අපේ ලංකාවෙ මිනිස්සු නිතරම වගේ කෙනෙක්ට සුබ පතන විදියක්නෙ මේ “ආයු බෝ වේවා” කියන එක. අපි හදවතින්ම පතනව අපේ ඉස්සරහ ඉන්න ඒ මනුස්සයගෙ ආයුශ බොහොමයක් දිගු වෙන්න, චිරත් කාලයක් හොඳින් ජීවත් වෙන්න පුලුවන් වෙන්න කියල. ඒත් පරමායුශ විඳලා ජීවිතේ අවසන් කරන්න ලැබෙන්නෙ කීයෙන් කීදෙනාටද?
පසුගිය ටිකේ මුහුණු පොතට එබෙන හැම වෙලාවකම වගේ දැක්කෙ තරුණ, ලස්සන ජීවිත අකාලයේ මිය පරලොව ගිහින් තියෙන ආරංචි. අද කතාවත් ඒ වගේ එකක්. මේ Kayla Hodgson කියන අවුරුදු 23ක් වයස තරුණ කෙල්ලගෙ ජීවිතේ අවාසනාවන්ත විදියට අහිමි වීම පිටුපස රැඳිලා තියෙන කතාව.
සිදුවීම
2022 ජූලි මාසයේදී ෆ්ලොරිඩාවේ ටමාරක් හි දරුණු අපරාධයක් සිදු වෙලා තියෙන බව පොලිසිය දැනගන්නවා.
Kayla Hodgson කියන තරුණ කාන්තාවක් ඇගේ මහල් නිවාසයේ මියගොස් සිටියදී සොයා ගන්නවා. ඇයගේ වයස අවුරුදු 23 ක්. පිහියකින් කීප සැරයක් ඇන තුවාල කිරීම ඇගේ මරණයට හේතුව වෙලා තියෙන බව පොලිස් ආරංචි මාර්ග ඔස්සේ ලෝකයට දැනගන්න ලැබෙනවා. මරණය ගැන, විශේෂයෙන්ම මෙච්චර තරුණ වයසෙ කෙල්ලෙක්ගෙ මරනය ගැන ලෝකයම කම්පා වෙමින් ඉන්න වෙලාවක තමයි පොලිසිය සකීනා තොම්ප්සන් කියන 28 හැවිරිදි කාන්තාව මේ සිදුවීමේ සැකකරුවෙක් විදියට අත් අඩංගුවට අරගන්නෙ.
“මොකද්ද ඇත්තටම වුනේ?සකීනා ඇයි කේලාව මරලා දාන්න ඇත්තෙ?”
මේ ලිපියෙන් අපි අද ඔයාලා එක්ක කතා කරන්න යන්නෙ අන්න ඒ ගැන. අවුරුදු 23ක Kayla ව අමානුශික විදියට පිහියෙන් ඇනලා මරලා දාන්න තරම් අවුරුදු 28ක් වෙච්ච Sakina Thompson ට තිබුණ හේතුව මොකක් වෙන්න ඇතිද?
කවුද මේ Kayla Hodgson?
Kyla Hodgson කියන්නෙ හරිම සන්තෝසෙන් ජීවත්වෙච්ච කෙල්ලෙක් කිව්වොත් හරි.හරිම Cheerful කෙනෙක් විදියට තමයි කේලාව එයාගෙ යාලුවො introduce කරල දුන්නෙ මාධ්‍යයට.South Florida වල bar එකක bartender කෙනෙක් විදියට වැඩ කරන අතරවාරෙ කේලා ගොඩක් යාලුවන්ව හදාගන්නවා. “කේලා කියන්නෙ නිතරම මූණෙ හිනාවක් ඇඳගෙන උන්නු කෙනෙක්” විදියට කේලා ගැන හැමෝම කතාකරා. ඒ වගේම කේලා කියන්නෙ ඕනම කෙනෙක්ට හරිම positive, comfortable feeling එකක් දෙන කෙනෙක් කියලාත් එයාගෙ යාලුවො මේ investigation එක අතරවාරෙ මාධ්‍යයට කියනවා.
එයාගෙ යාලුවො කේලව හඳුන්වල දුන්නෙ “life of the party” කියලා. තමන්ට ආදරේ කරන තමන් ආදරේ කරන මිනිස්සු එක්ක විනෝදෙන් උන්නු කේලාට අනාගතේ ගැන ගොඩක් ලස්සන බලාපොරොත්තු තිබුනා. ඒ වගේම කේලා උන්නෙ ඒ බලාපොරොත්තු හීන ඇත්තක් කරගන්න මහන්සි වෙන ගමන්.
Kayla ගෙ සිරුර හමුවෙන්නෙ කොහොමද?
ඒ 2022 ජුලි මාසෙ 13 වෙනිදා. Broward Sherrif Office එකට අනුව පොලිසියට Kayla ගෙ සිරුර හමුවෙන්නෙ එයාගෙ Tamarac Apartment එකේ තිබිලා. ඉතාම අමානුශික විදියට කපලා කොටලා දාලා තියෙද්දි. ඒක බලන්න අපහසු උන ඉතාම වේදනාකාරී දසුනක් උනා කියන එක පොලිසිය මාධ්‍යයට කියනවා.
