ජීවිතයේ කිසිවෙකුත් නොමැතිව අසරණ වූ සුසෑන්ට අත්වූ ඛේදණීය මරණය

ජීවිතවල ඉරණම්  ලියැවී තියෙන්නේ එක එක විදිහට.  සමහර ජීවිත හරිම සුන්දරව  ගලාගෙන යන අතරේ සමහර ජීවිතවලට උරුම වෙන්නේ දුකයි වේදනාවයි කඳුළුයි විතරයි. අපි ස්මාර්ට් ලේඩි  ඔබට ගෙන එනවා ඒ වගේ කඳුළු කතන්දර බොහෝමයක්. මේ කතන්දර කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබව අධෛර්යමත් කරන එක නෙවෙයි. සමාජෙ මෙන්න මේ වගේ දේවලුත් සිද්ධ වෙනවා කියලා ඔබට මතක් කරලා ඔබේ පරිස්සම් ඔබේ අවධානය තවත් වැඩි කරගන්න එක.

අද අපි කියන්න යන්නේ සුසෑන් කියලා ගෑනු  ළමයා ගැන. සුසෑන්  කියන්නේ බොහොම සමාජශීලී පවුලේ  අනිත් අය එක්ක බොහොම හිතවත්කමින් වැඩ කරපු ළමයෙක්.

ඒ වගේම යම් යම් කාරණා වලට ඇයව බොහොම පහසුවෙන් නැඹුරු කරගන්න පුළුවන් කියලා එයා වටේ ඉන්න කියලා තියෙනවා. ඒ වගේම අම්මා කියලා තියෙන්නේ ඇයි  පහසුවෙන් ඇයට වරදක් කරලා අයෙකුට පවා සමාව දෙන විදිය ගැහැණු ළමයෙක් කියලා.

සුසෑන් කියන්නේ තමන්ගේ ජීව විද්‍යාත්මක පියාව හරිහැටි නොදන්නා ගැහැණු ළමයෙක්. සුසන්ට අවුරුදු දහයක් වෙනකොට සුසෑන්ගේ අම්මා සුසෑන්ගේ පවුලට තවත් කෙනෙක් එකතු කරගන්නවා. අම්මා සහ බාප්පත් එක්ක අලුත් ජීවිතයක් ගෙවන්න හිතුවත් සුසෑන්ට අවුරුදු 14 දී ඔවුන් දෙදෙනා කියලා දික්කසාද වෙනවා. ඒ හින්දාම සුසෑන්  කියන්නේ පිරුණු ළමා වියක් තියෙන දරුවෙක් නෙවෙයි. දෙමාපියන්ගේ ජීවිතවල අඳුරු පැල්ලම් දරුවන් මතට වැටෙනවා කියන කතාවට සුසැනුත් හොඳ උදාහරණයක්.

අම්මා දික්කසාද වුනාට පස්සේ ඇය තීරණය කරනවා සොයුරියත් එක්ක  බාප්ප ළඟ ජීවත් වෙන්න .හැබැයි මේ බෙදී යාම එක්ක ඇගේ  පාසල් ගමන අඩාල වෙන්න පටන් ගන්නවා. එක දිගට ඉස්කෝලෙ යනවා කියන එක සුසන් කවදාවත් නොකර ඉන්න දෙයක් බවට පත්වෙනවා 

ගුරුවරු හොයලා බැලුවා වුනත් ඇය  ඒකටවත් පිළිතුරු දෙන්නේ නැහැ.  ඒ වගේම ඇය පුරුදු වෙනවා ඇගේ ජීවිතේ තිබුණු පාළුව මගහැර ගන්න ඇයට මුණගැහෙන හැම කෙනෙක් එක්කම හිතවත් වෙන්න.
ඉතාම ආචාර්යශීලි වුණු, අනිත් අයට බොහොම කාරුණික වුණු ගැහැණු ළමයෙක් නිසා දැන් වටේ හිතමිතුරන් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම ඕනම කෙනෙක්ට උදව් කරන්න සූදානමින් ඉන්න මිතුරොත් බොහෝ පිරිසක් එකතු වෙනවා.

එක කාලයක් යනකොට සුසෑන් බාප්පා  එක්ක වගේම අම්මා   ජීවත් වෙන්න පුරුදු වෙනවා. ඒ පරිසර දෙකේම ඇයට සුවපහසු බවක් තනාගන්න අය උත්සාහ කරනවා.

