මේ නම අප කවුරුත් දන්නවා වගේම එහි අපහසුවත් නොදන්නා කෙනෙක් ඉන්නවානම් ඉතාමත්ම කලාතුරකින් වෙන්න පුලුවන්. මෙහිදී සිදුවන්නේ ඉතාමත්ම අපහසුවෙන් මලපහ කිරීමට සිදුවීමයි.
මල බද්ධය ට හේතු
- කුසට සරිලන ලෙස ප්රමානවත් ආහාරයක් නොගැනීම.
- පලතුරුවර්ග අඩුවෙන් ආහාරයට ගැනීම.
- අඩුවෙන් ජලය පානය කිරීම.
- අන්ත්ර, ගුද මාර්ගයේ හටගන්නා කුඩා ගැටිති නිසා.
- නිතර වාඩිවී සිටීම නිසා.
- වේගයෙන් යන වාහනවල අසුන්ගෙන යාම.
- ගුද මාර්ගයේ කෙලවර නාඩි තෙරපීමකට ලක් වීම.
- වැසිකිලි යාමට උවමනා වුවත් විවිධ වැඩ නිසා එය කල් දැමීම නිසා.
- මානසික හේතූන් නිසා.
රෝගීන්ට අහිතකර ආහාර වර්ග
- කෝලි කුට්ටු, අලු කෙසෙල්, චොක්ලට් කුඩු සහිත කිරි පැකට්, කෝපි, තේ, චොක්ලට් අඩංගු පාන වර්ග, චොක්ලට් කේක් සහ බිස්කට්
බෙහෙත් වලින් තොරව වලක්වා ගන්නා ක්රම
- වැල, වරකා, කොහිල දලු, කොහිල අල, ගස්ලබු, ඇඹුල් කෙසෙල්, කතුරු මුරුන්ගා, කන්කුන්, සියඹලා, අලිගැට පේර වැනි ආහාර
- ඇහැල දලු, කරවිල දලු, එරබදු දලු, ඇත්තෝර දලු, දවසකට මේස හැන්දක් ආහාරයට ගැනීම
- දිනපතා ස්නානය කිරීම
- සව්, බාර්ලි, කොත්තමල්ලි, පත්පාඩගම්, බෙලි පාන ලබාගැනීම දියර ගතිය වැඩි කැකිරි, දියලබු ආදී ආහාර ගැනීම
– ඉරේශා –