නව වසරට සූදානම් වෙන්නෙ කොහොමද?

ඉතින් අදින් මේ 2024 අවුරුද්ද අවසන් වෙනවා. 2025 අලුත් අවුරුද්ද කියන්නෙ ඇත්තටම අලුත් බලාපොරොත්තු, අලුත් හීන, අලුත් අභියෝග පිරිච්ච අවුරුද්දක්නේ. ඉතින් මේ තව දින කිහිපයකින් එළඹෙන අලුත් අවුරුද්ද අපි කොහොමද පිළිගන්නෙ? එහෙමත් නැත්තම් භාරගන්නේ?

ඒක තවත් දින 365 ක එකතුවක් විදියට භාරගන්නවද එහෙමත් නැත්තම් මේ ගෙවෙන අවුරුද්දෙන් ඉගෙන ගත් පාඩම් එක්ක අලුත් විදියට පටන් ගන්නවද කියන වගකීම අරගන්න ඕන අපිමයි. ඒත් අපි හිතුවා ඒ වගකීම ගන්න අපිට කරන්න පුලුවන් දේවල් කිහිපයක් ගැන ඔබත් එක්ක බෙදාගන්න.

ඕනම අවුරුද්දක් ගෙවෙන්නෙ අපිට අපේ ජීවිතයට අලුත් පාඩම්, අලුත් අරමුණු, අලුත් වගකීම් එකතුකරමින්. අලුත් අවුරුද්දක් ඇරඹෙන්නෙ අලුත් වෙන්නෙ ඒ ගෙවුණ අවුරුද්ද තුල අපි ඉගෙනගත් සහ මුහුණ දුන් දේවල් වල පෙරහුරුවෙන්.

1.       පරණ අවුරුද්ද සමාලෝචනය කරන්න

ඊලඟ අවුරුද්ද සැලසුම් කරන්න කලින් අපි ගෙවුණ අවුරුද්ද ගැන සිතන එක හරිම වැදගත්. ඕනම වසරක් අවසානයේ සහ අලුත් අවුරුද්දක් ආරම්භයේදි අපි මුලින්ම කලයුතු දෙයක් තමයි මේක. පහුගිය අවුරුද්ද තුල අපි කරපු හොඳ දේවල් සහ නරක දේවල් මොනවද? අපේ අතින් වුණ අඩුපාඩු මොනවද වගේ දේවල් ගැන මෙනෙහි කිරීමෙන් සහ තමන් විසින් තමන්වම සමාලෝචනය කිරීමෙන් අලුත් අවුරුද්ද අඩුපාඩු අවම, සම්පූර්ණ සහ සාර්තක අවුරුද්දක් කරගන්න අපිට ඉඩකඩ ලැබෙනව.

අලුත් අවුරුද්ද ආරම්භ කරද්දි අපි ගෙවල් අස් කරනවා, කබඩ් අස් කරනවා. එහෙම නැත්තම් අපි ජීවත්වන වටපිටාව පිරිසිඳු කරගන්නවනේ.

ඒ වගේම අපි අපිව ඇතුලාන්තයෙන් පිරිසිඳු කරගැනිමත් ඉතාම වැදගත්.

2.       අලුත් අවුරුද්දට අලුත් පෙනුමක්

ඔබේ පෙනුම සමඟ අලුත් දෙයක් කිරීමෙන් ඔබ නව වසරට පිවිසෙන විට ඔබට විශ්වාසයක් ඇති කර ගන්න පුලුවන්. ඔයා පරණ අවුරුද්ද පුරාවට කොණ්ඩෙ කපපු විදිය, ඇඳපු විදිය වගේ දේවල් ඔයාට මේ අලුත් අවුරුද්දෙ වෙනස් කරගන්න පුලුවන්.ඒ වෙනස සමහරවිට ඔයා හිතනවටත් වඩා ලොකු වෙනසක් ඔයාට වගෙම ඔයා වටේ ඉන්න අයටත් අරගෙන එන්න පුලුවන්.