ඉන් ටික කාලෙකට පස්සේ සුසෑන්  කුඩා කාලයේදී  ඇයව බලා ගත්ත තරුණියකගේ නිවසේ නවතින්න යනවා. ඒ ගිහිල්ලා ඒ තරුණියගේ  ජීන් කියන සහෝදරයා  එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගන්නවා. සුසෑන්ට වඩා අවුරුදු දහයක් වැඩිමහල් වෙන මේ තරුණයත් එක්ක වන සුසෑන්ගේ  ප්‍රේම සම්බන්ධතාවය ගැන හොයලා බලන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ.

බාප්පාගේ  ගෙදරට වඩා සෑහෙන දුරකින් තිබුණු මේ සුසැන්ව බලා ගත්ත තරුණියගෙ ගෙදර විස්තර හොයන්න සුසන්ගේ බාප්පටවත්, අම්මටවත් මුලදී  වෙලාවක් තියලා තිබිලත් නැහැ. ඒ නිසාම සුසාන් ඇයට රිසි විදියට ඇගේ ජීවිතය ගෙවනවා. සුසෑන්ව  බලාගත්තු මේ තරුණියග සහ   ඇයගේ දරුවන් තිදෙනෙක් නිවසේ ඉන්නවා. ඒත් එක්කම ඇගේ සහෝදරයා,  ඇය කලින් විවාහ වෙලා හිටපු  ස්වාමිපුරුෂයා සහ ඇගේ හිතවතෙක් වුණු මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය චෝදනාවලට වැරදිකාරයා වෙලා කිහිප වතාවක්ම සිරගත වෙලා හිටපු තරුණයකුත් මේ ගෙදරම  ඉන්නවා.  මේ සියලු දෙනා අවුරුදු තිහට අඩු අය.

සොරකම් කිරීම් වලට අදාළව සිරගත වෙලා හිටපු තරුණය සුසෑම් උන්නු මේ ගෙදර ඉන්න කාලය වෙනකොටත් යම් යම් නීති විරෝධී ක්‍රියාවල  නියැලෙනවා. ඔහු කාර් සොරකම් කරලා, ඒවා මේ නිවසටම ගෙනල්ලා  විකුණනවා. ඒ වගේම  සොරකම් කරන ලද තවත් දේවල් නිවසේ තියාගෙන විකුනනවා.  මත්ද්‍රව්‍ය ගෙනල්ලා කුස්සියේ තියෙන තරාදියෙන් කිරලා  තවත් එන පුද්ගලයන්ට බෙදනවා. ඒ හින්දා මේ සුසෑන්  නැවතිලා හිටපු ගෙදර තිබුණෙ හරිම කාර්යබහුල, ඒ වගේම තරුණ ගැහැණු ළමයෙකුට නුසුදුසු තත්ත්වයක්.

” මම සුසෑයන්ට කොච්චර වත් කිව්ව ඔය ගෙදරට යන එක නවත්තන්න කියලා. නමුත් මට ඇයව නවත්තන්න පුළුවන් වුණේ නෑ…..”

බාප්පා එහෙම කියලා එහෙම කියලා තියෙනවා.

ඔය අතරේ සුසෑන්ගේ සහෝදරියත් ඇයව  ඒ ගෙදරින් එළියට ගන්න උත්සාහ කරනවා. නමුත් සුසෑන්  ඉන්නෙ ඒ නිවසේ අයට ඉතාම තදින් බැඳිලා.

” මම අයට පැහැදිලි කරා ඒ නිවසින් පිටතට එන්න කියලා. නමුත් ඇය මම කියන කිසිම දෙයක් තේරුම් ගත්තේ නැහැ. ඇය උන්නේ ඔවුන් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න බලාගෙන මම හිතන්නේ ඇගේ කරුණාවන්තකම,  ඔහුගේ මිතුරන්  විසින්   ඉතාමත් දරුණු සහ අයුතු විදියට අවභාවිතා කලා.

මෙහෙම කියන්නේ සුසෑන්ගේ සහෝදරිය.

එක දවසක් හවස සුසෑන් එක පාරටම  ඇයගේ අම්මගේ ගෙදරට එනවා. ජීන් එක ඇතිවුණු රණ්ඩුවක් අවසානයේ ජීන් විසින් ඇයට හොඳටම පහර දුන්නට පස්සේ තමයි ඇය එහෙම එන්නේ.

සුසෑන්ගේ අවාසනාවට සුසෑන්ගේ අම්මගේ අලුත් ප්‍රේමවන්තය කැමති වෙන්නේ නැහැ සුසැන්ව ගේ ඇතුලට ගන්න.

” අනේ අම්මේ මට ආදරයක් විතරක් ඉන්න දෙන්නෙ මටද යන්න වෙන දිහාවක් නැහැ. අනෙක දැන් හොඳටම රෑ වෙලා…….”

ළඟ ඉඳගෙන මෙහෙම කියලා ඇඬුවත්, තමාව  ලඟ තියාගන්න කියලා ඉල්ලුවත් සුසෑන්ගේ අම්මා සුසෑන්  වෙනුවට අලුත් ප්‍රේමවන්තයාගේ පැත්ත ගන්නවා. ඇය  එළියේ ඉන්නකොටම සුසෑන්ගේ අම්ම දොර වහලා දාලා ප්‍රේමවන්තයත් එක්ක නිවස ඇතුලට යනවා.

මේ සිදුවීමෙන් දවස් හතරකට පස්සේ ගිහින් ආයෙම සුසැන් ජීන්ව  මුණගැහෙනවා. එතැනද සුසෑන්  ඔවුන් දෙදෙනා වෙන්වෙලා ජීවත් වීම ගැන කියන්න  උත්සාහ කියලා කලත්  ජීන්ට එවැන්නක්  දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ . ඊට පස්සේ සුසෑන්ගේ ජීවිතය ඉතාම අවාසනාවන්ත කාලයක් ආයෙම පටන් ගන්නවා .

ඇයට දරුණු වද වේදනා විඳින්න සිදු වෙනවා.  සමහර දවස් වලට දවස් හතරක් පහක් ජීන් සුසෑන්ව ගැට ගහලා කාමරයක් ඇතුලට දාලා තියෙනව. හිරකාරයෙක් වෙලා ඒ කාමරේ ඇතුලට වෙලා ඉන්න ඇයට වෙනවා.  ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධතාවය ඇතුළ කටුක තිත්ත රස ඇරෙන්න අනිත් කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ

ඊට පස්සේ ජීන් සුසෑන්ට බල කරන්න පටන් ගන්නවා වෙනත් පිරිමින් එක නිදාගන්න කියලා. එතන යහන් ගත වෙන්න වෙන ඇතැම් මිතුරන් ජීන් ගේ නිවසට යාබදව තිබුණු අනිත් නිවෙස් වල හිටපු කාන්තාවන් එකත් යහන් ගතවෙන බවත් සුසෑන් ට දැනගන්න  ලැබෙනවා. කරන්න කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.

බයෙන් ගෙවන ඒ ජීවිතයේ ඇතුලේ තවත් ජීවත් වෙන්න ඕන නැහැ කියලා තීරණය කරන සුසෑන් ආයෙමත් බාප්පගේ ගෙදරට යනවා. ඒත් ජීන් සහ මිතුරන්  සූදානම් වෙන්නේ නැහැ සුසෑන්ව අත හරින්න.

” ඔයා ගැන බොහොම බලාපොරොත්තු වෙන්න ඉන්න පිරිමි ළමයෙක් අපේ ගෙදරට ඇවිල්ලා ඔයාව අහනවා. කරුණාකරලා ඇවිල්ලා එයාට කතා කරන්න එහෙම නැත්නම් මම එයාව මෙහෙට එක් කරගෙන එන්නද..”

ජීන් මෙහෙම කිව්වම බොහොම විශ්වසනීය බවක් හදාගන්න සුසෑන් ආයෙම ජීන් එක්ක ඔහුගේ නිවසට යනවා. බාප්පා අයව නවත්තන්න උත්සාහ කළත් ඇය නැවත එන්නේ නැහැ. ගෙදරට ගියාට පස්සේ තමයි සුසානෙට දැනගන්න ලැබෙන්නේ එනකම් බලන් ඉන්න වෙන කවුරුත්  නෙවෙයි ජීන්ගේ යාළුවෝ  කියලා. සුසෑන්  ගෙදරට ඇතුලු ගමන්ම ඔවුන් කට්ටියම  එක්ක එකතුවෙලා දාගෙන ඇයට පහර දෙනවා.

ඊට පස්සේ ඔවුන් කරන්නේ ඇගේ හිස කේ සම්පූර්ණයෙන්ම බූ ගාලා දාන එක  ඒ වගේම ඇගේ ඇහිබැමත් ඔවුන් විසින්ම කපා දමනවා. සියලුම රෝම ඔවුන් විසින් ඉවත් කරන්නේ ඇයට රිදෙන්නම. ප්ලාස්ටික් බෑගයක් ඇගේ හිස වටා  විදිහට දාලා හිර කරනවා.

ඊට පස්සේ ඔවුන් ගෙදර තිබුණු ලී හැඳි, එක එක උපකරණ වලින් ඇගේ හිසට පහර දෙනවා. ඇය බිම වැටිලා  තමන්ට දැනෙන වේදනාවෙන් ඇඹරි ඇඹරි කෑ ගැහුවත්  ඔවුන් කරන අමානුෂික වැඩේ නම් නවත්වන්නේ නැහැ. එදා රෑ ඔවුන් සුසෑන්ව කබඩ්  එකක දාලා ලොක් කරනවා කරනවා. පහුවෙනිදා උදේ සුසෑන්ව උඩ  තට්ටුවට අරගෙන යන මේ යාලුවෝ තුන්දෙනා උඩ තට්ටුවේ තියෙන කබඩ් එකක ඇයව ලොක් කරනවා. සුසෑන්  කෙඳිරි ගානවා. අඬනවා.

එක අනිත් අයට ඇහේවි කියලා බය හිතෙන ජිම්  සහ යාලුවෝ  ඇයව පරණ ඇඳකට තියලා ගැටගහනවා.  ඊට පස්සේ ඇගේ කටට පරණ මේස් ඔබනවා. තිබුණු පරණ නිවසකට ඇයව. අරගෙන යනවා.

එළඹෙන දවස් පහ සුසැන්ගේ ජීවිතය අඳුරුම දවස් පහ බවට පත්වෙනවා. ජීන් සහ ඔහුගේ මිතුරන් ඉතාමත් දරුණු වද බන්ධනයන්ට ලක් කරනවා. ඔවුන් ඇගේ ශරීරය පුරාම සිගරට් වලින් පිලිස්සුම් හදනවා. ඇයට දරා ගන්නට නොහැකි තරමේ වේදනා දෙන යම් යම් ඖෂධ සංයෝගයන් ඇයට එන්නත් කරනවා.

විවිධ පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය ඇගේ ශරීරය මතට දාලා පිරිසිදු කිරීමේ බුරුසු භාවිතයෙන් ඇගේ ශරීරය හම යනකල්ම අතුල්ලන්නත් ඔවුන් කටයුතු කරනවා. අපේ හැමදේකටම පස්සේ ඔවුන් ආයෙම සුසැන්ව  ඇඳේ තියල ගැටට ගහනවා.

ඒ අතරේ දී එතනට එන ජීන්ගේ යාළුවෙක් වෙන ගැහැණු ළමයෙකුත් සුසෑන් වද වේදනා විදිය හැකි දැකලා බොහොම සතුටු වෙනවා. ඇයත් ඔවුන් එක්ක එකතුවෙලා එකතුවෙලාට දිගින් දිගටම පහර දෙන්න කටයුතු කරනවා.
ජීම්  සහ ඔහුගේ මිතුරන් සිව් දෙනකුත්් මිතුරියත්  සුසෑන්ට ආගන්න බැරි තරමේ පද වේදනා දෙනවා.

” අපි සුසෑන්ව මෙහෙමම ගිහිල්ලා වලදාලා  දැම්මොත් ඇයව අඳුන ගනීවි අපි ඒ නිසා ඇගේ දත් ගලවමු….”

එක අමනුෂ්‍යයෙකුගේ ඉල්ලීමට අනිත් අය එකඟ වෙනවා. සුසෑන් පණ පිටින් ඉන්නකොටම ඔවුන් අඩුවක් පාවිච්චි කරලා සුසෑන්ගේ දත්  කිහිපයක්ම ගලවනවා.

ඊට පස්සේ ඔවුන් කරන්නේ ජීන්ගේ මිතුරෙක් හොරකම් කරපු මෝටර් රථයකට සුසැන්ව  දාගෙන මිටියාවතක් දිහාවට යන එක.
එක් තැනක සුසෑන්ව  කුඩා කන්දකින් පහළට තල්ලු කරලා ඇයව ගිනි තියන්න ඔවුන් සැලසුම් කරනවා .ඇගේ ඇඟට ගෑස් වර්ගයක් වත් කරලා ගිනි තියන්න උත්සහ කරත් කිහිප වතාවක් මවුන් අසාර්ථක වෙනවා. ඒත් අන්තිමේදී ඔවුන් සාර්ථක වෙනවා. ගිනි ගන්න දිහා  සතුටින් බලන් ඉන්න මිතුරෝ කට්ටි 6ය දෙනාම රාත්‍රී සාදයට අවශ්‍ය කරන දේවලුත් අරගෙන එතනින් පිටත් වෙලා යනවා

ඒත් සුසෑන්ගේ ජීවිතයේ වාසනාව තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඇයට සිහිය එනවා. අමාරුවෙන් නැගිටලා  එල්ලි එල්ලි ප්‍රධාන පාරට එනවා. ඒ පහුවෙනිදා උදෑසන . මේ විදියට සම්පූර්ණයෙන්ම පිච්චුණු කාන්තාවක් පාරේ ඉන්නවා දකින පාරේ ගමන් කරපු දෙන්නෙක්,  වහාමි ඇයව අසල නිවසක් අසලට රැගෙන යනවා. නිවසේ උන්නු පුද්ගලයෝ වහාම ගිලන් රථයකට කතා කරලා ඇයව රෝහල් ගතකරනවා. රෝහලේදි ඇය ඇයට එහෙම කරපු පුද්ගලයින් හය දෙනාගේම නම් ඔවුන්ගේ ලිපිනයන් එක්කම කියනවා. අවාසනාවට ඉන් පස්සේ ඇය දරුණු කෝමාවකට ලක්වෙනවා

වෛද්‍යවරු කියන්න යළිත් ඇයට සිහිය ලැබේවි කියලා විශ්වාස කරන්න බැහැ කියලා. ඇගේ ශරීරයේ සියයට 85කටත් වැඩියෙන් සම්පූර්ණයෙන්ම පිළිසිලයි තියෙන්නේ. ඒ වගේම ඇගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ටත් හානි වෙලාේ වෛද්‍යවරුන්ගේ මතය තහවුරු කරලා සුසෑම් 1992 දෙසැම්බර් 18 වෙනිදා අමානුෂික විදියට දුක් වේදනාව විඳලා මෙලොවින් සමුගන්නවා.

ඒ අතරේ වහාම ක්‍රියාත්මක වෙන පොලිසිය ජීන් සහ ඔහුගේ මිතුරන්ව අත්අඩංගුවට ගන්නවා. පොලිසියට සාක්ෂි ඔවුන්ගේ නිවස තුළින්ම හොයාගන්න පුළුවන් වෙනවා
එයින් සහ ඔහුගේ මිතුරිය පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගනිද්දිත් ඉන්නේ හරිම විශ්වාසයෙන් කිසිම දෙයක් නොකියා. ඒත් එතන හිටපු තවත් තරුණයෙක්ගේ පියා ඒ තරුණයාට අයදිනවා සිදු වුන හැමදේම කියන්නේ කියලා. ඒ අනුව ඔහු රජය පැත්තේ සාක්ෂිකාරයෙක් වෙලා වෙලා ඔවුන් විසින් සිදු කරපු හැමදේම කියනවා. ඒ කීව දේවල් හැටියට සුසෑන්ට ඒවද හිංසා කරපු අයට දෙන්න තියෙන උපරිම දඬුවම් ලැබුණත් ඒ වෙද්දි සුසෑන් නොකළ වරදකට වරදකාරයෙක් වෙලා දුක් වේදනාව ඉඳලා සමාජයෙන් හික්මිලා ඉවරයි.

යාලුවෝ හදා ගන්නකොට වගේම,  නන්නාඳුනන  මිනිස්සුන්ට ජීවිතයට එන්න දෙනකොට සැලකිලිමක් වෙන්න ඕනේ කියන කාරණාව මේ මරණය ඇතුලෙ අවුරුදු ගානකට පස්සේ ඔබට කියනවා.

අපේක්ෂා ගුණරත්න

Related Articles

Don't Miss


Latest Articles