නිවස පිරිසිදුව තබා ගන්න මේ දේවල් කරන්න 

ඔබේ නිවස පිරිසිදුව තබා ගැනීම කවදාවත් ඉවර නොවෙන කාර්යයක් ලෙස ඔබට පෙනෙන්නට පුළුවන්. නමුත් සමහර දෛනික පුරුදු සමඟ ඔබට වඩාත් පිළිවෙල සහ පිරිසුදු නිවසක් පවත්වාගෙන යාමේ හැකියාව තියෙනවා. පිරිසිදු නිවසක් සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ඔබට ලබා දෙනවා වගේම ඔබේ මනෝභාවය වැඩි දියුණු කරනවා. මේ ලිපියෙන් ඔබට කියන්නේ පිරිසිදු නිවසක් පවත්වා ගැනීමට ඔබ දෛනිකව කළ යුතු දේවල් කීපයක් ගැනයි.

පිරිසිදු කිරීමේ පුරුද්ද

දිනපතා පිරිසිදු කිරීමේ පුරුද්ද කුරු වීම මගින් ඔබට නිවස පිරිසිදුව තබා ගැනීමේ කාර්යය වඩාත් පහසු කරවනවා. පිරිසිදු කිරීමේ කාලසටහනක් සකස් කර ගැනීමෙන් ඔබට දෛනික පිරිසිදු කිරීම් වලට අමතරව  මුළුතැන්ගෙය සම්පූර්ණයෙන් පිරිසිදු කිරීම සඳහා දිනයක් , නාන කාමරය සඳහා වෙනම දවසක් ආදී වශයෙන් වෙන්කර ගත හැකියි. ඒ වගේම deep cleaning සඳහා සති අන්තය අනිවාර්යයෙන්ම වෙන් කළ යුතුයි.

අනවශ්‍ය දේ ඉවත් කරන්න

ඔබේ නිවස පිරිසිදුව තබා ගැනීම සඳහා ඔබ කළ යුතුම දේවල් වලින් එකක් තමයි මේ. සතියකට වරක්වත් ඔබේ නිවසේ ඇති අනවශ්‍ය දේවල් ඉවත් කිරීම ඔබේ නිවස පිරිසුදුව තබා ගැනීමේදී ඉතාම වැදගත් වනවා. මෙයට මුළුතැන්ගෙයි ඇති අනවශ්‍ය දේවල් වල සිට ඔබේ අල්මාරියේ ඇති අනවශ්‍ය ඇඳුම් දක්වා ඉවත් කිරීම අදාළ වනවා. ඔබභාවිතා කරන බඩුබාහිර ආදිය තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් විය හැකි නිසා අවශ්‍ය දේවල් පරිත්‍යාග කිරීමත් ඔබට කළ හැකියි. මෙසේ කිරීම මගින් ඔබේ පිරිසිදු කිරීමේ කාර්යය ඉතාම පහසු වනවා.

පසුවට කල් නොදමන්න

නිවසක් පිරිසිදුව තබා ගැනීම සඳහා හොඳම පුරුද්දක් වන්නේ පිරිසිදු කිරීම පසුවට කල් නොදැමීමයි. මෙය ඔබේ ජීවිතයේ සෑම කොටසකටම අදාළ විය හැකිය. උදාහරණයක් ලෙස භාවිතයෙන් පසු වහාම පිඟන් සේදීම, ආහාර පිසීමෙන් පසු මුලුතැන්ගෙයි මතුපිට පිස දැමීම හෝ රෙදි වේලා ගත් පසු ඉක්මනින් නවා දැමීම ආදී දේවල් ඒ මොහොතේම සිදු කිරීම පුරුද්දක් කර ගන්න. එමගින් පසුව පිරිසිදු කිරීමට ඔබ ගත කරන කාලය අඩු කර ගත හැකි වනවා.

ඔබේ බිම් පිරිසිදුව තබා ගන්න

බිම යනු අපිරිසිදු හා දූවිලි වේගයෙන් එකතු විය හැකි ප්‍රදේශවලින් එකකි. එබැවින් දිනපතාම බිම පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය වනවා. සෑම දිනකම රාත්‍රියේ නිවස අතු ගා දැමීම සහ විෂ බීජ නාශක එකතුකර මොප් කර දැමීමට වග බලා ගන්න.

පිරිසිදු නාන කාමරයක් පවත්වා ගන්න

තෙතමනය සහ සබන් භාවිතා කිරීම නිසා නාන කාමර ඉක්මනින් අපිරිසිදු විය හැකිය. ඒවා පිරිසිදුව තබා ගැනීම සඳහා, දිනපතා සින්ක් සහ කවුන්ටර පිස දැමීම , වැසිකිළි බඳුන දිනපතා පිරිසිදු කිරීම, සතිපතා ෂවර් හෝ ටබ් එක පිරිසිදු කිරීම සිදු කරන්න. 

මතුපිට පිස දමන්න

කවුන්ටර, මේස සහ රාක්ක වැනි මතුපිට වල දූවිලි රැඳීම පහසුවෙන් සිදුවනවා.සෑම දිනකම ඒවා පිස දැමීම පුරුද්දක් කර ගන්න.ඒවාට සිදුවන හානි වළක්වා ගැනීම සඳහා සෑම මතුපිටකටම සුදුසු පිරිසිදු කිරීමේ නිෂ්පාදන භාවිතා කරන්න.

ඔබේ මුළුතැන්ගෙය ගැන සැලකිලිමත් වන්න

මුළුතැන්ගෙය යනු ඔබ පිරිසිදුව තබා ගත යුතු වැදගත්ම ප්‍රදේශවලින් එකකි. ඔබ ආහාර පිසින විටම මුළුතැන්ගෙය පිරිසිදු කිරීම ආරම්භ කරන්න. භාවිතයෙන් පසු උපකරණ, කවුන්ටර සහ උදුන පිස දමන්න. කුණු කසළ දිනපතා බැහැර කරන්න, කල් ඉකුත් වූ අයිතම බැහැර කිරීමට සහ දුගඳ හැමීම වළක්වා ගැනීමට සෑම මසකම ශීතකරණය පිරිසිදු කිරීමට වග බලා ගන්න.

රෙදි සේදීම කළමනාකරණය

අපිරිසිදු වූ රෙදි ගොඩ ගසාගෙන තැබීම නිවසක අපිරිසිදු බවට බලපාන තවත් සාධකයක්.සතියකට දෙවරක් හෝ තුන් වරක් රෙදි සෝදා තද අව්වේ වේලා නවා තැබීම මගින්  මේ ආකාරයට රෙදි ගොඩ ගැසීම වළක්වා ගත හැකියි. 

පවුල සම්බන්ධ කර ගන්න

පිරිසිදු කිරීම යනු තනි පුද්ගලයෙකු සිදු කළ යුතු දෙයක් නොවේ . ඔබට පවුලේ සාමාජිකයන්ගේ සහයෝගය අනිවාර්යෙන්ම ඔබට අවශ්‍ය වනවා. පිරිසිදු කිරීම හවුල් වගකීමක් බවට පත්කිරීම මගින් ඔබේ සෑම විටම පිරිසිදුව තබා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම පිරිසිදුව සිටීමේ වැදගත්කම ඔබේ දරුවන්ට කියා දීම මගින් ඔවුන් තරුණ වයසේ දීම තමන්ගේ නිවස පිරිසිදුව තබා ගැනීමට උනන්දුවක් දක්වන්නට පුළුවන්. ඒ නිසා සෑම පිටම පිරිසිදු කිරීමේ කාර්යයට පවුලේ අනෙක් සාමාජිකයන්වද සම්බන්ධ කර ගන්න.

පිරිසිදු නිවසක් පවත්වා ගෙන යාම බරපතළ කාර්යයක් නොවේ. ඔබේ දෛනික පුරුදු වර්ධනය කර ගැනීමෙන් සහ නිවැරදි පිරිසිදු කිරීමේ චර්යාවකට හුරුවී සිටීමෙන් අධික වෙහෙස මහන්සියකින් තොරව නිවස පිරිසිදුව පවත්වාගෙන යාමට ඔබට හැකියාව ලැබෙනවා. අවශ්‍ය වන්නේ ඔබේ උත්සාහය පමණයි.

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles