ජෑම්, බටර් හෝ මාජරින් එක්ක මාමයිට් හරි සීනි හරි, ගම්මිරිස් කුඩු ලුණු හරි පොල් සම්බෝල හරි එක්ක පාන් කාල අපි කාටත් පුරුදුයිනේ.
ඒ කාලේ වැඩිය ජනප්‍රිය නොවුනත් පීනට් බටර් එහෙමත් නැත්නම් රටකජු තැවරුම කියන්නෙත් පාන් එක්ක වගේම නූඩ්ලස්, පීසා, අයිස් ක්‍රීම්, පොප් කෝන්, සලාද වගේ කෑම වර්ග ගොඩක් එක්ක එකතු කරල විවිධ ක්‍රම වලට ආහාරයට ගන්න පුළුවන් අද වෙද්දි ඉතාම ජනප්‍රිය තැවරුම් වර්ග වලින් එකක්.
ශරීර සෞඛ්‍යට හිතකර මේදය වැඩි ප්‍රමාණයක්, ෆයිබර්, ප්‍රෝටීන වගේ ඉතාමත් වැදගත් පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු රටකජු හදවත නීරෝගීව තබා ගන්න, දියවැඩියාව සහ පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරගන්න වගේම ප්‍රදාහ තත්වයන් සමනය කරන්නත් ලබා දෙන්නෙ හොඳ උදව්වක්.
ඉස්සර බැදල, රෝස් කරල හෝ තම්බලා කාපු රටකජු අද වෙද්දී රටකජු තැවරුම් විදිහට ඉතාම සුලභව වෙළඳපොලේ දකින්න ලැබෙනව. නමුත්, අද අපි ඔබට කියල දෙන්න මේ සූදානම් වෙන්නෙ ඉතාම පහසුවෙන් රටකජු තැවරුමක් / peanut butter ගෙදරදිම හදාගන්නෙ කොහොමද කියලයි.
මුලින්ම අපි බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල?
අවශ්‍ය ද්‍රව්‍ය
රෝස්ට් කරන ලද රටකජු කෝප්ප තුනක්
රෝස්ට් කරන ලද රටකජු වලට ලුණු දමා නැත්නම් ලුණු කුඩු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
මුලින්ම රෝස්ට් කරන ලද රටකජු වල පොතු ඇත්නම් ඒව ඉවත් කරගන්න.
දැන්, රෝස්ට් කරන ලද රටකජු හොඳින් සෝදා වතුර වේලාගත් බ්ලෙන්ඩර් කෝප්පයට හෝ food processor / ෆුඩ් ප්‍රොසෙසරයේ කෝප්පයට දමා ගන්න.
රටකජු අඹරාගන්න කලින් බ්ලෙන්ඩරයේ ප්‍රමාණය ගැන සැළකිලිමත් විය යුතුමයි.
ඔබේ බ්ලෙන්ඩර් කෝප්පය පොඩියි නම් දෙවරකට අඹරාගන්න පුළුවන්.
දැන් රටකජු ටික අඹරාගත යුතුයි.
තත්පර 30 ක් හෝ විනාඩියක් බ්ලෙන්ඩරය ක්‍රියාත්මක කර ඉන්පසු බ්ලෙන්ඩරය නිවා / off කර හැන්ඳකින් බ්ලෙන්ඩර් කෝප්පයේ වටේ ඇති ඇඹරුණු රටකජු බ්ලෙන්ඩර් කෝප්පයේ මැදට කර සකසා බ්ලෙන්ඩරයේ රස්නය නිමුණු පසු නැවත බ්ලෙන්ඩරය ක්‍රියාත්මක කර තත්පර 30 ක් විනාඩියක් පමණ අඹරා පෙර ලෙසම බ්ලෙන්ඩරය නිමුණු පසු නැවත ක්‍රියාත්මක කළ යුතුයි.
මෙලෙස ඉවසීමෙන් සෙමෙන් විනාඩි 08 ක් 10 ක් පමණ විටින් විට නවත්වමින් අඹරාගත් පසු ඉතාම මෘදු ක්‍රීම් ස්වභාවයකින් යුතු පීනට් / තැවරුමක් ඔබට ලැබේවි.
අවසානයේ ඔබ යොදාගත්තේ ලුණු දැමූ රටකජු නොවෙයි නම්, ලුණු කුඩු ස්වල්පයක් ද එකතු කර එක්වරක් අඹරා ගන්න පුළුවන්.
හොඳින් පිරිසිදු කරගෙන වතුර බේරාගත් හුළං නොවැදෙන බෝතලයක දමා ශීතකරණයේ හෝ කාමර උෂ්ණත්වයේ මාසයක් පමණ කාලයක් ගබඩා කරන්න පුළුවන් වුනත් විවිධ පාරිසරික තත්ව සහ වෙනත් හේතු නිසා එම කාලය අඩු වෙන්නත් අවදානමක් තියෙනවා.
ඒ ගැනත් ඔබ ප්‍රවේශම් සහගත විය යුතුමයි.
එහෙනම්, මේ විදිහට රසම රස පීනට් බටර් හදල බලමු නේද?
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |