Acne එහෙමත් නැත්නම් කුරුලෑ කියන්නේ බොහෝ කාන්තාවන්ට තිබෙන ගැටලුවක්. කුරුලෑ සඳහා ඕනෑ තරම් ප්‍රතිකාර , ආලේපන සහ නිෂ්පාදන තිබුණත් නිසි ප්‍රතිඵල ලැබෙන ක්‍රමයක් සොයා ගැනීම එතරම් පහසු නෑ. කෙසේ වෙතත් කුරුලෑ ඇති වීම පහසුවෙන් පාලනය කරන ක්‍රමයක් ගැනයි මේ ලිපියෙන් අද අපි ඔබට කරුණු ගෙන එන්නේ.
කුරුලෑ ඇති වෙන්නේ ඇයි?
ඔබේ රෝම කූප තෙල් හා මැරුණු සෛල වලින් වැසී ගිය විට සමේ ඇතිවන තත්ත්වයක් සහ වෙනත් බැක්ටීරියා වර්ග නිසා සම මත ඇතිවන තත්ත්වයන් කුරුලෑ ලෙස හඳුන්වනවා. විශේෂයෙන්ම අධික තෙල් සහිත සමක් ඇති අයට කුරුලෑ වැඩි වශයෙන් ඇති වීම දක්නට පුළුවන්.මේ කුරුලෑ තත්ත්වයන් ශරීරයේ හෝමෝන වෙනස්කම් , ඇතැම් ඖෂධ , තෙල් අධික ආහාර වර්ග බහුලව භාවිතා කිරීම සහ මානසික ආතතිය නිසාත් ඇතිවීමේ හැකියාව තියෙනවා.
කුරුලෑ සඳහා Facial steaming
ඔබට තිබෙන්නේ අධික තෙල් සහිත සහ අධික ලෙස කුරුලෑ තිබෙන සමක් නම් facial steaming කියන්නේ ඉතාම ඵලදායී ක්‍රමයක්. Facial steaming කිරීම මගින් මුහුණේ සිදුරු පිරිසිදු කිරීම ප්‍රධාන වශයෙන් සිදුකෙරෙනවා.මෙමඟින් කුරුලෑ ඇතිවීම පාලනය කරන අතර ඔබ මුහුණට යොදන නිෂ්පාදන සහ ආලේපන වඩාත් ඵලදායී ලෙස අවශෝෂණය කර ගැනීමට ඉඩ සලසනවා.
කුරුලෑ සහිත සමකට Facial steaming මගින් ලැබෙන වාසි මොනවද ?
රුධිර සංසරණය වැඩි දියුණු කරයි
ඔබේ මුහුණට උණුසුම් ජල වාෂ්ප ඇල්ලීමේදී ඔබට හොදින් දහඩිය දැමීම සිදුවනවා.මෙය ඔබේ රුධිර වාහිනී පුළුල් වීමට හේතු වන අතර එමගින් ඔබේ සමට ලැබෙන රුධිර ප්‍රවාහය වැඩි කරනවා. රුධිරය ඔබේ සමේ සෛල වලට ඔක්සිජන් සහ අනිකුත් පෝෂ්‍ය පදාර්ථ වැඩි වශයෙන් ලබා දෙන විට ඔබේ සම නිරෝගී සහ දීප්තිමත් කරනවා.
ඔබේ සම හොඳින් පිරිසිදු කරයි
Facial steaming මගින් ඔබේ මුහුණේ සිදුරු විවෘත කර කුරුලෑ ඇති කරන කුණු සහ බැක්ටීරියා ඉවත් කරනවා. තවද එමගින් black heads සහ white heads මෘදු කරනවා. එවිට ඒවා පහසුවෙන් ඉවත් කිරීමේ හැකියාව ලැබෙනවා.
සමේ කොලජන් වර්ධනය වැඩි කරයි
ජල වාෂ්ප ඇල්ලීමේ ක්‍රියාවලිය මගින් ඔබේ මුහුණට ගලා යන රුධිර ප්‍රමාණය වැඩි කරන අතර එමගින් සමට හොඳින් ඔක්සිජන් සහ පෝෂ පදාර්ථ ලබාදීම සිදු කරනවා. එය සමේ නම්‍යතාවය වැඩි දියුණු කරන අතර කොලජන් නිෂ්පාදනයද වැඩි දියුණු කරනවා. එමගින් සමේ ඇතිවිය හැකි බොහොමයක් අහිතකර තත්ත්වයන් වලට විසඳුම් ලබා දෙන අතර සමේ පැහැය වර්ධනය කිරීම, සම දීප්තිමත් කිරීම, තෙල් නිෂ්පාදනය පාලනය කිරීම ඇතුළු හොඳ ප්‍රතිඵල ලබා දෙනවා.
සමේ තෙතමනය ආරක්ෂා කරයි
Facial steaming මගින් ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කරන අතර මුහුණේ සිදුරු විවෘත වූ විට ස්වාභාවික තෙල් නිකුත් වෙනවා. එසේ වීම මගින් කුරුලෑ ඇතිවීම බොහෝ දුරට පාලනය කරමින් සමට ඇතුළු වන ජල වාෂ්ප මගින් සමේ තෙතමනය හොඳින් පවත්වාගෙන යාම සිදු වනවා
කුරුලෑ පාලනය කර ගැනීම සඳහා නිවසේදීම Facial steaming කර ගන්නේ කොහොමද ?
මුලින්ම මෘදු පිරිසිදු කාරකයක් මගින් ඔබේ මුහුණ හොඳින් පිරිසිදු කරගන්න.මෙහිදී ඔබේ මුහුණේ ඇති කුණු දුහුවිලි සියල්ල ඉවත් වන පරිදි ඇඟිලි තුඩු වලින් මුහුණ පිරිමදිමින් හොඳින් පිරිසිදු කර ගැනීමට වග බලා ගන්න.
වාශ්ප ඇල්ලීමේ යන්ත්‍රයක් මගින් හෝ උණු වතුර භාජනයක් මගින් මුහුණට වාශ්ප ඇල්ලීම විනාඩි 10 – 20 ක් පමණ කාලයක් සිදු කරන්න.
ඉන්පසුව ඔබ කැමති ආකාරයේ මුහුණේ තෙල් පාලනය කරන සහ සම පෝෂණය කරන ස්වාභාවික Face mask එකක් මුහුණට යොදන්න
විනාඩි 15 කට පමණ පසුව සීතල වතුරෙන් මුහුණ සෝදා ගන්න.
පිරිසිදු තුවායකින් මුහුණ තෙත මාත්තු කරගෙන ටෝනර් එකක් හෝ මොයිස්චරයිසර් එකක් ආලේප කරන්න
Facial steaming කිරීම සතියකට වරක් සිදු කිරීම ප්‍රමාණවත් වන අතර ඒ අතරතුර ඔබේ සමට ගැලපෙන නිෂ්පාදන පමණක් භාවිතා කිරීමට වගබලා ගත යුතුයි.