copy space

හිසකෙස් , සම, නිය , අස්ථි , සන්ධි සහ මාංශපේශීන් වලට ව්‍යුහයන් ලබාදෙන ප්‍රෝටීනයක් ලෙස කොලජන් සැලකෙනවා. අපේ ශරීරය මගින් ස්වාභාවිකවම කොලජන් නිශ්පාදනය කලත් අප වයස්ගත වන විට සහ පාරජම්බුල ආලෝකය වැනි පාරිසරික සාධක වලට නිරාවරණය වන විට ශරීරයේ කොලජන් නිෂ්පාදනය අඩු වීමට පටන් ගන්නවා. එවිට ආහාර මඟින් සහ ආහාර අතිරේක මගින් ශරීරයට කොලජන් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. 

කොලජන් වලින් ඇති ප්‍රයෝජන මොනවද ? 

  • සමේ සජලනය සහ ප්‍රත්‍යස්ථතාව වැඩි කිරීම  
  • වයස්ගත වීමේදී මාංශ පේශීන් සහ අස්ථි දුර්වල වීම පාලනය කිරීම 
  • හිසකෙස් වැටීම පාලනය කිරීම
  • සම නීරෝගී කිරීම 
  • සම රැලි වැටීම පාලනය කිරීම 
  • සමේ පැහැය ඒකාකාරී කිරීම 
  • නියපොතු ශක්තිමත් කිරීම 
  • බඩවැල් වල සෞඛ්‍ය වැඩි දියුණු කිරීම 

ශරීරය තුල ස්වාභාවිකවම කොලජන් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා උපකාරී වන ආහාර මොනවද ?

කුකුල් මස්

කුකුල් මස් කියන්නේ බොහෝ දෙනෙක් එදිනෙදා ආහාරයට ගන්න ප්‍රෝටීන් බහුල ප්‍රභවයක්.මේ කුකුල් මස් වල කොලජන් නිපදවීමට ඔබේ ශරීරයට අවශ්‍ය වන සියලුම ඇමයිනෝ අම්ල අඩංගු වෙනවා. 

පැඟිරි සහිත පලතුරු

ශරීරයේ ස්වාභාවිකවම කොලජන් නිපදවීමට හැකියාව තියෙන ආහාර අතර පැඟිරි සහිත පලතුරුත් ඉහළ ස්ථානයක් ගන්නවා .දොඩම්, ලෙමන් , දෙහි සහ මිදි වැනි විටමින් සී වලින් පොහොසත් පලතුරු එදිනෙදා ආහාරයට ගැනීම මගින් ඔබේ ශරීරය තුල කොලජන් නිපදවීමේ ක්‍රියාවලියට විශාල ලෙස උපකාරී වනවා

රනිල කුලයට අයත් බෝග 

රනිල කුලයට අයත් බෝග ප්‍රෝටීන් වලින් පොහොසත් ප්‍රභවයක් නිසා ඒවා මඟින් කොලජන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලුම ඇමයිනෝ අම්ල ලබා දෙනවා.ඒවායේ බොහෝවිට විටමින් සී ද අඩංගු වන නිසා  කොලජන් නිෂ්පාදනය වේගවත් කරනවා.

බෙල් පෙපර්

බෙල් පෙපර් වල, විශේෂයෙන්ම රතු බෙල් පෙපර් වල විටමින් සී අඩංගු වනවා. ශරීරයේ ස්වාභාවිකවම කොලිජන් නිෂ්පාදනය වන විට එම ක්‍රියාවලිය වේගවත් කිරීමට විටමින් සී මගින් විශාල කාර්යභාරයක් ඉටු කරනවා.ඒ වගේම බෙල් පෙපර් කැප්සායින් ද අඩංගු වන අතර ඒවා වයස්ගත වීමේ සලකුණු වලට එරෙහිව සටන් කරනවා. 

සුදුළූණු

සුදුලූණු වල කොලජන් අඩංගු නොවන නමුත් එය ඔබේ ශරීරයේ කොලජන් නිෂ්පාදනය කිරීමට දායක වෙනවා.සුදුලූණු සල්ෆර් වලින් පොහොසත් ප්‍රභවයක් වන අතර එය ඔබේ ශරීරයේ කොලජන් නිෂ්පාදනය වේගවත් කිරීමට උපකාරී වෙමින් කොලජන් බිඳ වැටීම වළක්වනවා. ඒ වගේම සුදුළූණු වල ටෝරීන් සහ ලිපිඩ අම්ලය ද අඩංගු වන අතර හානියට පත් කොලජන් තන්තු නැවත ගොඩනැගීමට උපකාරී වනවා.

කිරි නිෂ්පාදන

කිරි , චීස් , යෝගට් වැනි කිරි නිෂ්පාදන ඔබේ ශරීරයේ ස්වාභාවික කොලජන් නිෂ්පාදනයට වක්‍රාකාරයෙන් සහාය වනවා. ඒවා වල කොලජන් අණු වල ප්‍රධාන සංරචක වන ප්‍රෝලීන් සහ ග්ලයිසීන් යන අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල දෙකක් අඩංගු වෙනවා. මෙම ඇමයිනෝ අම්ල ශරීරය තුළ කොලජන් සංස්ලේෂණය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. 

බෙරි වර්ග 

ස්ට්‍රෝබෙරි , රාස්බෙරි , බ්ලුබෙරි , ක්‍රෑන්බෙරි ඇතුළු බොහෝ බෙරි වර්ග වල කොලජන් ගොඩනගන විටමින් සී බහුල වනවා. ඕනම ආහාර වේලකට හෝ අතුරු පසකට එකතු කර ගැනීමේ හැකියාව ඇති මේ පලතුරු එදිනෙදා ආහාරයට ගැනීම මගින් ශරීරයේ කොලජන් නිෂ්පාදනය වේගවත් කර ගන්න ඔබට පුළුවන් .

කොළ පැහැති එළවළු 

නිවිති , බ්‍රොකලි , ගෝවා ඇතුළු බොහෝ කොළ පැහැති එළවළු වල ප්‍රතිඔක්සිකාරක සහ විටමින් සී බොහෝ ලෙස අඩංගු වනවා.මේවා ශරීරයේ කොළජන් සංස්ලේෂණය ප්‍රවර්ධනය කිරීමට සහාය වන අතර මෙවැනි එළවළු දිනපතා පරිභෝජනය කිරීම ඉතා වැදගත්.

ශරීරයේ කොලජන් නිෂ්පාදනය බිඳවැටෙන විට  බොහෝ සෞඛ්‍යමය අවාසි ඇතිවන නිසා කොලජන් නිෂ්පාදනය වැඩි දියුණු කර ගැනීම පිළිබඳව ඔබ අනිවාර්යයෙන්ම සිතා බැලිය යුතුයි. 

Related Articles

Don't Miss


Latest Articles