දෑස (ඇස) කියන්නේ අපේ ප්‍රධානතම සංවේදී ඉන්ද්‍රියවලින් එකක්. ඔයා මගේ ඇස් දෙක වගේ කියලා අපි වැඩියෙන්ම ආදරේ කරන අයට කියන්නේත් එතරම් වටිනාකමක් සහ සංවේදීකමක් ඇස් වලට දෙන නිසා බව ඔබටත් වැටහෙනවා ඇතිනේ. ඉතින් මේ තරම් වටින ඇස් පරෙස්සම් කරගන්න එකත් ඉතාම වැදගත්. අද මේ ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇස් රැකගන්න ඔබ කල යුතු දේවල් ගැන.
නිතරම දෑසට විවේක ලබා දීම (20-20-20 නීතිය)
තිරයක් (කම්පියුටරය, දුරකථනය) ඉදිරියේ වැඩ කරන විට මිනිත්තු 20කට වරක්, අඩුම තරමට අඩි 20ක් (6 මීටර්) දුරින් පිහිටන වස්තුවක් තත්පර 20ක් නිරීක්ෂණය කරන්න හුරු වෙන්න. එක දිගට ඩිජිටල් තිර දිහා බලාගෙන වැඩ කරන එකෙන් ඔබේ දෑස් අතිශය වෙහෙසකට ලක් වෙනවා. ඉතින්, ඒ වෙහෙසින් මිදෙන්න නම් ඈතක් දිහා බලාගෙන ඉඳලා ඇස් ඉහිල් වෙන්න දෙන්න අවශ්‍යයි. කොල පාට, නිල් පාට වගේ පාට වලින් මේ ඉහිල් වීම ටහ්ව සෞම්‍ය කරවනවා.
සන්සුන් නින්දක් ලබා ගැනීම
සෑම රාත්‍රියකම පැයක 7-8ක් නිදා ගැනීම දෑස නැවුම්ව තබා ගැනීමට උදව් වෙනවා. නින්ද එතරම් අවශ්‍ය වුනත්, සමහර වෙලාව්ට අපට නිදි වර්ජිත රැයවල් පහු වෙනවා. එහෙම දවස් වලදී දෑස් වෙනුවෙන් ඉහිල් වෙන්න ව්‍යායාම කරන්නවත් ඔබ හුරු වෙන එක වටිනවා.
සන්සුන් ආලෝකය යටතේ කියවීම හා වැඩ කිරීම
අධික ආලෝකය හෝ අඳුරු තැනක වැඩ කිරීමෙන් දෑසට ආතතියක් ලැබෙන්න පුලුවන්. ඒ නිසා නිතරම ආලෝකය යටතේ වැඩ කරන්න හුරු වෙන්න අවශ්‍යයි. රෑට විදුලි පහන් සියල්ල නිවාදමලා ජංගම දුරකතනය භාවිතා කරන එකත් ඉතාම නරක පුරුද්දක්. ඉන් ඔබේ දෑස් අතිශය දැඩි විඩාවකට පත් වෙනවා. ඇස් වටා අඳුරු පැහැ ගැන්වෙන්නත් මේ පුරුද්ද බලපානවා. Blue Light Filter භාවිතා කරන එකත් මෙහිදී වැදගත් කියලා සඳහන් කරන්න පුලුවන්.රාත්‍රී කාලයේ තිරයෙහි නිල් ආලෝකය (blue light) දෑසට හානිදායක වීමේ හානිය මින් වලක්වා ගන්නට පිලිවන්.
දෑස් වලට හිතකර ආහාර වලට හුරු වෙන්න
Vitamin A, C, E සහ Zinc වලින් සපිරි ආහාර පරිභෝජනය කරන්න: Vitamin A ඔබේ දෑස් වල දැක්ම වෙනුවෙන් වැදගත්. ඒකෙන් night vision එකට වඩාත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම කැරට්, බෝංචි, කොල ආහාර, බිත්තර කහ මදය,කහ, මාලු, කිරි සහ කිරි නිෂ්පාදන වල Vitamin A තියෙනවා. Vitamin C දෑස්වල සෛලවල ආරක්ෂා කරන්න වගේම antioxidants ලෙස ක්‍රියා කරන්නත් වැදගත්. දොඩම් ,නාරං,අඹ ,පේර, බෙලි, ගස්ලබු වගේ ආහාර වලින් ඔබට Vitamin C ලබා ගන්න පුලුවන්.
සූර්ය ආලෝකයෙන් දෑස් ආරක්ෂා කරගන්න.
ඉතා දැඩි සූර්‍යාලෝකයට නිරාවරනය වෙන දවස්වල, UV ආරක්ෂිත කණ්ණාඩි භාවිතා කරන්න පුරුදුවෙන්න. ඔබේ ඇස් සූර්‍යාලෝකය නිසා විඩාබර වෙන එක ඉන් වලකා ගන්න පුලුවන්.
දෑස් පරීක්ෂා කරවා ගැනීම
වසරකට වරක් වත් ඇස් වෛද්‍යවරයෙකු හමුවීම ඉතාම වැදගත්. ඉන් ඔබේ දෑස් වල යම් අසාමාන්‍යතා තිබේනම් ඒවා අනතුරුදායක මට්ටමකට පත් වෙන්න කලින් හඳුනා ගන්න උපකාරී වෙනවා.
දෑස නිතර නිතර අත් වලින් ස්පර්ශ කිරීමෙන් වැලකීම.
අපේ අත් කියන්නේ නිතරම බැක්ටීරියා ඇතුළු වෙනත් විශබීජ ගැටෙන අවයවයක්. ඒ නිසා දෑත් පිරිසිදු නැති අවස්තාවලදී දෑස් ස්පර්ශ නොකර ඉන්න වග බලාගන්න. අවශ්‍ය වෙලාවකදී පිරිසිදු ලේන්සුවක් හෝ ටිශූ භාවිතා කරන්න හුරු වෙන්න.
අවශ්‍ය නම් කණ්ණාඩි භාවිතා කිරීම
නිතර ඇස් වල වෙහෙසක්, දැවීමක්, දැඩි ආලෝකයට ව්‍යාකූලතාවක් ඇත්නම් දෘෂ්ටිය සඳහා අවශ්‍ය වන උපකරණ භාවිතා කරන්න. මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක වැදගත්.
පරිඝණක තිරයේ සැකසුම නිවැරදිව තබන්න
තිරය ඔබේ ඇස් මට්ටමේ සිට අඟල් පහලොවක පමන පහලට සිටින්න සකස් කරගන්න එකත් තිරයේ දුර ඔබ හිඳ සිටින තැන සිට අඟල් 20-28 අතරේ දුරකින් පවත්වා ගන්නා එකත් වැදගත්.
වියලි ඇස් සඳහා Artificial Tears හෝ Eye Drops
දිගු වේලාවක් තිරය බලා සිටීමේදී දෑස වියළීමක් දැනෙනවා නම් එය මඟ හැරවීමට eye drops භාවිතා කරන්න පිලිවන්. මෙහිදී පිලිගත් වෛද්‍ය උපදෙස් ලබාගන්නා එක ඉතාම වැදගත්.
ඇස් සන්සුන් කරන ක්‍රම අනුගමනය කරන්න
මෙහිදී ඇස් සඳහා වන ව්‍යායාම වැදගත්. ඔබට අන්තර්ජාලයෙන් මේ වගේ ව්‍යායාම රැසක් සොයාගන්නට පිලිවන්.
ඇස් වටා වට කරමින් කණ්ණාඩි වගේ හැරවීම, උඩට/පහළට බලන ව්‍යායාම, ඇස් වසාගෙන දීප්තිමත් මතකයක් හෝ සුන්දර දසුනක් සිතීම, වගේ කාරණා ඉතාම පහසුවෙන් ඕනෑම තැනක ඉඳන් ඔබට කරලා බලන්න පිලිවන්.
ඇස් වල සුන්දරත්වය වගේම නීරෝගී බව රැකගන්න කරන්න තියෙන මේ දේවල් ඉතාම සරළ දේවල් බව ඔබට පේනවා ඇති. ඒත් ඔබේ නොසැලකිලිමත් බව නිසාම සමහර වෙලාවට මේ පොඩි දේවල් ඔබට මඟ හැරෙනවා. එහෙම මඟ හැරීම නිසා ඔබට වෙන පාඩුව නම් සුලුපටු නැහැ. ඒ නිසාම, නීරෝගීමත් දෑසක් වෙනුවෙන් මෙන්න මේ කාරණා ගැන සලකිලිමත් වෙන්න අමතක කරන්න එපා.
ReplyForwardAdd reaction |