ඔයාගේ කොන්දත් ඇද වෙලාද?

සිරස්ව තියෙන කොන්ද වම් පැත්තට හෝ දකුණු පැත්තට ඇද වෙලාද? කොන්දේ හැඩය S අකුරේ හෝ C අකුරේ හැඩයට වෙනස් වෙලාද? එහෙනම් මේ තත්ත්වය පැති කුදය වන්නට පුළුවන්.


මොකක්ද මේ පැති කුදය?


පැතිකුදය (Scoliosis) කොඳු ඇට පෙළහි ඇතිවන විකෘතිතාවයක් ලෙස හැඳින්විය හැක. එනම් කොඳු ඇට පෙළෙහි වක්‍ර බවක් ඇති වීමය. මේ සඳහා සිදුකරන රෝග විනිශ්චයකදී කොඳු ඇට පෙළෙහි මතුව ඇති වක්‍ර බව අංශක 10 ට වැඩි නම් එය රෝගයේ මූලික අවස්ථාව ලෙස සලකනු ලබයි. වක්‍රතාවය අංශ 25 ත් 30 ත් අතර පවතී නම් එය අවදානම් මට්ටමකි. වක්‍රය අංශක 45 ත් 60 ත් අතර පවතී නම් බරපතළ තත්ත්වයකි.


පැතිකුදය හැදෙන්නේ ඇයි?


පැතිකුදය සඳහා බලපාන හේතු රැසක් ඇත. 
මව් කුස තුළදී කලලය වර්ධනය වන අවධියේදී ඇති වී උපතින් පසු එය තවදුරටත් වර්ධනය වීම සංජානනීය හේතුවක් ලෙස හඳුන්වයි. 
ස්නායු සහ මාංශ පේශී දුබලතා නිසා කුඩා කාලයේදී උරහිස ප්‍රදේශයේ අග සිදු කළ ශල්‍ය කර්මයකින් පසු මෙය ඇති විය හැක.
කොඳුඇට පෙළහි සිදු කළ ශල්‍යකර්මයකින් පසු ද පැති කුදය ඇති විය හැක.
වැරදි ඉරියව් මත නිතර තම කටයුතුවල යෙදීම නිසාත් මේ රෝගය ඇති විය හැක.
වැරදි අයුරින් ව්‍යායාමවල යෙදීම ද පැති කුදය ඇති වීමට හේතුවකි.
මාංශ පේශි දුර්වලතා සහිත දරුවන් අධික බරක් සහිත බෑග කොඳු ඇට පෙළට බරදී ඔසවාගෙන යෑම නිසා ද මේ අසාමාන්‍ය පිහිටිම ඇති විය හැක.
 එමෙන්ම හේතුවක් කිව නොහැකි, හඳුනානොගත් අයුරින් මතුවන ආදී ලෙසින් විවිධ හේතු මත පැතිකුදය මතු වේ.


පැතිකුදය හඳුනා ගන්නෙ කොහොමද ?


පැතිකුදයේදී කොඳුඇට පෙළ වක්‍රවීමට අමතරව උරහිස් එක් මට්ටමක පැවතීමක් ඇති නොවේ. උකුල ප්‍රදේශය ද එක් පැත්තකට ඇදීයෑමක් දැකිය හැකිය. පෙනහලු ක්‍රියාකාරීත්වයට අවහිරතා මතුවීම නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇති වේ. කොඳු ඇට පෙළහි නිතර වේදනාවක් හටගනී. ඒ නිසා වයස අවුරුදු 10 ට අඩු දරුවකුගේ කොඳු ඇට පෙළහි වක්‍ර වීම අංශක 10 ට වඩා වැඩි නම් හෝ වයස අවුරුදු 10 ට වැඩි අයකුගේ කොඳු ඇට පෙළ අංශක 20 ට වඩා වක්‍රව පවතී නම් සහ අසාමාන්‍ය ලක්ෂණ ඇත්නම්, කොන්දේ වේදනාවක් පවතී නම් වෛද්‍ය පරීක්ෂාවකට යොමුව රෝග තත්ත්වය හඳුනාගත යුතුය. එහිදී එක්ස්කිරණ පරීක්ෂාවන් මගින් රෝග තත්ත්වය නිවැරදිව හඳුනාගත හැකිය.
පැතිකුදයට ප්‍රතිකාර

බටහිර වෛද්‍ය ක්‍රමයේදි මේ සඳහා සැත්කම් නිර්දේශ කරන නමුත් ඉන් පසු ඇති විය හැකි අතුරු ආබාධ නිසා බොහෝ දෙනා මේ සඳහා ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු වෙයි.

Related Articles

Don't Miss


Latest Articles