පනස් අට වැනි නෙත් සැරිය
අයත්මා උන්නේ චත්‍ර පවසන සියල්ල ට සවන්දෙමිනි. අවිශ්ක සහ සිහිනිගේ ජීවිත වලට බාධාවක් වන්නට තමන්ටද කිසිඳු උවමනාවක්නොමති වග පවසද්දී අයත්මා සැනසුම් සුසුමක් සමඟින් චත්‍රගේ අතින් අල්ලා ගත්තාය. චත්‍ර ඇගේ ඇගේ කර වටා අත දමාගෙන ඇයව තමා වෙත නතු කරගත්තේය. අයත්මා වඩා සැනසීමෙන් ඔහු වෙතම බරවන සේ වැතිරුණාය. මේ ගෙවෙන ටහ්ත්පර කල්පයක තාලයෙන් දිග හැරෙවායැයි පැතුවාය. චත්‍රගේ සුවඳින් නාස් කුහර පුරවා ගත්තාය.
” උන්නයින් බාගයක් නැද්ද මන්දා අයූ ….”
චත්‍ර නෝක්කාඩුවක ස්වරූපයෙන් අමනාපය කියා දැම්මේය. අයත්මා එයටද කිසිත් කීවේ නැත. ඒ වෙනුවට ඕ වඩා සැනසීමෙන් දෑස් පියා ගත්තාය. දැන් දැනෙන්නේ චත්‍ර ට යළි තමා හා ගෙවන්නට අවැසි වූ ජීවිතයේ ඇලෙන්නට අවැසිය යන හැඟීම බව ඕ වටහා ගත්තාය. ප්‍රේමය යනු බන්දේසියක තබා පුද දෙන යමක් නොවන වගත්, ඇතැම් විට මහා නියඟයකට පවා හසුවී කාලතරනය කර යළි ජීවය ලබන බීජයක් වැනි යමක් බවත් ඕ යලි යලි සපත කරගත්තාය. චත්‍ර තම හිස් මුදුන සිප ගනිනු දැනෙද්දී ඕ තව්ත් සැනසීමෙන් හදවත පුරවා ගත්තාය.
වසර දා හතරකට පසු
” ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන්නට ගරු ජනාධිපතිතුමන් ඉදිරියේ අසුන් ගෙන සිටින්නේ දකුණු ලක, තිස්සමහාරම පුරවරයෙන් බිහිවූ ඒ අපූර්ව නායකත්වය. චත්‍ර මන්ජිත් අතුකෝරාල මැතිතුමන්. තරුණ වියෙහි පටන්ම සක්‍රීය දේශපාලනයෙහි වඩා ක්‍රියාශීලි සහ ජන හිතවාදීව යෙදෙමින් මේ තනතුර සඳහා එදා මෙදා තුර කාලයේ පත්වූ ලාබාලතම අගමැතිවරයා ලෙසිනුයි චත්‍ර මන්ජිත් අතුකෝරල මහතා අද දිනයේ ගරු ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලබන්නේ…………”
අයත්මා පුතුන් දෙදෙනා සමඟ රූපවාහිනිය ඉදිරියේ සිටිමින් ඇසි පිය නොහෙලා බලා උන්නාය. ඒ රුව ඇරෙන්නට අන් කිසිවක් ඇයට රුපවාහිනි තිරයේ පෙනෙන්නේ නැත. . ඇගේ වත පුරාම වූයේ සැනසීම සහ බලාපොරොත්තුවම පමණි. අවිශ්ක සහ සිහිනි දියණියන් දෙදෙනා සමඟින් ඇගේ අනෙක් පස වූ අසුන් වල හිඳගෙන උන්හ. ඒ දෙදෙනාත් නේජාත් බලා උන්නේ චත්‍ර දෙස නොවේය. චත්‍රගේ රුවෙන් අමන්දානදයට පත්ව සිටින අයත්මාගේ රුව දෙසය. අතුකෝරල යුවල වූයේ ඒ දෙපිරිසට මදක් දුරින් එහෙත් රූපවාහිනියට ළඟිනි. අත්සන් කිරීමෙන් සහ අග්‍රාමාත්‍ය තනතුරෙහි රාජකාරි භාර ගැනීමෙන් පසු සුහද කතා බස් වල අඩුවක් වූයේ නැති වුනත්, අයත්මා ඒ දසුන් දෙස රූපවාහිනියෙන්ම බලා උන්නාය.
” හොඳ වෙලාවට මේ ටීවී වල අර ස්පෙල් බයින්ඩර් එකේ වගේ සමාන්තර ලෝක වලට යන සීන් එහෙම නැත්තේ.. නැත්නම් මේකි රිංගලා..”
අවිශ්ක අයත්මා අවුස්සා ගැනීම ඇරබුවේය. එහෙත් අයත්මා ඒවා ගන්නකට ගත්තේ නැත.
” ඔච්චර ඕනි නම් එල්ලිලා යන්නෙපැයි අගමැති ආර්යාව….”
සිහිනිද එයටම එක් වූවාය.
” අනේ මේ දෙන්නා මට මේක බලන්න දීලා යනවද වාත නනොවී..”
අයත්මා එහෙම කීවේද රූපවාහිනියෙන් දෑස් ඉවතට නොගෙනමය.
පසුදා සවස චත්‍ර ට සුබ පැතීම වෙනුවෙන් වූ සාදය සංවිධානය කර තිබුනේ චත්‍රගේ සරසවි සහ පාසැල් මිතුරන් ගේ එකමුතුවක් විසින් ය. කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක පැවැත්වෙමින් තිබූ සාදයේ සතුටු කතාබස් අඩුවක් වූයේම නැත.
” මතකද මන්දා …..”
චත්‍ර සහ අයත්මා අසලට පැමිණි අයෙකු දෙදෙනාවම මොහොතකට ඔහු කෙරේ අවධානය යොමු කරවා ගත්තේය. අයත්මා චත්‍ර දෙස බලමින් ඇයට නුහුරු වග පෙන්වූවාය. එහෙත් චත්‍ර එක්වරම ඔහු වැලඳගනිමින් කලකට පසු මිතුරෙකු හමු වීමේ ප්රහර්ශය නොඅඩුව පෙවූයේය. මැදි වියද ඉක්මවමින් උන්නා වුවද චත්‍රගේ කඩවසම් බවෙහි අඩුවක් නැති වග පැවසූ මිතුරා චත්‍රට නොමනා විහිලුවක් කිරීමටද අමතක කලේ නැත.
” මිතුර මිතුර … කවදාද ආවේ ?…”
” උඹට මනාපේ ගහන්නමයි ආවේ… උබ මේ පාර ගම්පහින් ඉල්ලන්නේ දැනගත්තාම ඉතින් නෑවිත් ඉන්න බැරුව ගියා … මාස දෙකක් ලීව් දාලා ඔක්කොමලා එක්ක මෙහෙ ආවා ….”
” අඩෝ.. උඹලා සෑහෙන්න කැම්පේන් එකක් කරලානේ … මං දන්නේ නෑ උඹ ආව වග… කෝල් එකක්වත් දෙන්නෙපැයි …අඩෝ උබ ඒ වගේමයි …”
” පලයං අගමැතිතුමා නිකන් බොරු නොකියා … අවුරුදු විස්සකට විතර එහා නේද බං …..”
” ඔව් යකෝ ….”
අයත්මා දෙදෙනාගේ කතාබහට සිනාසෙමින් උන්හ. ඉන් පසු මිතුරන් මධු විත සාදයට ක්‍රම ක්‍රමයෙන් එක් වෙමින් උන් හ. එතෙක් වෙලා චත්‍ර වෙත වූ අවධානය ගලවා ගත් මිතුරා අයත්මා දෙස බැලුවේය.
” තෝ අඬලා අඬලා මේකම කරගත්තා නේද චත්‍ර එහෙනම් …ඈ…”
චත්‍ර සිනාසෙමින්ම අයත්මාගේ කර වටා අත දමා ඔහු වෙත නතු කරගත්තේය. මිතුරා සමඟ එකඟ බව පෙන්වූයේය. අයත්මා උන්නේ එතරම් සිද්දිය වටහා ගන්නට නොහැකිවය.
” උඹ බැඳලා තියෙන්නේ කල්පනා නෙවෙයි කියලා අපේ නෝනා හෙන වලි ඒ දවස් වල… එකටත් ඉඳලා එහෙම කලා කිය කියා… මං දැනන් උන්නනේ බං සීන් එක. අක්රම් මට සීන් එක කිව්වේ උඹ මෙහෙ ආවම.. ඒ කිව්වෙත් ඌ අර එවරස්ට් හයික් එක යන්න ඩිසයිඩ් කරලා, ඒ ගිහින් ඌට මොක හරි වුනොත් උබ කල දේවල් දන්න කවුරුම හරි ඉන්නෝනි කියලා.. අවුලක් නෑ.. දැන් ඌයි මායි දෙන්නම කතාව දන්නව..
අපේ නෝනලා එව්වා දන්නේ නෑනේ.. මැරෙන්න හදනවා චපල පිරිමි කිය කියා… … මං දැනගෙන උන්නේ උබ මේකි මත්තේ ඒ නැහුණු නැහිල්ලේ හැටියට මැරෙන්න මොහොතකට කලින් හරි උඹේ කරන් බඳාගන්න බව ….”
මිතුරා මධු විතේ සහායද සමඟින් වඩා උස් හඬින් කියමින් උන්නේය. චත්‍ර ඔහු වලක්වන්නට උත්සාහ කලේද නැත.
” මතකද අපේ අගමැතිතුමා උඹට … අපි කොලේජ් බාර් එකේ සෙට් වුනාම උබ මේ නෝනාගේ ෆොටෝ එක අඳිනවා පේපර් සර්වියට් වල … අන්න ඒ එකක් මගේ ළඟ තියෙනවා… මං අරන් ආවේ.. දෙන්නම් ඈ…”
චත්‍ර අයත්මා දෙස බැලුවේ සිනාසෙමිනි. අයත්මා දෑස් තෙත් කරගනිමින් ඉන්නා වග පෙනෙද්දී අන් අයට නොපෙනෙන්නට ඔහු ඇයට තරවටු කලේය. අක්රම් පිළිබදවද කතා බස් ඇදුනේය.
” කොහොම හරි.. උබ කල්පනා වෙනුවෙන් කාපු කට්ටට මාරම රෙස්පෙක්ට් චත්රයා …ඒ නිසා ඒකි අන්තිමේදී ජීවිතේ ගොඩ දාගත්තා.. ඒම නොවෙන්න ඒකිත් අඩු වයස් මරන වලට එකතු වෙලා .. ඒකි . දැන් ස්විස් ඉන්නේ .. ශෝක් කොල්ලෝ තුනක් ඉන්නවා .. මිනිහත් හෙනම ආතල් පොර…පට්ට අන්ඩර්ස්ටෑන්සින් ආහ්.. . අපිට සෙට් වෙනවා වැකේශන් වල එහෙම … .”
චත්‍ර සිනාසී එයට එකඟ වග පෙන්වූයේය. අයත්මා අපහසුවෙන් මෙන් සිනාසෙන්නට උත්සාහ කරමින් අතීතයේ වූ සිත් රිදවීම් සිහියෙන් ඉවතට ගන්නට උත්සාහ කලාය.
” ඇත්තටම අයත්මා නංගී .. මං ඔයාට මාරම රෙස්පෙක්ට් ඈ.. මූව විශ්වාස කරන්න ඒ තිබ්බ ගට ගැන මම මාරම සතුටුයි .. අපේ ගෑණි වගේ වුනානම් කීයටවත් තේරුම් ගන්නේ නෑ .. විශ්වාස කරන්නේත් නෑ … ඔයා නංගී .. මූට චාන්ස් එකක් දුන්න එක මාරම වටිනවා.. එහෙම නොවෙන්න අද මූ මෙතන නෑ ..පිස්සෙක් වෙලා එහෙනම්.. එච්චරට ලව් කලේ මූ …. අපි දැක්කා ඒක …”
අයත්මා වහා එතැනින් නැගිට ඉවතට ගියාය. මීට මාස කිහිපයකට පෙරද කල්පනා පිළිබඳව කතාවක් ඇදගෙන තමා චත්‍ර රිදවූ බව ඇයට අමතක කරන්නට හැකි වූයේ නැත. වසර දා හතරක් ගෙවී ගොස් අවසනද, තමා ඉරිසියාවෙන් පුපුරා හැලෙමින් අමනාපව ගෙවූ දවස් ඇති වග සිහි වීම ඇයට දරාගන්නට නොහැකි තරමේ වේදනාවක් වෙමින් තිබුනි.
” අයූ .. “
අයත්ම වහා කඳුලු පිසලා ගන්නට උත්සාහ කලාය. එහෙත් චත්‍ර උන්නේ අවධානයෙනි. ඕ සිත තව තවත් රිදවාගෙන බවට සැක නැත.
” යමු … පුතාලට කන්න දෙන්නම් මම .. සෙල්ලමට වැටිලා ඇත්තේ ප්ලේ රූම් එකේ… මහන්සි ඇති…”
අයත්මා වහා ආපසු හැරෙන්නට උත්සාහ කලාය.
අපේක්ෂා ගුණරත්න
ReplyForwardAdd reaction |