පිරිමින්ව කිඩ්නැප් කරන ගැහැණු අවතාරය

සාමාන්‍යෙන් අපි අහලා තියෙන්නෙ පිරිමි ඇවිත් ගෑණු කිඩ්නැප් කරන කතාවක් උනාට අද නම් අපි ඔයාලට කියන්න හදන්නෙ පිරිමින්ව කිඩ්නැප් කරන ගැහැනියක් ගැන කතාවක්. මේක ඇත්ත කතාවක් නම් නෙවෙයි, චිත්‍රපටයක්. මේක 2018 අවුරුද්දෙ Release වෙච්ච Stree කියන චිත්‍රපටයේ එන කතාවක්.

ඉන්දියන් Comedy Horror ශානරයට වැටෙන  මේ චිත්‍රපටය නම් ඇත්තටම ඉල ඇට කැඩෙන කම් හිනාවෙන්න පුලුවන් කතාවක් කියලා කියන්නම ඕන.

මේ චිත්‍රපටය හදල තියෙන්නෙ ස්ත්‍රී කියන හොල්මනක් ගැන ගෙතිච්ච ඉන්දීය ජනප්‍රවාදයක් බේස් කරගෙන. මේ හොල්මන පිරිමින්ව කිඩ් නැප් කරල අරගෙන යනවා. ඒ අරගෙන යන්නෙත් සුපිරි ආතල් විදියකට. ඒ කිව්වෙ ස්ත්‍රී හොල්මන් පිරිමියෙක්ව කිඩ්නැප් කරාම ඒ පිරිමියාව අරගෙන යන්නෙ ඒ මනුස්සය ඇඳගෙන ඉන්න ඇඳුම් එතනම බිම බලලා.

මේ කතාව සිද්ධ වෙන්නෙ චන්දේරි කියන පොඩි ගමක. ඒ ගමේ ජනතාව විශ්වාස කරනවා, “ස්ත්‍රී” කියන හොල්මනක් පිරිමි එක්ක තරහෙන් ඉන්න බව. ඒ හේතුවෙන් ගමේ ගෙවල්වල බිත්ති වල “අනේ ස්ත්‍රී හෙට එන්න” කියල ලියල තියෙනවා. එහෙම ලියල තියෙන තැනට ස්ත්‍රීට එන්න වෙන්නෙ නෑලු.

මෙහෙම හොල්මනක් ඇති කියල ගමේ කවුරුත් බියෙන් ඉන්න අතරෙ, උත්සව සමයකදි පමණක් ස්ත්‍රී එන බව කියලා තියෙනවා. ඒ නිසා ගමේ පිරිමින්ට පුරාණ උපදෙස් වල කියලා තියෙන්නේ, විවාහ වෙලා නැති පිරිමින්ට රෑ දහයෙන් පස්සේ එලියට තනියම නොයන්න කියලා.

මෙම ගමේ ජීවත්වෙනවා විකී නමැති ටේලර් කෙනෙක්. විකීගෙ පෙම්වතියක් ඉන්නවා, එයා පූජා කාලේට විතරයි ගමට එන්නෙ. කෙසේ වුවත්, විකීගෙ යාලුව වෙච්ච බිට්ටුට සැකයක් තියෙනවා—මේ කෙල්ල ස්ත්‍රී කියන හොල්මන වෙන්න බැරිද කියලා. විකී විතරයි මේ කෙල්ලව දකින්නෙ, ඒ වගේම කෙල්ලත් හොඳටම අමුතුයි. පූජා කාලේට විතරයි එන්නෙ.

කතාවේ මැදට එද්දි, ජන්නා කියන විකීගෙ තවත් යාලුවෙක්ව, ස්ත්‍රී පැහැරගෙන යනවා. විකීටත් ඒකට පස්සේ සැක හිතෙනවා. තමන්ගෙ යාලුවව බේරගන්න, විකී සහ බිට්ටු, ගමේ පුරාණ පුස්තකාලයෙ භාරකාරයා වෙච්ච රුද්‍රාගෙන් උදව් ඉල්ලනවා. මෙයාගෙන් තමයි එයාලා “චන්දේරි පුරාණ” කියන පොත හොයාගන්නෙ, ඒකේ ස්ත්‍රී හොල්මන ගැන විස්තර තියෙනවා.

කොහොමහරි ගමෙන් අතුරුදහන් වෙච්ච පිරිමි අයව බේරගන්න ස්ත්‍රී කියන හොල්මන හම්බුවෙන්න විකී, බිට්ටු එක්ක යන ගමනට විකීගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් එහෙමත් සම්බන්ධ වෙනවා. අන්න එතනදි තමයි එයා කියන්නෙ තමන් ගමට එන්න හේතුව වෙන්නෙ එයාගෙ ලඟම හිතවතෙකුත් ස්ත්‍රී මේ විදියට පැහැරගෙන ගිහින් තියෙනවා, එයාව බේරගන්න එක තමා තමන්ගෙ බලාපොරොත්තුව කියලා.

ඔය කතාව නිසා විකී හිතනවා යාලුවො මොනවා කිව්වත් තමන්ගෙ ගර්ල්ෆ් ෆ්‍රෙන්ඩ් කියන්නෙ ස්ත්‍රී නෙවෙයි කියලා.

අන්තිමේදි, විකී, බිට්ටු සහ රුද්‍රා ස්ත්‍රීගෙ බලකොටුවට ගිහින්, ජන්නාව බේරගන්න උත්සහ කරනවා. මේකේ අමුතුම සීන් එකා තමයි, ස්ත්‍රීට විකීව පැහැරගෙන යන්න බැරිවෙන්නෙ එයාගෙ ඇස් වලින් දිස්වෙන විකීගෙ අවංක ආදරය නිසා.කොහොමහරි ස්ත්‍රී මොකක් හරි හේතුවක් නිසා ජනාව ආයෙම ගමට එවනවා. හැබැයි ජනා ආපහු ආවට එයා පොඩ්ඩක් අමුතු ටයිප් එකේ මනුස්සයෙක් වෙලා. වෙනද වගේ නෙවෙයි හැසිරෙන්නෙ. අමුතු කතා තමයි කියන්නෙ.

මෙන්න මේ නිසා විකී එයාගෙ ගෑණු ළමයා එක්ක එක්කහු වෙලා, අර චන්දේරි පුරාණ් පොත ලිව්ව කතුවරයා උදව්වත් අරගෙන ස්ත්‍රීව පන්නල දාන්න කටයුතු කරනවා. එතනදි මේ කතුවරයා කියනවා, ස්ත්‍රී කියන අවතාරය මෙහෙම ගමට ඇවිත් පිරිමින්ව කිඩ්නැප් කරගෙන යන්නෙ අතීතයේදි එයාට වෙච්ච අසාධාරනයක් නිසා කියලා.

ස්ත්‍රීට කැමැත්තෙන් ඉඳපු එක මනුස්සයෙක් එයාගෙ මංගල රාත්‍රිය දවසෙ එයාගෙ සැමියාව මරලා දැම්ම නිසා කියලා.

අවසනේදී, කට්ටිය තේරුම්ගන්නව, මේ ගමට තියෙන ස්ත්‍රීගෙ ප්‍රශ්නෙ විසඳන්න පුලුවන් එකම විසඳුම තමයි, විකීව බිල්ලට දීලා, ස්ත්‍රීගෙ විවාහ දිනය ආයෙමත් පුනර්ජනනය කරලා, ස්ත්‍රීගෙ සාපයෙන් ගම බේරගන්න එක කියලා.

ඉතිං, විකීට ස්ත්‍රීගෙන් ගම බේරගන්න පුලුවන් වෙයිද?

අන්න ඒක දැනගන්න නම් ඔයාල මේ අපූරු චිත්‍රපටය බලන්නම ඕන.

ඒ විතරක් නෙවෙයි මේ අවුරුද්දෙ Stree දෙවනි චිත්‍රපටයත් Release වුනා. ඉතින් ෆිල්ම්ස් දෙකම බලලා කතාව ලස්සනට Complete කරගන්න ඔයාලට දැන් පුලුවන්!

Related Articles

Don't Miss


Latest Articles