කසාද බඳින එක වරදක් නිසාද මරලා දාන්නෙ?

එක දිගට කෙරීගෙන යන දාම භාතන කිහිපයක් හන්දා Odela ගම්මානයේ මිනිස්සු ජීවත්වෙන්නෙ පුදුමාකාර බයකින්.මෙතනදිත් විශේෂයෙන් බයෙන් ඉන්නෙ මේ ගමේ ඉන්න අලුතෙන් කසාද බැන්ද ගෑණු ළමයි. මොකද මේ දාම ඝාතකයගෙ බිල්ල වෙන්නෙ මෙන්න මේ විදියට අලුතෙන් කසාද බඳින ගෑණු ළමයින්ව මරලා දාන එක.

මේ සිදුවීම investigate කරන්න එන අලුත්, තරුණ පොලිස් නිලධාරියෙක් උත්සහ කරනවා මේ මිනීමරුවව අල්ලගන්න. ගමේ මිනිස්සු බලන් ඉන්නෙත් කවද්ද මේ මිනීමරුවව අල්ලන්නෙ කියන එක සහ කවුද මේ මිනීමරුව ඇයි එයා එහෙම කරන්නෙ කියන එක දැනගන්න. ඒත් තියෙන ලොකුම ප්‍රශ්නෙ මොකද්ද දන්නවද?

මේ ගමේ ඉන්න හැම කෙනෙක්ම එකිනෙකාව සැක කරනව එයා තමයි මේ මිනීමැරුම් කරන කෙනා කියලා.

ඔන්න කාලෙකට පස්සෙ මම තවත් අපූරු thriller චිත්‍රපටයක් ගැන විස්තර තමයි ඔයාලා වෙත අරගෙන එන්න යන්නෙ. මේ චිත්‍රපටයේ නම Odela Railway Station. මේ චිත්‍රපට විනාඩි 90ක් පුරා දිවයන තෙලඟු crime thriller චිත්‍රපටයක්. Sampath nandi create කරපු ashok teja direct කරපු මේ චිත්‍රපටය ඇත්තටම බලන්න වටින විදියෙ කතාවක් කියල කියන්නම ඕන.

ඒ වගේම මේ චිත්‍රපටෙ තියෙන විශේෂත්වය තමයි මේක සත්‍ය සිදුවීම් පාදක කරගෙන හදපු චිත්‍රපටයක් වීම.

සත්‍ය සිදුවීම් පාදක කරගෙන කරපු මේ චිත්‍රපටය පටන් ගන්නෙ මඩ ගෑවිච්ච ඇඳුම් ඇඳගත්ත ගෑණු කෙනෙක්, තුවාල වෙච්ච කකුල් අතපය අමාරුවෙන් උස්සගෙන ගමේ පොලිසියට යන දර්ශනයකින්. නිකන්ම නෙවෙයි මිනිහෙක්ගෙ ඇඟකින් කපලා වෙන් කරගත්ත බෙල්ලකුත් අරගෙන.මේ වගේ තැනකින් චිත්‍රපටයක් පටන් ගත්තම චිත්‍රපටය බලන මිනිස්සු ඉන්නෙ පුදුමාකාර තිගැස්මකින්, ඊලඟට වෙන්නෙ මොකද්ද කියල හිතාගන්න බැරුව විත්තිය අමුතුවෙන් කියන්න ඕන නැනෙ.

මේ දර්ශනය මේ චිත්‍රපටය දිගටම බලන්න අපිට කුතුහලයක් දෙනව වගේම මොන වගේ දෙයක්ද ඉස්සරහට වෙන්නෙ කියන එක ගැන හිතන්නත් ප්‍රේක්ශකයව පොළඹවනවා.

අනුදීප් කියන්නෙ UPSC Topper කෙනෙක් වෙලා IPS කෙනෙක් වෙන්න තෝරගෙන තෙලන්ගනා ප්‍රාන්තෙ පොලිසියක රාජකාරිය භාරගෙන එන අලුත්, තරුණ පොලිස් නිළධාරියෙක්. මෙයා ඔඩෙලා වලට එන්නෙ මාස තුනක ට්‍රේනින් පීරියඩ් එකකට.ට්‍රේනින් පීරියඩ් එකකට ඔඩෙලා වලට එන අනුදීප්ට තමයි මෙන්න මේ ඔඩෙලා වල එක දිගට සිදුවීගෙන යන දාම ඝාතන රැල්ල ගැන හොයන්න වෙන්නෙ.

අනුදීප් තේරුම්ගන්නවා මේක අනිවාර්‍යෙන්ම Serial killer කෙනෙක් ගෙ වැඩක් තමයි කියල. හැබැයි තමන්ට ඒක හිතුනට මදිනෙ, ඒක තමන්ගෙ station head වෙන ලක්ශ්මන්ට වගේම ගමේ මිනිස්සුන්ටත් පැහැදිලි කරලා දෙන රාජකාරිය අයිතිවෙන්නෙත් අනුදීප්ට තමයි.

මේ ගමේ ටිකක් කැපිලා පේන වෙනස් විදියෙ චරිත කීපයක්ම ඉන්නව සහ මේ චිත්‍රපටය ඔස්සේ අපිට ඒ චරිත හරිම ලස්සනට පෙන්නුම් කරලා දෙනව. ඒ අය තමයි රාධිකා, තිරුපති, චන්දු, සර්පන්ච් මනයියා කියන අය. මේ අය මේ චිත්‍රපටයෙ පෙන්නන හැම දර්ශනේකම, හැම දවසකම අපිට deal කරන්න වෙන චරිත වෙලා තමයි තියෙන්නෙ.

රාධිකා කියන්නෙ හොඳට ඉගෙන ගත්ත මනුස්සයෙක් වුනාට එයා බැඳල ඉන්න තිරුපති කියන්නෙ දවස පුරාම බීගෙන ඉන්න බේබදු මනුස්සයෙක්.මේ දෙන්න රස්සාව විදියට කරන්නෙ ගමේ මිනිස්සුන්ගෙ රෙදි හෝදලා වේලලා දෙන එක. මේ හැම චරිතයක්ම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන විදිය අපි තේරුම්ගන්න එක මත තමයි මේ දාම ඝාතනය පිටුපස්සෙ තියෙන රහස හොයාගන්න උදව් වෙන යතුර වෙන්නෙ.

මේ චිත්‍රපටයේ plot එක කොච්චර ලස්සනද ඒ තරම්ම මේ චිත්‍රපටය වෙනුවෙන් තමන්ගෙ උපරිම කැපවීම කරන්න මේකෙ රඟපාන හැම නලුවෙක් නිලියක්ම උපරිම දායකත්වය දීලා තියෙනව කියන එක ඇත්තටම කියන්න ඕන. චිත්‍රපටයකට කරන රංගනයකට වඩා හරිම realistic විදියට තමයි එයාලා මේකෙ කටයුතු කරන්නෙ.

සාමාන්‍යයෙන් දාම ඝාතන චිත්‍රපට වල අන්තිමේදි අහුවෙන සැකකාරය වෙන්නෙ පිරිමි කෙනෙක්නෙ. ඒ උනාට මේ චිත්‍රපටය පටන් ගනිද්දි අපිට පෙන්නනවා ඇඟේ මඩ ගාගෙන, ඇඟ පුරාම තුවාල තියාගෙන, පිරිමියෙක්ගෙ කපපු බෙල්ලක් උස්සගෙන පොලිසියට එන ගැණු කෙනෙක්ව.

ඒ කියන්නෙ මේ චිත්‍රපටයෙ මේ අලුතෙන් කසාද බඳින කෙල්ලන්ව මරලා දාන්නෙ ගෑණියෙක්ද> ගෑණියෙක්ට එහෙම තව ගෑණියෙක්ව මරල දාන්න තරම් තියෙන හේතුව මොකද්ද? අනික එයාලගෙ විවාහයෙන් පස්සෙ එළඹෙන පලවෙනි රාත්‍රියෙදිම එහෙම මරලා දාන්න එයාලා උත්සහ කරන්නෙ ඇයි?

අන්න ඒ හැමදේටම උත්තර හොයාගන්න ඔයාල මේ චිත්‍රපටය බලන්නම ඕන.

ඔට්ටුයි අන්තිම වෙනකම් ඔයාලා කාටවත් මේ serial killer කවුද කියලා හොයාගන්න බැරිවෙනවා කියන එක!

Related Articles

Don't Miss


Latest Articles