ශරීරයේ අනවශ්‍ය රෝම කියන්නේ බොහෝ දෙනෙකුට තියෙන පොදු ගැටළුවක් වන අතර, සිනිඳු, රෝම රහිත සමක් ලබා ගැනීමට විශේෂයෙන්ම කාන්තාවන් උනන්දුවක් දක්වනවා.මේ සඳහා තාවකාලික වගේම ස්ථීර විකල්පත් මේ වන විට ලෝකයේ ප්‍රිය වෙමින් පවතිනවා. අනවශ්‍ය රෝම ඉවත් කළ හැකි ක්‍රම කිහිපයක් ගැනයි මේ ලිපිය.
Shaving
Shaving යනු අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා වඩාත් පහසුම සහ ජනප්‍රිය ක්‍රමයයි. රේසරයක් භාවිතා කිරීම මගින් සම මතුපිට ඇති අනවශ්‍ය රෝම කපා දැමීම සිදුකරන මෙය නිවසේදී භාවිතා කළ හැකි පහසුම ක්‍රමය ලෙස හඳුන්වන්නට පුළුවන්. ඉතා ඉක්මනින් සහ පහසුවෙන් සිදුකළ හැකි මේ ක්‍රමයෙහි ඇති අවාසිදායක තත්ත්වය වන්නේ ටික කෙස් ඉතා ඉක්මනින් නැවත වැඩීමයි. මෙම ක්‍රමය මගින් අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා විශේෂ කුසලතාවයක් හෝ දැනුමක් අවශ්‍ය නොවන නමුත් ප්‍රවේශමෙන් සිදු නොකළහොත් තම මත කැපීම් සහ තුවාල වීම් සිදුවිය හැකියි.
Waxing
Waxing මගින් සිදු කරන්නේ සමෙහි ඇතිවන අනවශ්‍ය රෝම එහි මූලයෙන්ම ඉවත් කර දැමීමයි.මෙම ක්‍රමය මගින් අනවශ්‍ය රෝම ඉවත් කිරීම නිවසේදී හෝ වෘත්තීමය වශයෙන් රූපලාවන්‍යාගාර වලදීත් සිදුකළ හැකියි. මෙය shave කිරීමට වඩා වාසිදායක වන අතර අනවශ්‍ය රෝම නැවත වැඩීම සඳහා සති කිහිපයක් ගත වනවා. ඒ වගේම මාස කිහිපයක් මෙම ක්‍රමය මගින් අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් පසුව නැවත හිසකෙස් වර්ධනය වීම අඩාල වන අතර එය ඉතා වාසිදායක වනවා.
Laser Treatments
ලේසර් කිරීම මගින් අනවශ්‍ය රෝම ඉවත් කිරීම තරමක් මිලෙන් අධික වුවත් මේ වන විට ලෝකයේ බහුලව භාවිත වන ඉතා ජනප්‍රිය ක්‍රමයක් ලෙස හැඳින්වෙනවා. මෙම ක්‍රමය සැසි කිහිපයක් සිදු කිරීමෙන් අනවශ්‍ය රෝම ඇතිවීම අඩුවීම සිදු වනවා. අවම අපහසුතාවයක් සහිත ක්‍රමයක් වන මෙය නිසි පුහුණුවක් සහ පලපුරුද්දක් සහිත රූපලාවන්‍ය ගාරයකින් හෝ සම සඳහා විශේෂඥයෙකුගෙන් සිදු කර ගත යුතුයි.
Electrolysis
ස්ථිර ලෙසම අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා FDA අනුමත කළ එකම ක්‍රමය Electrolysis හෙවත් විද්‍යුත් විච්ඡේදනයයි. එය රෝම කූප වලට කුඩා ඉඳිකටුවක් ඇතුළු කර විදුලි ධාරාවක් භාවිතා කිරීම මගින් එය විනාශ කර දැමීම සිදු කරනවා.
Threading
අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා භාවිතා කරන තවත් ප්‍රසිද්ධ සහ මිලෙන් අඩුම ක්‍රමයක් ලෙස මෙය සැලකෙන අතර රෝම එහි මූලයෙන්ම ඉවත් කිරීම මෙහිදී සිදු කෙරෙනවා. මෙම ක්‍රමය සාමාන්‍යයෙන් ඇහිබැම , නිකට සහ තොල් ආශ්‍රිතව තිබෙන රෝම ඉවත් කිරීම සඳහා මෙම ක්‍රමය භාවිතා කරන අතර වැක්ස් කිරීමට සාපේක්ෂව මෙම ක්‍රමය වේදනාවෙන් අඩු ක්‍රමයක් වෙනවා.
අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා ඔබ තෝරා ගන්නා ක්‍රමය මිල , වේදනාව අවම බව සහ ප්‍රතිඵල සහ කල් පැවැත්ම යන සාධක මත රඳා පවතිනවා. ඔබේ සමේ වර්ගය අනුව රූපලාවන්‍ය ශිල්පියෙකු හෝ තම පිළිබඳව විශේෂඥයෙකු සමඟ සාකච්ඡා කර මෙම ඕනෑම ක්‍රමයක් මගින් , විශේෂයෙන්ම දියුණු ක්‍රම මගින් අනවශ්‍ය රෝම ඉවත් කිරීම ඔබට සිදු කර ගත හැකියි.
ReplyForwardAdd reaction |