ඔබ දන්නවාද තිත්ත ඖෂධ රැසක් අතරට ලෝකේ තියෙන මිහිරිම ඖෂධය මොකක්ද කියලා. ඒ තමයි මී පැණි. මී මැස්සෝ රංචු එකතු වෙලා තමන්ගේ ආහාර වෙනුවෙන් එක් රැස් කරන මල් පැණි එන්සයීමීය ප්‍රතික්‍රියා මාලාවකට නතු වෙලා තමයි මේ මී පැණි හැදෙන්නේ. රස ගුණ පදමට තියෙන මේ මී පැණි ආහාරයට ගැනීමෙන් දෙවියන් පවා අසනීප නොවී සිටින බව කියැවෙනවා.
ඔබ දන්නවා ඇති, ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදි බොහෝ ඖෂධ වර්ග පදම් කරන්න මේ මී පැණි යොදා ගන්න බව. විද්‍යාත්මක දත්ත වලට අනුව මී පැනි මේස හැන්දකින් සෑහෙන්නම් මට්ටමක කැලරි ප්‍රමාණයක් ශරීරයට සැපයෙන බවත් සොයාගෙන තියෙනවා.
ඒ වගේම මී පැණි කිව්වම අපි හැමෝටම දැනෙන්නේ සිසිල් සෞම්‍ය හැඟීමක් නේ. මී පැණි කියන්නේම කාන්තා ඔබ පුරුද්දක් විදියට ළගින් තියාගන්න ඕනි දෙයක් කියලා අපි කියන්නේ අන්න ඒ නිසා.
ස්වබාව ධර්මයේ අපූරුම නිර්මානයක් වෙන මී පැණි රසවත් වගේම පෝෂණ ගුණයෙනුත් සපිරුණ ආහාර අතිරේකයක්.
මී පැණි ආහාරයට ගැනීම තුල ඔබේ ශරීරයට සිදුවෙන යහපත් බලපෑම් රැසක්ම තියෙනවා.
සම පැහැපත් කරගන්න පිරිසිදු මී පැණි වල තියෙන ගතිගුණ බොහොම වැදගත්. මී පැණි වල විටමින්, ප්‍රෝටින් වර්ග සහ ප්‍රති ඔක්සිකාරක රැසක් අඩංගු වෙනවා. ඒ වගේම අපේ ශරීරයේ තැන්පත් වෙන විෂ ඉවත් කරලා ශරීරය අභ්‍යන්තරයෙන් පිරිසිදු වෙන්නත් මේ මී පැණි වැදගත් කාර්ය බාරයක් ඉටු කරනවා. ෆේස් පැක් එකක් විදියට ස්වභාවික කාරක භාවිතා කරන්න ඔබ කැමති කෙනෙක් නම්, මී පැණි එහි අනිවාර්යෙන්ම අඩංගු වෙන්න ඕනි සංඝටකයක්.
ආහාර රුචිය වැඩි කරන්න වගේම ආහාර දිරවීම පහසු කරන්නත් මී පැණි වැදගත්.
ඇස් පෙනීම වැඩි දියුණු කිරීමත් මි පැණි වල ඉතාම වැදගත් ගුණාංගයක්
මී පැණි වල පිලිකා නාශක ගුණකක් තියෙන බවත් හොයාගෙන තියෙනවා. ඒ වගේම මේදය නසන නිසා හදවතත් මී පැණි නිසා ලැබෙන්නේ දිව්‍යමය සුවයක්.
වා,පිත්,සෙම් රෝග සඳහාත් මී පැණි වල තියෙන ඔසු ගුණ යොදාගන්නවා.
ඒ කොහොම වුනත් දිනපතා මී පැණි භාවිතා කරන්න කලින් වෛද්‍ය උපදෙස් අරගන්න එක තමයි නුවනට හුරු.
අපි මේ අද කියන සුදුලූණු සහ මි පැණි සත්කාරයට කරන්නට් කලින් ඔබේ ආයුර්වේද වෛද්‍යවරයාගේ උපදෙස් පතන්න අමතක කරන්න එපා. විදෙස් රටවල බොහොම ජනප්‍රිය ආහාට අතිරේකයක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ.
ඒ මී පැණි වල ගිල්වපු සුදුලූණු. මේ සඳහා ඔබට අවශ්‍ය වෙන්නේ පිරිසිදු මීපැණි සහ සුදුලුනු.
ඉස්සෙල්ලාම අවශ්‍ය පමන ට සුදුලූණු ගෙඩි කිහිපයක් අරගෙන පොතු ඇරලා සුද්ද කරගන්න ඕනි. හොඳින් සෝදලා තෙත බහින්න රෙදි කෑල්ලක් උඩින් තියලා තියන්න. ඊට පස්සේ පිරිසිදු කරගත්තු ( වතුර නැති) විදුරු බෝතලයක් අරගෙන ඒකට මී පැණි දාගන්න.
කට ළඟ එනකල් පිරෙන්න මි පැණි පුරවන්නේ නැතිව ඉන්න සැලකිලිමත් වෙන්න ඕනි. භාගයක් වගේ වෙන්න මී පැණි පුරවාගන්න එක හොඳයි. ඊට පස්සේ හොඳින් සුද්ද කරලා , සෝදලා, වියලාගත්ත සුදුළූනු බික් එකින් එක ඒ මී පැණි බෝතලයට දාන්න. ඔක්කොම එක පාර නොදා එකින් එක හෙමින් දාන්න ඕනි. එතකොට ඔබටම බලාගන්න පිලිවන් මී පැණි මට්ටම උඩට එන විදිය.
සති දෙක තුනක් යනකොට මී පැණි වල තියෙන උකු ගතිය අඩු වෙලා යනවා. සුදුලූණු ප්‍රමාණයෙන් ටිකක් විශාල වෙලා වගේ පේනවා. අන්න ඒ කාළයට තමයි මේ ආහාර අතිරේකය ඔබේ පරිභෝජනයට සුදුසු.
හැමදාම උදේට අවදි වුනාට පස්සේ සහ රෑට නිදාගන්න කලින් මේ එක බිකක් ආහාරයට ගන්න පුලුවන් නම් ඔබේ සෞඛ්‍යය ට එය යහපත් බව කියවෙනවා.
ඒ කොහොම වුනත් මේ ස්වභාවික ආහාර සත්කාට කිරීමේදීත් ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුගමනය කරන එක නම් අනිවාර්යයෙන් වැදගත්.
ඒ වගේම සුදුලූණු බෝතලයෙන් ගන්න ලී හැන්දක් භාවිතා කරන්න අමතක කරන්න එපා. භාවිතා කිරීමෙන් පස්සේ බෝතලයේ කට හොඳින් වහලා තියන එකත් වැදගත්.
ඒ වගේමයි පිරිසුදු මී පැණි හොයාගන්න නැති කෙනෙකුට සුදුලූණු පමණක් ඔබේ ආහාරයට එකතු කර ගැනීමෙනුත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීම, ශරීරය විෂබීජ වලින් ආරක්ෂා කර ගැනීම , රුධිර සංසරණය විධිමත් කිරීම, පිළිකා අවදානම අඩු කර ගැනීම , රුධිර පීඩනය අඩු කර ගැනීම , රුධිරයේ සීනි මට්ටම පාලනය වගේ බොහෝ වාසි ලබා ගන්න පිලිවන්.