රන් මල් දම් – 5

පස් වැනි මල් දම

නිම්නාවී  දිලුම් අමතා රිය අනතුරෙහි කාන්තාව පිළිබඳව සොයා බැලුවාය. ඇය රෝහලෙන් පිටව ගොස් තිබීමේ සැහැල්ලුව දැනුනද, ඇයට ඇවිදීම අපහසු බැවින් සෑහෙන කලක් එක් ට්ඃඇන් වී සිටීමට සිදුවේය යන ආරංචිය නිසා නිම්නාවී යළි කලබලයට පත් වූවාය.

” කලබල වෙන්නෙපා අක්කේ.. හෙමින් නමුත් අනිවාර්‍යෙන් ඒ ආන්ටි ඇවිදීවී .. මම ඒ ආන්ටිගේ පුතා එක්ක ටිකක් සෙට් වුනා පහුගිය දවස් ටිකේ.. අපි ශේප් එකේ විස්තර හොයලා බලමු … අනෙක පොලිස් ඉන්වෙස්ටිගේශන් ඇදෙන පාටක් නෑ.. සීසීටීවී නැති නිසායි, දැකපු කෙනෙක් නැති නිසයි එහෙමම අතෑරේවි …”

දිලුම් එදින රාත්‍රියේ එලෙස කීවද, නිම්නාවීගේ සිතට සැහැල්ලුවක් දැනුනේ නැත. හිත සැහැල්ලු කරගන්නට උත්සාහ කරන හැම මොහොතකම අනතුරට පත් කාන්තාව හැර දමා තමා පැමීනි වරද ඕ පෙලමින් උන්නේය.

මන්දාරම් අම්මා කැටුව නිවෙසට පැමිණියාට ඔහුගේ හිතට කිසිම සැහැල්ලුවක් දැනුනේ නැත. අම්මා ඉතා ශක්තිමත් ගැහැණියකව උන්නාය. දැන් ඇය අසරණව එක් තැන් වී ඇත. තමා  ශක්තිමත් විය යුතු බව කෙතරම් සිතුවත් ඔහු තුල ඔහුට නොදැනෙන බිඳීමක් විය.

” ඈ චානා … අම්මා ළඟ තියන්න කවුරු හරි හොයාගන්න වෙනවා බං…”

එදින රැයේ මන්දාරම් චානක සමඟ බියර් කෑනයක් බෙදාගන්නා අතරේ කීවේය.

” මම ක්ලාස් එකේ කාර්ඩ් මාර්ක් කරන කොල්ලාට කිව්වා ඒ පැත්තෙන් කවුරු හරි ශේප් කෙනෙක් හොයන්න කියලා. උදේ හයහමාර හත වෙද්දී ඇවිල්ලා, ආයේ හවස පහට හයට යන්න ශේප් නේ…”

” ඔව්.. ඒක නම් අවුලක් නෑ.. ප්‍රශ්නේ තියෙන්නේ මොකා වුනත් විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් වෙන්නෝනි ….ඔක්කොම දාලා කරලා යන එකනේ…”

” ඒක තමයි බං මං අරූට කිව්වේ දන්න කෙනෙක් බලපං කියලා…. එතකල් අපි මාරුවෙන් මාරුවට හරි ගේමක් ගහමු … මට දෙක වෙනකල් අවුලක්ම නැතුව ගෙදර ඉන්න පුලුවන් නේ.. ඉන් එහා පැය දෙක තුනට දැනට ශේප්මන්ට් එකක් දාගමු…”

මන්දාරම්ද එයට එකඟ වූයේය. අම්මා තනිව දමා යන්නට කෙලෙසකවත් හිත හදා ගන්නට නොහැකි නිසා කල යුතු වන්නේ කෙලෙසින් හෝ ඇය තනි නොකර සිටීමට හැකි වන සේ දවස ගලපා ගැනීමය. ඒ අටහ්‍රවාරයේ ඇගේ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් වෙහෙසීමය. හැකි ඉක්මනි මාන්සිකව මෙන්ම කායිකවද ඇය සුවපත් කරගැනීමය. ඒ අතරවාරයේ අම්මාට මෙවන් විපතක් සිදු කර පලා ගිය අමනයා සොයා ගැනීමය. ඒ අතර වාරයේ අම්මා කැලණියේ සිට පානදුරට ගිය හේතුව ඇයට නොදැනෙන සේ විමසා සොයා ඝැනීමය. වෙනදා නිවසින් පිටතට ගියත් තමා සමඟින් හෝ තමාට පවසා කුලීඉ රියක් ගෙන්වාගෙනම යන අම්මා එතරම් දුරක් තනිව යන්නට තීරනය කිරීම මන්දාරම්ට සුලු කොට සැලකිය හැකිව තිබූනේ නැත. ඒ කෙලෙස වුවත්, අම්මාගෙන් ඒ ගැන විමසීම මේ මොහොතට යුතු නොවන බව චානකද එක හෙලාම පැවසීම තුල, මන්දාරම් ඉවසීමට තීරණය කලේය්.

මන්දාරම්ට එදින රැය සෑහෙන දිගු වූයේ නින්දත් නොනින්දත් අතරේ පෙරලෙමින් උන් නිසාය. එලෙසින්ම නිම්නාවීටද රැයෙහි වූයේ අඩ නින්දක්ම පමණි.  ඇය අතින් වූ රිය අනතුරට පසුව ඕ සුවසේ නිදාගත් දිනයක්  නොවූ තරම් ය.

දිලුම් අක්කාගේ මාන්සික විඳවීම  පිළිබඳව යම් කණස්සල්ලකින් සිටියද, ඒ වෙනුවෙන් කරන්නට යමක් ඔහුටද වූයේ නැත. ඔහු රන්දුලා හමුවීමත්, ඇය සමඟ ගෙවන කාලයත් වැඩි කලේ ඒ කණස්සල්ල මදකට හෝ අඩු කර ගැනීමටය. දිලුම් තමා සමඟ සිටින කාලය වැඩි වනවාය යනු, ඔහුට නිම්නාවී වෙනුවෙන් ඇති කාලය අඩු වීම අබ්ව වැටහුනද, රන්දුලාට දිලුම් පසෙකට කල හැකි වූයේ නැත. ඔහු තමා සමීපයේ සොයන්නේ නිවසේ නැති යම් සැනසීමක් බව හොඳින්ම වැටහෙද්දීම ඔහු පසෙකට කිරීම රන්දුලාට අපහසු විය.

පසන් නිම්නාවී මුණ ගැසීමට දින කිහිපයක්ම සැලසුම් සැකසූවද ඕ ඔහුව මඟ හරිමින් උන්නාය. අවාඅනයේ පසන් සවස හතත් පසුවී නිම්නාවී සොයා පැමිණියේ රාජිකා සහ ඩයස් දෙදෙනා නිවසට පැමිණෙනවාත් සමඟමය. නිම්නාවී සති තුනක් තිස්සේ පසන්ව මඟ හරිමින් සිටින බව දැනගත් දෙදෙනා විමතියට පත් විය.

” මේ ළමයා මේ දවස් ටිකේ හොල්මන් විදියට තමයි උන්නේ පසන් පුතා .. මොනවා මොනවා හිතේ තියාගෙන ඉන්නවාද දන්නේ නෑ.. කෝකටත් හොයලා බලන්න වෙනවා…”

රාජිකා දෙවරක් නොසිතා එලෙස  පවසද්දී ඩයස් ඇය වෙත අමනාප බැල්මක් හෙලුවේය. එහෙත් රාජිකාට ඉන් වගක් වූයේ නැත.

” ඔයා ඔය එරෙව්වා වගේ නෙවෙයි නේ ඩයස් … එයාගේ සෙල්ලම් එක එක විදියනේ… අන්තිමේදි පසන් පුතාලා අපි නේ මේවගෙන් කරදර වෙන්නේ…”

රාජිකා පිළිතුරුද දෙමින්ම පසන් සම්ඟින් නිවෙසට ඇතුලු වූවාය.

” එහෙම අවුලක්ම නෙවෙයි වෙන්න ඇති ආන්ටි ..  නිම්නාවිට ජොබ් එකක් කරන්න ආසයි කිය කියා හිටියේ.. ඉතින් මම කිව්වා ජොබ් එකක් හොයලා දෙන්නම් කියලා.. ඕක මට දවසින් දවස මිස් වුනා.. සමහරවිට ඔය  අවුල වෙන්නත් පුලුවන් .. දන්නේ නැද්ද ඉතින්…”

” අනේ එයා කරන ජොබ් පසන් පුතා .. එහෙම මේ ආවට ගියාට ජොබ් කරන්න පුලුවන්ද?.. කම්පැනි එකේ වැඩ වලට සපෝර්ට් කරන්න කියලා කොච්චර නම් කියනවද?… කෝ වගක්වත් නෑනේ.. එහෙවු ගෑණි කරන ජොබ්…”

පසන්ද එයට එකඟ වී හිස සැලුවේය. එහෙත් නිම්නාවීගේ යම් වෙනසක් ඇති වග ඔහු ඉතා ටහ්දින්ම අවධාරනය කරගත්තේය. පසන් අවසානයේ තමා සොයාගෙන නිවෙසටද පැමිණ ඇති වග වටහා ගත් පසු නිම්නාවී වෙස් සම්පූර්ණයෙන්ම වෙනස් වනසේ පෙරලා ගත්තාය, නාන කාමරයට වැදී නාගත්තයා. ඕ කාමරයෙන් පිටතට එන විට පසන් කෝපි කෝප්ප දෙකක්ම අවසන් අක්‍ර තිබුනි. පසන්ව දැක විමතියට පත් වූවාක් මෙන් නිම්නාවී ඔහු අස්ලටම විත් හිඳගත්තාය. ඉන් පසන්ගේ සිතෙහි වූ නොරුස්නා ස්වභාවය මදක් අඩු විය. නිම්නාවීට අවශ්‍ය වූයේද එයමය.

” නොකියාම ඇවිල්ලා…”

ඕ පසන් දෙස අමනාප බැල්මක් හෙලමින් කීවාය. පසන්ද එයට පෙරලා නෝකාඩු කීවේය.

” මඟ ඇරියා නෙවෙයි පසන් .. මේ දවස් ටික සෑහෙන ඩල්…. මට ටිකක් ඇතුලට වෙලාම ඉන්නයි ඕනිවුනේ.. ඔයාට මෙහෙ එන්න කියන එක අහ්‍රි නැති නිසයි මම ඉතින් ඔහේ උන්නේ …”

” ඒක අහ්‍රි වැඩක්නේ නිම්නාවී.. ඔයාට එලියට යන මූඩ් එකක් නොතිබුනා නම් කෙලින්ම ඒක කියන්න එපැයි ළමයෝ.. මට හිත් කියවන්න බෑනේ.. මං නිරපරාදේ නර්වස් වුණා…”

පසන් නෝක්කාඩුව දෙඟුණ තෙඟුණ කරමින් කීවේය. නිම්නාවී එයට සිනාසුනාය.

” ඇත්තටම ආදරේ අය හිත් කියවනවා….”

සෙත් වර්ණකුළ, රාහුල විද්‍යාලයීය වේදිකා නාට්‍යකදී රඟපෑ පෙන්වූ දෙබසක් සැනින් නිම්නාවීගේ සිතෙහි ඇඳි නැති වූවේය.

අපේක්ෂා ගුණැරත්න 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles