අද අපි කතාකරන්න යන්නෙ 2001 අවුරුද්දෙ ආව Gothic Supernatural Psychological Movie එකක් ගැන. පරණ කතාවක් වුණාට අදටත් මේකේ රසේ නම් වෙනසක් අඩුවෙලා නෑ කියල හිතුණ හන්දම තමයි අපි අපේ චිත්‍රපට Article Series එකට මේ චිත්‍රපටයත් එකතු කරගන්න හිතුවෙ.
The Others (Los Otros) චිත්‍රපටය කියන්නේ 2001 වසරේදී නිකුත් වුණ ගොතික් අද්භූත මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක්. Alejandro Amenábar විසින් රචනා කර, අධ්‍යක්ෂණය කර, සංගීතය සම්පාදනය කරපු මේ කතාන්දරය, 1945 වසරේදී, දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමත් සමඟ සිදුවන අද්භූත සිදුවීම්වලට මූලිකව ජීවිතය ගෙවන පවුලක් වටා ගොඩනැගිච්ච එකක්.
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ග්‍රේස් ස්ටුවර්ට් (Nicole Kidman) තමන්ගේ කුඩා දරුවන් දෙදෙනා, ඈන් සහ නිකලස්, සමඟ ජර්සි නුවර පිහිටි විශාල, පැරණි ගෘහයක ජීවත් වෙන්නේ විශේෂිත සෞඛ්‍යමය තත්ත්වයක් නිසා. එයාලාගෙ අනිත් දරුවන්ට වඩා වෙනස් දරුවන් ආලෝකයට දැඩි සංවේදීතාවයකින් පෙන්වන රෝගයකින් පෙළෙන නිසා, මෙයාලා ජීවත්වෙන ගෙදර අඳුරු, බර තිර රෙදිවලින් ආවරණය කරපු තැනක්.
අලුතෙන් එන සේවකයන්
නව සේවකයන් තුන් දෙනෙකු – බර්තා මිල්ස්, එඩ්මන්ඩ් ටට්ල් සහ ලිඩියා – එම නිවසට එන එකත් එක්කම, එයාලගෙ මේ අන්දකාරයෙන් පිරිච්ච ගෙදර අමුතු සිදුවීම් වෙන්න පටන්ගන්නවා. ග්‍රේස්ට තම දරුවන්ගේ ක්‍රියාකලාප මත නිතර ප්‍රශ්නවලට මූණ දෙන්න සිදුවෙනවා. විශේෂයෙන්ම ඈන්, වික්ටර් නම් නොපෙනෙන අමුත්තෙකුට කතා කරනවා කියල දකින එකෙන්, ග්‍රේස් ඒක වෙන්න බැරි දෙයක් විදියට හිතුවට එයාගෙ හිත ඇතුලෙන් එයා ඒක විශ්වාස කරන්න පටන් ගන්නෙ අමුතු බයකුත් එක්ක. ඒකට තව හේතුවක් වෙන්නෙ ගෙදර ඇතුල තුළ අඩි සද්ද, වසා ඇති කාමර ඇතුලෙන් ඇහෙන අමුතු හඬ විලාප, පේන්න කවුරුවත් නැතත් පුටුවල කවුරුහරි වාඩිවෙලා ඉන්නවා පෙනෙන නිසා ග්‍රේස්ට වටහා ගන්න පුළුවන් වෙන්නේ මේ අමුතු දේවල් සාමාන්‍ය ආකාරයේ සිද්ධි නොවෙන එකත් තමන්ගෙ ගෙදර මොකක් හරි මහ අමනුස්ස බලවේගයකට යටත්වෙලා තියෙනවා කියන එකත් තමයි.
නිවසේ අද්භූත ක්‍රියාකාරකම්
ගේ ඇතුලෙ වෙන මේ අමුතු සිදුවීම් එක්ක මෙයාලා විශ්වාස කරන්න පටන් ගන්නව තමන්ගෙ ගේ ඇතුලෙ හොල්මන් ජීවත්වෙන බව. එක අවස්තාවකදි ග්‍රේස් දකිනව තමන්ගෙ දරුවගෙ ඇඟ ඇතුලට වෙන කවුරුහරි මනුස්සයෙක් ඇතුලු වෙලා තියෙනවා කියන එක. ග්‍රේස් කියන්නෙ කතෝලික මනුස්සයෙක්. එයා උත්සහ කරනවා තමන්ගෙ ආගම දහම අනුව මේ වෙලා තියෙන දේවල් වලින් තමන්ව වගේම තමන්ගෙ දරුවන්ව බේරගන්න විදියක් කල්පනා කරන්න.
මේ හැමදේම අතරෙදි අපිට පෙන්වන තව ටිකක් හිත ගැස්සෙන විදියෙ අමුතු සිදුවීමක්. ඒ තමයි යුද්ධෙදි මැරුණා කියල කියන ග්‍රේස්ගෙ ස්වාමි පුරුශයා වෙච්ච චාල්ස් හදිසියේම ගෙදරට එන එක. ග්‍රේස්ට මේකත් පොඩ්ඩක් හිතට කුතුහලයක් ඇති කරන දෙයක් වුණත් තමන් මෙච්චර දවසක් ස්වාමිය නැතුව දුකෙන් උන්නු කාලය දැන් අහවරයිනෙ කියල හිතලා හිතේ සතුටෙන් ඉන්න පටන් ගත්තට චාල්ස් ඉන්නෙ ජීවිතේ නිකන් එපා වෙච්ච ගාණට. ග්‍රේස්ට ඒකට හේතුවක් හිතාගන්න බැරිවෙනවා.
ටික දවසක් ගෙවෙද්දි තමයි ග්‍රේස්ට තේරුම් යන්නෙ මේ තමන්ගෙ ගේ ඇතුලට ඇවිත් තියෙන්නෙ, ජීවත්වෙන මිනිස්සු නොවන බවත්, වියෝවී ගිය ආත්මයන් බවත්. හබැයි ඒ වියෝවී ගිය ආත්මයන් කියල පෙන්වන්නෙ අපි ඇත්තටම හිතාගෙන ඉඳපු අය නෙවෙයි.
අන්න ඒක තමයි මේ චිත්‍රපටයෙ තියෙන ලොකුම Plot Twist එක.
The Others චිත්‍රපටය, විශේෂයෙන්ම Nicole Kidmanගේ රංගනය හේතුවෙන්, ඉහළ ප්‍රසාදයට පත් වුණා. ඒ වගේම මේක තමයි ස්පාඤ්ඤයේ පැවති ගෝයා සිනෙමා උලෙළදි සම්මාන රැසක්, හොඳම චිත්‍රපටය ඇතුලුව දිනාගත්ත පලවෙනි ඉංග්‍රීසි චිත්‍රපටය වුණේ.
මනෝවිද්‍යාත්මක, ගොතික් ත්‍රාසයක් එකට මුසු කරමින් සාමාන්‍ය “හොල්මන්” චිත්‍රපටයකට වඩා, නරඹන්නන්ට දුර්ලභ අත්දැකීමක් ලබා දෙන්න සමත් වුන චිත්‍රපටයක් විදියට මේක හඳුන්වන්න පුලුවන්. The Others, පවුල් ඇතුලෙ තියෙන සබඳතා, සත්‍යය හා මරණය පිළිබඳව ආකල්ප අභියෝගයට ලක්කරන, අද්භූත හා ත්‍රාසජනක චිත්‍රපටයක් කියල කියන්න පුලුවන් වගේම 2001 ආව එකක් වුණත් 2024 දි වුණත් ඉතාම කුතුහලයෙන් බලන්න පුලුවන් අපූරු චිත්‍රපටයක් කියලාකියන එක බොරුවක් නම් නෙවෙයි!
ReplyForwardAdd reaction |