ඉස්කෝලෙ යන දුව කොල්ලෙක් එක්ක යාලුවෙලා. අම්මා කෙනෙක් විදියට මොකද කරන්නෙ?

කාලෙ කොච්චර වෙනස් වෙලා කිව්වත් ඒ කාලේ අපේ හිත් වැඩ කරපු තාලෙටම තමයි අද එදා අපි උන්නු වයසෙ ඉන්න අපේ දරුවන්ගෙ හිත් වැඩ කරන්නෙ. අපි එදා කරපු දේවල්ම තමයි අද ඒ වයස්වල ඉන්න දරුවො කරන්නෙ කියන්නෙ. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ අපි අද ඉන්න දරුවො කරන දේවල් දිහා බලන්නෙ එයාලගෙ වයසෙන් නොවී අපි දැන් ඉන්න පරිණත වයසෙන් වෙන එක.

ඒකම තමයි ගොඩක් වෙලාවට මේ දරුවන් සහ අම්මල අතර ගැප් එකක් ඇතිවෙන්න හේතුවෙලා තියෙන්නෙ. ඉස්කෝලෙ යන කාලෙ ප්‍රේම සබඳතා, ක්‍රශස් අපි හැමෝටම තිබුනනෙ. ඉතින් අපේ දරුවන්ටත් ඒ හැඟීම් තියෙන එකක් නෑ කියල කියන්න හෝ හිතන්න අයිතියක් ඇත්තටම අපිට නෑ.

ඉතින් ඇත්තටම, ඔයාගෙ ඉස්කෝලෙ යන වයසෙ දුව කොල්ලෙක් එක්ක යාලුවෙලා කියලා දැනගත්තම අම්මා කෙනෙක් විදියට ඔයා බව වෙන එක සාධාරණයි. අපේ කාලෙ වගේ ලියුමක් දෙකක් දීලා ඕක නතර වෙයිද, නැත්තම් ඊට එහා ගිහින් වෙන කරදරයක් කරගනීවිද, ඉගෙනීම කඩාකප්පල් කරගනීද, නම කැත කරගනීද වගේ ගොඩක් දේවල් මේ වගේ සිටුවේශන් එකකදි අම්මා කෙනෙක්ගෙ හිතට වද දෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. දුවෙක් කියන්නෙ අම්මගෙ පුංචි වර්ශන් එකක් වගේනෙ. පුංචි කාලෙ හැමදේම අම්මට ඇවිත් කිව්වට ලොකු වෙන්න වෙන්න ඒ දූ පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනවා. දේවල් හංගනවා. දිගටම අම්මා එක්ක කතා කර කර ඉඳල සෑහෙන දුරස් වෙනවා. ෆෝන් එකේ මූණ ඔබන් ඉන්නවා. තනියෙන් හිනාවෙනවා. ඕවා දැක්කම ඉතින් අම්මලා ඔටෝ කලබල වෙනවා. කෙන්ද කන්ද කරගන්නවා. ඒක තමයි අම්මා කම.

ඉතින් දුවා එක්ක කතා කරන්නෙ කොහොමද? නීති දැම්මට වැඩක් වෙයිද? තරහා අරගෙන ඇහුවාට ඇත්ත කියයිද? එහෙම නැතුව ආදරෙන් කතා කරොත් දරුවා අපි කියන දේ අහවිද? මේ වගේ ප්‍රශ්න ගොඩයි.

අම්මා කෙනෙක් විදියට මෙතනදි තේරුම්ගන්න ඕන දෙයක් තමයි දරුවො තේරුම් ගන්න දෙයක් තියෙනවා කියන එක. ඒ වෙන මුකුත් නෙවෙයි ඔයාගේ ආදරෙ, ආරක්ෂාව තමයි එයාට තියෙන විශ්වාසවන්තම දේ කියලා. එහෙම නැතුව, “අපි නම් ඔහොම නෑ ඉස්සර” කියලා කියන එක නම් එච්චර හරියන උත්තරයක් නෙවෙයි මේ වගේ අවස්තාවක මොකද ඒක ඉතින් තනි බොරුවක් කියල අපිම දන්නවනෙ නේද?

ඇත්තටම මේ වගේ අවස්තාවක අපි අම්මා කෙනෙක් විදියට හැසිරෙන්න ඕන මොන විදියටද? අන්න ඒ ගැනයි අද මේ ලිපියෙන් අපි ඔයාලා එක්ක බෙදාගන්න යන්නෙ.

1. දරුවට ඔයාව ව්ශ්වාස කරන්න ඉඩක් දෙන්න

ඔයා දරුවගෙ අම්මා බව ඇත්ත. හැබැයි මේ වගේ වෙලාවක, මේ වගේ දේවල් කරන වයසකදි ඔයා එයාට අම්මා විතරක් වෙලා මදි. හොඳම යාලුවා වෙන්නත් ඕනා. එයාගේ හැම හැඟීමක්ම ඔයාට හොඳින් තේරෙනවා කියල අඟවන්න ඕන. “ඔයාට ඕනම දෙයක් මට කියන්න පුලුවන්.” කියලා කියන්න. ඒ වචනය එයාට ඔයාව ඇත්තටම විශ්වාස කරන්න ඕනම දෙයක් බය නැතුව ඔයා එක්ක බෙදාගන්න උදව්වක් වෙන්න පුලුවන්.

2. දරුවන් දිහා තරහෙන් බලන්න එපා

දුව මහ ලොකු අපරාධයක් කරලා වගෙ හැසිරෙන්න යන්න එපා ඒක මේ වගේ ප්‍රශ්නයක් විසඳගන්න අමාරු වෙන්න පුලුවන්. “මට කතා කරන්න ඕනෙ!” කියලා එයාට නපුරු විදියට බය හිතෙන විදියට කතාකරනවට වඩා “එන්නකො අපි දෙන්න චුට්ටක් කතාකරමු” කියලා කියන එකෙන් පොසිටිව් උත්තරයක් ලැබෙන්න පුලුවන්.

3. දුවගෙ අදහසත් අහන්න

දුව මේ යාලුවෙලා ඉන්න කොල්ලා ගැන මොනවද හිතන්නෙ? එයා මොන වගේ කෙනෙක්ද? මොන වගේ පරමාර්තයකින්ද යාලුවෙලා ඉන්නෙ? වගේ දේවල් පොඩ්ඩක් හොයල බලන්න ඕන. මේවට උත්තර දුව එක්ක ඔයා කරන කතා බහෙන් උනත් හොයාගන්න පුලුවන් ඒවා බව අමතක කරන්න එපා.

4. පියවර පියවරෙන් කියල දෙන්න

දුවට තව දුර යන්න තියෙනවා. ජීවිතේ ලොකු ගමනක්. මුලින්ම හම්බුවෙන යාලුවම හොඳම යාලුවා වෙන්න ඕන නෑනෙ? මිනිස්සු වෙනස් වෙනවා. දැන් හිතන දේ, පස්සේ වෙනස් වෙයි කියන ඒවා එයාට හිමින් සැරේ තේරුම් කරලා දෙන්න.

5. ආදරය ලස්සනයි, හැබැයි…

දුවාට කියන්න ආදරය ලස්සන දෙයක් කියලා. හැබැයි ඒකෙ වගකීමකුත් තියෙනවා. හැම විටම ආදරේ කියන්නේ සතුටක්, හිනාවක් නෙමෙයි. දුක්වෙන්නත් පුළුවන්. ඒ ගැන දැනුවත් කරන්න අමතක කරන්න එපා.

6. ඔයාගෙ බය එයාට ලොකුවටම අඟවන්න එපා

“මට බයයි ඔයාට කරදරයක් වෙයි!” කියලා ඔයාගේ ආතතිය එයට පෙන්වන්න යන්න එපා. ඒක එයාටම තේරෙන විදියට කියල දෙන්න. එයාටම ඒක හිතන්න ඉඩ හදල දෙන්න.

7. දරුවව බොරුවට බය කරන්න එපා

දුවට හැම දේම තහනම් කරන්න යන්න එපා. තහනම් කළත්, ඇයව නවත්වන්න බෑ. තවත් හොරෙන් කරනවා විතරයි. ඒ වෙනුවට, “මට නම් හිතෙන්නේ මෙහෙම” කියලා එයා එක්ක නිවිහැනහිල්ලේ කතා කරන්න පටන් ගන්නා. එයා ගැන ඔයාට හිතෙන දේත් එයාගෙ හිතා ඇතුලෙ පැල කරන්න යන්න.

8. කොල්ලගේ පවුල ගැන අහන්න

එයා කවුද? එයාගේ පවුල කොහොමද? එයාගේ හැසිරීම කොහොමද? මිනිස්සු හොඳද? මේ දේවල් හිමින් සැරේ අහල බලන්න. ඒවයි නොගැලපීම් ගැන හරි මිත්‍රශීලිව කතාකරන්න. ජීවිට්ජේ ඇත්ත පැත්ත දරුවට කියලා දෙන්න.

9. දුවට අවකාශය දෙන්න

දුවටම තීරණ ගන්න ඉඩ දෙන්න. ඔයාගේ අදහස හිමින් සැරේ කියන්න, හිතේ පැලකරන්න අමතක කරන්න එපා. හැබැයි ඔයාගේ අදහස ගොඩක් සැලකිල්ලට ගන්න දරුවටම තමයි ඉඩ දෙන්න ඕන. ඒ නිසා, ඒකට ඉඩ දෙන්න.

10. අන්තිමට, නෙවෙයි, මුලදීම මතක තබා ගන්න

කීයටවත් මේ වගේ අවස්තාවකදි දරුවව ඔයාගෙන් දුරස්කරන්න එපා. ඒ දුරස්වීම එයාට අර පිරිමි ලමයට ලංවෙන්න හේතුවක් වෙන්න පුලුවන් ඒ වගේම, හෙට දවසෙ හොඳ තීරණ ගන්න පුළුවන් අයෙක් වෙන්නත් එයාට උදව් කරන්න ඕන වෙන කවුරුවත් නෙවෙයි ඔයාම කියන එක අමතක කරන්න එපා.

Related Articles

Don't Miss


Latest Articles