පසුගිය දවස්වල අපේ ඉසුරි අක්කා ලියපු සංවේදී ආටිකල් එකක් Smart Lady වෙබ් අඩවියේ පලවුණා “නිතාරි වල අතුරුදන් වෙන ගැහැණු ළමයින්ට ඇත්තටම මොකද උණේ” කියන Topic එක යටතේ.
අවුරුදු කිහිපයකට කලින් නිතාරි වල ගැහැණු ළමයි එක පාරටම අභිරහස් විදියට අතුරුදහන් වෙන්න පටන් අරගෙන තියෙනවා. පොලිසිය මේ සිදුවීම ඉතාම බරසාර විදියට අරගෙන මේ ගැන හොයලා බලන්න පටන් අරගෙන තියෙනවා. මේ ගැන හොයාගෙන යනකොට පොලිසියට දැනගන්න ලැබිලා තියෙන්නේ අමුතුම කතාවක් බව ඉසුරි අක්කා එයාගේ ලිපියෙන් අපි හැමෝටම කිව්වා.
ඉතින් අද චිත්‍රපට ගැන ලියවෙන අපේ මේ ආටිකල් සීරිස් එකෙන් අපි ඔයාලා වෙත අරගෙන එන්නෙ මෙන්න මේ අමුතු කතාව ගැන හැදිච්ච අපූරු චිත්‍රපටයක් ගැන. මේක Serial Killer Movie එකක් තමයි. හැබැයි මේක අපි හැමදාම බලන විදියෙ අර මාර නපුරු Serial Killer කෙනෙක් ඉන්න Movie එකක් නම් නෙවෙයි. ටිකක් විතර අමුතු පහේ එකක්.
ඉතින් අපි බලමු අද කතාවෙ මොකද වෙන්නෙ කියලා.
මේ චිත්‍රපටයේ කතාව වෙන්නෙ ඉන්දියාවෙ එක පැත්තක ළමයි අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. මේ පලාතෙ පොලිසියෙ මිනිස්සු හිතන්නෙ මේ ළමයි ගෙදරින් පැනලා ගිහිල්ලා කියලා. මේ චිත්‍රපටයේ නම Sector 36.
Film එක පටන් ගනිද්දිම අපිට පෙන්වන්නෙ 2005 දිල්ලි වල වෙන සිද්දියක්. මෙතන අපිට පෙන්වන්නෙ සෙටි එකක වැටිලා ටීවී බල බල ඉන්න මනුස්සයෙක්ව. එයාගෙ නම ප්‍රේම්. මේ ප්‍රේම් කියන්නෙ ටිකක් අමුතු විදියෙ මනුස්සයෙක්.එයාගෙ මේ අමුතු ගතිගුන වලට හේතුව මොකද්ද කියලා දැනගන්න නම් ඔයාලා මේ ෆිල්ම් එක ඉවර වෙනතුරුම බලන්න ඕන.
ප්‍රේම් මේ වෙලාවෙ ඉන්නෙ කෑම කන ගමන්. කෑම කාලා ඉවරවෙලා පිඟාන අරගෙන කුස්සියට එන ප්‍රේම් ඉන්නෙ ෆෝන් එකෙන් එයාගෙ ගෙදර අය එක්ක කතා කර කර. කොහොමහරි ඒ කතා කරන එක ඉවර කරලා ප්‍රේම් කරන්නෙ ගෙදර උඩ තට්ටුවට යන එක. ඒ යන එයා කබඩ් එකකින් පිහි දෙකක් එලියට ගන්නවා. මේ අතරෙම අපිට පෙන්වනවා ප්‍රේම් මේ ඉන්න ගෙදර බාතෲම් එකක වැටිලා ඉන්න ගැහැණු ළමයෙකුගේ මිනියක්. ඒ ගැහැණු ළමයා ඇඳගෙන ඉන්නෙ ඉස්කෝලෙ ඇඳුමක් බවත් අපිට තේරෙනවා.
ඊටපස්සෙ අපිට පෙන්වනවා පිහි දෙකත් අරගෙන ඒ ගෑණු ළමයා ළඟට යන ප්‍රේම් ඒ ගැහැණු ළමයගෙ සපත්තු දෙක ගලවලා දාලා ඒ ගෑණු ළමයගෙ කකුල් දෙක කපලා දානවා.
මේ සීන් එකෙන් පස්සෙ අපිට පෙන්වන්නෙ මේ චිත්‍රපටයේ ඊලඟ ප්‍රධාන චරිතයක් වෙන රාම් චරන් පාන්ඩේ කියන පොලිස් නිලධාරියාව. මේ පොලිස් නිලධාරියා කියන පුද්ගලයා සල්ලි වලට ඕනම දෙයක් කරන පොලිස් නිලධාරියෙක්. කොහොමහරි මේ පොලිස් නිලධාරියාව හම්බෙන්න පොලිසියට එනවා කෙනෙක්. එයාගෙ නම බාබු. බාබු ඉන්ස්පෙක්ටර් පාණ්ඩේව හම්බෙන්න එන්නෙ එයාගෙ දුව වෙච්ච තුම්පාව අතුරුදහන් වෙච්ච සිදුවීම ගැන කතාකරන්න.ඒ උනාට පාණ්ඩේ මේක එච්චර ගණන් ගන්නෙ නෑ. එයා ඒ වෙනුවට බාබු අතට සල්ලි ටිකක් දීලා කියනවා ඔයාගෙ දුව තව ටික දවසකින් ගෙදර එයි කියල.
