නත්තලේ සුන්දරත්වය අපිට මතක් කරමින් සීතල සුළං හමායන රාත්‍රී කාලයන් මේ දවස්වල අපි කාටත් අත්විඳින්න ලැබෙන හරිම වෙනස් වගේම සුන්දර අත්දැකීමක්නේ.
ඉතිං මේ සීතල රාත්‍රීන් උණුසුම් කරමින් වෙනද පුරුදු බත්, පාන්, නූඩ්ලස්, රොටී වලින් ඈත්වෙලා රසම රස සුප් කෝප්පයක් එක්ක කර කරපු පාන් කෑල්ලක් කන්න තිබ්බොත් කොහොමද?
අපි අද එහෙනම් හදමු cream of mushroom සුප් එකක්.
අපිට හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය කීපයක් භාවිතා කරල හරි ඉක්මණින් හදාගන්න පුළුවන් මේ සුප් එක හදන්න ඕන කරන්නෙ මොනවද කියල එහෙනම් අපි බලමුකො.
අවශ්‍ය ද්‍රව්‍ය
බට්න් බිම්මල් / button mushroom 500 g ක්
බටර් 50 g ක්
පෙති කපාගත් සුදුලූණු බික් 05 ක්
සිහින්ව ලියාගත් ලොකු ලූණු ගෙඩි 02 ක්
ලුණු කුඩු තේ හැඳි 01 ක්
ගම්මිරිස් කැබලි
වතුර
සාදාගන්නා ආකාරය
මුලින්ම බට්න් බිම්මල් සිහින් පෙති කපාගන්න.
දැන් භාජනයක් ලිප තබා එයට බටර් එකතු කර බටර් දියවන විට ලූණු සහ සුදුලූණු එකතු කර හොඳින් කලවම් කරගන්න.
ලූණු මැලවුනු පසු පෙති කපාගත් බිම්මල් එකතු කර හොඳින් කලවම් කරගෙන විනාඩි 03 ක් පමණ මඳ ගින්නේ පිසගන්න.
එයට ලුණු කුඩු සහ රස අනුව ගම්මිරිස් කැබලි එක්කර නැවත හොඳින් කලවම් කරගන්න.
විනාඩියක් පමණ තබා එයට වතුර 500 ml ක් පමණ එකතු කරගෙන හොඳින් කලවම් කර භාජනයේ පියන වසා මඳගින්නේ විනාඩි 10 ක් පමණ පිසගන්න.
විනාඩි 10 කට පසු භාජනය ලිපෙන් ඉවතට ගෙන කාමර උෂ්ණත්වයට පැමිණෙන තෙක් නිවෙන්නට තබාගන්න.
නිමුණු බිම්මල් මිශ්‍රණය බ්ලෙන්ඩර් කෝප්පයට දමා කෑලි රහිත ක්‍රීම් එකක් වනසේ හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.
දැන් මේ බ්ලෙන්ඩ් කරගත් බිම්මල් මිශ්‍රණය ලිපේ තබාගත් භාජනයකට දමා ගන්න.
බ්ලෙන්ඩරයේ කෝප්පයට වතුර කෝප්පයක් එකතු කර එයද හොඳින් කලවම් කර ඒ වතුර ටිකත් ලිපේ තබාගත් භාජනයටම දමාගන්න.
දැන් මෙය හොඳින් මිශ්‍රකර තවත් වතුර කෝප්පයක් එයට එකතු කර හොඳින් කලවම් කර සුප් මිශ්‍රණය නටන තුරු ලිපේ තබාගන්න.
සුප් මිශ්‍රණය නටන විට ලිපෙන් ඉවත් කරගෙන උණුසුම්වම පිළිඟන්වන්න ඔබට පුළුවන්.
ඔබ කැමති නම් ලුණු ගම්මිරිස් ටිකක් එක්ක තෙම්පරාදු කරගත් බිම්මල් පෙති කීපයක් සුප් එකට එකතු කරගන්නත් පුළුවන්.
එහෙනම් මේ වගේම රසවත් කෑමකින් නැවත ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් අපි අද ඔබෙන් සමුගන්නවා.
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |