අද කතාකරන්න යන චිත්‍රපටයේ නම පොඩ්ඩක් අපබ්‍රංස වගේ වුනාට කතාව සුපිරියක් කියලා මුලින්ම කියන්න ඕන. මේ චිත්‍රපටයේ නම ullozhukku. මේක 2024 අවුරුද්දෙ ආව මලයාලම් චිත්‍රපටයක්.
මේක ටිකක් වෙනස් තේමාවක් එක්ක අමුතුම විදියට ගලාගෙන යන චිත්‍රපටයක් කියලා කියන්නම ඕන. ඒ වගේම මේ චිත්‍රපටයේ තිර රචනය 2018 වසරේ සිනෙස්ටාන් ඉන්දියාවේ කතන්දරකරුවන්ගේ තරඟය ජයග්‍රහණය කරන්න සමත් වෙච්ච චිත්‍රපටයක් කියලා කියන්නම ඕන.
අංජු කියන්නෙ සාරි කඩේක වැඩ කරන සාමාන්‍ය පවුලක කෙල්ලෙක්. ඉතින් හරි වයසට එද්දි අංජුටත් තමන්ගෙ ගෙදර අයගෙ බලපෑම හන්දා විවාහ වෙන්න සිද්ද වෙනවා. ගෙදර අය බලාපොරොත්තු වෙච්ච විවාහය සිද්ද උනත් අංජු විවාහයකින් බලාපොරොත්තු වෙච්ච සතුට එයාට ලැබෙන්නෙ නෑ. ඒ අසන්තෝසය නිසා තමයි අංජු එයාගෙ පරණ ප්‍රේමවන්තයෙක් එච්ච අනියම් සබඳතාවයකට යන්නෙ.
මෙන්න මේ සබඳතාවය නිසා අංජුගෙ ජීවිතේ එයා නොහිතපු පැත්තකට ගලාගෙන යනවා වගේම එයාගෙ වටේ ඉන්න අයටත් නොහිතපු දේවල් ගොඩකට මූණ දෙන්න සිද්ද වෙනවා. මේ ප්‍රශ්න වලට අමතරව අංජුට සුපුරුදු නැන්දම්මා ලේලි ප්‍රශ්නෙටත් මූණ දෙන්න වෙනවා.
ඉතින් මේ චිත්‍රපටයේ කතාව අද කාලෙ ජීවත්වෙන තරුණ තරුණියන්ටත් ලොකු පාඩමක් උගන්වන හරිම යථාර්තවාදී කතාවක් කියලා කියන්නම ඕන.
චිත්‍රපටය ආරම්භ වෙන්නේ අංජුගෙ කතාවෙන්. කලිනුත් කිව්වා වගේ අංජු කියන්නෙ සාරි කඩයක වැඩ කරන ගෑණු ළමේක්.මෙයා මේ කඩේ වැඩ කර කර ඉද්දි මෙයාව හමුවෙන්න එනවා මෙයාගෙ ආදරවන්තයා වෙන රජීව්. රජීව හැමදාම සාරි කඩේට එන්නෙ අංජුව බලන්න තියෙන උවමනාවට. අංජු කියන්නෙ ක්‍රිස්තියානි ආගමේ කෙනෙක්. රජීව් හින්දු ආගමේ. හැබැයි ඉතින් ආදරේටනම් මේ ආගම් බාධා නෑ කියලනෙ කියන්නෙ නේද?
මේ සාරි කඩේ සීන් එකෙන් පස්සෙ පෙන්වන්නෙ අංජුගෙ වෙඩින් එකේ ෆොටෝ ශූට් එක. හැමෝම හිතන් ඉන්නෙ අංජුගෙ මනමාලයා වෙන්නෙ රජීව් කියලා උනාට ෆොටෝ දැක්කම තමා තේරෙන්නෙ ඒ ඉන්නෙ රජීව් නෙවෙයි තෝමස් කියලා වෙන කෙනෙක් බව.
කොහොමහරි ගෙදර අයගෙනුත් සමුගෙන, විවාහයේ වැඩ ටිකත් හොඳට ඉවරකරගෙන අංජු මේ තෝමස් කියන තමන්ගෙ සැමියා එක්ක කූටිනාඩු වල තියෙන වතුරෙන් වටවෙච්ච දූපත් ප්‍රදේශයක ගෙදරකට තමයි පදිංචියට එන්නෙ.තෝමස් කියන්නෙ හරි හදිස්සි කාරයෙක්. ඒ නිසාම අංජුට එයා බලාපොරොත්තු වෙච්ච සන්තෝසෙ මංගල රාත්‍රියෙන් ලැබෙන්නෙ නෑ.
මේ සීන් එකෙන් පස්සෙ පෙන්වන්නෙ ඊලඟ දවසෙ උදේ. ඒ දවසෙ උදේ අංජු එයාගෙ හස්බන්ඩ් සහ නැන්දම්මා එක්ක හොස්පිටල් එකක ඉන්න දර්ශනයක් තමයි අපිට පෙන්වන්නෙ. නැන්දම්මා අංජුගෙ අතට බෙහෙත් තුණ්ඩුවක් දීලා කියනවා “මේකෙ තියෙන බෙහෙත් මගේ, ඒ ටික අරගෙන එන්න” කියලා. අංජු එවෙලෙ කියනවා තෝමස්ට ගන්න ආව බෙහෙත් එක්කම ඔක්කොම එකපාර ගමු කියලා. ඒ උනාට නැන්දම්මා ඒකට එච්චර කැමති වෙන්නෙ. කොහොමහරි අංජු නැන්දම්මගෙ කීමටම බෙහෙත් ටික ගන්න යනවා. ඒ යද්දි අපිට පෙන්වනවා තෝමස් එයාගෙ අම්මා එක්ක ඩොක්ටර් හම්බෙන්න ඇතුලට යනවා.
බෙහෙත් ගන්න පෝලිමේ ඉන්න අංජු දකිනවා තමන්ට පිටුපස්සෙන් රජීව් හිටගෙන ඉන්නවා. අංජුට බෙහෙත් වලට දෙන්න මාරු සල්ලි නැති හන්දා රජීව් ඒ සල්ලිත් අංජුට දෙනවා. හැබැයි අංජු නෙවෙයි රජීව් එක්ක වචනයක්වත් කතාකරන්නෙ. ඒත් අංජු ලඟටම එන රජීව් කියනවා “අංජු මට ඔයා එක්ක තව එක පාරක් කතාකරන්න ඕන” කියලා.
ඒත් අංජු රජීව්ට කිසිම දෙයක් කියන්නෙ නැතුව එතනින් එනවා.
ඊලඟ දර්ශනයෙදි අපිට පෙන්වන්නෙ ලෙඩ ඇඳට වැටිලා ඉන්න තෝමස්ව. තෝමස්ට ඒ වෙද්දි තමන්ගෙ වැඩක්වත් හරියට කරගන්න බැරුව තමයි ඉන්නෙ. ඒත් අංජු බිරිඳක් විදියට තමන්ගෙන් වෙන්න ඕන යුතුකම් ඔක්කොම ඉටු කරනවා.
ඒ හැම දේම කරත් අංජුයි තෝමස් අතරෙයි තියෙන්නෙ හරිම දුරස්ථ බැඳීමක්.කොහොමහරි දවසක් රෑ තෝමස් හදනවා තමන්ට එහා පැත්තෙ නිදාගෙන ඉන්න අංජු ලඟට කිට්ටු වෙන්න. ඒත් අංජු ඒකට අකමැති වෙලා එහා පැත්ත හැරිලා නිදියනවා. කොහොමහරි ටික වෙලාවකින් අංජුට ඇහෙනවා තෝමස් ඔලුව අල්ලගෙන කෙඳිරිගානවා. ඒ අස්සෙ මෙහෙට මාර හයියෙන් වැස්ස. කොහොමහරි කරන්ට් එකත් නෑ. ඒ අස්සෙ තෝමස් කෙඳිරිගාන සද්දෙ ඇහිලා තෝමස්ගෙ අම්මත් එනවා පානකුත් අරගෙන මොකද්ද වෙලා තියෙන්නෙ බලන්න.
ටික වෙලාවකින් තෝමස්ට සනිප වෙනවා. එච්චර වෙලා තෝමස් ලඟින්ම උන්නු අංජු එලියට ඇවිත් නැන්දම්මට කියනවා “දැන් එයාට හොඳයි” කියලා. කොහොමහරි මේ වෙලාවෙ නැන්දම්ම කියනවා “මගේ මහත්තයත් නැති උනා, පුතත් නැති දවසක මම තනිවෙනවනෙ” කියලා.
ඊලඟ දවසෙ උදේම අංජු තෝමස්ගෙ බෙහෙත් ටිකක් ගන්න යන්නෙ. මේ දවස් වල වැස්ස නිසා නැන්දම්මා කියනවා “හෙට ගියාම ඇතිනෙ” කියලා. ඒත් අංජු කියනවා “හෙටත් වැස්සොත් යන්න බැරිවෙන නිසා අද ගිහින් අරගෙන එන්නම්” කියලා උදේ කෑමත් ටක් ටක් ගාලා කාලා බෝට්ටුවෙ නැගලා යනවා.
අංජු ඇත්තටම යන්නෙ බෙහෙත් ගන්න විතරක් නෙවෙයි රජීව හම්බෙන්නත් එක්ක.ඒ යන ගමන අවසාන වෙන්නෙ අංජු රජීව් එක්ක එයාගෙ ගෙදරට යන එකෙන්ක්. ඒ ගෙදර වෙන කෙනෙක් නෑ. ඒ නිසා වෙන කිසිම දෙයක් අහන්න, දකින්න වලක්වන්න කෙනෙක් නෑ.
නැතිවෙච්ච රජීව් අංජු ආදර කතාව තව දුර දිග ගිහින් ආරම්භ වෙන්නෙ අන්න එතනින්. ඉතින් එතනින් පස්සෙ මොකද වෙන්නෙ කියලා බලන්න මේ අපූරු චිත්‍රපටය ඔයාලට බලන්නම කියලා කියන්න මම කැමතියි!
ReplyForwardAdd reaction |