එතනින් නැගිටලා එන අතරවාරෙ බාබු එයාගෙ අතේ තිබුන තුම්පා අතුරුදහන් වුනා කියල සඳහන් වෙන දැන්වීමක් පොලිස් නෝටිස් බෝඩ් එකේ දාලා එනවා. ඒ ගමන් බාබු දකිනවා ඒ විදියට අතුරුදහන් වෙච්ච තව ගොඩක් ලමයින්ගෙ දැන්වීම් ඒ නෝටිස් බෝඩ් එකේ තියෙනවා. ඉතින් තුම්පාගෙ දැන්වීම දකිද්දි අපිට දෙයක් මතක් වෙනවා.
ඒ තමයි තුම්පා කියන්නෙ වෙන කවුරුවත් නෙවෙයි ප්‍රේම් කලින් දවසෙ මරලා දාපු ගැහැණු ළමයා කියලා.
ඊලඟට පෙන්වන්නෙ මුඩුක්කු ප්‍රදේශයක ක්‍රිකට් සෙල්ලම් කර කර ඉන්න පොඩි ලමයි ටිකක්. කොහොමහරි මේ ලමයි ගහන එක පාරකට බෝලෙ ගිහින් වැටෙන්නෙ කුණු කාණුවකට. කොහොමහරි කාණුවෙන් බෝලෙ අරගෙන එන්න යන්න වෙන්නෙ අලි කියන ලමයට. කොහොමහරි බෝලෙ ගන්න යන අලිට කුණු කාණුවෙ තිබිලා හම්බෙන්නෙ අතක කොටසක්.
කොහොමහරි මේක නිසාම මුඩුක්කුවෙ ඉන්න මිනිස්සු පොලිසියට එන්න කියනවා මේ අත කාගෙද කියලා හොයාගන්න. මේකට එන්නෙ පොලිස් ඉන්ස්පෙක්ටර් පාණ්ඩේ. හැබැයි දැන් මේ අතක කොටසක් හම්බෙන එක ලොකු ඉන්වෙස්ටිගේශන් එකක් කරන්න වෙන වැඩක් හන්දා පාණ්ඩේ මේක නිකන් යටගහන්න වගේ හදන ගේමක් අපිට පේනවා. මේ වෙලාවෙ අපිට දකින්න ලැබෙනව ඒ ලඟම තියෙන ගෙදරක උඩ තට්ටුවේ ඉඳලා මේ දිහා බලන් ඉන්න ප්‍රේම්, පාණ්ඩේ තමන් දිහා බලපු ගමන් ටක්ගාලා ජනේලේ වහලා දානවා.
චිත්‍රපටයේ ප්‍රේම් ගේ චරිතෙ පෙන්නපු විදියටම අපිට තේරෙනවා මේ චිත්‍රපටයේ ඉන්න Serial Killer වෙන්නෙ වෙන කවුරුවත් නෙවෙයි ප්‍රේම් බව.
හැබැයි මිනිස්සුන්ට හිතාගන්න බැරි දෙයක් මෙතන තියෙනවා. ඒ තමයි ප්‍රේම් ඒ විදියට මුඩුක්කු ලමයිව මරලා එයාලගෙ ශරීරයේ කොටස් කපලා දාන්නෙ ඇයි කියන එක සහ එයාගෙ ගේ ලඟින්ම ගලා ගෙන යන කුණු කාණුවට ඒ ශරීර කොටස් දාන්නෙ ඇයි කියලා.
හම්බුනේ අතක් විතරයි. එතකොට කෝ අනිත් ශරීර කොටස් කියන එක.
ඉතින් ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න නම් මේ අපූරු කතාව ඔයාලා බලන්නම ඕන. Netflix ඔස්සේ Sector 36 චිත්‍රපටය ඔයාලට බලන්න ඉඩ ලැබෙනවා.
ඒ වගේම මේක ඇත්ත සිදුවීමක් මුල් කරගෙන හැදුණ චිත්‍රපටයක්. ඉතින් ඒ චිත්‍රපටයට පාදක වුණ ඇත්ත කතාව දැනගන්න ඉසුරි අක්කා ලිව්වා “නිතාරි වල අතුරුදන් වෙන ගැහැණු ළමයින්ට ඇත්තටම මොකද උණේ” ආටිකල් එකත් කියවන්න කියලා ඉල්ලනවා!