ලොව අතිශය භයානකම සත්‍ය හොල්මන් කතාව

1968 සැප්තැම්බර් 12 වෙනිදා බටහිර ජර්මනියෙ ඉස්කෝලෙක තමයි මේ අද්භුත සිදුවීම වෙන්නෙ.ඇනලීස් මිචෙල් කියන්නෙ වයස අවුරුදු දාසයක පුංචි ගෑණු ළමයෙක්.මේ සිදුවීම වෙද්දි මිචෙල් ඉන්නෙ තමන්ගෙ ක්ලාස් රූම් එකට වෙලා යාලුවො එක්ක ගුරුතුමියගෙ පාඩමට ඇහුන්කම් දෙන ගමන්.

හැබැයි එකපාරටම එයාගෙ අතේ තියෙන පැන්සල බිම වැටෙනවා. හැබැයි කවුරුවත් ඒක දකින්නෙ නෑ. මේකෙන් පස්සෙ මිචෙල්ගෙ ඇස් තනි කලු පාට වෙලා එයා මොනවද අමුතු බාශාවකින් එක එක ඒව කියන්න පටන් ගන්නවා. මුලින් කට්ටිය හිතුවට මෙයා කලන්තෙ දාන්න යනවා කියලා පස්සෙ කට්ටියට තේරෙනවා මේක එහෙම දෙයක් නෙවෙයි කියලා. මුලු පංතියම මේක දැකල හරියට බයවෙනවා.ටික වෙලාවකින් කෙනෙක් මිචෙල්ගෙ මූණට වතුර ටිකක් ඉස්සට පස්සෙ මෙයා ආයෙ නෝමල් වෙනවා.

හැබැයි එයාට මතක නෑ වෙච්ච කිසිම දෙයක්.

මේ සිදුවීමෙන් පස්සෙ ඉස්කෝලෙ ඉවරවෙලා මිචෙල් ගෙදර එනවා. මේ ගෙදර එයාගෙ අම්මයි තාත්තයි සහෝදරියො දෙන්නයි එක්ක තමා මිචෙල් ඉන්නෙ. මේ ගෙදර මිනිස්සු හරිම ආගමට ලැදි අය. විශේෂයෙන් මිචෙල්. එයා හැම සති අන්තෙකම පල්ලියට යනවා. හැබැයි මේ සිදුවීම වෙච්ච දවසට පස්සෙ ඉස්කෝලෙ නිවාඩු දවසක් හන්දා මිචෙල් සුපුරුදු විදියට පල්ලියට යනවා. හැබැයි පල්ලි ගිහින් ආපහු ගෙදර එන අතරෙත් මිචෙල්ට තේරෙනවා වෙනදට වඩා තමන්ගෙ ඇඟේ මොකක් හරි වෙනසක් තියෙනවා කියලා.

ඒත් ඒක වැඩිය ගණන් ගන්නෙ නැතුව රෑට කෑමත් කාලා මිචෙල් නිදාගන්න යනවා. ඒත් එදා රෑ මිචෙල්ට මොකක් හරි අමුත්තක් දැනෙනවා එයාගෙ කාමරේ. හරියට කවුරුහරි එයාගෙ කාමරේ ඉඳගෙන එයා දිහා බලන් ඉන්නවා වගේ දෙයක්. ඒත් ලයිට් එක දාලා බැලුවත් මිචෙල්ට මුකුත්ම දකින්න වෙන්නෙ නෑ. ඒ නිසා ආපහු නිදාගන්න මිචෙල් යනවා. ඒත් එයා හිතනව වගේ සනීපෙට නිදාගන්න එයාට ඉඩක් හම්බුවෙන්නෙ නැ.

එදා මහ පාන්දර මිචෙල් බයවෙලා ආයෙ නැගිටින්නෙ කවුරුහරි එයාගෙ බෙල්ල මිරිකන්න උත්සහ කරනවා වගේ දැනෙන හන්දා. මිචෙල්ට දැනෙනවා කවුරුහරි එයාගෙ පපුව උඩ ඉඳගෙන තමන්ගෙ බෙල්ල මිරිකන්න හදනවා වගේ. මිචෙල් කලබල වෙලා නැගිටිනවා. ඇස් ඇරලා බැලුවට එයාට කවුරුවත් පේන්න නෑ. ඒ වගෙම එයාට කෑගහන්නත් පුලුවන්කමක් නෑ. මේක තියෙන්නෙ පොඩි වෙලාවකට තමයි. ඉන්පස්සෙ හැමදේම හරි ගියාට මිචෙල්ට එදා රෑම නිදාගන්න පුලුවන් වෙන්නෙ නෑ. උදේම එයා එයාගෙ අම්මා එක්ක මේ විස්තරේ කිව්වට අම්මා හිතන්නෙ මිචෙල් මොකක් හරි නරක හීනයක් දැකලා කියලා.

ඉන්පස්සෙ මාස ගානක් යනකම් මේ වගේ අමුතු දේවල් මුකුත්ම වෙන්නෙ නෑ. මාස එකොලහක් මේ විදියට ගෙවිලා යනවා. එහෙම ගෙවිලා ගිහින් අගෝස්තු මාසෙ ආයෙම දවසම රෑ මෙන්න මෙහෙම දෙයක් මිචෙල්ට වෙනවා. අන්න එතනදි තමයි එයාට තේරෙන්නෙ මේක හීනයක් නෙවෙයි කියලා. මේක අම්මට කිව්වට පස්සෙ අම්ම මෙයාව ඩොක්ටර් කෙනෙක් ලඟට එක්කරගෙන යනවා. ඒ ඩොක්ටර් ගෙ නම වෝග්. ඩොක්ටර් වෝග් මේ කතාව අහලා මිචෙල්ව පරීක්ශා කරන්න ස්නායු සම්බන්ධ ඩොක්ටර් කෙනෙක් වෙන ඩොක්ටර් ලුතී ලඟට මිචෙල්ව යවනව. මිචෙල්ව පරීක්ශා කරාට ඩොක්ටර්ට් ලුතීට කිසිම අමුත්තක් හොයාගන්න පුලුවන් වෙන්නෙ නෑ. මිචෙල් කියන ඒවා අහලා ඩොක්ටර් හිතනවා මිචෙල්ට තියෙන්නෙ අපස්මාරය කියලා.

ඒත් මේක අපස්මාරය සම්බන්ධ දෙයක් නෙවෙයි කියන එක තේරෙන්නෙ මිචෙල්ට ඉන්පස්සෙ මේ වගේම අමුතු දරුණු දේවල්වලට මූන දෙන්න සිදු උනයින් පස්සෙ.

මෙචෙල්ට අමුතු කටහඬවල් ඇහෙන්න පටන් ගන්නවා වෙන කාටවත් ඇහෙන්නෙ නැති. මිචෙල් කියන්නෙ තමන්ට ඒ කටහඬ ඇහෙන්නෙ අපායෙන් කියලා. ඒ වගේම එයාට එක එක මායාවල් වගේ අමුතු දේවල් පේන්න පටන් ගන්නවා. මේ සද්ද බද්ද වලට බයවෙන මිචෙල් කරන්නෙ තමන්ට බය හිතෙන හැම වෙලාවකම දෙයියන්ට යාතිකා කරන්න පටන් ගන්න එක. කොච්චර මිචෙල් බයවුනාද කියන්නෙ එයා දවසක් එක දවසක් ඇතුලෙ හයසිය වතාවක් දෙයියන්ට යාතිකා කරලා තියෙනවා.

මේ යාතිකා කිරීම නිසාම එයාගෙ දණහිස්වල ප්‍රශ්නෙකුත් එනවා. මිචෙල්ට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා කාටවත් හිතාගන්න බෑ. මෙහෙම ඉද්දි තමයි දවසක් රෑ මිචෙල්ගෙ අම්මට ඇහෙන්නෙ රෑ බල්ලෙක් උඩු බුරනවා. තමන්ගෙ ගෙදර අහලකවත් බල්ලෙක් නැති හන්දා මිචෙල්ගෙ අම්මා ඇහැරිලා එනවා කොහෙද මේ බල්ලෙක් බුරන සද්දයක් ඇහෙන්නෙ කියලා බලන්න. ටිකක් වෙලා යද්දි අම්මට තමයි හිතෙන්නෙ මේ සද්දෙ එන්නෙ එලියෙන් නෙවෙයි ගේ ඇතුලෙන් ඒ වගේම වෙන කොහෙන්වත් නෙවෙයි මිචෙල්ගෙ කාමරෙන් කියල.

මිචෙල්ගෙ කාමරෙන් කොහොමද බල්ලෙන් බුරන සද්දයක් ඇහෙන්නෙ කියල බලන්න මිචෙල්ගෙ කාමරේට යන අම්මා දකිනවා ඇස් දෙක තනි කලු පාට වෙච්ච මිචෙල් කාමරේ මේසෙ යටට රිංගලා කෑගහනව. මිචෙල්ගෙ කටෙන් තමයි බල්ලෙක්ගෙ සද්දයක් එන්නෙ කියල දකින අම්මා හොඳටම බයවෙනවා.

අම්මා ගිහින් තාත්තට කතාකරනවා. දෙන්නම ඇවිල්ලා මිචෙල්ව අල්ලගන්න. මිචෙල් මුලින් කලබල උනාට පස්සෙ ටිකකින් හරි යනවා. ඒත් බල බල ඉන්නෙ නැති අම්මයි තාත්තයි මිචෙල්ව ඉස්පිරිතාලෙට එක්කරගෙන යනවා. එතනදි මේ වෙච්ච දේවල් ඇහුවට පස්සෙ ඩොක්ටර් ම්චෙල්ව ටෙස්ට් කරන්න ගන්නවා. මිචෙල්ගෙ මොලේ ගත්ත ස්කෑන් රිපෝට්ස් එන්නෙ හැමෝවම පුදුමයට පත් කරගෙන.

මොකද ඒවයි කිසිම අවුලක් පේන්නෙ නැති හන්දා. ඩොක්ට ලුතී මේක තාවකාලික මානසික තත්ත්වයක් කියල හිතාගෙන මිචෙල්ට බෙහෙත් ටිකක් දෙනවා. ඒත් මිචෙල්ගෙ පවුලෙ අය දන්නවා මේ බෙහෙත් කීයටවත් වැඩ කරන්නෙ නෑ කියන එක.

මේ විදියට ගෙදර එන මිචෙල්ව ඉස්කෝලෙ යවන්න අම්මයි තාත්තයි කැමති වෙන්නෙ නෑ. ඒනිසාම මිචෙල්ට ගෙදරට වෙලා ඉන්න වෙනවා. මිචෙල් කරන්නෙ එක පැත්තක් අල්ලගෙන ඉන්න එක. එයාට මතක නෑ එයා කරන්නෙ මොනවද කියන එකවත්. වෙලාවකට එයා අඬනවා, වෙලාවකට හිනාවෙනවා. හැබැයි ටිකකින් එයාට මතක නෑ එයා ඇඬුවද හිනා උනාද කියන එකවත්.

මෙහෙම ඉද්දි දවසක තමයි මිචෙල්ගෙ අම්මා දකින්නෙ මිචෙල්ගෙ හරිම තරහෙන් මරියතුමීගෙ පිළිමය දිහා බලන් ඉන්නවා ඇස් දෙකත් කලු කරගෙන. එයා ඒ ලඟම තියෙන මේසේ හරිම තදින් හූරන ගමන් තමයි ඉන්නෙ හරියට හිතේ ලොකු තරහක් තියෙනව ඒත් කරන්න දෙයක් නෑ වගේ. මෙහෙම දවස් ගානක් ගෙවිලා ගිහින් මිචෙල් දවසක් එයාගෙ සහෝදරිය එක්ක ලඟ කඩේකට යනවා. කඩේට යන මිචෙල් දකිනවා තමන්ගෙ ගෙවල් ලඟ ඉන්න මනුස්සයෙක් පාරෙ ඇවිදන් එනවා. මිචෙල් ඒ මනුස්සයව දැකලා බයවෙලා කෑගහගෙන එනවා.

ගෙදර අය මිචෙල්ගෙන් අහනවා “ඇයි ඔයා ඒ මනුස්සයට බය උනේ?” කියලා. මිචෙල් එතනදි කියනවා “ඒ මනුස්සයෙක් නෙවෙයි යකෙක්” කියලා.

ඒ වගේම තව දවසක මිචෙල්ට දැනෙනවා එයාගෙ කාමරේ මහ ගඳක් එනවා. කොටින්ම ගෙදර අනිත් අයටත් මේ ගඳ දැනෙනවා. පස්සෙ තමයි කට්ටියට දැනෙන්නෙ ඒ ගඳ එන්නෙ මිචෙල්ගෙ ඇඟෙන් කියලා, එයාලා මිචෙල්ව නෑව්වත් ඒ ගඳ සහමුලින්ම නැතිවෙන්නෙ නෑ. ඒ වගේම මේ ගඳ හැමදාම දැනෙන්නෙත් නෑ.

දවසක් මිචෙල්ගෙ අම්මා මිචෙල්ගෙ කාමරේට එනවා රෑට කෑම කන්න එන්න කියන්න. මිචෙල් එයාගෙ මේසෙ ලඟ වාඩිවෙලා ඉන්නෙ අම්මට පිටුපාලා. අම්මට ඇහෙනවා මිචෙල් මොනවහරි බරස් බරස් ගාලා කනවා. ඔයාලා හිතන්නෙ මිචෙල් කන්නෙ මොනව කියලද්? මිචෙල් කන දේ දැකලා අම්මට කෑගැහෙනවා.

මිචෙල් බරස් බරස් ගාලා කකා ඉඳලා තියෙන්නෙ පන තියෙන මකුලුවෙක්ව.

මේ විදියට මිචෙල් පන තියෙන පොඩි පොඩි සත්තුන්ව කන්න පටන් ගන්නවා. මේකට බයවෙන අම්මලා මිචෙල්ව ඩොක්ටර් ලඟට එක්කරගෙන යනවා. ඩොක්ටර්ට තේරෙනවා මේක ඇත්තටම අත්භූත බලවේගයක් නිසා වෙන දෙයක් කියලා. ඩොක්ටර් මේ වෙලාවෙ මිචෙල්ගෙ ගෙදර අයට කියනවා “බෙහෙත් දෙනවට අමතරව මිචෙල්ව බේරගන්න තව දේවල් කරන්න” කියලා.

මේ විදියට මිචෙල් පන තියෙන කුරුල්ලෙක්, ගල් අඟුරු එහෙමත් කන්න පටන් ගන්නවා. අම්මටයි තාත්තටයි තේරෙනවා මේක දැන් වෛද්‍ය විද්‍යාවට එහා ගිය කතාවක් කියලා. ඒ අනුව අම්මලා පූජකවරයෙක් හම්බෙන්න යනවා. මිචෙල්ගෙ කතාව ඇහුවට පස්සෙ පූජකයට තේරෙනවා මේක අද්තූත දෙයක් කියලා. මිචෙල්ව බලන්න එන පූජකවරය මුලින්ම පරීක්ශා කරලා බලනවා කවුද මේ මිචෙල්ට ආවේශ වෙලා ඉන්න යකා කවුද කියලා බලාගන්න එක. ඒ අනුව ගාතා කියල බලද්දි මේ පූජකවරයට දැනගන්න ලැබෙනව මිචෙල්ගෙ ඇඟ ඇතුලෙ එක යකෙක් නෙවෙයි යක්කු හයක් ඉන්නවා කියනා. ඒ යක්කු හය දෙනා තමයි ජර්මානු ඒකාදිපති ඇඩොල්ෆ් හිට්ලර්, රෝම අධිරාජායෙක් උන නීරෝ,ජේසුස් වහන්සේගෙ ගෝලයෙක් උන ජුදාස්,ආදම්ගෙ පුතා කායින්, ඊලඟට ක්‍රිස්තියනු දහමෙ ඉන්න ප්‍රධාන යක්ශයා වන ලුසිෆර් සහ වැලන්ටින් ෆ්ලයිශ්මන්.

මේ වැලන්ටින් ෆ්ලයිශ්මන් කියන්නෙ 1500 ගනන් වල උන්නු පූජකයෙන්. හැබැයි එච්චර හොඳ පූජකයෙක් නෙවෙයි දරුණු මිනීමැරුම් ගණනාවක් කරපු කෙනෙක්.

මේ යක්කු හය දෙනාව දැනගත්ත ගමන් ගාතා කියන්න පටන් ගත්තම මේ යක්කු එකින් එක කතා කරන්න පටන් ගන්නවා. ඒ එක එක කටහඬවල් වලින්.

මෙතන තව හිතාගන්න බැරි දෙයක් තියෙනවා. මිචෙල්ට ආවේශ වුණ යක්කු හය දෙනාගෙන් පස්දෙනෙක් ගැනම මිචෙල් දැනගෙන ඉන්න ලොකු ඉඩක් තියෙන බව ඇත්ත උනත් හයවෙනියා වෙන වැලන්ටින් ගැන මිචෙල් දැනගත්තෙ කොහොමද කියන එක කාටවත් හිතාගන්න බැරිවෙනවා.

මිචෙල්ව බේරගන්න කරන පලවෙනි යටහිකාවෙන් මිචෙල්ව බේරගන්න පුලුවන් වෙන්නෙ නෑ. ඒ විදියට යාතිකා ගොඩක් කරන්න වෙනවා. එත් එන්න එන්න මිචෙල්ගෙ තත්ත්වෙ එන්න එන්න දරුණු වෙනවා. එයා ඔලුව බිත්තියෙ ගහගන්නවා, කෑම කන්න අවසර නෑ කියල නොකා ඉන්නවා, මුත්‍ර කරලා ඒවා ලෙවකනවා. මේ දේවල් නිසා මිචෙල්ගෙ අම්මල තාත්තල එයාව ඇඳට ගැටගහලා තියෙනවා. කන්නෙ නැති නිසා මන්ද පෝශනයට ආවත් එයාගෙ ඇඟේ පුදුම හයියක් තමයි තියෙන්නෙ.

මාස ගනනාවක් ගියත් මිචෙල්ව සම්පූර්නයෙන්ම බේරගන්න වෙන්නෙ නෑ. තත්ත්වෙ දරුණු උනත් මිචෙල්ව ඩොක්ටර් කෙනෙක් ලඟට එක්කරගෙන යන්න බෑ මොකද මිචෙල් හරිම කලහකාරීව හැසිරෙනවා.

මේ විදියට කාලයක් ගිහින් මේ පූජකවරු අවසන් වරට කරන්න පුලුවන් යාතිකා ටික කරනවා. ඒ ටික කරලා පූජකවරයා යනවා. පස්සෙන්දා මිචෙල්ව උදේ ඇහැරවන්න මිචෙල්ගෙ අම්මා මිචෙල්ගෙ කාමරේට එනවා. එයා මිචෙල්ට කතා කරාට මිචෙල්ගෙන් කිසිම සද්දයක් ආවෙ නෑ.

 මිචෙල්ගෙ ඇඟ හොඳටම සීතල වෙලා තියෙනවා. මොකද මිචෙල් ඒ වෙද්දි ඉන්නෙ මිය ගිහින්. මේක ගැන දැනගත්තම පොලිසිය මේක දකින්නෙ හිතාමතා කල මිනීමැරුමක් විදියට. ඒකෙ සම්පූර්න වරද මිචෙල්ගෙ දෙමව්පියන්ට සහ අර පූජකවරයට භාරගන්න වෙනවා. එයාලා උසාවියෙදි මිචෙල්ගෙ හැසීරිම සහ පටිගත කල රෙකෝඩින්ග්ස් පෙන්නනවා. ඒ ත් වෛද්‍යවරුන් කියන්නෙ මිචෙල්ට එහෙම යක්ශ බලපෑමක් තිබ්බෙ නෑ එයාට තිබ්බෙ මානසික ලෙඩක්. හරියට ප්‍රතිකාර කරානම් මිචෙල්ව බේරගන්න තිබුණා කියලා.

මේ අතරෙ මිචෙල්ගෙ මරන පරීක්ෂන වාර්තාව එනවා. ඒකෙ සඳහන් වෙන විදියට මිචෙල් මිය ගිහින් තියෙන්නේ  ආහාර හිඟකම නිසා දුර්වල වීමෙන්.සතියකට කලින්වත් මිචෙල්ව රෝහලට එක්කරගෙන ආව නම් මිචෙල්ව බේරගන්න තිබුනා කියලා.

ඒ අනුව දෙමව්පියන්ට සහ පූජකයන්ට මාස හයක සිර දඬුවමක් උසාවියෙන් නියෝග කරනව. පසුකාලීනව මේ ගැන අදහස් දක්වපු අය කියන්නෙ මේක Multiple personality disorder එකක් කියලා.

ඔයාලා හිතන්නෙ මොකද්ද? මේක යක්ශ බලපෑමක්ද? එහෙම නැත්තම් මානසික ආබාධයක්ද මිචෙල්ගෙ මරණෙට හේතුවෙන්න ඇත්තෙ කියලා?

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles