නත්තල් කෑම මේසය සරසන්න හරියටම ගැළපෙන කෑම වර්ග රාශියක් smart lady අපි මේ දවස්වල ඔබත් එක්ක බෙදාගත්තනේ. ඔන්න අදත් අපි ආවෙ ඒ වගේ රසම රස කෑමක් අරගෙනයි.
අද අපි හදන්න යන්නෙ කුල්කුල්. අපේ අසල්වැසි ඉන්දියාවේ ක්‍රිතුණු ආගමිකයන් වැඩි වශයෙන් ජීවත් වන ගෝවා ප්‍රදේශයේ සාම්ප්‍රදායික නත්තල් කෙටි කෑමක් විදිහට කුල්කුල්ස් හඳුන්වාදෙන්න පුළුවන්.
පිටි, රුලකං එකතු කරල හදල තියෙන පිටි මිශ්‍රණයක් ගැඹුරු තෙලේ බැඳල හදන මේ පැණිරස කෙටි ආහාරය අද වෙද්දි සාම්ප්‍රදායික ක්‍රමයෙන් තරමක් බැහැර වෙලා ටිකක් සැරට හැපෙන විදිහටත් පිළියෙල කරනව අපිට දැකගන්න පුළුවන්.
ඉතිං, එහෙනම් අපි මුලින්ම බලමු කුල්කුල්ස් එහෙමත් නැත්නම් කිඩියා හදාගන්න අපිට ඕන කරන්නෙ මොනවද කියල?
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි / all purpose powder නම් වඩා හොඳයි කෝප්ප 02 ක්
රුලං කෝප්ප ½ ක්
බිත්තර සුදු මද 02 ක්
ගිතෙල් හෝ දියකරගත් බටර් කෝප්ප ⅓ ක්
කුඩු කරගත් සීනි කෝප්ප ½ ක්
රස අනුව ලුණු
බේකින් පවුඩර් තේ හැඳි ¼ ක්
වතුර
පිරිසිදු වියළි අලුත් පනාවක් හෝ ගෑරුප්පුවක්
එහෙනම් අපි බලමු හරිම ලේසියෙන් කොහොමද කුල්කුල්ස් හදාගන්නෙ කියල?
සාදාගන්නා ආකාරය
මුලින්ම, තරමක් විශාල භාජනයක් ගෙන වතුර හැර ඉතිරි සියල්ල එම භාජනයට දමා හොඳින් කලවම් කරගන්න.
දැන් වතුර තේ හැන්ඳෙන් හැන්ඳ පිටි මිශ්‍රණයට එකතු කරමින් අතේ සහ භාජනයේ නොඇලෙන පිටි ගුලියක් සෑදෙන තෙක් අතින් හොඳින් මිශ්‍රකරගන්න.
හොඳින් වතුර බේරාගත් තෙත රෙදි කැබැල්ලකින් භාජනය වසා පැය භාගයක් තබාගන්න.
දැන් මේ පිටි මිශ්‍රණය කඩල ඇට ප්‍රමාණයට තරමක් ලොකු බෝල වලට කඩා වෙන්කරගන්න.
එක් බෝලයක් පනාව හෝ ගෑරුප්පුව මත තබා අතින් පැතලි කර රවුම් හැඩයට සාදාගන්න.
දැන් එම පැතලි රවුම අතින් සෙමින් රෝල් කර ඉවතට ගන්න.
මේ විදිහට ඉතිරි සියළුම බෝල පිළියෙල කරගන්න පුළුවන්.
භාජනයක් ලිප තබා එයට ගැඹුරු තේ බැදගැනීමට තරම් ප්‍රමාණවත් තෙල් එකතු කර තෙල් රත්වූ පසු සාදාගත් කුල්කුල්ස් තෙලට දමා රන්වන් පාට වනතුරු බැදගන්න.
තෙල් ඉවත්වූ පසු හුළං නොවැදෙන වියළි වීදුරු භාජනයකට දමා රසවිඳින්න දැන් ඔබට පුළුවන්.
ඔබ කැමති වතුර වල සීනි කෝප්ප 01 කට වතුර තේ හැඳි 03 ක් 04 ක් දමා ලිපතබා දියකරගෙන සාදාගත් ද්‍රාවණයක දමලා ඉවතට ගෙන හෝ මිරිස් කුඩු ලුණු කුඩු ටිකක් ඉහල වුනත් කන්න පුළුවන්.
එහෙනම් මේ විදිහට කුල්කුල්ස් හදල බලමු නේද?
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |