ලිංගාශ්‍රිත කැසීම් සහ ආසාදන ගැන ඔයා මොනවද දන්නේ?

ලිංගාශ්‍රිතව තිබෙන ශ්‍රාවයන් නිසා ඇතිවෙන කැසීම් සහ ආසාදන කාන්තා අපිට නුපුරුදු නැහැ. ජීවිතයේ එක්වරක් හෝ අප මෙවන් අවස්තාවන්ට මුහුණ දී තිබෙනවා. ඒ නිසාමයි ඒ ගැන හොඳින් දැනුවත්ව සිටීම වැදගත් වෙන්නෙ.

Vaginal Yeast Infection එකක් කියන්නෙ මොකද්ද?

Vaginal Yeast Infections, Vaginal candidiasis ලෙසද හැඳින්වෙනවා. එය යෝනි මාර්ගයේ කුඩා ප්‍රමාණවලින් ස්වභාවිකව පවතින යීස්ට් වර්ගයක් වන කැන්ඩීඩා අධික ලෙස වැඩීම නිසා ඇති වන පොදු දිලීර ආසාදනයක්. සාමාන්‍ය තත්ව යටතේ, Vaginal microbiome, good bacteria (Lactobacillus) සහ යීස්ට් අතර සමතුලිතතාවයක් පවත්වා ගන්නවා. කොහොම වුණත්, මෙය unbalance වූ විට, කැන්ඩීඩාව වේගයෙන් වැඩිවෙන අතර, එය දැවිල්ල, කැසීම සහ අපහසුතාවයට හේතු වෙනවා. යීස්ට් ආසාදන ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (ලිංගාශ්‍රිත රෝග) ලෙස නොසලකන අතර, ඒවා ලිංගික ක්‍රියාකාරකම්, හෝමෝන වෙනස්කම් හෝ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් මගින් trigger කරනවා.

Vaginal Yest Infections වල රෝග ලක්ෂණ මොනවද?

Vaginal Yeast Infections වල වඩාත් සුලභ රෝග ලක්ෂණය වන්නේ යෝනි මාර්ගය සහ යෝනි මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයේ දැඩි කැසීම. බොහෝ විට ඒක රතු පැහැයෙන් සහ ඉදිමීම් සමග තමයි වෙන්නෙ. බොහෝ කාන්තාවන්ට, විශේෂයෙන් මුත්‍රා කිරීමේදී හෝ සංසර්ගයේදී දැවිල්ලක අත්විඳින්න වෙ අතර, දෛනික කටයුතු අපහසුතාවයට පත් කරන්න මේ රෝග ලක්ෂණ හේතු වෙනවා. තරමක ගන්ධයක් ඇති හෝ නැති චීස් පැහැයට හා පෙනුමට සමාන ඝන, සුදු, ගොරෝසු යෝනි ශ්‍රාවයක් තවත් රෝග ලක්ෂණයක් ලෙස හඳුන්වන්න පුලුවන්. සමහර කාන්තාවන් යෝනි මාර්ගයේ සංවේදීතාව වැඩි වීම, වේදනාව සහ irritation ඇතිවීමක්ද පෙන්වන්න පුලුවන්. එය වාඩි වී සීටීම හෝ ඇවිදීමේදී අපහසුතාවයට හේතුවෙන්න පුලුවන්. වඩාත් දරුණු අවස්ථාවල දී, irritations  හේතුවෙන් යෝනි විවරය වටා ඉරිතැලීම් හෝ කුඩා කැපුම් ඇති වෙන්න ඉඩක් තිබෙනවා.

යෝනි මාර්ගයේ කැසීම සහ වේදනාව

යෝනි විවරය වටා ඉදිමීම

මුත්‍රා කිරීමේදී දැවිල්ල බවක් දැනීම

ලිංගික සංසර්ගය අතරතුර වේදනාව

රතු පැහැය සහ ඉදිමීම්

ඝන, සුදු-කහ, ගොරෝසු යෝනි ශ්‍රාවය

මේ තත්ත්වය ඇතිවෙන්න හේතු මොනවද?

Yeast Infections  ප්‍රධාන වශයෙන් Vaginal Flora අසමතුලිතතාවය නිසා කැන්ඩීඩා වර්ධනය වීමට ඉඩ සලසන එකෙන් ඇතිවෙන රෝග තත්ත්වයක්. යීස්ට් වර්ධනය පාලනය කිරීමට උපකාරී වන ප්‍රයෝජනවත් Lactobacillus බැක්ටීරියාව විනාශ කරන ප්‍රතිජීවක භාවිතය ඇතුළු සාධක කිහිපයක් මෙම අසමතුලිතතාවයට හේතු වෙනවා.

 විශේෂයෙන් ගර්භණී සමයේදී, ඔසප් වීමේදී හෝ hormonal contraceptives  භාවිතා කිරීමේදී හෝර්මෝන fluctuation වීමේ සම්භාවිතාව වැඩි කරන්න පුලුවන් රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම යීස්ට් ප්‍රමාණය වැඩි කිරීමට සුදුසු පරිසරයක් සපයන නිසා පාලනය නොකළ දියවැඩියාව ඇති පුද්ගලයින්ට වැඩි අවදානමක් තියෙනවා. දුර්වල වූ ප්‍රතිශක්තිකරණ පද්ධතියක්, අසනීප, ආතතිය හෝ ප්‍රතිශක්තිය මර්දනය කරන ඖෂධ නිසා වුණත්, සංවේදීතාව තවදුරටත් වැඩි කරන්න හේතුවෙනවා. මීට අමතරව, තද ඇඳුම්, කෘතිම යට ඇඳුම් සහ ලිංගික ප්‍රදේශයයේ නිශ්චිත ප්‍රමාණයට වඩා ඇති තෙතමනය යීස්ට් වර්ධනය ප්‍රවර්ධනය කරන තත්වයන් නිර්මාණය කරනවා.

කොහොමද හඳුනාගන්නෙ?

Yeast Infection එකක් හඳුනා ගැනීම සඳහා, වෛද්‍යවරයෙකු සාමාන්‍යයෙන් රෝගියාගේ වෛද්‍ය ඉතිහාසය සහ රෝග ලක්ෂණ බලනවා.

රතු පැහැය, ඉදිමීම සහ අසාමාන්‍ය විසර්ජනය සඳහා ශ්‍රෝණි පරීක්ෂණයක් පවත්වන්න පුලුවන්.

 සමහර අවස්ථාවලදී, කැන්ඩීඩා ඇති බව තහවුරු කිරීම සඳහා ක්ෂුද්ර විශ්ලේෂණ හෝ රසායනාගාර පරීක්ෂණ සඳහා යෝනි තරල සාම්පලයක් ගන්නවා.

 රෝගියකුට නැවත නැවතත් යීස්ට් ආසාදන (වසරකට හතරක් හෝ වැඩි ගණනක්) අත්විඳිනවා නම්, දියවැඩියාව හෝ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආබාධ වැනි යටින් පවතින තත්ත්වයන් බැහැර කිරීම සඳහා අමතර පරීක්ෂණ අවශ්‍ය වෙන්න පුලුවන්.

Yeast Infections වල රෝග ලක්ෂණ බැක්ටීරියා වජිනෝසිස් (BV) හෝ ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) වලට සමාන විය හැකි බැවින්, වැරදි රෝග විනිශ්චය වෙන්න පුලුවන් නිසා, වෘත්තිය මට්ටමේ දැනුමක් තියෙන තැනකින් රෝග විනිශ්චය කරගැනීම වැදගත් වෙනවා.

Treatments මොනවද තියෙන්නෙ?

Yeast Infections සඳහා ප්‍රතිකාර කිරීම බරපතලකම අනුව වෙනස් වෙනවා. පොඩි ප්‍රමාණයේ ආසාදන බොහෝ විට clotrimazole, miconazole, or tioconazole වැනි ක්‍රියාකාරී අමුද්‍රව්‍ය අඩංගු ප්‍රති-දිලීර ක්‍රීම්, ආලේපන,හෝ ටැබ්ලට් සමඟ කළමනාකරණය කරන්න පුලුවන්.

මෙම ප්‍රතිකාර සාමාන්‍යයෙන් දින කිහිපයක් ඇතුළත රෝග ලක්ෂණ සමනය කරනවා. වඩාත් දරුණු ආසාදන සඳහා, fluconazole තනි මාත්රාවක් සාමාන්යයෙන් නියම කරනවා. දරුණු හෝ නැවත නැවත එන ආසාදන වලදී, fluconazole මාත්‍රා කිහිපයක් හෝ දිගුකාලී ප්‍රතිකාර වැනි දිගු ප්‍රති-දිලීර ප්‍රතිකාරයක් නියම කරන්න පුලුවන්. නැවත ඇතිවෙන ආසාදන අත්විඳින පුද්ගලයින් සඳහා, පැතිරීම වැළැක්වීම සඳහා මාස කිහිපයක් පුරා දිලීර නාශක ඖෂධ සමඟ maintenance therapy නිර්දේශ කරනවා.

Yeast Infections වලට Sex වල තියෙන බලපෑම මොකද්ද?

Yeast Infetions ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) ලෙස වර්ගීකරණය කරලා නැති  නමුත් ඒවා ලිංගික සහකරුවන් අතර, විශේෂයෙන් අනාරක්ෂිත සංසර්ගය හරහා සම්ප්‍රේෂණය වෙන්න පුලුවන්. ලිංගික සංසර්ගය අතරතුර ඝර්ෂණය යෝනි පටක irritate කරලා, රෝග ලක්ෂණ නරක අතට හරවන්න හේතුවෙන්න පුලුවන්. සමහර අවස්ථාවලදී, ආසාදිත සහකරුවෙකු නොදැනුවත්වම කැන්ඩීඩාව රැගෙන යන වාහකයක් වෙන්න පුලුවන් නිසා, එය නැවත නැවතත් ආසාදන ඇති කරන්න හේතුවෙනවා.

 මෙය වලක්වා ගැනීම සඳහා, රෝග ලක්ෂණ සම්පූර්ණයෙන් පහව යන තුරු ලිංගික ක්‍රියාකාරකම් වලින් වැළකී සිටීම සහ අවශ්‍ය නම් සහකරුවන් දෙදෙනාම ප්‍රතිකාර ලබා ගැනීම සහතික කිරීම සඳහා උපදෙස් දෙනවා. කොන්ඩම් භාවිතා කිරීම සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩු කිරීමට උපකාරී වෙනවා.

Yeast Infections වලක්වා ගන්න තියෙන හොඳම ක්‍රමය නිරෝගී යෝනි පරිසරයක් පවත්වා ගැනීම. අනවශ්‍ය ප්‍රතිජීවක භාවිතයෙන් වැළකීම, ලිහිල් කපු යට ඇඳුම් ඇඳීම සහ මනා සනීපාරක්ෂාව පිළිපැදීම yeast infection පාලනය කර ගැනීමට උපකාරී වෙනවා.

 ඒ වගේම සුවඳැති කාන්තා නිෂ්පාදන භාවිතා කිරීමෙන් වැළකී සිටීම ද වැදගත් වෙනවා. විශේෂයෙන්ම දියවැඩියා රෝගීන් සඳහා රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීමෙන් නැවත නැවත ආසාදන ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කර ගන්න පුලුවන්. සජලනය පවත්වා ගැනීම සහ ප්‍රෝබියොටික් පොහොසත් ආහාර ආහාර වේලට ඇතුළත් කිරීම ‍යෝනි සෞඛ්‍ය වඩා හොඳින් පවත්වාගන්න උදව් වෙනවා.

Yeast Infections සඳහා හේතු, රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර අවබෝධ කර ගැනීමෙන්, පුද්ගලයන්ට ඒවා කළමනාකරණය කිරීමට සහ වැළැක්වීමට ක්‍රියාශීලී පියවර ගන්න පුලුවන්. ආසාදන නිතර ඇති වුවහොත් හෝ සම්මත ප්‍රතිකාරවලට ප්‍රතිචාර නොදක්වන්නේ නම්, නිසි රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙන බව මතක තබාගන්න.

මූලාශ්‍ර: https://www.healthline.com/health/vaginal-yeast-infection

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles