“උදේ ඉඳන්, හවස් වෙනකල්, අතේ මුදල්, සතේට හිඳෙනකල්, අතේ ඇඟිලි රිදෙනකල්, කෙල්ල නිදියගන්නකල්, වචන රචන කරන එකම ක්‍රමය – SMS”
මේ සිංදුව 90 දශකයේ කට්ටියට විතරක් නෙවෙයි ඊයෙ පෙරේදා ඉපදෙච්ච කෙනෙක් උනත් අහලා ඇති. ඒ කාලේ මේ SMS ආගමනය එක්ක Trending වෙච්ච සිංදු ඇවිල්ලත් කොච්චර කල් ද කියලා හිතෙන්නෙ අද කාලෙ දියුණු තාක්ෂනය එක්ක අපි වටේ තියෙන දේවල් වෙනස් වෙන බව දැනගන්න හම්බුවෙන කොට.
ඉතින් ඒ වගේ අපි අලුතෙන්ම අරගෙන එන කතාව තමයි, දැන් ඉස්සර වගේ Phone එකට කොට කොට ඉන්න ඕන නෑ – සිතුවිලි වලින් Message කරන්න පුලුවන් කියන එක.
අතින් Message type කරපු කාලෙ ඉවරයි. සිතුවිලි වලින් Message type කරන්න පුලුවන් කිව්වොත් ඔයාලා ඒක පිළිගන්නවද?
ඔයා Phone එකෙන් හෝ Computer එකෙන් කරන ඕනම වැඩක් ඔයාගෙ අත් දෙක පාවිච්චි නොකර, අඩුම තරමෙ Voice command එකක්වත් පාවිච්චි නොකර සිතුවිලි වලින් විතරක් කරන්න පුලුවන් කිව්වොත් ඒක පොඩි magical ගතියක් තියෙන දෙයක් කියලා හිතෙනවා නේද?
මේකට කියන්නෙ Brain Computer Interfaces කියලා. මේ Brain Computer Interface එකකින් කරන්නෙ මොළය සහ බාහිර උපකරණයක් සිතුවිලි වලින් සම්බන්ධ කරන එක. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇත්තටම මේක වෙන්න පුලුවන් දෙයක් ද? එහෙමනම් කොහොමද මේක වෙන්නෙ? කියලා.
අපේ හැම සිතුවිල්ලක්ම, චලනයක්ම, හැඟීමක්ම ඇතිවෙන්නෙ නියුරෝන එකිනෙක අතර හුවමාරු කරන Electrical Signals වල ප්‍රතිපලයක් විදියට. Brain Interfaces මේ Signal අල්ලගන්න පුලුවන් විදියෙ Senses පාවිච්චි කරලා ඒ Signal Computer එකකට තේරුම්ගන්න පුලුවන් විදියෙ Command එකක් බවට පත්කරනවා.
ඉස්සර මේ වගේ දේවල් අපි දැක්කෙ Science Fiction Films වල එහෙම නැත්තම් පොත්වල නෙ. ඒ උනාට ඔන්න ඉස්සර Science Fiction චිත්‍රපට සහ පොත්වල දැකපු ඒ Magic එක දැන් ඇත්තක් වෙලා තියෙනවා. එහෙම හිතද්දිත් පොඩ්ඩක් පුදුමයි නේද?
America වල Neuralink කියන සමාගම එයාලගෙ දෙවනි Neuralink බද්ධ කිරීම මේ වෙද්දිත් කරලා ඉවරලු. ඉතින් මේ Implant එකෙන් පස්සෙ ඒ පුද්ගලයාට පුලුවන් වෙලා තියෙනවා එයාගෙ Video Game Play කිරීමේ හැකියාව improve කරගන්න වගේම CAPT Software use කරනා හැටි ඉගෙන ගන්න.
Brain Computer Interfaces නිසා ලොකුම වාසිය වෙන්නෙ විවිධ ආබාධවලට ලක්වෙලා paralyzed වුන කෙනෙක්ට robot arm එකක් පාවිච්චි කරන එක එයාගෙ සිතුවිලි වලින් control කරන්න එහෙම නැත්තම් එයාගෙ අදහස් හුවමාරු කරගන්න. කතා කරන්න බැරි කෙනෙක්ට පුලුවන් එයාගෙ emotions voice commands වලට හරවන්න. ඒ විතරක් නෙවෙයි ඇස් පේන්නෙ නැති, කන් ඇහෙන්නෙ නැති කෙනෙක්ට වුනත් ඒ හැකියාව නැතත් මේ වගේ දෙයක් පාවිච්චි කරල ඒ අඩුපාඩුව මගහරවාගන්න මේ Brain Computer Interfaces කියන Technology එක පාවිච්චි කරන්න පුලුවන්.
Brain Computer Interfaces (BCI) කියන්නේ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්රයේ දියුණුම තාක්ෂණයක්. මොළයේ සිතුවිලි සහ භාවිතා කරන උපකරණ අතර සම්බන්ධයක් ඇති කරලා, මොළයේ සිතුවිලි හරහා command එකක් ලබාගන්න විධියක්. ඒ කියන්නේ අපේ මොළය තුළ සිදු වන විවිධ විද්‍යුත් සංඥා සහ සංවේදන ක්‍රියාවලියන් අත්‍යවශ්‍ය උපකරණවලට දැනුම් දීමින්, පාලනය කිරීමේ හැකියාවක් ලබා ගැනීම තමයි මේකෙන් වෙන්නෙ.
Brain Computer Interfaces (BCI) ක්රමයේ ආකාර දෙකක් සමාජයේ හඳුනාගෙන තිබෙනවා.
- Invasive BCI: මෙහිදී මොළය තුළ implant එකක් සැකසීමෙන් මොළයේ නියුරෝන හා බාහිර උපාංග සම්බන්ධ කිරීම.
- Non-Invasive BCI: මෙය මගින් මොළයේ සිට බාහිර උපකරණ අතර සම්බන්ධතාවයක් ඇති කරයි. මොළය තුළ ඉන්පැලන්ට් එකක් නොකර, scalp EEG ආකාරයෙන් විදුලි සංඥා හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් භාවිතා කරයි.
BCI භාවිතා කරන ක්ෂේත්‍ර
1. රොබෝ අත් සහ රෝද පුටු: මනසේ සිටින සිතුවිලි ඔස්සේ මෙවැනි උපකරණ පාලනය කළ හැකියි. පාවාල් අහිමි වූ පුද්ගලයන්ට නැවත චලනයේ හැකියාවක් ලබා දීමට උපකාරී වේ.
2. වයර් රහිත ශීර්ෂ ආවරණ: මනසට සහය දෙමින් වැඩි දියුණු කිරීමට සහ වැඩ කටයුතු සඳහා උපයෝගී වේ.
3. සමාජ ජාල සහ ස්මාර්ට් නිවසේ උපකරණ: එනම්, ආලෝකය පාලනය කිරීම වැනි දේවල් BCI මඟින් කළ හැකියි.
4. ඉහළ ආරක්ෂක කටයුතු සඳහා ඩ්‍රෝන පාලනය: ආරක්ෂක අංශය BCI මඟින් ඩ්‍රෝන පාලනය කිරීමේ දී ප්‍රයෝජනවත් ලෙස භාවිතා කරනවා.
ඉතින් මේ Brain Computer Interfaces (BCI) කියන්නෙ ඇත්තටම ගොඩක් මිනිස්සුන්ට උපකාරී වෙන අලුත් විදියෙ තාක්ශණයක්. මේ තාක්ෂණය කිසිම දෙයක් කරගන්න බැරුව එකම තැනක ඉන්න කෙනෙක්ට වුණත් තමන්ගෙ මනස සහ සිතුවිලි පාවිච්චි කරලා තමන්ට තියෙන අපහසුතා සහ අඩුපාඩු මගහරවාගෙන අලුත් තාක්ශණය එක්ක ජීවිතේ ඉදිරියට කරගෙන යන්න!
ReplyForwardAdd reaction |