ඒ විදියට අවුරුදු 23ක, හරි සන්තෝසෙන් ජීවත්වෙච්ච කෙල්ලෙක්ව මරල දාන්න කෙනෙක්ට තියෙන හේතුව මොකද්ද කියන එක කාටවත් හිතාගන්න බැරිවෙනවා. ඒ වගේම Kayla මේ විදියෙ දරුණු ඉරණමකට මූණ දීලා කියල දැනගන්න එයාගෙ යාලුවො සහ පවුලෙ අය කම්පාවට පත්වෙනවා.
හැමෝම ඉන්නෙ මොකද්ද උනේ කියල දැනගන්න තියෙන කුතුහලය සහ තිගැස්ම එක්ක.
Investigation එකේදි මොකද වෙන්නෙ?
Kayla ගෙ සිරුර හමුවීම එක්ක පොලිසිය එයාලගෙ පරීක්ෂන අරඹනවා. එකතුකරගත්ත සාක්කි මත Kayla ව දැනගෙන උන්නු අය එක්ක කතාකරනවා, විස්තර හොයාගන්න උත්සහ කරනවා. ඒ අනුව තමයි අවුරුදු 28ක් වයස වෙන Sakina Thompson වෙත පොලිසියෙ ඇහැ යොමුවෙන්නෙ. අගෝස්තු මාසෙ දවසක Queens වල Springfield Gardens වලදි Sakina Thompson ව අත් අඩංගුවට ගන්නවා Kayla ගෙ මරණයට සැක කාරයෙක් විදියට.
Sakina ව අරගෙන යනවා Florida වලට. ප්‍රශ්න කිරීම් ඇරඹෙනවා.
ජැමෙයිකාවෙන් ඉඳන් ෆ්ලොරිඩා වෙත යාව ජැමෙයිකන් ජාතික Kayla Hodgson ව අමානුශික ලෙස මරා දැමීම හේතුවෙන් Sakina Thompson පොලිස් භාරයට පත්වෙන්නෙ ඒ ප්‍රශ්න කිරීම් වල ප්‍රතිඵලයක් විදියට.
හේතුව වෙලා තියෙන්නෙ අනියම් සබඳතාවයක්. ඒත් මිය ගිහින් තියෙන්නෙ ඇත්තටම වැරදිකරුවද කියන ප්‍රශ්නෙ හැමෝගෙම හිත්වල ඉතිරිවෙනවා.
Kayla ත් Sakina ත් දෙන්නම ආදරය කරලා තියෙන්නෙ එක්කෙනෙක්ට. මේ මරණයට හේතුව පොලිසිය මාධ්‍යයට සම්පූර්ණයෙන්ම විස්තර කරල නැතත් ආරංචි මාර්ග වලින් කියවෙන විදියට Kayla එක්ක engage වෙලා ඉන්න අතරවාරයෙම ඒ අදාල පිරිමි කෙනා Sakina එක්කත් සබඳතාවයක් පවත්වාගෙන ගිහින් තියෙනවා.
තමන් ආදරේ කරන කෙනා තමන්ට හොරෙන් වෙන කෙනෙක් එක්ක සබඳතාවයක් පවත්වනවා කියල දැනගෙන උන්නු Sakina හොරේ අතටම අල්ල ගන්න හිතාගෙන 2022 ජුලි 13 වෙනිදා Sakina ඒ මනුස්සයව Follow කරනවා. ඒ එයා විසින් හොරෙන් වාහනේ සවි කල tracker එකක් භාවිතා කරලා.
ඒ අනුව Kayla ජීවත්වුන Tamarac Apartments වලට යන Sakina ගෙ ගමන අවසන් වෙන්නෙ Kayla ගෙ ජීවිතය අවසන් කර දමලා. ඒ වගේම මේ සිදුවීමෙන් පස්සෙ Sakina සහ එයාගෙ පෙම්වතා New York බලා යන ගුවන් ටිකත්පතකුත් අරගෙන බව ආරංචි වෙනවා.
ඉතින් අනියම් සබඳතා, රැවටීම් කියන්නෙ කවදාවත් හොඳ විදියට ඉවර වෙන ප්‍රශ්න නෙවෙයි. කරද්දි හරි ශෝක් විදියට පෙනුනට ඒ වගේ දේවල් අවසන් වෙන්නෙ අපි නොහිතන විදියට.
වරදක් නොකල, තමන් ආදරේ කල මනුස්සය එක්ක engage වෙලා උන්නු kayla මිය යනවා. ආදරේ නිසා රැවටුණ sakina හිරගෙදරට යනවා. ඒත් කෙල්ලො දෙන්නෙක්වම අමාරුවෙ දැම්ම ඒ පිරිමි කෙනා?
එයාට සහ ඒ රැවටීම කල එකට එයාට ලැබෙන දඬුවම මොකක් වෙන්න ඇතිද?
ReplyForwardAdd reaction |