“මුලින්ම මම කියන්න ඕන මට සමාවෙන්න කියලා. මම හින්දා ගොඩක් මිනිස්සුන්ට ගොඩක් ප්‍රශ්නවලට මූණ දෙන්න වෙලා තියෙනවා කියල මම දන්නවා. ඒ වගේම මේ බොරු ප්‍රචාර නිසා මියගිය Kim Sae Ron ට නිදහසේ තමන්ගෙ අවසන් ගමන යන්න බැරිවීමත් මගෙ හිතට හරිම දුකක්
මට මාව දැනෙන්නෙ හරිම බයගුල්ලෙක් වගේ.මම මං ගාව තියෙන දේවල් ඕනවට වඩා තදට අල්ලගන්න කෙනෙක්.කොටින්ම මම මගේ ඉස්සරහට ආව හොඳ හිත පවා විශ්වාස කරේ නෑ. මම හිතුවෙ හැමෝම හදන්නෙ මාව රවට්ටන්න, මට බොරු කරන්න, වංචා කරන්න කියලා. මෙච්චර දවසක් මම මෙතනට එන්න පරක්කු වෙන්න හේතුව වුණෙත් ඒක”

මේ විදියට කියන ගමන් දවස් ගාණකට පස්සෙ නිහැඬියාව බිඳින්න මාධ්‍ය ඉස්සරහට එන්න අවසානයේ අනන්තයෙන් ආ තරු කුමරා එහෙම නැත්තම් Kim Soo Hyun තීරණය කරලා තියෙනවා.
දකුණු කොරියාවේ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය විනෝදාස්වාද කර්මාන්තය කියන්නෙ ලෝකෙ පුරා විහිදුණ මිලියන 220 කට අධික රසික පිරිසක් ඉන්න කර්මාන්තයක්. නමුත් ඒ ආකර්ෂණීය බව පිටිපස්සෙ ගොඩක් තරු ඉන්නෙ දැඩි පීඩනේකින්. මේ පීඩනය නිසාම බොහොමයක් තරු තමන්ගෙ වෘත්තිය ජීවිතය, පෞද්ගලික ජීවිතය ඇතුලෙත් ඕන තරම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙනවා.
ඕනම රටක celebrity කෙනෙක් කියන්නෙ මිනිස්සුන්ගෙ ඇස් ඉස්සරහ role model කෙනෙක්, සර්ව සාධාරණ කෙනෙක් විය යුතුයි කියන එක ලොකුවටම බලන industry එකක් තමයි මේ පෙනී යන විදියට K Drama කියන්නෙ.
මේ නිසාම මේ බොහොමයක් තරු තමන්ගෙ ජීවිතය නැති කරගන්න තැනටත් ඇවිත් තියෙනවා. ඒ ගොඩට එක්වුණ අලුත්ම තාරකාව තමයි Kim Sae – Ron කියන්නෙ. කිම් සේ රොන් සියදිවි නසාගත්තෙ ගිය මාසෙ දවසක. කොරියන් කතාවල රඟපාන නිළියන් නළුවන් බොහොමයක් දෙනා මේ වගේ තමන්ගෙ ජීවිතේ නැති කරගත්ත බව k Drama බලන අයට නම් රහසක් නෙවෙයි. විවිධාකාර හේතු පදනම් කරගෙන මේ මිනිස්සු මේ විදියට තමන්ගෙ ජිවිතේ නැතිකරගන්නවා.
මේ Kim Sae Ron ගෙ මරණය පිටුපස්සෙත් 2022 වසරේ මැයි මාසයේදි එයා විසින් බීමතින් කල රියපැදවීමක් වෙලාවෙ සිදුවුණ අනතුරක් එයාව දැඩි මහජන අප්‍රසාදයකට ලක් කරන්න හේතුවුණ කාරණාව තියෙන බවත් ආරංචි මාර්ග වල හැඳින්වෙනවා. ඒ වන විට, කිම් නෙට්ෆ්ලික්ස් නාට්‍යයක් වන බ්ලඩ්හවුන්ඩ්ස් රූගත කිරීම්වල යෙදිලා තමයි හිටියෙ. මේ සිදුවීම ආරම්භ වුණේ මාර්ගයේ එහෙට මෙහෙට පිස්සුවෙන් වගේ යන මෝටර් රථයක් ගැන පොලිසියට කිහිප වතාවක් වාර්තා වෙන එකත් එක්ක. බලධාරීන් වාහනය ගංග්නම් හි හක්ඩොං වලදි තමයි හොයාගන්නෙ. එතනදි වාහනය හප්ප ගත්ත Kim Sae Ron එතනින් පලායන්න උත්සහ කරන ගමන් තමයි ඉඳලා තියෙන්නෙ. පොලිසිය එයාට හුස්ම ගැනීමේ පරීක්ෂණයක් කරන්න කතා කරත් එයා ළඟ තියෙන රෝහලකින් රුධිර පරීක්ෂණයක් තමයි ඉල්ලල තියෙන්නෙ. මෙතනදි හොයාගන්නවා පොලිසිය අල්ලගන්නට පෙර Kim අඩුම තුන් හතර වතාවක්වත් පාරෙ ගස්වල, වැටවල්වල හැපිලා තියෙනවා කියන එක. උදේ අටට මේ අනතුර සිදු උනා වගේම Kim ගෙ වාහනේ විදුලි ට්‍රාන්ස්ෆෝර්මර් එකක ගැටීම නිසා ව්‍යාපාර 57 කට විදුලිය ඇනහිටීමක් සිදුවෙලත් තියෙනවා.
ටෙස්ට් කරාට පස්සෙ, කිම් සේ රොන්ගේ රුධිර මධ්‍යසාර මට්ටම 0.2% ක් බව සොයාගන්නවා.
නඩු විභාගයෙදි වුන දේ ගැන Kim දැඩි වශයෙන් පසුතැවිල්ලට පත්වෙලා සමාව ඉල්ලනවා.. ඒ වගේම බීමත් බවෙන් මිදෙන්න පොරොන්දු වෙනවා. තමන්ගෙ actions වල බරපතලකම සහ විදුලිය ඇනහිටීමෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර වලට ඒකෙන් වෙච්ච බලපෑම පිළීගත්තා. එයාගෙ පාපොච්චාරණයට සහ අනතුරෙන් හානියට පත් වූවන්ට වන්දි ගෙවීමට එයා ගත්ත පියවරයන්ට ප්‍රතිචාරයක් විදියට, අධිකරණය KRW මිලියන 20 ක (ඇමරිකානු ඩොලර් 15,200 ක් පමණ) දඩයක් නියම කරනවා.
මේ DUI සිදුවීමෙන් පස්සෙ Kim එයාගෙ වෘත්තිය ජීවිතයෙන් අයින් වෙන්න තීරණයක් ගන්නවා. එයා වැඩකල ආයතනය වන Gold Medalist ආයතනය එයාගෙ කොන්ත්‍රාන්තුව අවසන් කරාට පස්සෙ එයා රඟපෑමෙන් ඉවත් වුණා.
ඒත් මේ කතාව ඇත්තටම පටන් ගන්නෙ අන්න එතනින්.
“ආදරයේ සුළි සුළඟේ මා
පැටලෙන්නේ ඔබෙ රුව සොයා
හී පහරින් සමුගත්තේ මගෙ පන රැකදෙන්නයි ඔයා”
මේ ගීතය අනන්තයෙන් ආ තරු කුමරා ටෙලි නාට්‍ය බැලූ කිසිම ආදරණීය කොරියන් ප්‍රේක්ෂකයෙක්ට අමතක වෙන ගීතයක්නම් නෙවෙයි. ඒ තරම් හිත වැළඳගත් ආදරණීය කතාවක් අරගෙන එන්න අනන්තයෙන් ආ තරු කුමරාට පුලුවන් වුණා. දෝ මින් ජුන් එහෙමත් නැත්තම් අනන්තයෙන් ආ තරු කුමරා කියන්නෙ එදා මෙදා තුර දහසක් K Drama Lovers ලගෙ හිතේ උන්න සිහින කුමරා කිව්වොත් හරියටම හරි.
මේ වෙද්දි Kim Sae Roon ගෙ මරණය අනන්තයෙන් ආ තරු කුමරා හෙවත් Kim Soo Hyun ට විශාල වශයෙන් වෘත්තිමයව වගේම පෞද්ගලිකවත් ප්‍රශ්න අරගෙන ඇවිල්ලා තියෙනවා කියනැක අපි හැමෝම දන්නවා.
Kim Sae Ron සහ Kim Soo Hyun ජෝඩුව අතර තිබුණ, මේ දෙන්නගෙ සබඳතාවයක් ගැන තිබුන මතභේදයන් ආයෙ වතාවක් මේ මරණය නිසා එලියට ඇවිල්ලා තියෙන බව මාධ්‍ය වාර්තා කරනවා. මේවතාවෙ ඒක කළින්ට වඩා බැරෑරුම් හා ප්‍රසිද්ධ ආකාරයකින් තමයි එලියට ඇවිත් තියෙන්නෙ. කළින් internet එක හරහා පමණක් ව්‍යප්ත වුණ මේ කතන්දර මෙවර මියගිය නිළියගෙ පවුලෙන්ම තමයි තරු කුමාරයාට එල්ල වෙලා තියෙන්නෙ. Kim Soo Hyun කණ්ඩායම චෝදනා “පදනම් විරහිත සහ ප්‍රතිචාර දැක්වීමට වටින්නේ නැත” ලෙස ප්‍රතික්ෂේප කරලා තියෙනවා. කිම් සේ-රොන් තවදුරටත් ජීවතුන් අතර නැති නිසා, ඕනෑම ප්‍රකාශයක ඇත්ත නැත්ත හිතාගන්න අපහසුයි.
ඒ වගේම චෝදනා නිසි ලෙස විසඳා නොගත්තොත් Kim Soo Hyunගෙ වෘත්තීය ජීවිතය සහ කීර්ති නාමයට බරපතල හානි වෙන්න ඉඩක් තියෙනවා.ඒ කතාවට දෙන්න පුලුවන් හොඳම උදාහරණය වන්නේ පසුගිය දිනෙක Kim Soo Hyun රඟපෑ MBC එකේ යන variety program එකක් වන Good Day වෙතින් Kim Soo Hyun ගෙ කොටස් ඉවත් කරන්න ඒ ආයතනය තීරණය කරලා තියෙනවා මේ සමාජ මාධ්‍යවල යන විවිධාකාර කටකතා නිසා.
මේ ගොඩට එකතුවෙච්ච අලුත්ම තොරතුර වෙන්නෙ ලෝකෙම ප්‍රසිද්ධ Prada වගේ සන්නාමවල සන්නාම තානාපතිවරයා විදියට කටයුතු කරන්න අපේ තරු කුමාරයා sign කරලා තිබුණ Agreement ඔක්කොම ඒ සන්නාම වලින් අවලංගු කරලා තියෙන එක.
මේ ගැන වැඩි විස්තර දැනගන්න CNN එක කීපවතාවක්ම Gold medalist ආයතනයට කතා කරාට එයාලා ඒකට කිසිම ප්‍රතිචාරයක් දක්වලා නැහැ. පසුගිය දෙසැම්බර් මාසයේදි Kim Soo Hyun Prada එක්ක sign කල agreement එක එයාලා මේ සතියෙදි අවසන් කරලා තියෙන බව දැනුම් දීලා තියෙනවා.
ඒ වගේම ලෝකෙම ප්‍රසිද්ධ කොරියානු රූපලාවන්‍ය නිෂ්පාදන සන්නාමයක් වෙන ඩින්ටෝ brand එකත් Kim Soo Hyun එක්ක තිබුණ එයාලගෙ agreement එකත් අවලංගු කරලා තියෙනවා.ඒ විතරක් නෙවෙයි Kim Soo Hyun ගෙ පින්තූර, වීඩියෝ එහෙම පාවිච්චි කල Brands තමන්ගෙ media content වලින් එයාගෙ පින්තූර පවා ඉවත් කරන්න කටයුතු කරලා තියෙනවා.මේ ප්‍රශ්න වෙන්න කළින් Kim Soo Hyun Brands 10කට වඩා නියෝජනය කරලා තියෙනවා කියන එකත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ දේවල් මෙහෙම වෙන අතරවාරයෙ මෙච්චර දවසක් සද්ද නැතුව උන්න තරු කුමාරයා අන්තිමේදි ඔන්න තමන්ගෙ පැත්තෙන් කියන්න තියෙන දේවල් කියන්න press conference එකක් සූදානම් කරලා තියෙනවා. ඒ Press conference එකේදි Kim Soo Hyun, මියගිය Kim Sae Ron ට ඈඳලා නැගෙන “බාලවයස්කාර පෙම්වතියක්” තියාගත්තා කියන චෝදනාව තරයේම ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
ඒ වගේම කඳුලකුත් හලන ගමන් මෙයා කියලා තියෙනවා “තමන්ට බොරු චෝදනා පිළිගන්න බෑ” කියලා. Kim Soo Hyun මෙතනදි කියනවා “මම එයා එක්ක යාලුවෙලා හිටිය එක ඇත්ත. ඒ මීට අවුරුදු පහකට විතර කළින්. හැබැයි ඒ වෙද්දිත් එයා බාලවයස්කාර කෙනෙක් නෙවෙයි” කියලා.
“ඒ වගේම Kim Sae Ron තමන්ගෙ ජීවිතේ ගැන මේ වගේ තීරණයක් අරගත්තෙ මම එයාව අමතක කරලා දාපු නිසා කියන එක බොරුවක්.ඒ වගේම මගේ ආයතනය එයාට දුන්න financial pressure එක නිසා එයා සියදිවි හානිකරගත්තා කියන එකත් බොරුවක්. මගේ පෞද්ගලික ජිවීතේ ගැන ප්‍රශ්නෙ ආව හැම වෙලාවකම මම හිතුවෙ ඇත්ත එළියට දාන්න තව කල් තියෙනවා කියලා. මම මෙතනට එන එක මෙච්චර පරක්කු වෙන්න හේතුව වුණෙත් ඒක” කියන එකත් ඒ වගේ බොරු ගොතපු පණිවිඩ, වීඩියෝ අන්තර්ජාලය පුරා පැතිරෙන බවත් ඒක තමන්ට විශාල හානියක් සිදු කරනවා කියන එකත් Kim Soo Hyun මේ Press Release එකේදි කියනවා.
කිම් සූ-හ්යුන් සහ ඔහුගේ ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කියන්නෙ මේ වගේ බොරු දේවල් පතුරන්න මූලික වෙච්ච යු ටියුබ් චැනල් එකකට විරුද්ධව එයාලා මේ වෙද්දිත් වොන් බිලියන 12 ක (ඩොලර් මිලියන 8.15) වන්දියක් ඉල්ලලා නඩුවක් දාලා තියෙන්නෙ කියලා.ඒ වගේම සත්‍ය තොරතුරු නැතුව අපහාස කිරීම සහ තොරතුරු ආරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ට දැනුම් දීලත් තියෙනවා කියලා.
පසුගිය දවසක Hoverlab නම් YouTube නාලිකාවක් Kim Sae-ron ගේ නැන්දණිය ඇතුළත් වීඩියෝවක් පළ කිරීමත් සමඟ මතභේදය නැවත ඇති වෙලා තියෙන එක තමයි මේකට හේතුව වෙලා තියෙන්නෙ. වීඩියෝවේ දී ඒ නැන්දණිය Kim Soo-hyun ගැන බරපතල ප්‍රකාශ කරනවා.
එයා චෝදනා කරන්නෙ Kim Sae-ron සහ Kim Soo-hyun වසර හයක් තිස්සේ ආදර සම්බන්ධතාවයක උන්න බවත්, ඒ සම්බන්ධෙ Kim Sae-ron ට වයස අවුරුදු 15 දී සහ Kim Soo-hyun ට වයස අවුරුදු 27 දී ඇරඹුණ එකක් බවත් කියලා. එයා Kim Soo-hyun ගේ ආයතනය වන Gold Medalist හට මූල්‍යමය විෂමාචාරය, Kim Sae-ron ගේ වෘත්තීය ජීවිතය පාලනය කිරීම සහ 2022 DUI අපකීර්තියෙන් පසු ඇයට සහාය නොදැක්වීම සම්බන්ධයෙනුත් චෝදනා කරනවා.
මෙම ප්‍රකාශ Kim Sae-ron ගේම පවුලෙන් නැගෙන හන්දා, පෙර අන්තර්ජාල කටකතා වලට වඩා වැඩි අවධානයක් ලැබිලා තිබෙනවා. ගොඩක් අය දැන් Kim Soo-hyun ගෙන් පැහැදිලි ප්‍රතිචාරයක්, විශේෂයෙන් එයා බාල වයස්කරුවෙකු සමඟ සම්බන්ධතාවයක සිටි බවට කරන ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන හන්දා තමයි මේ Press Conference එකත් arrange කරලා තියෙන්නෙ.
මේ කටකතා ගැන නීතිමය පියවර අරගන්න Kim Soo – Hyun ගෙ Gold Medalist ආයතනය ක්‍රියාමාර්ග ගන්නා බවටත් ආරංචි පැතිරෙනවා. “මේ කටකතා අපේ නලුඅට වගේම මියගිය නිළියගෙ නමටත් කැළලක්. ඒ වගේම මේකත් එක්තරා විදියට cyber attack එකක්.මියගිය නිළියගෙ නම පාවිච්චි කරලා පුද්ගලික ලාභය සඳහා අසත්‍ය තොරතුරු පතුරුවා හරින එක පිළිගන්න බෑ.” කියලා වැඩිදුර ප්‍රකාශ ඉදිරිපත් කරන්න Gold Medalist ආයතනය කටයුතු කරනවා.
ප්‍රකාශය අවසන් වෙන්නේ ශෝකය පළ කරන ගමන්:
“Kim Sae Ron කාලයක් අපි සමග වැඩ කලා. අපි ඇයගේ අභාවය ගැන දැඩි ලෙස ශෝක වන අතර මෙම පදනම් විරහිත කටකතා තවදුරටත් පතුරුවා නොහරින ලෙස ඉල්ලා සිටිනවා.”
මාධ්‍ය ඔස්සේ දිග හැරෙන මතභේදය පිළිතුරු වලට වඩා ප්‍රශ්න ඉතිරි කරලා තියෙනවා. Kim Sae Ron තවදුරටත් තමා වෙනුවෙන් කතා කිරීමට ජීවතුන් අතර නෑ වගේ Kim Soo Hyun වැඩි වැඩියෙන් පරීක්ෂාවට ලක් වෙනවා. එහෙම වෙලාවක තමන්ගෙ පැත්තෙ කතාව කියන්න Kim Soo Hyun මෙහෙම Press Conference එකකට ආව එක වටිනවා
කටකතා ඇත්ත කරුණු වලට වඩා වේගයෙන් පැතිරෙන කාලෙක, ඇත්තද නැත්තද කියල හරියට හොයාගත්තෙ නැති ප්‍රකාශවල ප්‍රතිපල විනාශකාරී වෙන්න පුලුවන්. මෙම තත්ත්වය පහව යයිද නැතහොත් කල් පවතින හානියක් ඉතිරි කරයිද යන්න රඳා පවතින්නේ කතාවට අදාල ප්‍රධාන පුද්ගලයින් ප්‍රතිචාර දැක්වීමට තෝරා ගන්නා ආකාරය මත.
ඉතින්,
අපි බලාපොරොත්තු වෙමු “අනන්තයෙන් ආ තරු කුමරා” ට ආයෙ පරණ පුරුදු විදියටම තමන්ගෙ Fans ලගෙ ආදරය දිනාගෙන ගමනක් යන්න පුළුවන් වෙයි කියලා.ඒ වගේම මෙතන Kim Soo Hyun ගෙ වරදක් නැත්තම් එයාගෙ ගේ වෘත්තිය සහ පෞද්ගලික ජීවිතයට බලපෑම් එල්ල කල බොරු කටකතා වෙනුවෙන් එයා කුමනාකාරයේ පියවරක් ගනීවිද කියලා.