3.       Fitness Routine එකක් අරඹන්න

අලුත් අවුරුද්දක් එනවා කියන්නෙ අපි අවුරුද්දකින් වයසට යනවා කියන එකනෙ. ඉතින් එන්න එන්න වයසට යද්දි අපි අපේ කෑම බීම රටාව වෙනස් කරගන්නවා වගේම ජීවිතේට ශාරීරික සුවතාව ගැන දින චර්‍යාවක් එක්කරගැනීමත් ඉතාම යෝග්‍යයි.

උදාහරණයක් විදියට අපිට පුලුවන් උදේට හරි හවසට හරි විනාඩි 20ක් විතර ඇවිදින්න යන්න. ඒකෙන් අපේ ශරීරයට සහ මනසට සිදුවන වෙනස මොනතරම් ද කියල ගණනය කරල බලන්න.

අලුත් අවුරුද්දත් ෆිට් එකේ ඉන්න.

4.       ආකල්ප වෙනස් කරගන්න

ආකල්ප කියන්නෙ අපේ ජීවිතේ ඉහළට යනවද පහලට වැටෙනවද කියන එක තීරණය කරන එක විදියක්නේ.

ඉතින් අපි ගාව තියෙන්නෙ නෙගටිව් ආකල්ප නම් ඔන්න මේ අලුත් අවුරුද්දෙ ඉඳල අපිට පුලුවන් අපේ ආකල්ප පොසිටිව් කරගන්න.ඒ ඔස්සේ අපිට පුලුවන් අලුත් අවුරුද්ද ඇත්තටම හොඳට, ධනාත්මක ආරම්භයකින් අරඹන්න.

ඒ වගේම ඔයා ඔයාවත් අගයකරන්න. ඔයා කරපු යම් හොඳ දෙයක්, වටින දෙයක්, වැදගත් දෙයක් තිබේනම් ඒ වෙනුවෙන් ඔයා ඔයාවම අගය කරන්න පටන්ගන්න.මොකද වෙන කෙනෙක් ඔයාව අගය කිරීම ඔයාට වඩාත් වටිනව වගේ පෙනුනට ඇත්තටම කරන්න අපහසු ඒත් කල යුතුම දෙයක් වෙන්නෙ ඔයා විසින් ඔයාව අගය කිරීම.

5.       ගෙවල් දොරවල් පිරිසිඳු කරගැනීමත් ඉතාම වැදගත්

අපි ඇතුළාන්තයෙන් පිරිසිදු වෙන්න අපි ඉන්න වටපිටාව පිරිසිදු වෙන්නත් ඕන. මොකද කුණු පිරුණ, ගඳ ගහන තැනක ඉඳගෙන අපිට බැහැනෙ ධනාත්මක දේවල් ලස්සන දේවල් ගැන හිතන්න.

ඉතින් අලුත් අවුරුද්ද අරඹන්න කලින් ලැබෙන කෙටි නිවාඩුවෙ ඔයාගෙ ගෙදර, කාමරය, බෝඩිම වගේම කාර්‍යාල මේසය වුනත් පිරිසිදු කරගන්න. අලුත් අවුරුද්දට අරගෙන යා  නොයුතු දේවල් අතෑරල දාන්න. ඒ අස්පස් කිරීමට යොදවන කාලය ඔයාට අයින් කරන්න ඕන දේවල් වගේම ළඟ තියාගන්න ඕන දේවල් මොනවද කියල තේරුම්ගන්න ඔයාට ලැබෙන වඩාත් වටින අවස්තාවක් වෙන්න පුලුවන්.

මේ අස් පස් කිරීමට ඔයාට ඔයාගෙ ඇඳුම් සහ සපත්තු කබඩ් වගේ දේවල් උනත් ඇඩ් කරගන්න පුලුවන්. ඒ කිව්වෙ ඔයා පහුගිය අවුරුද්දෙ අරගත්ත ඒත් අඳින්නෙ නැති ඇඳුම් සහ සපත්තු වගේ දේවල් තියෙනව ඉවත් කරන්න හෝ, භාවිතා කරන්න පුලුවන් දේවල් අසරණ කෙනෙකුට දෙන්න උනත් ඔයාලට පුලුවන්.

ඉතින් මේ විදියට අලුත් අවුරුද්ද ලස්සනට, සාර්තකව පටන් ගන්න ඔයාලා කරන දේවලුත් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා!

එහෙනම් ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles