අද අරගෙන ඉන්නෙ ඉන්දුනීසියන් චිත්රපටයක් ගැන විතරයක්. මේක Horror Film එකක්. ඒ වගේම ටිකක් වෙනස් තේමාවක් ඔස්සේ දිග හැරෙන චිත්රපටයක් කියලා කියන්නත් ඕන.
Do You See What I See කියන මේ ඉන්දුනීසියන් Horror Movie එක Release වුනේ මේ අවුරුද්දෙදි. හැමදාම අපි බලලා තියෙන Horror Movies වලට එහා ගිය වෙනස් තේමාවකින් ලියවෙච්ච මේ චිත්රපටය ඇත්තටම අපූරු එකක් කියලා කියන්නම ඕන.
එක එක රටවල එක එක විදියෙ සම්ප්රදායන් තියෙනවනෙ. මේ Horror චිත්රපටයට පාදක වෙන්නෙ ඉන්දුනීසියාවෙ තියෙන ඒ වගේ ඔසප් වීම ගැන කතාවෙන එක් සම්ප්රදායක්.
මාවර් කියන්නෙ තරුණ ගැහැණු ළමයෙක්. මෙයාගෙ අම්මයි තාත්තයි දෙන්නම ජීවතුන් අතර නැහැ. එයා එයාගෙ යාලුවො එක්ක හොස්ටල් එකක තමයි ජීවත් වෙන්නෙ. මාවර්ට ආදරය කරන්න කෙනෙකුත් නැහැ. එයා කෙනෙක් හොයාගන්න කොච්චර ලොකු කැමැත්තක් දැක්වුවත් තාම එයාට හරියන කෙනෙක් සෙට් උනෙත් නැහැ.
ඉතින් දවසක් මාවර් යනවා එයාගෙ අම්මගෙයි තාත්තගෙයි සොහොනට. මේක පොඩ්ඩක් විතර පාලු තැනක්. මේ යන දවසෙදි මාවර් ඉන්නෙ ඔසප් හැදිලා.
මෙන්න මෙදා තමයි මාවර්ට එයාට ආදරේ කරන්න කෙනෙක් හම්බෙන්නෙ. එයාට ආදරය කරන්න කෙනෙක් හම්බුවෙනවා. අපිට මුලින් පෙන්වන්නෙ නෑ ඒක වෙන්නෙ කොහොමද කියලා. කොහොමහරි මේකෙන් පස්සෙ මාවර් ඉන්නෙ හරිම සතුටෙන් කියල එයාගෙ යාලුවන්ටත් තේරෙන්න ගන්නව. ඒත් එයාලා දන්නෙ නෑ තවමත් කවුද මාවර්ගෙ පෙම්වතා කියලා. මුල් දවස් ටිකේ කිසි අවුලක් නැති උනාට ටික දවසක් ගිහිල්ලා මහ අමුතු දේවල් මේ බෝඩිම ඇතුලෙ වෙන්න පටන් ගන්නවා.
කාටවත් හිතාගන්න පුලුවන් වෙන්නෙ නෑ ඇයි ඇත්තටම එහෙම දේවල් වෙන්නෙ කියලා.
එක එක සද්ද ඇහෙනවා. මාවර් අමුතු විදියට හැසිරෙන්න ගන්නවා. මේකට හේතුව කිසිම කෙනෙක් තාම දැක්කෙ නැති මවර්ගෙ බෝයි ෆ්රෙන්ඩ් ද කියන ප්රශ්නෙ හැමෝටම තියෙනවා.
කතාව පටන් ගන්නෙ මෙන්න මෙහෙම තැනකින්.
චිත්රපටයෙ පලවෙනි දර්ශනයේ අපිට පෙන්වන්නෙ 1986 අවුරුද්දෙ නොවැම්බර් 25 වෙනිදා රාත්රියෙ වෙන අමුතු සිද්දියකින්.හයියෙන් වහින දවසක සොහොන් කොතකට එන මනුස්සයෙක් එක සොහොනක් හාරලා ඒකෙන් ගොඩගන්න මල සිරුරක් කරත්තෙක දාගෙන අරගෙන යනවා. එහෙම ගෙනියන්නෙ ගෙදරකට. ඒ ගෙනියන මල සිරුර නාවලා, මල සිරුර උඩින් මොනවද ලියපු කාඩ් වගයක් තියලා මෙයා මන්තරයක් මතුරන්න පටන් ගන්නවා.
මේ හැමදෙයක්ම එයාගෙ දුව හැංගිලා බලන් ඉන්නව. මන්තරයේ කියද්දි එකපාර පණ එන මල සිරුර බෙල්ල හරවලා අර හැංගිලා මේක දිහා බලන් උන්න මන්තරකරුගෙ දුව දිහා බලනවා. ඒත් ඒක උනේ කොහොමද සහ ඇයි කියන කතාව මෙතනදි අපිට දැනගන්න ලැබෙන්නෙ නෑ.
ඊට පස්සෙ එන්නෙ 1996 අවුරුද්දට එනව. මෙදා මාරව්ගෙ උපන්දිනේ. එයාගෙ යාලුවො දෙන්න ඇවිත් කේක් කපලා මාවර් එක්ක උපන්දිනේ සමරනවා.
අපිට ඒ පෙන්වන්නෙ අර උඩින් කිව්ව උපන්දිනේ දවසෙ ඔසප් හැදුන මාවර් තමන්ගෙ අම්මගෙයි තාත්තගෙයි සොහොන් කොත බලන්න යන දවසට. අද කාර්යබහුල දවසක් හින්දා එයාගෙ නංගි වෙච්ච මෙලටිට අද එන්න වෙන්නෙ නෑ කියලත් මාවර් එයාගෙ යාලුවො දෙන්නට කියනවා.
ඉතින් මාවර් තනියම කනත්තට යනවා. මේ වෙලාවෙ කවුරුවත් සොහොනෙ නෑ. මාවර් ඉතින් මෙතනට ගිහින් දුකට අඬනවා. මාවර් අම්මටයි තාත්තටයි කියනවා මට හරි පාලුවක් දැනෙනවා, අනේ මට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවනම් හොඳයි කියලා.
මේ වෙලාවෙම මහ අමුතු විදියෙ හුලඟක් සද්දයක් එක්ක මේ පැත්තට එන්න පටන් ගන්නවා. මාවර්ටත් පොඩ්ඩක් විතර බය හිතෙනව කවදාවත් නැතුව මෙහෙම වෙච්ච එකට.
ඒ නිසාම මාවර් ගෙදර යන්න එලියට ආවට කලු පාට බල්ලෙක් මාවර්ගෙ ඇඟට කඩන් පනිනවා, මාවර් ඒකට හොඳටම බයවෙනවා.
ඊලඟට පෙන්වන්නෙ මාවර්ලගෙ හොස්ටල් එකේ සීන් එකක්. මේ ගෑණු ළමයි ඉන්න හොස්ටල් එක භාරව ඉන්න කෙනාගෙ නම එම්පො. මාවර් එද්දි එයාගෙ යාලුවො දෙන්නගෙ පෙම්වතත් ඇවිත් ඉන්නව බෝඩිමට. එම්පො ඇවිත් කියනව දැන් ගොඩක් රෑ වෙලා නිසා පිරිමි ළමයි දෙන්නා ගියානම් හොඳයි කියලා.
අන්න ඒ වෙලාවෙ තමයි කට්ටියට මතක් වෙන්නෙ මාවර් තාම ආවෙ නෑනෙ කියල වගේම එයා කවදාවත් එච්චර පරක්කු වෙන්නෙ නෑනෙ කියල. අන්න ඒ වෙලාවෙම තමයි මාවර් එන්නෙ. මාවර් ඉන්නෙ වෙනදට වඩා ගොඩක් සන්තෝසෙන් කියල කට්ටියට තේරෙනව. ඒ ඇයි කියල ඇහුවට හිනාවෙනවා ඇරෙන්න මාවර් මුකුත් කියන්නෙ නෑ.
කට්ටිය විහිලු කරනව මොකද කොල්ලෙක්වත් සෙට් උනාද කියලා මාවර්ට.
ඊලඟට කාමරේට එන මාවර් එයා ලඟ තියෙන පෙට්ටියක් දිග ඇරලා ගන්න රතු රිබන් එකක් කොන්ඩෙ ගැට ගහන්නව. කොහොම උනත් මේ අතරවාරයෙම ෆෝන් එකට කෝල් එකක් එනවා. මාවර්ගෙ එක යාලුවෙක් ඇවිල්ල මේ ෆෝන් එකට ආන්ස්වර් කරනවා. ඒත් කවුරුවත් කතා කරන්නෙ නෑ. දෙවනි පාරටත් කෝල් එක ආවම එයාම තමයි ගන්නෙ. අන්න ඒ වෙලාවෙ ෆෝන් එකෙන් සද්දයක් එනවා.
හොඳට හුරු පුරුදු සද්දයක්. හොඳටම බය හිතෙන සද්දයක්
මොකක් කියලද හිතන්නෙ?
ඒක දැනගන්න මේ අපූරු Horror Movie එක බලන්න කියල මම යෝජනා කරනවා. සමහර විට මේ චිත්රපටයෙ නම කියල තියෙන විදියට ඔයාල බලල මට කියන්නකො Do You See What I See?