ජීවිතේ හරිම පුදුමාකාරයින් තමයි. හිමිවීම්, අහිමිවීම් ගැන හරියට හිතාගන්න බැරි තරමට සමහරවිට ජීවිතේ වේගවත්. හිනාවෙන් ගෙවෙන තත්පරයකට පස්සේ එලැඹෙන තත්පරය මහා විනාශයක් එක්ක කඳුලක් ගෙනල්ලා දෙන තරමට ජීවිතේ දරුණු වෙන්නත් පුලුවන්. අද මේ කතාව කියෙව්වාම ඔබට හිතේවි, ජීවිතේ කොයි තරම් නම් අනියතද කියලා.. එහෙම නැත්නම් ඔබට හිතේවි කර්මය මේ තරම් ප්‍රබලද කියලා. ඒ කොහොම වුනත් මේ කතාවෙන් අපි ඔබට දෙන්න බලාපොරොත්තු වෙන පණිවිඩය නම් ඒ දෙකම නෙවෙයි.
කොලින් ස්කොට් කියන්නේ විව් තුන් හැවිරිදි මනෝවිද්‍යා උපාධිදාරියෙක්. ඒ වගේම සංචාරයට හිත තිබුන යෞවනයෙක්. 2016 ජූනි මාසේ හත් වෙනිදා කොලින් ස්කොට් ඔහුගේ එකම සොයුරිය වුන සේබල් එක්ක යෙලෝ ස්ටෝන් ජාතික වනෝද්‍යානයේ සංචාරයක් පටන් ගන්නවා. කොලින් ට සංචාරක කලාප ගැන තිබුණ උන්මාදනීය පිස්සුව නිසාම දෙන්නා ගමන් කරන්නේ, මිනිසුන් ගමන් නොගන්න යෙලෝස්ටෝන් වනෝද්‍යානයේ තහනම් ප්‍රදේශයක් හරහා. ඒ ප්‍රදේශයේ තියෙන උණු දිය උල්පත් වල ඉහල උශ්ණත්වය නිසාම තමයි, යෙලෝස්ටෝන් වල තහනම් කලාපයක් නම් කරන්නේ.
” අපි මේ පාරෙන් ගියාට කමක් නැද්ද ?…”
සේබල් එහෙම ඇහුවත් කොලින් කියන්නේ, බිය වෙන්න කිසිම හේතුවක් නැති වග. ඒ නිසාම සේබල් ආයෙම ඒ ගැන විමසන්නේ නැහැ. දෙන්නා එක්ක මේ විදියට යෙලෝස්ටෝන් වල තහනම් ප්‍රදේශය හරහා ඇවිදන් යන්නේ, එහෙ තියෙන උණු දිය උල්පත් දකින්න සහ ස්නානයට සුදුසු උල්පතක් තියෙනවා නම් හිතේ හැටියට නාලා එන්න.
ඒත් ධෛවය ඒ දෙන්නාට ඒ අවස්තාව උදා කලේ ඔවුන් හීනෙකින්වත් බලාපොරොත්තු වුන විදියට නෙවෙයි. ස්කොට් අහම්බෙන් නොරිස් ගයිසර් ද්‍රෝණියේ උණු දිය උල්පතකට වැටෙනවා. කොලින් උත්සාහ කරමින් ඉන්නේ උණුදිය උල්පත් වල උෂ්ණත්වය පරීක්ෂා කරන්න. ඔහු ඒ වෙනුවෙන් උල්පත ළඟ සඳහා දණින් වැටිලා, පහලට නැවිලා ඉන්න අතරේ ශරීරයේ සමතුලිතතාවය නැති වෙලා යනවා. එකපාරටම ඔහු නැවතෙන්නේ උණු දිය උල්පත තුලට වැටිලා. සාමාන්‍ය තත්ව යටතේ යෙලෝස්ටෝන් වනෝද්‍යානයේ මේ නොරිස් ගයිසර් හි උණු දිය උල්පත් වල ජලයේ උෂ්ණත්වය 93C/199F විතර වෙනවා. ඒක සාමාන්‍ය කෙනෙක්ට පහසුවෙන් දරාගන්න හැකි උශ්ණත්වයක් නෙවෙයි.
සහෝදරයා උණු දිය උල්පතේ උණුසුම පරික්ශා කරන අයුරු රූගත කරමින් උන්න සේබල් වහාම නැගිටලා ඇවිල්ලා ඔහුව බේරගන්න උත්සාහ කරනවා. ඒත් සේබල්ට කොලින්ගේ අතකින්වත් අල්ලගන්න ඉඩක් ලැබෙන්නේ නැහ. ඔහු උනු දිය තුල ගිලෙමින් උදවු ඉල්ලමින් කෑ ගහනවා. ඒ අතර වාරයේ උණු දිය නිසා සේබල්ටත් සුලු තුවාල සිදුවෙනවා. ඒ තුවාල නිසා ඇයට දැනෙන්නේ බියක්. අසරණ බවක්.
එක පාරටම අතුරුදන් වෙන සහෝදරයාව බේරගන්න කිසිම දෙයක් කරගන්න බැරුව සේබල් මහ සද්දේට කෑ ගහනවා. ඒ වෙද්දීත් දෙන්නාගේ ගමන රූගත කරන කැමරාව තියෙන්නේ සේබල් ගේ අතේ. ඒ නිසාම කොලින් උණු ජල උල්පතට වැටුණ මොහොතේ පටන් දේවලුත් ඒ කැමරාවේ පටිගත වෙනවා,
වහ වහා පියවි සිහියට එලැඹෙන සේබල් ජංගම දුරකතන ඇමතුමක් මඟින් කොලින් ගැන පොලිස් හදිසි අනතුරු සේවයට මේ ගැන වාර්තා කරන්න උත්සාහ කරන්වා. නමුත් ඔවුන් දෙදෙනාගේම අවාසනාව කොයි තරම්ද කියනවා නම්, සේබල්ට හදිසි උපකාර සඳහා ඇමතීම කරගන්න වෙන්නේ නැහැ.
” අනේ අයියේ … මට කෝල් ගන්න බෑනේ මෙතන ඉඳන්.. මෙතන සිග්නල් නෑ.. අයියේ .. අයියේ… “
සේබල් එහෙම කියන ගමන් දුරකතන ඇතුමක් ගන්න නොසැහෙන්න උත්සාහ කරනවා. ඇයට අවැසි වන්නේ අයියාගේ ජීවිතේ බේරා ගැනීමම පමණයි. ඒ හින්දාම සේබල් ඇමතුම් ගන්න අතරේම මඟදි වහාම ඒ ප්‍රදේශය අවට තියෙන කෞතුකාගාරයක් හොයාගෙන යනවා. කෞතුකාගාරයේ නම රේන්ජර්.
කෞතුකාගාර බළධාරීන් සේබල්ගේ කතාව ඉතාම ඉක්මනින් සටහන් කරගෙන, අදාල අංශ දැණුවත් කරනවා. ඒ අනුව කොලින් ගිලෙමින් උන්න උණු වතුර උල්පත දිහාවට නිළධාරීන් පිරිසක් එක්කම සේබල් වහ වහා යනවා. නිළධාරීන් එම ස්තානයට ලඟා වෙන්නේම හිතේ සැකය එක්ක. එවෙලෙහි එම ස්තානයේ පවතින සාමාන්‍ය උශ්ණත්වය එක්ක කෙනෙකුට පවතින්න අපහසු බව නිළධාරීන් වටහා ගන්නවා. ඒත් ඔවුන් සේබල්ට කිසිම වෙනසක් නොපෙන්වා එතැනට යනවා.
එතැනට ගියාම නිළධාරින්‍ට සහ කොලින්ගේ සහෝදරියට දකින්න ලැබෙන්නේ දරාගන්න පුලුවන් දර්ශනයක් නෙවෙයි. කොලින්ගේ ඔලුව, උරහිස් සහ අත්වල කොටස් උණු දිය උල්පතේ පාවෙමින් තියෙනවා. පැමිණි නිළධාරින් එවෙලෙහි තිබූ සම්පත් උපයෝගී කරගෙන ඔහුව ගොඩට ගන්නට උත්සාහ කලත් ඒ හැම උත්සාහයම ව්‍යර්ත වෙලා යනවා.
එම ස්තානය අවට තාප ප්‍රදේශයක් ගොඩනැඟෙමින් තිබුන නිසාත් වාශ්පශීලී ස්වභාවයක් ඇති වී තිබුන නිසාත් ඔවුන්ට වැඩි වෙලා උත්සාහ කරන්නවත් බැරුව යනවා. ඒත් එක්කම එම ප්‍රදේශය මැදි කරගෙන කුනාටුවක් හමා යන්න පටන් ගන්නවා. නිලධාරීන් තරුණියවත් කරගෙන හැකි ඉක්මනින් එතැනින් ඉවත් වෙනවා.
” මම දැක්කා ඒ තරුණයා ඇඳගෙන හිටපු වී හැඩැති කරක් තිබුන ටී ශර්ට් එක උණු වතුරේ එහෙ මෙහෙ පාවෙනවා… බොහෝ විට ඔහු දියවෙමින් ඉන්න ඇත්තේ…”
නිළධාරී කණ්ඩායමේ ප්‍රධානියා ප්‍රශ්න කිරීම් වලදී එහෙම කියනවා.
පහුවෙනිදා උදේ නිළධාරීන් සහ පොලිසිය එම ස්තානයට එනකොට කොලින් සම්පූර්ණයෙන්ම තැම්බිලා දිය වෙලා ගිහින් තිබුනේ. ඉතිරි වෙලා තිබුණේ ඔහුගේ මුදල් පසුම්බිය ඇතුළු පුද්ගලික දේවල් කිහිපයක් විතරයි. එම ස්තානයේ තියෙන අධික තාපය සහ ආම්ලික ස්වභාවය ඔහුට දරාගන්නට නොහැකි වෙන්නට ඇති බව තීරණය කෙරෙනවා. වෙනදාට සාමාන්‍ය උශ්ණත්වය 93C/199F අගයේ තිබුනත් එදා දවසේ 213F තරමේ උෂ්ණත්වයක් වාර්තා වෙලා තියෙන බව සොයාගන්නවා.
මේ සිදුවීම සම්පුර්ණයෙන්ම කොලීන්ගේ සොයුරියගෙ කැමරාවේ පටිගත වුනත් ඒ කිසිඳු දර්ශනයක් මාධ්‍යට මුදා හැරෙන්නේ නැහැ. ඒ සියලු දර්ශන සුරක්ෂිතව ගබඩා කෙරෙනවා.
කොලින් ස්කොට් සති කිහිපයකට කලින් පැසිෆික් විශ්ව විද්‍යාලයෙන් ඔහුගෙ පලමු උපාධිය ලබා ගෙන තිබුණේ. ඔහු ජීවිතයේ ඉදිරියටම යන්න බලාපොරොත්තු පුරවගෙන උන්න තරුණයෙක්.
“ඉහළම ශිෂ්‍යයෙක්, අපූරු පුද්ගලයෙක් සහ පැසිෆික් විශ්ව විද්‍යාලය නියෝජනය කරන සියලු සාරධර්ම පිළිබඳ සාක්ෂියක්”
කොලීන්ගේ අවමංගල්‍ය කතාවේදි විශ්ව විද්‍යාල නියෝජනයෙන් එහෙම කියැවෙනවා.
“කොලින් කැප වූ කිතුනුවෙක්…. මිනිසුන් කෙරෙහි ඇති ආදරය ඔහුට දෙවියන් වහන්සේගෙන් හැඟුණු ප්‍රේමයෙන් පැනනැඟුණු ප්‍රේමයක්…”
කොලින්ගේ පවුලේ අය සහ මිතුරන් කිව්වේ එහෙම කතාවක්.
අපි මුලින්ම කිව්වා නේද මේ ලියමන අවසානයේදී කියන්න බලාපොරොත්තු වෙන කතාව වෙනස්ම එකක් බව.
” හොඳට මතක තියාගන්න … යම් ප්‍රදේශයක් තහනම් ප්‍රදේශයක් බවට පත් කරන්නේ කරුණු විමසලා බලලා .. ඒ තීරන අභියෝගයට ලක් අක්‍රලා ඒ තහනම් ප්‍රදේශ වලට ඇතුලු වෙන්න සාමාන්‍ය තරුන සංචාරකයන්ට කොහොමටව්ත් බැහැ.. ඇතැම් විට සමාජ මාධ්‍ය වල තරු වෙන්න හිතාගෙන මේ තරුන ළමයි අමුතු දේවල් කරන්න උත්සාහ කරනව.. නමුත් ඒකෙන් විනාශ වෙන්නේ ඔවුන්මයි..කොලින් සුන්දර අනාගතයක් තිබුන දරුවෙක්.. අවාසනාවට තහනම් ප්‍රදේශයක නාන්න තැනක් හොයන්න ගිහින්, මුලු රටම කම්පනයට පත් කරපු මරනයක් ඔහුට උරුම වුනා…”
පොලිසිය මේ පණිවිඩය කියලා තියෙන්නේ අපි හැමෝටම එක්ක කියලා වැටහෙනවානේ නේද?..
අපේක්ෂා ගුණරත්න