තාත්තා එක්ක Camping ගිය පුතාට වුණ දේ

පටන් ගත්ත පලවෙනි තත්පරේ ඉඳන්ම උද්‍යෝගය අඩු නොවී බලන්න පුලුව්න චිත්‍රපටයක් ගැන තමයි අද අපි ඔබත් එක්ක විස්තර බෙදාගන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම  ඔබ ත්‍රාසජනක චිත්‍රපට නරඹන රැල්ලට අයිති කෙනෙක් නම් ඔබ අනිවාර්‍ය්යෙන්ම මඟ නොහැර මේ චිත්‍රපටය නරඹන්නට ඕනෑ බව අපි බොහොම විශ්වාසයෙන් කියනවා. මේ චිත්‍රපටය තමයි 2024 අවුරුද්දේදී එලිදැක්වුණ The Hangman.

The Hangman චිත්‍රපටයට පාදක වෙන්නේ කෑම්පින් වලට කැලේකට යන  තාත්තා කෙනෙක් සහ පුතෙක්. අම්මා නැති වීම නිසා දුකෙන් ඉන්න තමන්ගේ පුතාගේ හිත හදන්න තමයි මේ තාත්තා මේ ගමන සැලසුම්  කරන්නේ. කෑම්පින් වලට ආව මුල් දවසේ රෑ දෙන්නා වෙන වෙනම කූඩාරම් දෙකක නිදාගන්නවා. ඒත් පහුවෙනිදා උදේ ඇහැරිලා බලනකොට තාත්තා දැනගන්නවා තමන්ගේ පුතා කූඩාරමේ නැති වග. චිත්‍රපටයේ කතාව දිග හැරෙන්නේ තමන්ගේ අතුරුදන් වුන පුතාව හොයාගෙන යන තාත්තාට මුහුණ දෙන්නට සිදුවෙන සිදුවීම් එක්ක.

චිත්‍රපටයට පදනම් වෙන ප්‍රධානම මතය තමයි අපායට යන දොරටු කිහිපයක්ම ලෝකය පුරා තැනින් තැන විසිරිලා තියෙන බව. චිත්‍රපටය වෙනුවෙන් පාදක කරගන්නේ ඒ අතරින් බටහිර වර්ජිනියාවේ තියෙන දොරටුව. චිත්‍රපටය පටන් ගන්නකොට ඒ දොරටුව විවෘ ත කරලා යක්ෂයන් නිදහස් කරගන්න යම් පිරිසක් ගැන අනාවරණයක් දැක ගන්න පුලුවන්. ඔවුන් යම් යක්ෂ ඇදහීමක නියැළෙමින් සිටින පිරිසක්. ඒ යක්ෂයාව තමයි චිත්‍රපටය පුරාවටම The Hangman කියන නමින් හඳුන්වන්නේ.

ඊට පස්සේ චිත්‍රපටයට අලුත් චරිත කාන්දු වෙනවා. එක ගෙදරක තරුණ ගැහැණු ළමයෙන් සහ පිරිමි ළමයෙක් ඉන්නවා. පිරිමි ලමයා ඔහුගේ ශරීරයට යම් මත් ද්‍රව්‍යක් ඇතුලු කරගන්නවා. ගැහැණු ළමයා මුදල් වගයක් ගනන් කරන ගමන් වෙනම සිහියක ඉන්නේ. ඒ අතරේදී ගැහැණු ළමයාට ඇහෙනවා මිදුල දිහාවෙන් යම් හඬක්.  ගැහැණු ළමයා හෙමින් සීරුවේ ඇවිල්ලා දොර විවෘ ත කරලා බලනකොටයි දකින්නේ තමන් එක්ක උන්න පිරිමි ළමයා එළියේ බෙල්ල වැළදාගෙන ඉන්න බව. මේ ගෑණු ළමයා හොඳටම බය වෙලා එතැනින් යන්න හදනකොටම ගේ ඇතුලේ ඉන්න  Hangman ගැහැණු ළමයාවත් මරලා දානවා.

ඊට පස්සේ තමයි ලියෝන් සහ ජෙසී කියන තාත්තයි පුතයි කෑම්පින් වලට කැලෑවට යන්නේ. මේ දෙන්නා කැලෑවට යන අතරේදී වෙනත් වාහනයක ඉන්න දෙන්නෙක් ඔවුන් දෙන්නා දිහා විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා ලියෝන් දැක්කත් ඔහු ඒක ඒ තරම් ගනන් ගන්නේ නැහැ. ඊට පස්සේ  මේ දෙන්නා කුඩාරම ගහන්න තැනක් හොයාගෙන, කූඩාරම සවි කරලා රෑ බෝ වෙලා එලියට වෙලා කතා කර කර ඉන්නවා. ජෙසී ඒ වෙද්දීත් ඉන්නේ අම්මාගේ මරණය නිසා වේදනාවක් එක්ක. අම්මා මිය ගිහින් අවුරුදු ගානකට පස්සේත් තාත්තා ඒ මරණය වුන විදිය ගැන කිසිම දෙයක් නොකියන නිසා ජෙසී තාත්තා එක්ක ඉන්නේ තරහකින් බවත් අපිට පෙන්නනවා.

ජෙසී තාත්තා එක්ක රණ්ඩු කරනවා අම්මා ගැන කතා කරන්නේ නැති එක ගැන. ඇත්තටම ලියෝන්ට තමන්ගේ බිරිඳගේ මරණය ගැන හිතන එක සෑහෙන්න වේදනාවක් නිසා තමයි, ඔහු ඒ ගැන කිසිම කෙනෙක් එක්ක කතා නොකර ඉන්නේ.

” ඇයි තාත්තා අම්මාව බේරගන්න මුකුත් නොකලේ?..

ජෙසී දිගින් දිගටම ලියෝන්ව ප්‍රශ්න කරනකොට ලියෝන් තමන්ගේ පුතාට  කෑ ගහලා බනිනවා. ජෙසී  ලියෝන්ව එතැන තනියෙන්ම දාලා, කූඩාරම ඇතුලට යනවා.

ඊට පස්සෙන්දා උදේ ලියෝ කෑමත් සූදානම් අක්‍රලා ජෙසීව ඇහැරවන්න කූඩාරමට යනවා. ඒත් ජෙසී කූඩාරමෙන් එලියට එන්නේ නැහැ. ලියෝන් හිතනවා ඊයේ රෑ තමන් එක්ක ඇතිවුන වාදය නිසා ජෙසී තමන් එක්ක අමනාපයෙන් වෙන්න ඇති කියලා. ඒ නිසා කූඩාරම ළඟට ගිහින් ඔහු ඒ වෙනුවෙන් තමන්ගේ පුතාගෙන් සමාව ඉල්ලනවා. ඒත් ජෙසී කූඩාරමෙන් එලියට එන්නේ නැහැ.

” එහෙනම් ඔයා ඔහොමම ඉන්න .. මම පොඩි ගමනක් යනවා…”

ලියෝන් එහෙම කියලා ඇවිල්ලා කාර් එක ස්ටාර්ට් කරත්, කාර් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. කාර් එකේ බොනට් එක ඇරලා බලන ලියෝන් තිගැස්සෙනවා. ඔහු දකිනවා මකුළුවෙකුගේ හැඩය ගත්ත පෙන්ඩන්ට් එකක් බොනට්ටුවේ තියෙනවා. ලියෝන් ඒක දැක්කම කලබල වෙනවා. ඔහු වහාම ජෙසී උන්න කූඩාරම ලඟට දුවලා යනවා.

ලියෝන්ට ඕනෑ වෙන්නේ පුලුවන් තරම් ඉක්මනින් කෑම්පින් සයිට් එකෙන් ඉවත් වෙන්න. ජෙසී කිසිම ප්‍රතිචාරයක්  නොදක්වන හින්දා කූඩාරමට එබිලා බලන ලියෝන් දකිනවා  ජෙසී කූඩාරමේ නැති බව.

ඉතින්, මේ තාත්තා හොඳටම කලබල වෙලා පාරට ඇවිල්ලා ජෙසීව හොයාගෙන යනවා. ටික දුරක් ඇවිදගෙන යනකොට ලියෝන් දකිනවා පාරේ වාහනයක් එනවා. ලියෝන් මේ වාහනයෙන් උදව්වක් බලාපොරොත්තුවෙන් වාහනයට අත දානවා. වාහනේ ලියෝන්ව පහු කරගෙන ගිහින් නවතිනවා.  ඒ වාහනේ ඉන්න පිරිමි කෙනා   මයික් එකකින් කියනවා ලියෝන්ට දණ ගහන්න කියලා. කිසිම දෙයක් හිතාගන්න බැරි වෙන ලියෝන් බිම දණ ගැහුවාම වාහනෙන් දෙන්නෙක් බහිනවා. ඒ බිලී සහ ස්කොට්.  ඒ දෙන්නා ලියෝන්ව තවත්  කෙනෙක් ළඟට අරගෙන යන්න කතා කරමින් ඉන්න අතරේ ලියෝන් කැලෑවට පනිනවා.

” අපි ඔයාව  කොහොම හරි හොයාගන්නවා…”

ලියෝන් කැලෑවේ ඇතුලටම දුවනකොට මයික් එකෙන් එහෙම කියනවාත් ඇහෙනවා. ඒත් ලියෝන් නවතින්නේ නැහැ.

ඊට පස්සේ ලියෝන් දකිනව කැළෑව ඇතුලේ කවුරුහරි හිටගෙන ඉන්නවා කියලා. ඊටත් පස්සේ ලියෝන් ඒ ගැන විමසිල්ලෙන් පස්සෙන් පස්සට එනකොට ලියෝන්ගේ ඔලුවේ යමක් ගෑවෙනවා. ආපස්සට හැරිලා බලනකොට ලියෝන් දකින්නේ මරලා එල්ලලා තියෙන කාන්තාවක්. ලියෝන්ට වමනේ යන්න එනවා. එහෙමම ආපස්සට හැරිලා කැලෑවෙන් පිටතට දුවලා එන ලියෝන් වමනේ දාන ගමන් ඒ සිදුවීම ගැන ආයෙම හිතලා බලනවා.

ඒ අතරේ ලියෝන්ව දකින තව කාර් එකක්  ලියෝන්ව දැකලා   කාර් එක නවත්තලා අහනවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. ලියෝන් ඒ කාර් එකේ ආව කේන් කියන කෙනාට තමන් දැකපු දේ කියනවා. ඒ වෙලාවේ කේන් ලියෝන්ට කියනව තමන් එක්ක යන්න එක්ක කියලා. ලියෝන් කාර් එකට ගොඩ වෙනවා.

” මෙතනට ළඟම පොලිසිය කොහෙද?..”

ලියෝන් කේන්ගෙන් අහනවා.

” මෙහෙ කිසිම පොලිසියක් නැහැ.. ඒ වගේම මෙහෙට කිසිම නීතියකුත් නැහැ…”

ඊට පස්සේ කේන් ලියෝන්ව ඔහුගේ නිවසට අරගෙන යනවා. ඒ ගියාම කේන් කියනවා මේ ප්‍රදේශයේ සියලුම පාලනයන් කරන්නේ මත්‍ ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් බව.

ඒ අතරේ මුල්ම කාර් එකේ ආව බිලී සහ කාන්තාව මුලදීම මැරුණ තරුණයා සහ තරුණිය ඉන්න ගෙදරට යනකොට Hangman ස්කොට්  පහර දෙනවා. ස්කොට්ව  මරලා එල්ලනවා. ඒක දකින බිලී සතුටින් මකුලු පෙන්ඩනයක් අතට අරගෙන යක්ෂයා අදහමින් යමක් කියවන බව පෙන්නවා.

ඒ අතරේ ලියෝන් කේන්ට තමන්ට සිදුවුන සියලුම තොරතුරු කේන්ට කියනවා. ඒ අතරේ කේන්ට ඇමතුමක් එනවා. කේන් ලියෝන්ට කියනවා ඒ ඇමතුමට පෞද්ගලික නිසා ඔහුට තනිව කතා කරන්න දීලා එලියට  යන්න කියලා.

“මට ලියෝන්ව ඕනි ….”

කේන්ට එන ඇමතුමෙන් කියැවෙන්නේ එහෙම.

ඉතින් ඊට පස්සේ The Hangman චිත්‍රපටයේ වෙන්නේ මොනවද කියලා දැනගන්න නම්, ඔබ අනිවාර්‍යෙන්ම චිත්‍රපටය නරඹන්නම වෙනවා. දර්ශනයෙන් දර්ශනය අලුත් වෙන කතාවක් තියෙන මේ අපූරු චිත්‍රපටය නරඹලාම කොමෙන්ටු තීරයේ ඒ ගැන කියාගෙන යන්න කියලත් අපි ආරධනා කරනවා. 

Related Articles

Don't Miss


Latest Articles